[‘පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීමයි‘| නාසි ජර්මනියේ සුදු රෝස පුරාවෘත්තය(02)]
| 2වන කොටස(මෙහි පළමු කොටස සදහා පිවිසෙන්න)
….එමෙන්ම විසම්මුතිය නාසි ජර්මනිය වලංගු නොවන බව ද ඔවුහු දැන සිටිය හ. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු තත්ත්වය එය විය. යුද්ධය ඇරඹීමත් සමගම බොහෝ ජර්මානුවන් සාම්ප‍්‍රදායික ස්ථාවරයන්ට එළඹුණහ. පුරවැසියාගේ රාජකාරිය වනුයේ හමුදාවට සහ රජයට සහය දීමට බව බොහෝ ජර්මානුවන් විශ්වාස කලහ. නමුත් හාන්ස් සහ සොෆී සිතුවේ වෙනස් ආකාරයකිනි.
යුදමය කාලසීමාවේදී වුව පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීම බව ඔවුන් විශ්වාස කළහ. විශේෂයෙන් රජය එහි පුරවැසියන් ලක්ෂ ගණනනින් මරණය කරා යවන තත්ත්වයක් තුළ එය අනිවාර්යය වගකීමක් බව හාන්ස් සහ සොෆීගේ අදහස විය. හාන්ස් සහ සොෆී ඔවුන්ගේ හැගීම් සිය මිතුරන් වූ කි‍්‍රස්ටෝෆ් ප්‍රෝබ්ස්, අලෙක්ස් ෂර්මොරේල්, විලී ග‍්‍රාෆ් යන සිසුන්ද කර්ට් හියුබර් නම් මහාචාර්යවරයාද සමග බෙදා ගත්හ.
1942 එක් දිනෙක ‘‘සුදු රෝස’’ යන ශීර්ෂ පාඨය යටතේ පත‍්‍රිකා පිටපත් සිය ගණනක් හදිසියේම මියුනික් සරසවියෙන් මතු විය. එහි කර්තෘවරයා නිර්නාමික විය. නාසි ක‍්‍රමය ජර්මන් ජනතාව ක‍්‍රමානුකූලව සිරගත කළ බවත්, දැන් ඔවුන් විනාශ කරමින් සිටින බවත් එහි සදහන් විය. නාසි පාලනය යක්ෂයෙකු බවට පත්ව තිබේ. එයට එරෙහිව නැගී සිට ප‍්‍රතිරෝධය දැක්වීම සදහා කාලය පැමිණ ඇතැයි එම පත‍්‍රිකාවේ වැඩිදුරටත් කියැවිණි. එහි පහළ කෙළවර මෙසේ සදහන් කරමින් තිබිණි.
‘‘කරුණාකර ඔබට හැකි තරම් සංඛ්‍යාවක් මෙය පිටපත් කොට බෙදා හරින්න.’’
මෙම පත‍්‍රිකාව සිසුන් අතර කැළඹීමක් ඇති කිරීමට හේතු විය. සමාජයේ සැගව තිබූ නාසි විරෝධය මතු පිටට ආ පළමු අවස්ථාව එය විය. පත‍්‍රිකාව රහසේ ලියා බෙදා හරින ලද්දේ හන්ස් කෝල්, සොෆී සහ ඔවුන්ගේ මිතුරන් විසිනි.
සුදු රෝස යන නාමය සිය පත‍්‍රිකාවෙහි ශීර්ෂ පාඨය ලෙස යොදා ගැනීම පිළිබදව හාන්ස්ගෙන් අත්අඩංගුවේදී ගත් ප‍්‍රකාශයක් තුළ සදහන් වේ.
ඔහු වයිට් රෝස් යන නම උපුටා ගනු ලැබූයේ ඔහු කියවනු ලැබූ ස්පාඤ්ඤ නවකතාවක නම ඇසුරෙනි. ඇනට් ඩුම්බාච් සහ ජූඞ් නිව්බෝර්න් සදහන් කරනුයේ මෙම නවකතාව මෙක්සිකෝවේ ගොවි ජනයා සූරා කෑම පසුබ්ම් කර ගෙන බී. ටේවන් විසින් ලියන ලද සුදු රෝස නම් නව කතාව විය හැකි බවයි. සුදු මල, නපුරට එරෙහිව පාරිශුද්ධභාවයේ සහ අහිංසකත්වයේ සංකේතය වීම හාන්ස් සහ සොෆී මෙම තෝරා ගැනීම කරන්නට හේතු වන්නට ඇතැයි ඩුම්බාව් සහ නිව්බෝර්න් වැඩිදුරටත් සදහන් කරයි.
