සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

බලය බෙදීම සහ සමගාමී බලය පිළිබඳවවු සංකල්පය : අහෝසි කළ යුතු ද? සංශෝධනය කළ යුතු ද?


[Photo Credit – Tamilnewsnetwork]
ශී‍්‍ර ලංකාවේ බල පංගුකාරීත්වයේ ආකාරය ලෙස බලය බෙදීම යෝජනා කරන්නන් අතර දහතුන්වන සංශෝධනයෙහි ප‍්‍රධාන විවාදාත්මක සාධකය ලෙස පවතින්නේ සමගාමී ලැයිස්තුවයි. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ගත්කල මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව අතර බලය බෙදා ගැනීමේ දී අදාල වන ශක්තතාවයන් හෝ ‘‘විෂයයන්’’ ලැයිස්තුවයි. මෙම ලැයිස්තුව 13 වන සංශෝධනය මගින් සූදානම් කොට ඇති පුළුල් බලය හා කාර්යයන් බෙදාහැරීමේ ලැයිස්තු තුනෙන් එකක් වන අතර එහි අනෙක් ලැයිස්තුවන්නේ සංවෘත ලැයිස්තුව හා පළාත් සභා ලැයිස්තුවයි.

1987 දී මෙම බලය බෙදීමේ ක‍්‍රමවේදය කෙටුම්පත් කිරීමේ දී එවකට ඒ සඳහා පැවති එකම සංසන්දනාත්මක ප‍්‍රඥප්තය වූ ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ ත්‍රෛපාක්‍ෂික සැකසුම කෙරෙහී නිසැකවම බලපෑවේය. එනමුදු මෙම ශී‍්‍ර ලාංකේය ක‍්‍රමවේදයෙහි සැලකිය යුතු වෙනස්කමක් ද දක්නට විය. එනම් මෙම ශී‍්‍ර ලාංකේය බලය බෙදීමේ සැකසුම ශී‍්‍ර ලංකා ජනරජයේ පදනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය සංකල්පය වන ඒකීය රාජ්‍යය මගින් නියමකරනු ලැබූ ආදර්ශයන් හා ආයතනයන් හී ධූරාවලිය තුළ කි‍්‍රයාත්මක වීමට නියමිත වූ අතර ඉන්දියානු ක‍්‍රමය කි‍්‍රයාත්මක වන්නේ ෆෙඩරල් න්‍යායයක් මත වීමය.

එතැන් සිට ගතවූ කාලය පුරා දහතුන්වන සංශෝධනය කි‍්‍රයාත්මක කරනු ලැබූ, වඩාත්ම නිවැරදි ලෙස කිවහොත් අනුචිත ලෙස හා අසම්පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කරනු ලැබූ, ආකාරය අනුව මෙම ආකෘතියෙහි නිර්මාණ දෝෂයන් ශ්‍රේණියක්ම හඳුනාගැනීමට බලය බෙදීම උදෙසා කැපවූවන් හට හැකිවිය.

පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල සහ කාර්යයන්, මූල්‍ය සහ මුදල් ව්‍යුහය, ‘ජාතික ප‍්‍රතිපත්ති’ වගන්තිය සහ සමගාමී ලැයිස්තුව මීට ඇතුලත්විය. වරින්වර බලයට පැමිණි සියලූ ශී‍්‍ර ලාංකික ආණ්ඩු මෙන්ම ඉහළ නිලධාරී තන්ත‍්‍රය හා අධිකරණය ද බලය බෙදීම විෂයයෙහි අනුගමනය කරන ලද පසුබට හා මසුරු ප‍්‍රවේශයෙහි සන්දර්භය තුළ මෙම විවේචනයන් සුජාතවූවා මෙන්ම වනවාද යයි කිවහැකි අතර දෙමළ ජාතිකවාදී පක්‍ෂ විසින් වෙනත් වඩාත් මූලික වූ දේශපාලන කරුණු මත 13 වන සංශෝධනය ප‍්‍රතික්‍ෂේප කිරීමද මෙම තත්වය වඩාත් උග‍්‍ර කරවන්නක් විය.

