මෙම කෙටුම්පත් පනත ඉදිරිපත් කරනු ලැබු කි‍්‍රයාදාමය මෙන්ම එහි වූ ස්වාධීන විධි විධානයන් ද යන කරුණු දෙක පිළිබඳවම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයෙහි සැලකිල්ල යොමුවෙයි. මෙම කෙටුම්පත් පනත පුළුල් විහිදුම් පරාසයකින් යුක්ත වුවක් වන අතර විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රය එහි වඩාත්ම වැදගත් මත භේදාත්මක කරුණු දෙක ඉස්මතු කොට දක්වයි. මෙම කෙටුම්පත් පනත නීතියක් බවට පත්වුවහොත් එමඟින් පළාත් සභා වලට අයත්වන විෂයයන් ඇතුළුව පුළුල් පරාසයක වූ කරුණු පිළිබඳව වූ පුළුල් හැසිර වීමේ හා තීරණ ගැනීමේ බලයක් ආර්ථික සංවර්ධන විෂයය භාර අමාත්‍යවරයා වෙත ලබා දෙයි. මෙහිදී එම බලතල පිළිබඳව වූ සංවරණ හා තුලන උපක‍්‍රම බෙහෙවින් සීමිත වනු ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 13 වන සංශෝධනය මඟින් පළාත් සභා යටතට පත්කොට ඇති විෂයයන් ලැයිස්තුවේ ඇති ඇතැම් විෂයයන් ආපසු පවරා ගැනීමට ඉඩකඩ සලසන වගන්ති ගණනාවක් ද මෙම කෙටුම්පත් පනතෙහි අන්තර්ගතව ඇත. මෙයින් බරපතල සැක සංකා මතුකරණු ලබන්නේ බලතල කේන්ද්‍ර ගතවීම හා බලය තහවුරු කරගැනීම පිළිබඳව පමණක්ම නොවේ. බලය බෙදීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට පවතින විධි විධානයන් පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කරන බවට රජය විසින් දී ඇති ප‍්‍රතිඥාවන් කි‍්‍රයාවට නැගීම සඳහා වන දේශපාලන අධිෂ්ඨානය පිළිබඳවද එයින් සැක පහල වන බවත් පවසමින් විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂවරයා විසින් මෙම කෙටුම්පත් පනතෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් පසුගිය 2012 අගොස්තු 17 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් (SCSD 3/2012) ගොනු කරනු ලැබූ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රය පවසා සිටියි.
පහත පලවන්නේ එම මාධ්‍ය නිවේදනයයි.
‘දිවිනැගුම කෙටුම්පත් පනත’ පිළිබඳව වූ බරපතල ලෙස
සැලකිල්ලට යොමු විය යුතු කරුණු
2012 අගොස්තු 17 වනදා, කොළඹ, ශී‍්‍ර ලංකාව : නීතියක් බවට පත්වුව හොත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, බලය බෙදීම හා යහපාලනය කෙරෙහී බරපතල වක‍්‍ර බලපෑම් ඇතිකළ හැකි ‘‘දිවි නැගුම කෙටුම්පත් පනත’’ පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිළිබඳව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ බරපතල සැලකිල්ල යොමුවී ඇත. විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂවරයා විසින් මෙම කෙටුම්පත් පනතෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් (SCSD 3/2012) ගොනු කරනු ලැබිණි.
මෙම කෙටුම්පත් පනත ඉදිරිපත් කරනු ලැබු කි‍්‍රයාදාමය මෙන්ම එහි වූ ස්වාධීන විධි විධානයන් ද යන කරුණු දෙක පිළිබඳවම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයෙහි සැලකිල්ල යොමුවෙයි. මෙම කෙටුම්පත් පනත පුළුල් විහිදුම් පරාසයකින් යුක්ත වුවක් වන අතර විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රය එහි වඩාත්ම වැදගත් මත භේදාත්මක කරුණු දෙක ඉස්මතු කොට දක්වයි. මෙම කෙටුම්පත් පනත නීතියක් බවට පත්වුවහොත් එමඟින් පළාත් සභා වලට අයත්වන විෂයයන් ඇතුළුව පුළුල් පරාසයක වූ කරුණු පිළිබඳව වූ පුළුල් හැසිර වීමේ හා තීරණ ගැනීමේ බලයක් ආර්ථික සංවර්ධන විෂයය භාර අමාත්‍යවරයා වෙත ලබා දෙයි. මෙහිදී එම බලතල පිළිබඳව වූ සංවරණ හා තුලන උපක‍්‍රම බෙහෙවින් සීමිත වනු ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 13 වන සංශෝධනය මඟින් පළාත් සභා යටතට පත්කොට ඇති විෂයයන් ලැයිස්තුවේ ඇති ඇතැම් විෂයයන් ආපසු පවරා ගැනීමට ඉඩකඩ සලසන වගන්ති ගණනාවක් ද මෙම කෙටුම්පත් පනතෙහි අන්තර්ගතව ඇත. මෙයින් බරපතල සැක සංකා මතුකරණු ලබන්නේ බලතල කේන්ද්‍ර ගතවීම හා බලය තහවුරු කරගැනීම පිළිබඳව පමණක්ම නොවේ. බලය බෙදීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට පවතින විධි විධානයන් පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කරන බවට රජය විසින් දී ඇති ප‍්‍රතිඥාවන් කි‍්‍රයාවට නැගීම සඳහා වන දේශපාලන අධිෂ්ඨානය පිළිබඳව ද එයින් සැක පහල වේ.
