සමූල ඝාතන ඇඟට නොදැනෙන සමාජ පුරුද්දක් වූ විට ඝාතකයින්ට එය විනෝදාංශයක් වූ විට බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදය යට කළ හැක්කක් නොමැත. ගහක පතක් නොසිඳන්නැයි උගන්වන බුදු දහම මේ රටෙහි මුල් බැස ඇත්තේ වෙන කිසිම රටක ට නොදෙවෙනි ලෙසිනි. එහෙත් මෙවැනි ඝාතන සංස්කෘතියක් ඇති රටවල් ලොවෙහි තව තිබේ නම් එය ඉතා සුළු සංඛ්‍යාවකි. අවාසනාවකට මෙහි රට වැසියන් කිසිවෙක් මේ ඝාතන වලින් සැලෙන බවක් නොපෙනේ. පසු දිනය වන විට සියල්ල සිදුවන්නේ ඉතාමත්ම සාමාන්‍ය පරිද්දෙනි.
පසුගිය දා වැළිකඩ සිර කරුවන් වෙත එල්ල කළ අමානුෂික ප්‍රහාරය හා සමූලඝාතනයද එවැන්නකි.
කිසිදු සමූල ඝාතනයක ඝාතකයින්ට එරෙහිව කිසිදු දඬුවමක් නැත. රජයේ පොලීසිය/හමුදාවන් හෝ මැරයින් හෝ දේශපාලන හෙංචයියන් වේවා සියල්ලෝම මේ ම්ලේච්ච ඝාතන වලින් අනතුරුව සිය නිදහස වෙනදාටත් වඩා නිදහසේ භුක්ති විඳිති. රජය පැත්තනේ සිදුවන විට එම ඝාතන ඔවුන් විසින්ම නීත්‍යානුකූල කරනූ ලැබේ. මැරයින් හෝ දේශපාලන හෙංචයියන් සිදු කරණ විට ඒවා කැරලි කෝලාහල ලෙසින් නොසලකා හරිනු ලැබේ. ජාතික තලයේ හෝ අන්තර්ජාතික තලයේ කිසිවෙක් වරදකරුවන් නොවිණි. නිදහසින් පසු ව සිදු වූ සමූල ඝාතන සඳහා කිසිවෙක් මොනයම් හෝ දඬුවමක ට යටත් කරණු ලැබුයේ නම් තව එක් සමූල ඝාතනයක් සඳහා කිසිවෙක් දෙවරක් හිතන්නට තිබුණි.
ඔවුන් ත්‍රස්තවාදීන්ය
ඔවුන් දෙමළුන්ය
ඔවුන් අපරාධකරුවන්ය
ඔවුන් දේශපාලන විරුද්ධවාදීන්ය
යැයි සැනසුම් සුසුම් හෙළමින් ඝාතකයින් තමන්ගේ දොරකඩටම හෙට අනිද්දා පැමිණෙන තෙක් මේ නිදහස තවදුරටත් ඔබට භුක්ති විඳිය හැක.
1948 නිදහසින් පසු ව සිදු වූ සමූල ඝාතන :
දේශපාලන උවමනාවන් මත වූ කැරලි කෝලාහල
1956 ගල්ඔය කැරලි කෝලාහල (දෙමළ) – මරණ 150 පමණ
1958 කැරලි කෝලාහල (දෙමළ) – මරණ 300 පමණ
1977 කැරලි කෝලාහල (දෙමළ) – මරණ 300 පමණ
1983 කැරලි කෝලාහල (දෙමළ) – මරණ 3,000 පමණ
නිල හා නිල නොවන ආණ්ඩුවේ හමුදා/පොලීසිය
1971 දකුණේ රාජ්‍ය මර්දනය (සිංහල) – මරණ 15,000 පමණ
1988/89 දකුණේ රාජ්‍ය මර්දනය (සිංහල) – මරණ 60,000 පමණ
2008/09 උතුරේ රාජ්‍ය මර්දනය (දෙමළ) – මරණ 140,000 පමණ*
සිර කඳවුරු ප්‍රහාර
1983 වැළිකඩ ප්‍රහාරය (දෙමළ) – මරණ 54 පමණ
2000 බිඳුණුවැව ප්‍රහාරය (දෙමළ) – මරණ 26 පමණ
2012 වැළිකඩ ප්‍රහාරය (සිංහල) – මරණ 27 පමණ
– වරහන් ඇතුලින් දක්වා ඇත්තේ බහුතරයක් ඝාතනයට ලක්වූ ජන කොට්ඨාශයයි.
– ආණ්ඩුව හා එල්ටීටීය අතර වසර තිහක් වූ යුද්ධයෙන් සිදුවූ 100,000 පමණ දෙපාර්ශවයේම සමූල ඝාතන මෙහි දක්වා නැත.
– සංඛ්‍යාත්මකව අඩුවුවද සිර කඳවුරු ප්‍රහාර මතුකර දැක්වූයේ එයටම ආවෙනික කාළකන්නි සහගත ම්ලේච්චත්වය නිසාවෙනි
*රායප්පු ජෝශප් බිශොප් වරයා විසින් උගත් පාඩම් කොමිසමට ලබාදුන් සාක්කි සටහනෙනි. ආණ්ඩුව මේ වෙනතෙක් මේ සඳහා පැහැදිලි කිරීම් කර නොමැත.
එහෙත් අඳෝමැයි, අප ජීවත්වන්නේ ගබ්සාව ද මරණ දඬුවම ද නීතියෙන් තහනම් වූ පින් බිමකය.
@loopholes