අගවිනිසුරුවරියට එරෙහිව අලූත් කඬේ අධිකරණ සංකීර්ණය අසළට රැගෙන ආ රාජපාක්ෂික ඝෝෂකයෝ අත අපූරු සටන් පාඨයක් තිබුණි. එනම් ‘‘රට බෙදන අධිකරණය අපට එපා!’’ යනුවෙනි. මෙම උද්ඝෝෂනය කැදවන ලද්දේ රාජපක්ෂ දෝශාභියෝගයට පක්ෂව සහ අගවිනිසුරුවරියට එරෙහිව බැවින් මෙම සටන් පුවරුවෙන් ඇඟවෙන්නේ අගවිනිසුරුවරිය රට බෙදීමට කටයුතු කරන බවය. මෙම සටන් පාඨයම අඩංඟු විශාල දැන්වීම් පුවරුවක් ද ඒ අසළ සවිකර තිබූ බව ජනමාධ්‍ය වාර්තා කළේ ය.(මෙම උද්ගෝෂණයේ සම්පූර්ණ වීඩියෝව සදහා මෙයට පිවිසෙන්න – සංස්කාරක)
නීතියේ පාලනය පවතින යුගයකදී නම් මෙම ක්‍රියාව සැළකෙනු ඇත්තේ අධිකරණයට අපහාස කිරීමක් ලෙස ය. එහෙත් අද ඇත්තේ ත්‍රීවීල් රියදුරන් විසින් අධිකරණයට චෝදනා ඉදිරිපත් කරන යුගයකි. රාජපක්ෂ පාලනයේ සිදී යන ඝෝෂක බලකායන් අතර පෙරමුණෙහිම රැදී සිටින බව පෙනෙන්නේ ත්‍රී වීල් රියැදුරන් සුළුතරයක් සහ මෙවැනි රැගෙන යා හැකි ඝෝෂක පිරිස් ය.
අගවිනිසුරුවරියට එරෙහිව ගොතා ඇති දෝශාභියෝග චෝදනා දැන් රට දෙකට බෙදා ඇති අතර පසුගිය සති කිහිපය පුරා එම කඳවුරු දෙක ඉති පැහැදිලිව සිය ස්ථාවරයන් ගනිමින් සිටියහ. දෝශාභියෝග චෝදනා අසාධාරණ බවටත් ඊටත් වඩා එම චෝදනා විමසනු ලබන කි‍්‍රයාදාමය කිසිදු යුක්ති ධර්මයකට අනනුකූල බවත් එක් පාර්ශවයක් කියා සිටිති. එම පාර්ශවය සැපිරෙන්නේ මල්වතු, අස්ගිරි ඇතුළු බෞද්ධ භික්ෂුන්, විනිසුරන්, නීතිවේදීන්, වෘත්තීය සමිති, කලාකරුවන්, දේශිය සහ අන්තර් ජාතික මානව හිමිකම් ආයතන යනාදියෙනි.
අනෙක, එනම් රාජපක්ෂ පාර්ශවය සැපිරෙන්නේ ත්‍රී වීල්කරුවන්, ජංගම ඝෝෂකයින්, රාජ්‍ය ගැති ජනමාධ්‍ය යනාදියෙනි. කුලී ත්‍රීවීල් රියදුරන්ගේ ඇඟවීම්වලට අනුව අගවිනිසුරුවරිය වටා එන්ජීඕ කාක්කන් ලැග සිටී. ඇය ලැජ්ජා නැති තරමට දූෂිතය. ජංගම ඝෝෂකයින්ට අනුව අය රට බෙදීමට උඩගෙඩි දෙයි. එනයින් රටට ද්‍රෝහී ය. වීරවංශගේ වෙබ් අඩවියට අනුව ඇය පිටුපස ඉන්දියානු ඔත්තු සේවා සිටී.