විශිෂ්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිඥයන් වන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න සහ නැසීගිය ආචාර්ය නීලන් තිරුචෙල්වම් වැන්නන් සහ සර්වපාක්‍ෂික නියෝජිත කමිටුවේ බහුතරයේ වාර්තාව සමග සම්බන්ධව සිටි අනෙකුත් ප‍්‍රවීණයන්ගේ ද ස්ථාවරය වූයේ සමගාමී ලැයිස්තුව බලය බෙදීම විෂයයෙහි ප‍්‍රධාන බාධකයක් වූ බවය. සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ සාකච්ඡාවන් මත පදනම් වූ
අමාත්‍ය තිස්ස විතාරණ මහතාගේ එකඟතා ලියවිල්ල මගින්ද සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතු යයි නිර්දේශ කරනු ලැබිණි. එමෙන්ම ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව වෙත දෙමළ ජාතික සන්ධානයේ අනාගතයේ දී වියහැකිවන සහභාගීත්වය හා සම්බන්ධවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දේශපාලනය පිළිබඳව වූ සවිස්තර හා හොඳින් දැනුවත් විග‍්‍රහයක් මෑතකදී ඉදිරිපත් කරන ඞී.බී.එස් ජෙයරාජ් මහතා විසින්ද එම කි‍්‍රයාදාමයේ හරයාත්මක අවශ්‍යතාවයක් ලෙස සමගාමී ලැයිස්තුව ඉවත්කිරීම වෙනුවෙන් කරුණු දක්වා තිබිනි.

කෙසේ වුවද කාලයක් තිස්සේ මාහට හැඟීගිය කරුණක් වූයේ (අ) දහතුන්වන සංශෝධනයේ සමගාමී ලැයිස්තුවේ විශේෂිත සැලැස්ම සහ (ආ) ප‍්‍රාදේශීය ස්වයං පාලනය මූළුමනින්ම අනාරක්‍ෂිත /හා නිරාවරණය වන පරිදී මධ්‍යම රජය විසින් සමගාමී ලැයිස්තුව අයුතු ලෙස භාවිත කරනු ලැබූ අවස්ථාවන් පිළිබඳවවූ උදාහරණයන් විශාල සංඛ්‍යාව විසින් පමණක්ම අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හා බලය බෙදීමේ ක‍්‍රමයෙන් සමගාමී බලය පිළිබඳ සංකල්පය මුළුමනින්ම ඉවත්කිරීම සඳහා වන තත්වයක් නිර්මාණය නොකරන බවයි. දහතුන්වන සංශෝධනයේ සමගාමී ලැයිස්තුව පිළිබඳව වූ විවේචනයන්ට මා එකඟ වන අතරම කිවයුතුව ඇත්තේ ඒවාට පිළියමක් ලෙස වන සංශෝධනයන් සඳහා වූ අවශ්‍යතාවයන්ට ප‍්‍රතිචාරයක් ලෙස සමගාමී බලය පිළිබඳව වූ මුලධර්මය අහෝසි කොට දැමීම සමානවනු ඇත්තේ කටුවක් සහිත කුඩා ගෙඩියක් තැලීම සඳහා කුළු ගෙඩියක් පාවිච්චි කිරීමට බවයි. මාගේ මෙම ආස්ථානය පදනම්වන්නේ බලය බෙදීමක් සහිත ආණ්ඩුක‍්‍රමයක් තුළ වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ස්වාධීනත්වයෙහි වැදගත් මූලිකාංගයක් ලෙස සමගාමී බලය පිළිබඳව හා වඩාත් පොදු ලෙස ගත් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව වූ සංකල්පීය අවබෝධය මතය. මා මෙම කරුණු පසුව පැහැදිලි කරන නමුත් දහතුන්වන සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද සමගාමී බලතල වල සුවිශේෂ ලක්‍ෂණ පළමුව අප අවබෝධ කොටගත යුතුය.

සමගාමී ලැයිස්තුව (III වන ලැයිස්තුව) විෂයයන් 36ක් අනුපිළිවෙලින් දක්වයි. ඒවායින් ඇතැම් විෂයාංකයන්(Item) වැඩිදුරටත් උප විෂයාංකයන් ලෙස පැහැදිලිකොට දක්වයි. එයට ඇතුළත් විෂයාංකයන් නම් සැලසුම්කරණය (විෂයාංක 1) අධ්‍යාපනය, අධ්‍යාපන සේවාවන් සහ උසස් අධ්‍යාපනය (විෂයාංක 2,3 සහ 4, ලැයිස්තු 1 හී විෂයාංක 3 හා 4 හි නිෂ්චිත කොට දක්වා ඇති ප‍්‍රමාණයට හැරුණුකොට), නිවාස සහ ඉදිකිරීම් (විෂයාංක 5) දේපල අත්කරගැනීම හා බලකර ලබාගැනීම (විෂයාංක 6), සමාජ සේවා හා පුනරුත්ථාපන (විෂයාංක 7), කෘෂිකර්මය හා ගොවිජන සේවා (විෂයාංක 8) සෞඛ්‍ය (විෂයාංක 9) සමූපකාර (විෂයාංක 15), වාරිමාර්ග (විෂයාංක 17), දේශීය ජල තීරයෙන් ඔබ්බෙහි වූ මසුන් ඇල්ලීම හැර ධීවර කටයුතු (විෂයාංක 19), සංචාරක ව්‍යාපාරය (විෂයාංක 22), ආහාර සහ ඖෂධ ප‍්‍රමිතීන් (විෂයාංක 30 හා 31), සහ බෝ වෙන රෝග වැලැක්වීම (විෂයාංක 35).

