Featured Articles, Features, Moneragala

ආශ්චර්යේ වනාන්තර කොල්ලය: ලූණුගම්වෙහෙරේ අක්කර 1000ක් ගිලියි


ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට අයත් වනාන්තර අක්කර 1000 ක් පමණ ඉවත් කර විලබවැව සිට සෙල්ලකතරගම දක්වා කිලෝමීටර් 12 ක් පමණ දිග විදුලි වැටක් ඉදි කිරීමට 2012 සැප්තැම්බර් මස 6 වන දින ඌව පළාත් සභාවේ සභා නායක විමල් ගලගමආරච්චි මහතා විසින් මුල්ගල තැබිණ.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1995.12.08 වන දින අංක 900/16 දරණ ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති හෙක්ටයාර 23498.8 ක භූමි ප‍්‍රමාණයකින් යුක්ත ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරවිලේ ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි විලඹ වැව ආශ‍්‍රිත ව වනාන්තර අක්කර 1000 ක් පමණ මෙලෙස ඉවත් කර විදුලි වැට ඉදිකිරීමට සූදානම් වේ.

අමාත්‍ය ජගත් පුෂ්පකුමාර හා විමල් ගලගමආරච්චි යන මහත්වරුන් ගේ බලපෑම මත මේ වනාන්තර ඉවත් කර විදුලි වැට ඉදි කිරීමට සූදානම් වේ. මේ හේතුවෙන් ජාතික වනෝද්‍යානයේ පැවැත්මට හා එහි ජෛව ප‍්‍රජාව ගේ පැවැත්මට විශාල බලපෑමක් එල්ල වන බව පෙනී යයි. විශේෂයෙන් ම වාසස්ථාන ඛණ්ඩනය වීමෙන් වනජීවීන් ගේ පැවැත්මට සිදු වන අහිතකර බලපෑම හා ඉවත් කළ වනාන්තර බිම් එළි පෙහෙළි කර වගාබිම් ව්‍යාප්ත කිරීම ද මේ අඤාණ තීරණ හේතුවෙන් ඉදිරියේ දී සිදු විය හැකි ය.

2007 වසරේ දී හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ රිදියගමල වීරවිලල මත්තලල ගොන්නෝරුවල මීගහජදුරල කොහොලන්කළල බුන්දල වැනි ප‍්‍රදේශවල සිටින අලි-ඇතුන් ලූණුගම්වෙහෙර ජාතික වනෝiානයට ගෙන ඒම සිදු කෙරින. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිදු කරන සීග‍්‍ර සංවර්ධන කටයුතු සඳහා මෙම ප‍්‍රදේශවල සිටින අලි – ඇතුන් ජාතික වනෝද්‍යානයට පලවා හැරින. එම ප‍්‍රදේශවල සිටි අලි-ඇතුන් 350 ත් 400 ත් අතර ප‍්‍රමාණයක් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට පලවා හරින ලදි. ඒ අනුව අද වන විට අලි – ඇතුන් 500 ත් 550 ත් අතර ප‍්‍රමාණයක් ලූණුගම්වෙහෙර ජාතික වනෝiානයේ ජීවත් වේ. එවන් තත්ත්වයක් තුළ තවදුරටත් මේ ජාතික වනෝද්‍යානයේ වනාන්තර ඉවත් කිරීමෙන් අලි – ඇතුන් ගේ ආහාර බිම් දරුණු ලෙස සීමා වනු ඇත.

මෙම වනෝiානය තුළ තණ උලා කෑම සඳහා අනවසරයෙන් ඇතුළු කළ එළගවයින් හා මීගවයින් 30ල000 ක් පමණ ප‍්‍රමාණයක් ජීවත් වේ. මේ සතුන් තණ උලා කෑම නිසා අලින්, මුවන් හා ගෝනුන් වැනි සතුන්ට දැඩි ආහාර හිඟයක් පවතී. එවන් තත්ත්වයක් තුළ තවදුරටත් ජාතික වනෝද්‍යානයේ වනාන්තර ඉඩම් අහිමි කිරීමෙන් එහි ජීවත් වන වන සතුන්ට උග‍්‍ර ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇත. වියළි කාලයේ දී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ආහාර හිඟයට මුහුණ දෙන අලි-ඇතුන් හා වෙනත් සතුන් වනෝiානයේ පිටත පිහිටි වගාබිම් වලට හා ජනාවාස ආශි‍්‍රත ප‍්‍රදේශවලට ආහාර ලබාගැනීම සඳහා යොමු වේ. එම තත්ත්වය අලි-මිනිස් ගැටුමක් දක්වා වර්ධනය වේ.

මීට අමතර ව ජාතික වනෝද්‍යානයේ විශාල ප‍්‍රදේශයක ආක‍්‍රමණික ශාකයක් වන ගඳපාන ශාකය ව්‍යාප්ත ව තිබේ. ඒ හේතුවෙන් ද අලි – ඇතුන් ගේ පෝෂක බිම් සීමා වී ඇත. මේ සියලූ තත්ත්වයන් හමුවේ ආහාර හිඟයට මුහුණ දෙන අලි – ඇතුන් ගම් වැදීම සිදු වුව හොත් මේ ප‍්‍රදේශයේ දැවැන්ත අලි – මිනිස් ගැටුමක් නිර්මාණය විය හැකි ය.

මේ හේතුවෙන් ජාතික වනෝද්‍යානයේ වනාන්තර බිම් ඉවත් කර දේශපාලන වුවමනාවන් මත විදුලි වැට ඉදිකිරීම වහාම නතර කළ යුතුව ඇත. විලඹවැව සිට සෙල්ලකතරගම දක්වා විදුලි වැට ඉදිකිරීමේ දී ජාතික වනෝද්‍යානයට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර සියල්ල ආවරණය වන පරිදි විදුලි වැට ඉදි කළ යුතුව ඇත. එ සේ නොවුනහොත් අලි – මිනිස් ගැටුමේ දරුණු ගොදුරක් බවට ජාතික වනෝද්‍යානය අවට ජීවත් වන ජනතාවට මුහුණ දීමට සිදු වනු ඇත.

සජීව චාමිකර[Sajeewa Chamikara]
පරිසර සංරක්ෂණ භාරය