[Photo Credit: www.nowpublic.com]
ශ‍්‍රී ලංකාව අතීතයේ සිටම මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. විවිධ අවස්ථාවන්හි සිදුවු විදේශිය අක‍්‍රමණයන් නිසාම ක‍්‍රමක් ක‍්‍රමයෙන් මිනිස්කම ලංකීය සමාජයෙන් තුරන්ව ගිය ද, නගරයන්හි කෙසේ වෙතත් ගම්බදව හෝ එකිනෙකා ගැන සොයා බලමින් අනෙකාගේ දුකේදී දුක් වෙමින්, අනෙකාට පිහිට වෙමින්, තමන්ට වඩා අනෙකාගේ යහපත ගැන මහන්සි වන උතුම් මිනිසුන් ප‍්‍රමාණයෙන් අඩු වුවත් අදත් ජීවති වෙයි.
88.89 කාලයේ පටන් හෙළ සිරකර ටික ටික මරා දැමු මේ රටේ මනුෂත්වයේ මළගම සිදුකරන ලද්දේ යුද්ධය අවසන්වුදා ය. 2009 මැයි 18 වෙනිදා එල්ටීටිඊය සමග පැවැති යුද්දය අවසන් වු බව රජය නිවේදනය කිරිමත් සමග, මේ රටේ මිනිස්සු කලේ පාරට ඇවිත් කිරිබත් කෑමය. කිරිබත් කමින් උතුරු යුද්ධයෙන් පිඩාවට පත්වු හා මරණයට පත්වුවන්ගේ කදුලූ වලින් සවිදිය පිරුවේ ලෝකයා ඉදිරියේ ලංකීය ජන සමාජයේ මනුෂත්වය කෙරෙහි තිබුනා වු සංවේදිත්වය අමු අමුවේ විළි ලැජ්ජාවකින් තොරව නිරුවත් කරමින්ය. සතුරෙකුගේ දුකකදී වුව ද කම්පා වු සිංහලයා, දෙමළාගේ දුකේදි සතුටු වුවාය. ජය පැන් බිවාය. සතෙක් මැරුනත් සති ගාණක් කම්පාවුව ද, යුද්දයේ දී ඝාතනය කළ මිනිසුන් ගනන ගණන් කරමින් සිටියේ, ක‍්‍රිකට් මැචි එකක් බලන ලෙසය. 88,89 යුගයේදි තරුණයන් තැනින් තැන මරා දමා තිබීයදි දුක්වු සිංහලයා යුද්ධයේදී මැරුණ ගණන වැඩි වන තරමට සවිදිය පිරුවේය.
අද වන විට මනුෂත්වය යන වචනය පවා ලංකාව තුළ තිබුනා ද යන්න සිතා ගැනීමට නොහැකි වු තරම් අපරාධ සිදුවෙමින් පවති. එකෙක් දෙනෙක් නොව බුරුතු පිටින් අද දවස ගාණේ පාරවල් අයිනේ මරා දමන්නේය. ඇතැම් අම්මලා ළමයි ඉපදෙනෙකම් බලා ඉන්නේ කොහේ හරි කුණු ගොඩකට දමා යන්නටය. සීයලා, තාත්තාලා තමන්ගේ දූවරු දුෂණය කරන්නේය. මේ රටේ තිබුණ මනුස්ස කමට මොකද වුනේ? මේ යුද්ධයෙන් සිදුවු එකම දෙය නම් ජයග‍්‍රහණය නොව මනුෂත්වයේ මිනි පෙටිටියට ඇණ ගසා වළ දැමීමය.
ඉන්නවනම් මහ එකාට ඕනේ විදියට ඉන්න පුලූවන් නැත්නම් මරපන් කියා මේ පාලකයෝ ජනතාවට හුරු කලේය. දවසකට මීනි මැරුම් 5,6 වත් ඇහුවේ බැලූවේ නැත්නම් අද අපේ රටේ මිනිස්සුන්ට කිසිමක් වැඩක් නැහැ, යන තැනට අප රට වැටී හමාරය. යුක්තිය, සාධාරණත්වය, සාදාචාරය, නීතියේ අධිපත්‍යය කියා දෙයක් අද ලංකාවේ නැහැ. ස්වාධීනත්වය හුදු වචනයක් පමණක් වී ඇත. අද ලංකාවේ සිංහලයාට සදාචාරය යනු දණහිසට පහලින් ඇදීම, පන්සල් යෑම සහ දෙමඵන් මාරා දැමීමය. පහු ගිය දවසක වැලිකඩ බන්ධනාගාරයේ හිරකාරයෝ මැරුණම අපේ රටේ බහුතර මිනිස්සු මොකද කිව්වෙ, උන් කුඩුකාරයෝ, මිනීමරුවෝ උන්ව මරපු එකමයි හොදයි කියා ය. සමහර විට ඔබත් එහෙම කියන්න ඇති. ඉස්සර නම් කොච්චර වරදක් කරපු මැරයෙක් මැරුනාම වුනත් ඒ මිනිහ කරපු වැරදි ගැන හෙව්වෙ නැහැ. අනුකම්පා කලා. අද සිරකරුවෝද මනුෂ්‍යයෝය කියල එලියට පෙන්න ලොකුවට බීත්ති වල ලියාගෙන හරි හෝ වැරදි හෝ හිරකාරයෝ මරණ එකයි, මේ පාලකයෝ කරන්නේ. අපේ රටේ මිනිස්සුත් ඒකට හරි යන්න පාලකයන්ට මාර්ගය හදල දෙනවා. හැබැයි ඔය බුරුතු පිටින් මිනිස්සු මැරෙනකොට සද්ද නැතුව ඉන්න අය හරකෙක් මැරපුවම මහ හයියෙන් කෑ ගහනව. ඒ මිනිස්සුන්ට මිනිස් ජිවිතේට වැඩිය හරකගේ ජිවිතේ වටින එකයි මෙතන තියන ෙඛිදවාචකය. හරක් මරද්දි කියන්නේ ඌ කිරි අම්ම අපිට කිරි දීලා අපිව පෝෂණය කරනව කියලා. එළදෙන කිරි නිෂ්පාදනය කරන්නේ ඌගේ පැටියව පෝෂණය කරන්න මිසක් අපේ මිනිස්සු පෝෂණය කරන්න නෙමේ. හරකගේ කිරි ටික කොල්ල කන නිසා ඌව මරද්දි මහ හයියෙන් කෑ ගහනවා. හැබැයි මිනිස්සුන්ගේ අයිතියක් උ`දුරගෙන උන් මරද්දි ආශිර්වාද පුජා පවත්වනවා. අපි මේ යන්නෙ මිනිසුන් මරාගෙන කන යුගයටද?
එබැවින්,
මිනිසුන් විසින්ම වළ දැමු මනුෂ්‍යත්වය, මිනිසුන් විසින්ම ගොඩගත යුතු කාලය පැමිණ ඇත.
රොෂාන් චතුරංග