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සැලසුමෙහි පැතිමානය අනුව බැලූකල මෙම ප‍්‍රතිපත්ති ක්‍ෂෙත‍්‍රයන් සමගාමී බලතල ලෙස වෙන්කොට දක්වා ඇත්තේ මක්නිසා දැයි පැහැදිලිය. උදාහරණයක් ලෙස බෝ වෙන රෝග පළාත්මායිම් නොහඳුනයි. එබැවින් ඒ පිළිබඳව වන රජයේ ප‍්‍රතිචාරයන් මධ්‍යම සහ පළාත් මට්ටම් අතර සම්බන්ධීකරණයක් සහිතව සිදුවීම අවශ්‍ය් වේ. ඵලදායක ලෙස බලය බෙදීමේ සහ පළාත් ස්වයං පාලනයේ පැතිමානයෙන් ගත්කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පාදක ව්‍යුහය විසින්ම මෙම ක්‍ෂෙත‍්‍රයන් සමගාමී බලාධිකාරයන් සහිත වූ ලෙස නිෂ්චිතව නියම කොට තිබීම වඩා යහපත් ය. එමගින් මධ්‍යම සහ පළාත් මට්ටම් වලට (අවම වශයෙන් කාල්පනික ලෙස හෝ) එක්ව කි‍්‍රයාත්මක වීමට බලකරනු ලබයි. ඊට වෙනස්ව එම විෂයයන් එක් මට්ටමකට හෝ අනෙකට සම්පූර්ණයෙන්ම පවරා තිබීම මගින් පළාත් ස්වයං පාලනයට වඩා මධ්‍යගතකරණය වෙත වන නැඹුරුවක් ඇතිවේ.

දහතුන්වන සංශෝධනයේ සමගාමී බලය පිළිබඳව වූ සංකල්පය මධ්‍යම රජයට පූර්ව අයිතියක් සහිත ක්‍ෂෙත‍්‍රයක් වේ. එනම් පාර්ලිමේන්තුව ඒකපාර්ෂික ලෙස තීරණය කරන විට, සමගාමී විෂයයන් පිළිබඳව වූ මධ්‍යම ආණ්ඩුවේ පනත් පළාත් ප‍්‍රඥප්තීන් අභිභවා බලපවත්වයි. සමගාමී බලතල යනු මධ්‍යම රජයේ බලතල පළාත්වලට අවාසිදායක වන ලෙස ව්‍යාප්ත කිරීමක් මිස අනෙකක් නොවන බවට වන විවේචනය එල්ලවන්නේ පාර්ලිමේන්තුවට පැවරී ඇති මෙම ඒකපාක්‍ෂික අභිභවන බලය පදනම්කොට ගෙනය. 13 වන සංශෝධනය පිළිබඳ නඩුවේ දී (1987) ශ්‍රේෂ්ඨාධිකරණයේ තර්කනය පෙන්වාදෙන පරිදී මෙහි සත්‍යයක් පවතී. පාර්ලිමේන්තුවට එබඳු බලයක් පවරා නොදී, සියල්ල වසා පැතිර පවත්නා ඒකීය රාජ්‍යය සහ එය ප‍්‍රායෝගික කරන විශේෂිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයන් (මේවායින් ඇතැම් ඒවා ආරක්‍ෂිත විධිවිධානයන් වේ) හී සීමාවන් තුළ බලය බෙදීම සම්බන්ධ කරන්නේ කෙසේද යන්න තේරුම්ගැනීම දුෂ්කරය.