මේ අනුන අස්ගිරි මල්වතු නාහිමිවරුන් ඇතුළු විනිසුරන්, නීතිවේදීන් කලාකරුවන් යනාදී සියල්ලෝම රට බෙදන අධිකරණය රැක ගැනීමට ක්‍රියා කරති. එමගින් රට බෙදන සැළසුමක වක්‍ර සහායකයෝ බවට පත්වෙති. විශ්වාස කළ නොහැකි නමුත් රාජපක්ෂ පාලනය විසින් සංවිධානය කරනු ලබන ජංගම ඝෝෂකයින් අපට කියන්නේ ඒ බව විශ්වාස කරන ලෙස ය.
මේ වනාහී පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාණ්ඩුවේ සේලයින් සටන් පාඨය යි. දේශපාලන වශයෙන් යන එන මඟක් නැතිවන බව පෙනෙන සෑම අවස්ථාකම රාජපක්ෂ පාලනයේ පිහිටට එන්නේ පරාජය කරන ලද ශපථ කළ කොටි සංවිධානය සහ රට බෙදීමේ අනතුර යි. සිය දිනක් තරම් පැවැති සරසවි ආචාර්්‍යවරුන්ගේ අරගලය ජනයාගේ සහයෝගය දිනා ගැනීම වැළැක්වීමට ඇහිඳ ගත්තේ ද මේ සේලයින් සටන් පාඨයම ය. එනම් සටනෙහි ආචාර්්‍යවරුන්ගේ අරගලය රට බෙදන ත්රස්තවාදයේ ම දිගුවක් බවයි. රාජපක්ෂ පාලනයට විරුද්ධව අත ඔසවන ඹ්නෑම පුද්ගලයකුට ආයතනයකට හෝ ව්‍යාපාරයකට එරෙහිව දමා ගසන රාජපක්ෂ ආයුධය මෙය යි.
යුද්ධය පැවැති අවධියෙහි ජනමාධ්‍ය නිදහස සඳහා සටන් වැදුණූ අප වැනි පිරිස් හෙළා දැකීමට යොදා ගැනුනේ ද මෙම සේලයින් සටන් පාඨයමය. එකළ තමන්ට විරුද්ධව එවැනි චෝදනා නොනැගෙනු ඇතැයි සිතූ බොහෝ දෙනෙකු මත දැන් එම නාමකරණයට හසුව තිබේ. එළෙස වූදිත නාමකරණයනට ලක්වන සෑම කෙනෙක්ම අත්දකින තවත් සත්‍යයක් ඇත. එනම් සිය නිරේදෝශී බව සනාථ කිරීමට අවකාශයක් දැන් ජනමාධ්‍යයෙහි නැති බවයි. ආණ්ඩුව එල්ටීටීඊ ය සමඟ යෙදී සිටි යුද්ධයට අමතරව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව මුදා හරින ලද යුද්ධයේ ඇත්ත අරමුණ සමස්ත සමාජයම සිය අණසකට ගැනීම බව දැන් ගතවන සෑම දිනක් පාසාම සනාථ වෙයි. නිදහස් සහ නිර්භය පුළුල් ජනමාධ්‍ය සංස්කෘතියක් පැවැතුනි නම් වත්මන් අත්තනෝමතිකත්වයට සිය මර්දනකාරී පාලනය ගෙන යෑම මහත් අභියෝගයක් බවට පත්වන්නට ඉඩ තිබුණි.
