Colombo, Featured Articles, Features

ස්ත‍්‍රී දූෂණ හා ළමා අපචාර තවදුරටත් ඉවසිය යුතු නැත


රෝම ඉතිහාසයේ එන පුරාවෘතයකට අනුව ලූසියස්ගේ අධිරාජ්‍ය බිඳ වැටීමට හේතුවූයේ වුයේ ඔහුගේ පුත් සෙක්ස්ටස් විසින් ලූක්ක‍්‍රිෂියා නමැති ප‍්‍රභූ ස්ත‍්‍රියක දුෂනය කිරිමත් ඉන් අනතුරුව ඇය සිය දිවි නසාගැනිමත් නිසා ඇතිවු සිද්ධි දාමයයි. මෙම පුරාවෘත‍්‍රයෙන් පැහැදිලි වන්නේ එම අවධියේදි පවා ස්ත‍්‍රි දුෂණය බරපතල අපරාධයක් බව පිළිගෙන තිබි ඇති බවයි. එහෙත් අද දිනයේ අප ශ‍්‍රි ලංකාව තුල ස්ත‍්‍රි දුෂණ සිදු කිරිමේ සංස්කෘතියක් ඇති වී තිබෙන බව පෙනේ. එම තත්ත්වයද රට තුල නීතියේ ආධිපත්‍ය බිද වැටිම නිසා අපරාධ කරුවන්ට නීතියෙන් ගැලවී රිසිසේ සිටිමට හැකිවීමේ ඛේදවාචකයේ එක් පැතිකඩක් පමණි. ඊට අමතරව මෙම තත්ත්වයට බලපාන කරුණු ලෙස පුරුෂ මුලික සමාජයේ ඇති අධිපතිවාදි පුද්ගල ආකල්ප, දරිද්‍රතාවය, ජනමාධ්‍ය මගින් ස්ත‍්‍රි දුෂණ සම්බන්ධව කෙරෙන ඒවා ‍ධෛර්යමත් කිරිමට රුකුල් දෙන වාර්තාකරණය, පශ්චාත් යුධ මානසිකත්වය, ස්ත‍්‍රි දුෂණ පහසුවෙන් කලහැකි සමාජ වටාපිටාව (වැන්දඹුවන් වැඩිවිම. අවතැන් කදවුරු) ලිංගික ව්‍යාපාර යනා දි දේ දැක්විය හැක.

මානව හිමිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනය අමු අමුවේ උල්ලංඝනය කෙරෙන ස්ත‍්‍රි දුෂණ වැලැක්විම උදෙසා මෙතෙක් ගෙන ඇති ක‍්‍රියා මාර්ග ප‍්‍රතිඵලදායක වි නැත. මේ සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකාව තුල පවතින නිති සැහෙන දුරකට ප‍්‍රමාණවත්ය. එහෙත් ගැටළුව එම නිති ද නියමාකාරයෙන් ක‍්‍රියාත්මක නොවිමයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි යනාදි සියළු ආගම් වලට අනුව ස්ත‍්‍රි දුෂණය දැඩි පාපතර ක‍්‍රියාවකි. එහෙත් සෑම ස්ත‍්‍රි දුෂකයකුම ඉහතින් දැක්වු මොනයම් හෝ ආගමක් අදහන්නෙකි. එනිසා ආගමික ආයතන ද මේ පිළිබදව වෙනත් ප‍්‍රවේශයකින් ක‍්‍රියාකළ යුතුය.

13 වියැති දැරියක දුෂණය කල කණ්ඩායෙම් කිහිප දෙනෙක් පසුගිය ඇසල පෝයට බන්දනාගාරයේදි සිල් සමාදන් වු බව පුවත්පතක මහ ලොකුවට වාර්තා කර තිබුනි. ‘‘උපන් දා සිට කරපු පව් නැත වරක් ගත්තොත් සිල්” වැන්නක් මෙවැනි වාර්ථා වලින් සමාජ ගත විමට ඉඩ ඇත. සංඛ්‍යා ලේඛණ අනුව ලෝකයේ ස්ත‍්‍රි දූෂණ හා ළමා අපචාර වැඩිම රටවල් අතර අප ධර්මද්විපය සිටින බව අමතක කර පොලිසිය පවසනුයේ එතරම් විශාල වැඩිවිමක් සිදු වි නොමැති බවයි.