මෙමගින් සැබවින්ම පශ්චාත් යුද ශී‍්‍ර ලංකාවේ පවත්නා විශාලතම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ගැටලූව, එනම්, ඒකීය රාජ්‍යයේ අනාගතය පිළිබඳව වූ ප‍්‍රශ්නය නිරාවරණය කරනු ලබයි. වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොට ඇති විශේෂිත ඒකීය රාජ්‍යය පිළිබඳව වූ සංකල්පය තුළ ඇතැම් විට න්‍යායික ලෙස කළහැකි වන්නා වූ උපරිම ප‍්‍රමාණයේ පළාත් මට්ටමේ බලය බෙදීමක් දහතුන්වන සංශෝධනය මගින් පිළිබිඹු කෙරේ. එනමුත්, දහතුන්වන සංශෝධන නඩුවෙහිදී විනිසුරු වනසුන්දර මහතාගේ බලවත් ලෙස එකඟ නොවූ නඩු තීන්දුව සැලකූ විට මෙය පවා ඇතැම් විට විවාදිත කරුණකි. මේ නයින් ගත් කළ 13 වන සංශෝධනයට එකතුවක් වන හා එයින් ඔබ්බෙහි එම දිශාවට වන බරපතල ඉක්මවා යාමක් පළාත් සභාවල බලතල වැඩිකිරීමක් දක්වා ගමන් කිරීමක් අදහස් කරයි නම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි විධිමත් ලෙස හෝ සංකේතාත්මක ලෙස පමණක් වුවද ඒකීයභාවය සඳහන්වන්නේ වී නමුදු, රාජ්‍යයේ ඒකීය තත්වයට සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමක් අවශ්‍ය වන බව පෙනී යයි. අනෙක් අතට 13 යනුවෙන් අදහස් වන්නේ ප‍්‍රධාන ව්‍යවස්ථාදායකයට දෙවන මණ්ඩලයක් එක්කොට පළාත් බලතල පවතින මට්ටමට හෝ දහතුනට අඩුවෙන් (පොලිස් හා රාජ්‍ය ඉඩම් බලතල රහිතව) පවත්වාගෙන යාම නම් වෙනස් දේශපාලනික හා නෛතික ප‍්‍රශ්න සමූහයක් පැනනගිනු ඇත. මේ සියලූ දේවල් රසවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රහේලිකාවන් වේ. නමුත් යම් මතුදිනක ඒවා සාකච්ඡාවට ගතයුතු වනු ඇත. මා මෙහිදී සැලකිලිමත් වන විශේෂ ප‍්‍රශ්නය වන්නේ 13 වන සංශෝධනයේ සමගාමී ලැයිස්තුව හා සබැඳි ගැටලූවලට විසඳුම වන්නේ සමගාමී බලය අහෝසි කිරීම ද එසේත් නැත්නම් සංශෝධනය කිරීම ද යන්න පමණකි.

13 වන සංශෝධනය යටතේ සමගාමී විෂයයන් සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව සහ පළාත්සභාව යන ආයතන දෙකටම බලය පැවරී ඇත. සමගාමී විෂයයන් සම්බන්ධයෙන් වන පළාත් සභා ප‍්‍රඥප්ති මගින් පෙර පැවති මධ්‍යම ආණ්ඩුවේ නීති ඉක්මවා යාමට හැකිවන නමුත් පාර්ලීමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් එම ප‍්‍රඥප්තීන් හී බල පැවත්වීම අභිභවනය කළ හැකිය. සමගාමී විෂයයක් සම්බන්ධයෙන් වන ඕනෑම අනාගත මධ්‍යම රජයේ නීතිකරණයකට පළාත් ප‍්‍රඥප්තියකට ඉහළින් ප‍්‍රමුඛතාවයක් හිමිකොටගත හැකිය. මෙය පැහැදිලි ලෙසම ‘‘සමගාමී’’ ශක්තතාවය අර්ථවිරහිත බවටම වාගේ පත්කරන අතිශයින්ම හානිකර නෛතික පාදක ව්‍යුහයක් වන අතර එමගින් පළාත්වලට ඉහළින් අත්තනෝමතික ලෙස ව්‍යවස්ථාදායක කාර්යයන් හී යෙදීමට පාර්ලීමේන්තුවට ඉඩකඩ සලසයි. 154 W(5) අ වගන්තිය මගින් සැලසෙන දුර්වල ආරක්‍ෂණය එනම් සමගාමී ලැයිස්තුවේ විෂයයන් සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදනයේ දී පාර්ලීමේන්තුව විසින් පළාත් සභාවේ මතය විමසා සිටිය යුතුය යන්න පවා සම්පූර්ණයෙන්ම වාගේ උල්ලංඝනය කරනු ලැබ ඇත. බලය බෙදීම වෙනුවෙන් කැපවූවන් සමගාමී ලැයිස්තුව අහෝසිකළ යුතුයයි සිතන්නේ මෙම හේතු නිසාය.

