දෙමළ දේශපාලන සිරකරැවන් පහරකෑමට ලක්වීම සහ ඝාතනය වීම සම්බන්ධයෙන්, නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරැණාරත්න මහතා ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවකට ඒක් වූ අතර පහත පළවන්නේ ඒම සාකච්ඡාවේ සටහනයි.
දෙමළ දේශපාලන රැඳවියන් දෙදෙනෙක් වුණු නිමලරූබන් සහ දිල්රුක්ෂාන් ආණ්ඩුවේ හිරගෙයක් ඇතුළෙ ඝාතනය වෙනවා. නමුත් අපි දකින දෙයක් තමයි සුළු පිරිසක් අතර හැරෙන්නට, දේශපාලන සමාජයේ සහ සිවිල් සමාජයේ මෙය එතරම් සාකච්ඡුාවට ලක්වුණේ නැහැ. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
මේ රැඳවියන් මරා දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාව එළියට ගියේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් මේක සුවිශේෂී සිදුවීමක් ලෙස මේ කාලයේදී විපක්ෂයේ උද්ඝෝෂණ වලදී මතු කරලා තියෙනවා. මේක තවත් සිද්ධි ගණනාවක එක කොටසක්. දේශපාලන සිරකරුවන් මේ රටේ ඉතිහාසයේ සිටම පිළිගත්ත අදහසක්. 1971 දේශපාලන සිරකරුවන් සිටියා කියලා පිළිගත්තා. ඒ වගේම 1988 සහ 1989 දිත් පිළිගත්තා. ඒවායෙදි දැනට ඉන්න ජනාධිපතිතුමාම ඒ පිළිබඳව තදින් කතා කරපු කෙනෙක්. නමුත් අද වෙනකොට මේ අය පිළිබඳව ඒ ආකාරයට සලකන්න ලෑස්ති නැහැ. අද ඒ අයව කිසිලෙසකින් දේශපාලන ක‍්‍රියාධරයින් ලෙස සලකන්න සූදානම් නැහැ. ඒ අයව නිකම්ම අපරාධකාරයෝ, ත‍්‍රස්තවාදියො කියලා හඳුන්වනවා. මේක තමයි මූලික කාරණාව. ඒ අනුව අද සිරකරුවන්ට එල්ල වුණු ත‍්‍රස්තවාදය සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින අයටත් එල්ල වෙලා තියෙනවා. ඉතින් එදා විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ කරපු කාර්යභාරය සසඳන්න පුළුවන් විදිහට කාර්යභාරයක් විපක්ෂය කරන්න ගියොත්, ඔවුන්වත් සිරභාරයට ගනියි කියන සැකය මතුවෙලා තියෙනවා. මේ අය දේ්ශපාලන ක‍්‍රියාවලියෙ නිරත වුණු අය නෙමෙයි. නිකම්ම ත‍්‍රස්තවාදීන් කියලා හඳුන්වනවා. මේක ලෝක බලවතුන්ගේ අර්ථ දැක්වීමක්. ඒක විවිධ ආකාරයට අර්ථ දැක්වීම තමයි අද සිදුවෙලා තියෙන්නෙ. මේකට ප‍්‍රබලව විරෝධතාවයක් දැක්වීම සඳහා අපි එකමුතුව වැඩකළ යුතුව තිබෙනවා.
දැන් ඔබ කියපු ආකාරයට 1971 ගත්තොත් එහෙම, ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස සාකච්ඡාවට ලක්වෙනවා. නමුත් යුද්ධය ඉවරවෙලා අවුරුදු තුනක් ගතවෙද්දි, මේ අමානුෂික කි‍්‍රයාවලිය පිළිබඳව, ගැඹුරු සාකච්ඡුාවක් දකුණේ සමාජයේ සිදුවෙන්නෙ නැත්තෙ ඇයි?
ඇත්තවශයෙන්ම ඒක තවත් ඒ වාගේ අපරාධ කි‍්‍රයා රාශියක් ඇතුළත තියෙන්නෙ. එකක් තමයිි ඉඩම් කොල්ලය. මිනිසුන්ගේ ඉඩකඩම් අමු අමුවේ උදුරගෙන, රජයේ පරිහරණයට අරගෙන, ඒවා ජනතාවට අයිති නැහැ කියන තැනට ඇවිත් තියෙනවා. එමෙන්ම එක්ලක්ෂ පනස්දාහක පමණ ජනතාව අතුරුදහන්. ඒ වාගේම වැන්දඹුවන් අනූදහසක් පමණ ඉන්නවා. ස්ත‍්‍රී දූෂණ තියෙනවා. මේ වගේ කාරණා සමූහයක් අතර තමයි දේශපාලන සිරකරුවන්ගෙ ප‍්‍රශ්නයක් මතු වෙලා තියෙන්නෙ. ඉතින් ශිෂ්ටාචාරයක්ම විනාශ කරන සමාජයක් තුළ, දේශාපාලන සිරකරුවන් ගැන කතා නොකිරීම, හුණු කිල්ලෝටයට හෙණ ගැහුවම තවත් දෙයක් කතා කරන්න නැහැ වගේ දෙයක්. ඒක වෙන්කරලා සාකච්ඡුාවට ගැනෙන්නෙ නැහැ. නමුත් සමස්ත සන්දර්භය ඇතුළෙ මුළු විනාශය ගැනම කතා කරනවා. අද සුළු ජාතියෙ, මහ ජාතිය විසින් මකා දමන තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ සිටම මේක වහන්න උත්සාහ කරනවා. දේශපාලන සිරකරුවො පිළිබඳ නෙමෙයි, යම් කිසි අපරාධකාරයො පිරිසක් හිටියා කියලා තමයි, ඒ අයව මර්ධනය කළා කියලා තමයි කියන්නෙ.කරලා තියේන්නෙ.
මේ තත්ත්වය තුල ලබන සැප්තැම්බර් මාසෙ නවනීදන් පිල්ලෙ මහත්මිය ලංකාවට එනවා කියලා රාවයක් තියෙනවා. මේවා කොයි අකාරයටද අපි දේශපාලනික වශයෙන් සාකච්ඡා කළ හැකි වන්නෙ?
පිල්ලෙ සහ අකාෂි පැමිණීමට, අපි කාලයක් තිස්සෙ කරපු උද්ඝෝෂන බලපානවා, ඒ වගේම මේක එක්තරා ආකාරයකට ‘ටෙසෝ’ සමුළුවටත් සම්බන්ධයි. ඉතින් පිල්ලෙ පැමිණෙන්නේ මේ වගේ කරුණු දැක්වීම් රාශියක් උඩයි. එවිට මරා දැමුණු සිරකරුවන් පිළිබඳව ප‍්‍රශ්නයත් එළියට ගන්න වෙයි. එවිට ආණ්ඩුවට පිළිතුරු සපයන්න වෙයි. ආණ්ඩුව, ‘කොහොමද මේකට පිළිතුරු දෙන්නෙ?’ කියන ප‍්‍රශ්නය ඉදිරියෙ තමයි, දැන් කලබල වෙලා දගලන්නෙ.
සාකච්ඡාවක් ඇසුරෙනි.
ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න
නව වාමාංශික පෙරමුණේ නායක