මෙම තත්ත්වයන් අනුව පෙනි යන්නේ රජය, පොලිසිය හා සමාජය, ස්ත‍්‍රි දුෂණ සාමාන්‍ය දෙයක් ලෙස සැලකිමත් ඒවා වගේ වගක් නැතුව දරා ගන්නා බවත්ය. එහෙත් මනුෂ්‍යත්වයට නිගා දෙන මෙකි අපරාධ තව දුරටත් දරා සිටිය යුතු නැත. එනිසා මේවා තවදුරටත් දරා නොසිටින ප‍්‍රතිපත්තියකට (Zero Tolerance Policy) අප පැමිණිය යුතුය. රජයක හෝ රටක ජනතාවාදි බව හෝ සාඩම්බර බව තිරණය වන්නේ ස්වකිය දේශයේ ස්ත‍්‍රි සහ පුරුෂයන්ට ගෞරවනීයව ඉපි ද ජීවත්ව මිය යාමට ඇති හැකියාව මත මිස ආගම, ඉතිහාසය, ස්වාවික අලංකාරය, ඊණියා සංඛ්‍යා ලේඛණාත්මක වර්ධනය, නගර අලංකාරනය යනාදී දේ සම්බන්ධව කෙරෙන පුරාජේරු මත නොවේ.

එනිසා ස්ත‍්‍රී දූෂණ තුරන් කිරීම සම්බන්ධයෙන් රජයේ වගකීම නව නීති සම්පාදනය, පවතින නීති නිසිලෙස ක‍්‍රියාත්මක කිරීම, එම කටයුතු වලට අදාල ආයතනික ක‍්‍රියාකාරීත්වය ඉක්මන් හා යාවත්කාලීන කිරීම, ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවීය දෘෂ්ඨී කෝණයකින් යුතුව අධ්‍යාපනය ඇතුලූ අනෙකුත් සියළු ක්‍ෂෙත‍්‍ර වල ප‍්‍රතිපත්ති රාමු සකස් කිරීම යනාදී බොහෝ පැති ගණනාවකට විහිදේ.

දැනට පවතින නීති වලින් ස්ත‍්‍රියට ස්වකීය ශරීරයට ඇති අයිතිය පවා පිලිනොගැනෙන අතර එවැනි සන්දර්බයක් තුල නීති සම්පාදනය කළයුතු හා සංශෝධනය කලයුතු අංශ ගණනාවක් තිබෙන අතර ඒවා හඳුනාගෙන එම නීති සම්පාදනය කළයුතුය. නීති සම්පාදනයේදි සැලකිය යුතු එක් ප‍්‍රධාන කරුණක් වන්නේ අපරාධකරුවනට දඩුවම් නිශ්චය කිරීමයි. අපරුධකරුවන් එල්ලූම්ගස් යැවීම ගැන ශිෂ්ඨ සම්පන්න මනුෂ්‍යන් වශයෙන් අප කථා කළයුතු නැත. එහෙත් උපරිම දඩුවම් ලබාදිය යුතු අතර, පොදු සමාව හෝ ජනාධිපති සමාව ලබානොදිය යුතුය. අධිකරණ කටයුතු ඉතා ඉක්මණින් සිදුවිය යුතුය. ස්ත‍්‍රී දූෂණ හා ළමා අපචාර වලට වැරදිකරුවන් වූ අය ප‍්‍රසිද්ධියට පත් කළ යුතු අතර (අයි. ආර්. සී. කරුවන් ප‍්‍රකාශයට පත්කර ඇති පරිදි) ඔවුන්ට මැතිවරණ වලට ඉදිරිපත් වීම, නිශ්චිත යම් යම් රැකියාවල හා ව්‍යාපාර කටයුතු වල නිරත වීම, ගරු තනතුරු ලබාදීම ආදිය නීතියෙන්ම තහනම් කළ යුතුය. මේ සඳහා වෙබ් අඩවියක් ආරම්භ කිරීම තුලින් ඉතා පහසුවෙන් ඔවුන් කවුරුන්දැයි යන්න දැනගැනීමටද හැකිවනු ඇත. පවතින නීති ක‍්‍රියාත්මක වීමේ දී තිබෙන ප‍්‍රමාද දෝෂ, පැමිණිලි භාරගැනීමේ දී හා ඒවා සම්බන්ධව ක‍්‍රියාත්මක වීමේ දී පොලීසි වලින් වන අක‍්‍රමිකතා හා නොසැලකිලිමත් කම, අධිකරණයට අවශ්‍ය වාර්තා ලැබීමේ ප‍්‍රමාදය, පොලිස් හා අධිකරණ නිළධාරීන් තුල ඇති ආචීර්ණ කල්පික ආකල්ප යනාදිය පිළිබඳව අවධානය යොමුකල යුතුය. ඔවුන් සමහර විට නඩු කටයුත්තට ප‍්‍රවේශ වන ආකාරයම වින්දිතයාට අසාධාරණයකි.