කෙසේ නමුත්, ආරම්භයේ දී සඳහන් කළ කරුණ නැවත සඳහන් කිරීමක් කළහොත් : 13 වන සංශෝධනයේ නිරූපනය වන සමගාමී බලතලවල විශේෂිත සැලසුම පිළිබඳව වූ විවේචනයන් වලංගුවන බව කිව යුතු අතරම සමගාමී බලය පිළිබඳ සංකල්පය අවශ්‍යයෙන්ම බලය බෙදීමට පටහැනි වූවක් යයි එයින් අදහස් නොවන බවද කිව යුතුව ඇත. එමෙන්ම මෙම ප‍්‍රශ්නයට විසඳුම පොදු බල රහිත බහිෂ්කාරක බලසහිතබවක් ඇති ක‍්‍රමයක් ය යන්න ද මෙයින් අදහස් නොවේ. එවැන්නක ප‍්‍රතිඵලය වනු ඇත්තේ මධ්‍යම සහ පළාත් මට්ටම් අතර වන තරඟයක් මිස සහයෝගයක් නොවන බව ද කිව යුතුව ඇත. බලය බෙදීමේ පාදක ව්‍යුහයෙහිම එවැනි තරඟකාරී තර්කනයක් ආයතනගත කිරීම අවසානයේ වඩාත් ප‍්‍රබල මධ්‍යම රජයක් (අර්ථකථනය මගින් ම* ඇති කිරීමට දෙසට වාසිදායක වන ලෙස කි‍්‍රයාත්මක වනු ඇත. මෙහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ බලය බෙදාහැරීම වෙනුවෙන් කැපවූවන් විසින් ආරක්‍ෂා කිරීමට බලාපොරොත්තු වන පළාත් ස්වයං පාලනයම අසාර්ථක කරනු ලැබීමයි.

සමගාමී බලතල ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතාවය පිළිබඳ ප‍්‍රශ්නය 13 වන සංශෝධනයෙන් සිදුකරන පරිදී රජයේ එක් තලයක හෝ අනෙකෙහි නීතිකරණයන් වෙත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් වරප‍්‍රසාද ලබාදීමෙන් විසඳිය යුත්තක් නොවේ. 13 වන සංශෝධනයේ දී සිදුවන්නේ පළාත් ප‍්‍රඥප්තීන් වලට ඉහළින් මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයට ස්වයංකී‍්‍රය ලෙසම ප‍්‍රමුඛතාවයක් ලැබීමයි. සත්‍ය වූ සමගාමී බලයක හෝ බෙදා හදාගත් බලසතුබවක සැබෑ පාදක ව්‍යුහයක් වනු ඇත්තේ ප‍්‍රමුඛතාවය හිමිවිය යුතු තලය එක්එක් කරුණට අදාළ වන ආකාරයට තීරණය කිරීමට හැකියාව ලබාදෙන්නාවූ එකකි. එසේ තීරණය කිරීම පදනම් විය යුතු වන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික ලෙස සුජාත වූ හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලව ස්ථාපිත වූ මූලධර්මයන් වන රාජ්‍ය ව්‍යුහයේ පහළ ස්ථර බලගැන්වීම, ඵලදායකත්වය,