තවද මෙම කෙටුම්පත් පනත නීතියක් බවට පත්වුවහොත් විශේෂයෙන් මූල්‍ය පාලනය හා වගවීම යන විෂයයන්ගේ අධීක්‍ෂණ යාන්ත‍්‍රනයන් හී ක්‍ෂෙත‍්‍රය එමගින් ඉවත් කරනු ලබනු ඇත. කෙටුම්පත් පනත මගින් පිහිටුවීමට යෝජිත දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ සේවකයින් විසින් දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධව රහස්‍යභාවය රකින බවට වූ ප‍්‍රකාශයක් අත්සන් කිරීම සඳහා වූ විධිවිධානයන් මෙම කෙටුම්පත් පනතෙහි පවතී. ජනතාවට සේවය කිරීමට හා ඔවුනට වගවීමට නියමිත වූ දෙපාර්තමේන්තුවක් සම්බන්ධයෙන් එවැනි විධිවිධානයක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන ප‍්‍රශ්ණය මෙයින් පැනනැගේ. දෙපාර්තමේන්තු ඇතුළු ඕනෑම රාජ්‍ය ආයතනයක් රටේ ව්‍යවස්ථාදායකයට වගවිය යුතු බව හා විශේෂයෙන් මූල්‍ය ක්‍ෂෙත‍්‍රයේ හා තම අනෙකුත් කි‍්‍රයාකාරකම් හීදී විනිවිද භාවයෙන් යුතු විය යුතු බව විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රය විශ්වාස කරයි. එබැවින්, රජයේ අරමුදල් ලබන හා ඒවා සමඟ කටයුතු කරණ සියලූ ආයතනයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයේ ප‍්‍රමිතින්ට අනුකූල වියයුතුව ඇත.
ප‍්‍රශ්ණකාරී වන්නා වූ ස්වාධීන කරුණු ගණනාවට අමතරව කි‍්‍රයාදාමය පිළිබඳව වූ මතභේදාත්මක කරුණුද පවතී. කෙටුම්පත් පනත සහාගත කිරීමට පෙර ඒ පිළිබඳව වූ කිසිදු විනිවිද භාවයක් හෝ සාකච්ඡාවක් නොපැවතීම සහ එය බලපාන්නාවූ ප‍්‍රජාවන් හා අනෙකුත් පාර්ශ්වයන්ගෙන් කිසිදු විමසීමක් සිදු නොවීමද අතිශයින්ම කනස්සල්ල දනවනු සුළුය. මෙය නීති සම්පාදන කි‍්‍රයාදාමය හා සබැඳි පොදු ප‍්‍රශ්නයක් වනවා මෙන්ම මෙම කෙටුම්පත් පනතෙහි වක‍්‍ර බලපෑම් කරණකොටගෙන විශේෂයෙන්ම ප‍්‍රශ්ණකාරී වන්නක් ද වෙයි. මෙම කෙටුම්පත් පනතට අභියෝග කිරීම මඟින් ඒ පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවෙනු ඇතැයිද ඒ පිළිබඳව සාකච්ඡාවක් හා විවාදයක් ඇතිවනු ඇතැයිද විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රය බලාපොරොත්තු වෙයි. එවැනි කි‍්‍රයාදාමයන් කි‍්‍රයාත්මක ප‍්‍රජාතන්තී‍්‍රය රාජ්‍යයක පරම අගයැති ඒවා වේ.
දිවිනැගුම පනත් කෙටුම්පතට මෙයින් ප‍්‍රවේශ විය හැකිය.
######
විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රය (CPA) පිහිටුවනු ලැබුයේ ශී‍්‍ර ලංකාවේ ගැටුම් පරිවර්තනය හා යහපාලනය සඳහා ආයතනයන් ශක්තිමත් කිරීමේ හා හැකියා වර්ධනයේ හදිසි අවශ්‍යතාවයක් පවතින බවට හා පක්‍ෂවාදී නොවන සිවිල් සමාජ කණ්ඩායම් විසින් මෙම කි‍්‍රයාදාමය වෙත ඉටුකළ යුතුවූ වැදගත් සහ නිර්මාණශීලී දායකත්වයක් පවතින බවට වූ දැඩි විශ්වාසය පෙරදැරි කොටගෙනය’ රාජ්‍ය ප‍්‍රතිපත්ති විෂයයයෙහිදී විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රය වෙතින් බලාපොරොත්තු වන්නාවූ ප‍්‍රධාන භූමිකාව පූර්වකි‍්‍රයාකාරී හා මැදිහත්කාරක එකක් වන අතර හිංසාවෙන් තොරවූ ගැටුම් නිරාකරණය හා ප‍්‍රජාතන්ති‍්‍රක රාජ්‍යකරණය සඳහා වූ ප‍්‍රතිපත්ති විකල්පයන් ව්‍යාප්ත කිරීම හා ඒවා කි‍්‍රයාත්මක කිරීම සඳහා බලපෑම් කිරීම ඉලක්ක කොට ගත්තක් වෙයි’ ඒ අනුව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ කාර්යයන් හට” බලපෑම් කරනු ලබන ප‍්‍රතිපත්ති විකල්පයන් හඳුනාගන්නාවූ හා වර්ධනය කරන්නාවූ ප‍්‍රධාන පර්යේෂණ සංඝටකයක් ද ඇතුළත් වේ.
Website : www.cpalanka.org
Facebook : www.facebook.com/cpasl
Twitter : www.twitter.com/cpast
@VIKALPA