රජය හැරුණුකොට සමස්ථ ජන සමාජය නියෝජනය කරන්නා වූ ආගමික ආයතන, ජනමාධ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන යනාදී මෙකී නොකී සියලූ ආයතන ස්ත‍්‍රී දූෂණ සංස්කෘතියක් රටතුල ගොඩනැගී තිබීමට හේතුව ඔවුන්ගේ වගකීම හරියාකරව මෙතෙක් ඉටුකර නොමැති වීම බව පිළිගත යුතුය. ස්ත‍්‍රී දූෂකයන්, කුලියට මිනි මරන්නන්, පාතාළ සමාජිකයන්, ළමා අපචාර කරුවන්, ජනතා නියෝජිතයන් ලෙස පමණක් නොව ඇමතිවරුන් ලෙස ද පත්ව ඇත. සමහර අපරාධකරුවෝ ආගමික ආයතන වල උපදේශකයෝය, දානපතියෝය, තවත් සමහරු සමාදාන විනිශ්චයකරුවෝය. මෙම තත්වය ඉතාම අවාසනාවන්ත ප‍්‍රවනතාවයක් වන අතර අපරාධ මැඩලීමේ ක‍්‍රියාව යථාර්තවාදී වන්නට නම් මොවුන් කිසිදු දේශපාලන, සමාජීය, ආගමික හෝ ගරු කටයුතු කාර්යයකට සම්බන්ධකර නොගැනීමට ජනතාව තුල පොදු එකඟතාවයක් ඇතිවිය යුතුය. ඔවුන් සමාජයෙන් කොන්කළ යුතුය. ඒ අතරම වින්දිතයාට වරද පැටවීමේ හා කොන් කිරීමේ කාලකන්නි භාවිතාවෙන් සමාජය ඉවත්විය යුතුය.

ස්ත‍්‍රී දූෂණ කිසිසේත්ම නොඉවසන තත්ත්වයක් රටතුල නිර්මාණය කිරීමට ජනමාධ්‍ය සතුව විශාල වගකීමක් ඇත. අද දිනයේ ස්ත‍්‍රී දූෂණ හා ළමා අපචාර පමණක් නොව අනෙකුත් අපරාධද විද්‍යුත් මාධ්‍යතුල වාරතා කරන ආකාරය, ඒවා නාට්‍ය ලෙස රඟදක්වන ආකාරය, චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය තුල චිත‍්‍රණය අනෙකුත් මුද්‍රිත මාධ්‍යතුල ලියවෙන ආකරය බොහෝ විට අපරාධ ධෛර්්‍යමත් කිරීමටත් අපරාධකාරී මානසිකත්වය සාමාන්‍යකරණය කිරීමටත් බලපාන බව කිවයුතුය. මේවා දකින සමහරුන් තුල ගැහැණු දරුවකු හෝ ස්ත‍්‍රියක මණුෂයකු නොව ලිංගික භාන්ඩයක් හෝ ගොදුරක් ලෙස දැකීමේ මානසිකත්වයක් ඇති වේ. අපරාධ වාර්තාකරනය හා අපරාධ සිදුකෙරෙන දර්ශන කළා නිර්මාන වල ඇතුලක් කිරීම සම්බන්ධ නිතිරිති හා ආචාර ධර්ම පද්ධතියක් ඇතිකළ යුතුය. මාධ්‍යවෙදීන් ද පවත්නා නීති හා ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව දැනුවත් කළ යුතුය. දැනුවත් සහ සහකම්පාවෙන් යුතු පුරවැසියෙකු බිහි කිරීමට ජනමාධ්‍ය සතු වගකීම අති මහත්ය.