කාර්යක්‍ෂමතාවය යනාදී නිර්නායකයන් මතය. බලය බෙදුනු ක‍්‍රමයක් තුළදී සමගාමී බලයෙහි සංකීර්ණ භාවිතයක් මගින් රාජ්‍යය පුරා පැතිරී සහයෝගිතාවක් සමඟ පළාත් ස්වයං පාලනය ප‍්‍රවර්ධනය කිරීමට පමණක් නොව පොදුවේ ගත් කළ ප‍්‍රජාතාන්ති‍්‍රක රාජ්‍යකරනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද හැකි බව පැහැදිලි කිරීමට සමත් උදාහරණයක් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය තුළින් සැපයේ. ද්වීතික අධ්‍යාපනය ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජයක ප‍්‍රතිපත්තිමය කටයුත්තක් සේ ගතහොත් ස්ථරයන් ගණනාවක තරඟකාරී උවමනාවන් ගලපා බේරුම් කිරීමට ප‍්‍රතිපත්ති සම්පාදකයන් හට සිදුවනු ඇත. ආණ්ඩුවේ ජනතාවට සමීපතම මට්ටම වන පළාත්පාලන ආයතනයන් හට පාසැල්වල පිහිටීම පිළිබඳව සැලකිල්ලක් පවතින්නේ ප‍්‍රාදේශීය මට්ටමේ සේවාවන් සඳහා එමගින් ඇතිවන බලපෑම් නිසාවෙනි. පළාත් මට්ටමටද ප‍්‍රාදේශීය භාෂාවක් හෝ සංස්කෘතියක් ප‍්‍රවර්ධනය කිරීම වැනි උවමනාවන් කට්ටලයක් ද්විතීයික අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙහි තිබිය හැකිය. රට පුරා අධ්‍යාපනික මට්ටම සහතික කිරීම විභාගයන් හි හා සුදුසුකම් හි ක‍්‍රමවත්භාවයක් ඇති කිරීම වැනි වැඩිදුර උවමනාවන් ගණනාවක් සුරැකීමේ වගකීමක් මධ්‍යම රජයටද තිබිය හැකිය. මේ ආකාරයට බලන කළ ද්වීතියික අධ්‍යාපනය
සම්බන්ධයෙන් වූ ප‍්‍රතිපත්ති සම්පාදනය, ව්‍යවස්ථා සම්පාදනය සහ විධායක කාර්ය සාධනය ප‍්‍රජාතාන්ති‍්‍රක අපේක්‍ෂාවන් සැපිරීමෙහිලා ප‍්‍රශස්ථ සාධන මට්ටමකින් කි‍්‍රයාත්මක වීමට නම් මෙම බහුවිධ උවමනාවන් නියෝජනය සහතික කෙරෙන ආකාරයට ආයතනයන් සැලසුම් කළයුතු වනවා පමණක් නොව ඒවා එක්ව කි‍්‍රයාත්මක වන බවටද සහතික කළයුතුය. එබැවින් හොඳින් සැලසුම් කරන ලද සමගාමී පාලන ක්‍ෂේත‍්‍රයක් තුළ ද්විතීයික අධ්‍යාපනය ස්ථානගත කිරීම රජයේ එක් මට්ටමක් වෙත තනිකරවම බලතල පැවරීමට වඩා යහපත් ආකාරයක් වන අතර එමගින් සහභාගීත්ව සහ නියෝජනාත්මක ප‍්‍රජාතන්ත‍්‍රයක් උපරිමායනය කළ හැකිය.

ප‍්‍රජාතාන්ති‍්‍රක රාජ්‍යකරණය පැත්තෙන් බලන කළ එවැනි ක‍්‍රමයක් ශී‍්‍ර ලංකාවේ අද අප දකින, උවමනාවට වඩා සිදුවී ඇති මධ්‍යගත කරණයටද (මෙහිදී කාර්යක්‍ෂම ලෙස කි‍්‍රයාත්මක වීමට හැක්කේ මධ්‍යම රජයට පමණක්යයි, ඊට ප‍්‍රතිවිරුද්ධ තත්ත්වයක් පවතින බවට පැහැදිලි සාක්‍ෂි තිබෙද්දී වුවද, පිළිගනු ලැබේ). එකිනෙකින් වෙන්ව හුදකලාවේ පවතින බලසතුබවට ද වඩා මනෝඥ හා උචිත වන බව පෙනේ. පැහැදිලි ලෙසම සියලූ ප‍්‍රතිපත්ති විෂය පථයයන් සමගාමී ක්‍ෂේත‍්‍රයක් තුළ ස්ථානගතකොට පාලනය කරනු ලැබිය යුතු නොවේ. විශාල ප‍්‍රතිපත්ති විෂයපථයයන් ප‍්‍රමාණයක් තවදුරටත් එකිනෙකින් වෙන්වූ පළාත් හෝ මධ්‍යම බලසතුභාවයන් තුළ පමනක් පැවතිය හැකිය. නමුත් මෙම කෙටි උදාහරණය 13 වැනි සංශෝධනයේ සමගාමී ලැයිස්තුවේ විශේෂිත අඩුපාඩු ඉක්මවා යමින් සමගාමී බලය පිළිබඳව වූ සංකල්පයේ පොදු භාවිතයේ වැදගත්කම පෙන්වා දීමට සමත්වෙතැයි මා සිතමි.

