මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි.
___________________________________________________________________________________________________________________
විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට , පිකටින් , පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.
___________________________________________________________________________________________________________________
එස් බී දිසානායක – සරසවියේ පන්ති වර්ජන , විරෝධතා වලට නායකත්වය දුන් සරසවි ශිෂ්‍ය නායකයෙකි. අද උසස් අධ්‍යාපන ඇමතිය. ළමුන් ඉගෙනුම ලැබුවේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලය.
___________________________________________________________________________________________________________________
සෝමවංස අමරසිංහ – ජවිපෙ වර්තමාන නායකයාය. 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පන්ති වර්ජන , නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ.
___________________________________________________________________________________________________________________
කුමාර් ගුණරත්නම් – 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත.
___________________________________________________________________________________________________________________
අනේ මේ අපේ සෝමපාලගේ , දයාවතී ගේ, ඇල්බට් ගේ දරුවන්ය. ඔවුන් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලය. ඔවුන්ට බඩ පුරා නවක වද ලැබේ. එක දිගට ඉගෙන ගැනීමට ඉඩ නැත. පන්ති වර්ජන , මහපාරේ පිකටින් වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය. කඳුළු ගෑස් පොලිස් බැටන් පාරවල් යහමින් ලැබේ. උපාධිය ඉවර කරන විට කල වයසත් ගෙවී ඇත.
අමිල ගුණරත්න[Amila Gunarathne]