පීඩකයෝද, වින්දිතයෝද පවුල්වල සාමාජිකයෝය. බොහෝ විට අවධාරණය කරන්නේ වින්දිතයාට එම අපරාධය සිදුවිමට බලපෑ පවුල තුල වූ නොසැලකිලිමත් බව හා දුප්පත් කම වැනි අනෙකුත් හේතු කාරණාය. එහෙත් සත්‍ය වශයෙන්ම වඩා වැඩි අවධානයකින් සොයා බැලිය යුත්තේ පීඩකයා ඒ තත්ත්වයට පත්වීමට හේතු වූ ඔහුගේ පවුල් පසුබිම කුමක්ද යන්නයි. පීඩකයෝ බොහෝ දෙනෙකු ගොදුරුකර ගන්නා අතර ඔවුන් පිළිලයන්ය. වින්දිතයා වරදකරු කිරීමේ සංස්කෘතිය නිසා පීඩකයන් තවතවත් ධෛර්්‍යමත් වීමටද ඉඩ තිබේ. අපරාධකරුවන් හා ඔවුන්ගේ පවුල්වල අනෙකුත් සාමාජිකයන් දැනුවත් කිරීම හා පුනරුත්තාපන කටයුතු ඔවුන් හා එකට එක්ව කිරීමේ සම්ප‍්‍රදායක් ඇති කල යුතුය.

දරුවන් සමාජානුයෝජනය කිරීමේ ආරම්භය පවුල වන අතර දරුවෙකු අනතුරකදී එයට මුහුණදීමට අවශ්‍ය කුසලතා සහිතව අතිදැඩි කිරීම පවුලේ වගකීමකි. දරුවකුගේ ශරීරයේ තිබෙන තවත් අයකු විසින් ස්පර්ශ නොකල යුතු ස්ථාන හා යමකු එසේ කළහොත් එහිදී ගතයුතු ක‍්‍රියාමාර්ග දරුවන්ට ඉගැන්විය යුතුය. ගැහෑනු දරුවන් ගුටිකෑමට, බැණුම් ඇසීමට, යමෙකුගේ භාරකාරත්වය යටතේ නිතර සිටීමට පුරුදුකරනවා මිස තමනට අසාධාරණයක් හෝ අපරාධයක් වන අවස්ථාවේ දී එයට එරෙහිව සටන් වැදීමට පුරුදු කරන්නා වූ සංස්කෘතියක් අප රට තුල නැත. දූෂණයට ලක්වන අවස්ථාවේ දි දූෂකයා හා සටන් වැද ගැලවී ගිය හෝ දූෂකයාට යම් කිසි සුළු තුවාලයක්වත් කිරීමට සමත් වූ ස්ත‍්‍රීන් ඉතාම අල්පය.