සමගාමී බලතල මධ්‍යම සහ පළාත් ආයතනයන් හී සහ – සමානත්වයක් අදහස් කරනු ලබන ෆෙඩරල් තර්කනයක් අනුව සැලසුම් නොකළා වුවද එයින් පළාත් ස්වයං පාලනය සඳහා වන වඩාත් හොඳ ආරක්‍ෂණයන් ගොඩනැංවිය හැකිය. එවැනි ආරක්‍ෂණයන් ස්වාධීන හා කි‍්‍රයාපටිපාටිමය මෙන්ම ආයතනික ද විය හැකිය. මෙනයින් ගත් කළ සමගාමී වගකීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පාඨයන්හී හොඳින් හා පැහැදිලිව ප‍්‍රකාශවී තිබීම අවශ්‍ය වේ. එමගින් එකිනෙකාගේ බලසීමාවෙන් ඔබ්බට ගොස් සිදුකරන අයුතු අත්පත් කරගැනීම් සඳහා වන අවස්ථාවන් අවම කළ හැකිය. සමගාමී ක්‍ෂෙත‍්‍රය තුළ ප‍්‍රමුඛතාවය නිර්ණය කිරීමේ වඩා සමතුලිත ක‍්‍රමවේදයන් තිබිය යුතුය. මෙම ක‍්‍රමවේදයන් පදනම් වියයුත්තේ පහළ මට්ටමකින් ඉටුකරගත හැකි දේවල් ඉහළ මට්ටමකට යොමු නොකිරීම හා සහයෝගිතාවය වැනි පැහැදිලිව ප‍්‍රකාශිත මූලධර්මයන් මත මිස මධ්‍යයේ උසස්බව හා ආධිපත්‍යය හෝ පළාත් සුවිශේෂත්වය පිළිබඳව වූ මොට අවධාරණයන් වැනි දේ මත නොවේ. ආයතනික ආරක්‍ෂණයන් හට දෙවන මන්ත‍්‍රණ සභාවක් තුළින් වැනි මධ්‍යයේ නීතිකරණ සහ ප‍්‍රතිපත්ති සම්පාදන කි‍්‍රයාදාමයන් හී පළාත් මට්ටම සඳහා වන විධිමත් භූමිකාවන් ඇතුළත් විය හැකි අතර විධායකයේ ද අන්තර් අමාත්‍යාංශ මණ්ඩල වැනි ව්‍යුහයන් ඇතුළත් විය හැකිය.

බලය බෙදණු ලැබූ ඒකීය රාජ්‍යයන් හා ෆෙඩරල් රාජ්‍යයන් ද අයත් වන සියලූ බහුවිධ මට්ටම් සහිත ක‍්‍රමයන් ඒ එක් එක් සමාජයන් හී විශේෂිත ප‍්‍රජාතාන්ති‍්‍රක අවශ්‍යතාවයන් ඉටු කරන, පරිධියේ ස්වයං පාලනය, සහ මධ්‍යයේ හවුල්පාලනය අතර වන යම් විශේෂිත ආයතනික ආකෘතීන් පිළිඹිමු කරයි.පශ්චාත් යුද ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන විෂයයෙහි කේන්ද්‍රීය තෙරපුම සහ අවශ්‍යතාවය වන්නේ මෙම සොයාගැනීමට දුෂ්කර සමතුලනය නිරාවරණය කරගැනීමයි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා බලය බෙදාහදාගැනීමේ පාරව්‍යවස්ථාමය සම්මතයන් පිළිබඳව මෙන්ම අප ඒවා කි‍්‍රයාවට නංවන විශේෂිත ආකෘතීන් හා ව්‍යුහයන් පිළිබඳව ද වූවක් වෙයි. වඩාත් විශාල වූ පළාත් ස්වයං පාලනයක් පැහැදිලිවම අවශ්‍ය වනවා මෙන්ම පමණට වඩා සිදුවී ඇති මධ්‍යගතකරණය ද දැඩි ලෙස අඩුකර ගතයුතුව ඇති අතර ශී‍්‍ර ලංකාවේ සියලූ ජනතාවන්ගේ ස්වාධීනත්වය සහතික කරන අතර ඔවුන් එක්සත් කරන අනාගත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය පිළිවෙලක් නිර්මාණය කරගැනීමේ දී
අනිවාර්යයෙන්ම තිබියයුතු හවුල්පාලනයක් පිළිබඳ දැක්මෙන් මිදීයාම ද අප විසින් නොකළ යුත්තක් වේ. මෙය ප‍්‍රායෝගික යථාර්ථයන්ගෙන් වියුක්ත වූ බුද්ධිවිෂයක විවාදයක් යයි බොහෝ දෙනා සිතනු ඇත. අවධාරණය වැරදි තැන්වල ස්ථානගතකොට ඇතැයි ද ඇතැමුන් සිතනු ඇත. කොපමනකට ද යත් මධ්‍යස්ථ අයගේ, ප‍්‍රගතිශීලීන්ගේ හා ලිබරල්වාදීන්ගේ ප‍්‍රධාන අවධානය 18වන සංශෝධනයෙන් පසු ව්‍යවස්ථාව සහ අධි-මධ්‍යගතකරණය පිළිබඳව වූ ගැටලූවෙහි සන්දර්භය තුළ ශක්තිමත් පළාත් ස්වයං පාලනයක් වියයුතු නිසාය. මෙම මතය අනුව වඩා වැඩිවූ බලය බෙදීමක් සඳහා බලපෑම් කිරීමේ දී පැරණි බලය බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවයට ගාමක බලයක් සපයන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ තාර්කිකය විසින් පමණකි. මෙයට මා එකඟවන නමුත් මා තර්ක කර ඇති පරිදි, හවුල් ආයතන කි‍්‍රයාත්මක වීම සඳහා සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව නොසලකමින් ශක්තිමත් පළාත් ස්වයං පාලනයක ආකෘතීන් හා ප‍්‍රමාණය පිළිබඳ විවාදය නොකළ යුතුයැයි මා සිතමි.