දකුණෙහි මතුවන සෑම යුක්ති සහගත විරෝධතාවයකටම දේශද්‍රෝහී ලේබල් අලවා ඒවා හුදකලා කිරීම සිය උපාය බවට පෙරලාගෙන සිටින රාජපක්ෂ පාලනය උතුරෙහි දී දැන් එම චෝදනාව යොදා ගනිමින් දෙමළ ජනයාට සිය මළවුන් සැමරීමට ඇති අවස්ථාව පවා අහිමි කරමින් සිටිති. යුද්ධාවසානයෙන් තෙවසරතටත් වඩා ගත වී තිබියදීත් යුද බිමෙහි මියගිය සිය දරුවන්, මාපියන්, ඥාතීන් සහ අසල්වැසියන් සැමැරීම දෙමළ ජනයාට තහනම් ය. ආණ්ඩුවේ ම උගත් පාලන කොමිසම යුද්දයෙන් මිය ගිය ජනයා අනුසමරණය කිරීම සඳහා විශේෂ දිනයක් අවශ්‍ය බවට නිර්දේශයක් කළ ද රජය එය පිළිගත්තේ නැත. ඒ වෙනුවට එය කළේ දෙමළ ජනයාගේ දරුවන් නිදන එල්ටීටීඊ සොහොන් පොළවට සමතලා කර ඒ මත යුද හමුදා කඳවුරු ඉදි කිරීමය. මෙම අනුස්මරණයන් සඳහා ඔවුන් තෝරාගෙන ඇති මැයි 19 දා වේවා නොවැම්බර් 27 දා වේවා රජයේ හමුදා මේ තාක් කිසිදු අනුස්මරණයකට අඩුමවශයෙන් ආගමික සිද්ධස්ථානයක දී හෝ ඉඩ දුන්නේ නැත. මෙම තහංචි සිදු වන්නේ දකුණෙහි එවැනිම ප්රචන්ඩ දේශපාලන ව්‍යාපාරයක් මෙහෙය වූ ජවිපෙ නායක රෝහණ විජේවීර රජයේ හමුදා විසින් මරා දමන ලද දිනය වන නොවැම්බර් 13 දා විරු සමරු දිනය ලෙස දකුණේ දී ඉහළින් සැමරෙන අතර තුර ය.
ජාතියක් වශයෙන් පීඩාවට පත්වන ඕනෑම ප්‍රජාවක් සිය ආත්මයට වදින සෑම පහරක්ම හද පත්ලේ රඳවා ගන්නා බවත් කවර දිනෙක හෝ එය ප්‍රබල මතුපිට ප්රකාශණයක් බවට පත් වන බවත් ලෝක ඉතිහාසය දෙස් දෙයි. වාර්ගික යුද ගැටුමක් එක් පාර්ශවයක පරාජයෙන් අවසානය වුවද ගැටුම ඉතිරිවන බවත් ඊට විසදුමක් වශයෙන් ප්‍රති සංධානයක් අවශ්‍ය බවත් ලොව පිළි ගන්නේ එනිසා ය. කණගාටුවකට මෙන් රාජපක්ෂ රජය යුද්ධාවසානයේ සිට මේ තාක් කටයුතු කර ඇත්තේ දෙමළ ජනයා යුද බලයෙන් බිය ගැන්වීමට මිස ප්‍රජාවන් අතර සැබෑ සමානත්මතාවයක් ඇති කිරීමට නොවේ.
සමහර විදෙස් ජනමාධ්‍ය විසින් යාපනයේ කැරැල්ල යැයි නම් කරන ලද යාපන සරසවි සිසු සිසුවියන් විසින් පසුගිය නොමැම්බර් 27 වන දින මිලිටරි අඥා නොතකා දැවැන්ත පහනක් ගිනිදල්වමින් පවත්වන ලද විරු සමර අප තේරුම් ගත යුත්තේ එම වටපිටාව තුළය. මේ වනාහී පැහැදිළිවම උතුරෙහි පවත්නා යුද පාලනයට එල්ල කරන ලද සිවිල් අභියෝගයකි. විචාරකයින් පෙන්වා දී ඇත්තේ 2009 යුද්දවසානයෙන් පසු යාපනයේ ඇති වූ විශාලතම ජනතා ක්‍රියාව මෙය බවයි. මෙම විරුද්ධකම් පෑම යාපනයේ ජන මනස තුළ ආශ්වාදයක් ජනිත කරන්නට ඇති බව තේරුම් ගැනීම දුෂ්කර නැත.