ස්ති‍්‍ර දුෂන හා ළමා අපචාර ගැන කථා කිරිමේදි පරිස්සම් කිරිම හා පරිස්සම් වීම ගැන කථා කරති. ඊට අමතරව ඇදුම් පැලදුම්. ඇවතුම් පැවතුම් ගැනද කථා කරති. ළමුන් සම්බන්ධයෙන් පරිස්සම් කිරිම සෑහෙන දුරකට අදාල වුවද වැඩිහිටි ස්ත‍්‍රින් සම්බන්ධයෙන් පරිස්සම් කිරිම යන්න අදාල නොවිය යුතුය. සමාන අයිතිවාසිකම් ඇති ස්ත‍්‍රීන්ව කවුරුන් විසින් කාගෙන් පරිස්සම් කල යුතු ද? ස්ත‍්‍රින්ගේ ඇදුම් පැලදුම් හා සිදු වී ඇති ස්ත‍්‍රි දුෂන අතර ඍජු සම්බන්ධයක් නොමැති බව පැහැදිලිව පෙනි යන්නේ ඔය කියන ආකාරයේ අඩනිරුවත් ඇදුම් ඇද සිටි අවස්ථාවලදි ස්ත‍්‍රින් කී දෙනෙකු දුෂණයට ලක්වුවාද යන්න සොයාබැලීමෙනි. ස්ත‍්‍රී දූෂණ සහ ස්ත‍්‍රීන්ගේ ඇඳුම් අතර කිසියම් සම්බන්ධතාවයක් ඇතැයි පවසන අයගෙන් ඇසීමට ඇත්තේ, පිරිමි ළමුන් ලිංගික අපචාර සඳහා යොදාගෙන ඇති අවස්ථාවල ඔවුන්ගේ ඇඳුම් හා ඒ අතර ඇති සම්බන්ධය කුමක්දැයි පැහැදිලි කරන්න, යැයි කියාය. ළමුන් ස්වාධීනව තීරණ ගැනීමට තරම් බුද්ධිය මුහුපුරා ගිය අය නොවන නිසා පරිස්සම් කිරීම යන්න යම්තාක් දුරකට ඔවුන්ට අදාලය. එහෙත් ළමයාට පාසැලට, පන්තියට, පන්සලට, කඩයට තනිව යාමට අයිතිය ඇත. ඒ අතරම නිවසේ තනිව සිටීමට ඇති අයිතියට කිසිවෙකුට අභියෝග කළ නොහැක. මෙවන් අවස්ථාවලත් දරුවන් පසුපස ආරක්‍ෂකයෙකු සිටිය යුතුයැයි සමාජගත වී ඇති මතය ඉතා වැරදිය. පවුල, අවට පරිසරය, ආයතන හා සමාජය ළමා මිතුරු හා ආරක්‍ෂාකාරී කිරීමට පියවර ගන්නවා මිස නිතර දෙවේලේ ළමුන් පසුපස ආරක්‍ෂකයෙකු සිටිය යුතුයැයි පැවසීම වැරදිය.

වැඩිහිටි ස්තී‍්‍රන්වද ළමුන් සේ පරිස්සම් කළ යුතු යැයි කීම පවා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධ රෙගුලාසි පැනවීම කොතැනින් සීමා විය යුතු ද, අවසානයේ දී එය අභායා ඇඳුමක් විය යුතු යැයි සමහර විට පවසන්නටද ඉඩ ඇත. වැඩිහිටි ස්ත‍්‍රියට තමා කැමති ඇඳුමකින් පැළඳුමකින් සැරසී ඕනෑම වේලාවක ඕනෑම තැනක යාමට හෝ තනිව නිවසේ සිටීමට ඇති අයිතියට අභියෝග කළ නොහැක. ස්ත‍්‍රී දූෂණ සම්බන්ධයෙන් කතා කිරීමේදී මෙවැනි ප‍්‍රලාප ගෙනහාර පාන්නේ වින්දිතයා වැරදි කරුවා කිරීමේ මානසිකත්වය මත පිහිටා සිටය. එයද ස්ත‍්‍රී දූෂණ වැඩි වීමට බලපායි. අපරාධයේ බරපතලකම අඩු කිරීමටද පීඩකයා ගේ ක‍්‍රියාව සාධාරනීකරණය කිරීමටද මෙම තත්ත්වය බලපායි.

ප‍්‍රියදර්ශනී ආරියරත්න[Priyadharshane Ariyarathne]

[Photo Credit: colombogazette.com]