මේ සම්බන්ධයෙන් මා දැඩි ලෙසම විශ්වාස කරන්නේ දෙවන මන්ත‍්‍රණ සභාවක් වැනි අනෙකුත් ක‍්‍රමෝපායයන්ට අමතරව බලය බෙදනු ලැබූ ආණ්ඩුක‍්‍රමයක ප‍්‍රධාන සංවිධායක මූලධර්මයක් මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සම්මතයක් ද වන සමගාමී බලාධීකාරයක් සහිත ක්‍ෂෙත‍්‍රයක් තබාගැනීම විශේෂයෙන්ම හිතකරවන්නක් බවයි. සමගාමී බලය පිළිබඳ සංකල්පය බහුවිධ මට්ටම් සහිතවූ රාජ්‍යකරණයේ තරඟකාරී සංස්කෘතියකට නොව සහයෝගී සංස්කෘතියකට ආධාරක වේ.

මධ්‍යම රජය සහ පළාත් අතර බහිෂ්කාරක ලෙස එකිනෙකින් වෙන්වූ විෂය බෙදීමක් හඳුන්වාදීම සඳහා එය ඉවත් කිරීම අවශ්‍යයෙන්ම එමගින් අපේක්‍ෂා කරන්නා වූ පළාත් ස්වයංපාලනය ආරක්‍ෂා කිරීමක් සහතික නොකරයි. ඊට ප‍්‍රතිවිරුද්ධ ලෙස, ලබන්නා විසින් සියලූ දේ ලබන හා අහිමි වන්නාට සියලූ දේ අහිමි වන අපගේ දේශපාලන සංස්කෘතියේ ස්වභාවය අනුව බහිෂ්කාරක ලෙස එකිනෙකින් වෙන්වූ විෂය බෙදීමක් මගින් රජයේ වෙනස් ස්ථරයන් අතර හානිකර වූ එදිරිවාදී සංස්කෘතියක් ආයතනගත කරනු ලැබිය හැකිය. මෙවැනි ප‍්‍රවණතාවයක් ජනනය වුවහොත් එය දෙමළ කතා කරන පළාත් සහ මධ්‍යම රජය අතර පවත්නා තීරණාත්මක සම්බන්ධතාවය කෙරෙහි විශේෂයෙන්ම හානිකර ලෙස බලපෑමට හැකිය. මෙවැන්නක ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය පූර්ණ ඇණ හිටීම සහ අසාර්ථකත්වය අපගේ පශ්චාත් යුද සමාජයට විනාශකාරී විය හැකිය.

එබැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ සමගාමී ලැයිස්තුව මගින් ජනනය කරනුලැබ ඇති ගැටලූවලට පිළියම් යෙදීමේ දී ලදරුවා නෑවූ වතුර සමඟ ලදරුවා ද ඉවතට වීසිකිරීම හෝ, වඩාත් කැමතිනම්, ෂැම්පේන් බෝතලයේ කිරළ ඇබයත් සමඟම ෂැම්පේන් ද ඉවතට වීසි කිරීම වැනි කි‍්‍රයා මාර්ගයකින් වැළකීමට අප ප‍්‍රවේශම් විය යුතුය.

අසංග වැලිකල[Asanga Welikala]