සාමාන්‍යයෙන් කඳවුරක ජීවිතය ප්‍රිය ජනක නැත. ඒ අතරම ලක්ෂ තුනක් වැනි පිරිසකට සියලු අවශ්‍යතා සපුරා ලීම ආණ්ඩුවට වුවද පහසු කාර්යයක් නොවන බව පිළිගත යුතුය. එහෙත් ඔවුන්ට සැලකීම උදෙසා දක්වන උනන්දුව හා ඒ සම්බන්ධ ආකල්පයන් නිසා ඇතිවන සිත් වේදනාවන්, පහත් කොට සැලකීම්, කිසිම වාර්තාවක සඳහන් නොවේ.
මේ සියලු පිරිස කොටස් වලට බෙදාවෙන් වූ බිම් කඩවල්හි කූඩාරම් ගසා පදිංචිය සලසා ඇත. ඔවුන්ට ඇති බරපතලම ප්රශ්නය නිසි පරිදි ජලය නොලැබීමය. අනෙක් ගැටලුව වන්නේ මේ කිසිවකුට බැහැර යෑමට ඉඩක් නැති අතර බැහැරින් ඒමටද පහසුකම් නැත. වටේට කටු කම්බි දහ පොටක් පමණ ගැසූ වැටකි. යාම ඊම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් විය හැකියැයි තර්ක කළ හැකිය.
එහෙත් මිනිසුන් වශයෙන් පවතින ප්රශ්නය වන්නේ මොවුන් එළිමහන් සිර කඳවුරක රඳවා තැබීම යි.
මේ තත්ත්වයෙන් ඔවුන් මුදවා ලීමට පියවර ගැනීම ඉක්මන් වන බවක් දැන ගන්නට නැත. ප්රභාකරන් ගේ සිර කඳවුරෙන් මිදී, ආහාර පාන හා කූඩාරම් සහිත ආණ්ඩුවේ සිර කඳවුරු වල ජීවත් වීමට සැලසීම මානව ගරුත්වයට කැළලකි. ඔවුහු හිඟන්නෝ නොවෙති. කඳවුරු බත් කෑමට තරම් කර ඇති වරද නම් ප්රභාකරන් මෙන් දෙමළ වීමයි. අතරින් පතර කොටියන් සිටීම, සෙසු අයට, දරුවන්, ස්ත්‍රීන්, මහල්ලන් ආදී සියලු දෙනාට දඬුවම් දීමට හේතුවක්ද?
මේ කඳවුරු අතර මැදවච්චිය මන්නාරම් පාරේ කදිර්ගාමර් කඳවුර විශේෂ වේ. එය යම් තරමකට හොඳින් පාලනය වේ. සතොස, බැංකුව, සමුපකාර සහ පෞද්ගලික වෙළඳ ස්ථානද ඇත. අවශ්‍ය දෙයක් මුදල් දී ගත හැක. කච්චේරි, දෙපාර්තමේන්තු උප කාර්යාල සහ විභාග පන්ති කඳවුරේම පිහිටුවා ඇත. මක් නිසාද? එක්සත් ජාතීන්ගේ හෝ විදේශයකින් පැමිණෙන අය කැඳවා ගෙන යන්නේද, පෙන්වන්නේද මේ කදිර්ගාමර් කඳවුරටය.
වව්නියාවේ කඳවුරු වල රඳවාගෙන සිටින ලක්ෂ තුනක් පමණ වන ජනයාගේ ජීවන අත්දැකීම් පිළිබඳව ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යපාරය විසින් සිය ‛‛ප්රජාතන්ත්ර’’ නම් ප්රකාශනයේ අඩංගු කළ ලිපි පෙළක් ‛‛විකල්ප’’ හී පළ කිරිම සඳහා එවා තිබේ. ඉහත පළ වන්නේ එහි දෙවන ලිපියයි.