මෙම සිදුවීමට ප්‍රතිචාරයක් වශයෙන් යුද හමුදා බලකා යාපන සරසවිය තුලට යවමින් ආණ්ඩුව ක්‍රියා කළේ යුද්ධයකදී මෙන් ය. කාන්තා නේවාසිකාගාර පිරික්සීම පිණිස යවන ලද්දේ ද පිරිමි සොල්දාදුවන් ය. සරසවි සිසුන්ගේ සාමකාමී අනුස්මරණ පා ගමනට සිසුන්ට තුවාල සිදු කළ මර්දනකාරී පොලිස් සහ හමුදා ප්‍රහාරයක් එල්ල විය. දැන් විශ්ව විද්‍යාල සිසු නායකයින් තිදෙනෙකු අඩංඟුවට ගෙන ඔවුන් තෙමසක ආරක්ෂක අමාත්‍යාංශයේ රඳවා තැබීමේ නියෝග යටතේ සිර ගත කරනු ලැබ තිබේ. මෙවැනි මර්දනකාරී ක්‍රියා මගින් පීඞ්ත ජන ප්රජාවකට ඇති කැරෙන ආත්මීය තුවාල සුව කිරීම ලෙහෙසි නැත.
මහත් ජීවිත විනාශයක් මගින දිනා ගත් යුද්ධාවසානය දෙමළ ජනයාගේ සිත් දිනා ගැනීම කරා වර්ධනය කිරීමට රාජපක්ෂ පාලනය භයානක ලෙස අසමත් වී තිබේ. දෙමළ දේශපාලන මෙන්ම සිවිල් සමාජය කොළඹ ආණ්ඩුව අවිශ්වාස කරන අන්තයක් කරා තල්ලූවෙමින් සිටිති. දෙමළ ජනයා කල්පනා කරන්නේ තමන් කබලෙන් ලිපට වැටී ඇති බවයි. මංමාවත් සහ ගොඩනැඟිලි ඉදි කිරීම මගින් පීඩාවට පත් කැරෙන ජාතියක් දිනා ගත නොහැක. වත්මනෙහි ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් සටන් වදින උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය, කැටලොනියාව, සහ ක්වබෙක් යනු සංවර්ධිත දේශයන් ය. එනමුත් එම ජනයාගේ ජාතික අභිලාෂයන් එම සංවර්ධනය නිසා යටපත්වී නැති බව අප මතක තබා ගත යුතු ය.
සිංහලයින්ට සිය ජාතිකත්වය කොතරම් වටින්නේ ද දමිළයිනට සිය ජාතිකත්වය ද එතරම් ම අගනේ ය. බෙදුම්වාදී හෝ කොටි ලේබලය අලවා එම ජාතිකත්වය යටපත් කළ නොහැක. පසුගිය නොවැ 27 දින ඇතිවූ ‘යාපනයේ කැරැල්ල’ යළි සනාථ කරන සත්‍යය එයයි.
දකුණේ ඇතිවන විරෝධතාවයන්ට යුද ජයග්‍රණය සහ බෙදුම්වාදී ලේබලය යම්තරමක නිර්වින්දයක් විය හැකි නමුත් උතුරෙහි දී එම ලේබලය නිර්වින්දනයක් නොව ශක්තිජනක එන්නතක් වියහැකි බව ද තේරුම ගත මනා ය. ඒ කෙසේ වෙතත් සෑම නිර්වින්දනයකටම කාල නිර්නයක් තිබේ. එනයින්ම යුද ජයග්‍රහණයට මුවා වී මානව සහ ප්රජාතන්ත්ර අයිතීන් යටපත් කිරීම අවසන් වන දවසක් එන බව රජපක්ෂ පාලනය තේරුම් ගන්නේ නම් ශ්‍රී ලංකාවේ හෙට දවස මීට වඩා යහපත් වනු ඇති බව නිසැක ය.
සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]