ඔවුන්ගේ පත‍්‍රිකා මුද්‍රණය කරනු ලැබූවේ අතින් ක‍්‍රියාකරවන ඩුබ්ලිකේටර් යන්ත‍්‍රයක් මගිනි. ඔවුන් සරසවි සිසුන් වීම පත‍්‍රිකා සදහා කඩදාසි සපයා ගැනීමට පහසුවක් විය. තැපැල් කරනු ලැබූ පත‍්‍රිකා සදහා අවශ්‍ය මුද්දර සහ ලිපි කවර සොයා ගැනීමට ඔවුන්ට නගරයේ සහ ඉන් බැහැර විශාල දුර ප‍්‍රමාණයක් ඇවිදීමට සිදු විය. එක් තැනකින් විශාල මුද්දර හෝ කවර සංඛ්‍යාවක් මිලදී ගතහොත් ගෙස්ටාපෝ බලකායේ සැකයට ලක්වීමට හේතුවන බැවින් එක් තැනකින් ඔවුනට මිලට ගැනීමට සිදුවූයේ මුද්දර හෝ ලියුම් කවර කිහිපයක් පමණි. ඒහෙත් මේ දුෂ්කරතාවන් මැඩගෙන පත‍්‍රිකා දහස් ගණනක් ජර්මනිය පුරා තැපැල් මගින් බෙදා හැරීමට ඔවුහු සමත් වූහ.
සුදු රෝස ව්‍යාපාරයේ දෙවන පත‍්‍රිකාවෙන්
නාසිවාදී දර්ශණය සමග බුද්ධිමය සංවාදයක් ගොඩනගා ගැනීම කළ නොහැකි දෙයකි. එවැනි ප‍්‍රපංචයක් තිබේ නම් එහි වංගුතාවය ඔප්පුකිරීමට හෝ එයට එරෙහිව සටන් වැදීම සදහා එය විශ්ලේෂණය කිරීමට සහ ඒ පිළිබදව සාකච්ඡා කිරීමට හැකි විය යුතුය. කෙසේ වුවද අප මුහුණ දී ඇත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකටය. ආරම්භයේදී මෙම ව්‍යාපාරය රදා පැවතියේ එහි සහායකයන් මුලාවේ දමමින් සහ පාවා දෙමිනි. මෙම වකවානුවේ වුවද එය අභ්‍යන්තරයෙන් දූෂණය වී ඇති අතර රදා පවතිනුයේ කෙලවරක් නැති බොරු වලිනි. කෙසේ වුවද හිට්ලර් ‘‘ඔහුගේ පොතේ පූර්ව සංස්කරණයේදී සදහන් කොට ඇත්තේ (මා කියවූ ජර්මන් බසින් ලියැවුනු පොත් අතර ඉතාමති පිරිහුණු බසින් ලියා ඇති පොත මෙයයි. සත්‍ය එසේ තිබිය දී මෙම පොත, ශ්‍රේෂ්ඨ කවීන්, චින්තකයින් බිහි කළ ජාතියක බයිබලය බවට ඔසවා ඇත.) ‘‘ජනතාවක් පාලනය කිරීම සදහා ඔවුන් පාවාදීම විශ්වාස කළ නොහැකි තරම් දෙයකි’’ යනුවෙනි.
ජාතිය තුල බිහි වූ මෙම පිළිකාවේ වර්ධනය ආරම්භයේදී බරපතල අවධානයට ලක් වූයේ නැත. එයට හේතු වූයේ එම වකවානුවේදී යහපත් දෙය සදහා සටන් කිරීම සදහා ප‍්‍රමාණවත් බලවේගයක් පැවති හෙයිනි. එනිසා එය කිසියම් පාලනයකට නතු කර ගැනීමට හැකි විය. කෙසේ වුවද ක‍්‍රමයෙන් එය විශාල වී අවසානයේදී අසාමාන්‍ය වේගයකින් වර්ධන වී රාජ්‍ය බලය කරා ඔසවා තැබිණී. ඒ වන විට සමස්ත දේහයම ආසාදනය වී හමාරය. එහි පැරණි සතුරන්ගේ මහා භූමිකාව සැගව ගියේ ය. ජර්මානු බුද්ධිමතුන් සිය බිම්ගෙවල් තුළට පලා යමින් හිරුගෙන් සහ ආලෝකයෙන් සැගවී දියත් කළ අරගලය දැන් ක‍්‍රමික මරණය කරා ළං වී තිබේ. දැන් අපගේ කාර්යය වනුයේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට හෝ දැනුවත් කිරීමේ ක‍්‍රියාවලිය ව්‍යාප්ත කිරීම සදහා එක් අයෙකු නැතිනම් තවත් අයෙකු නැවතත් සොයා ගනිමින් ස්ථීර අරමුණකින් ක‍්‍රියා කිරීමය. ක‍්‍රමයට එරෙහි අරගලය සදහා සටන් කිරීමේ අවශ්‍යතාවය ඇති අවසන් මිනිසාද එකග ඛර ගන්නාතෙක් අපට විරාමයක් හිමි නොවේ. අසහනයේ එබදු රළ වේගයක් පොළොවේ ගොඩනැගී එය අහස දක්වා විහිද යන විට බොහෝ වුන් ක‍්‍රියාවලියට එක් වනු ඇත. අවසන් සාමූහික ප්‍රෝත්සාහයේදී ක‍්‍රමය සොළවා දැමිය හැකි වනු ඇත. කෙසේ වුවද භීෂණය අවසානය, අවසානයක් නොමැති භිෂණයට වඩා සතුටුදායකය.
අපගේ ඉතිහාසයේ අර්ථය පිළිබදව අවසාන විනිශ්චයක් දීමට අපට වුවමනා නැත. නමුත් මේ විපත පොදු යහපත සදහා යොදාගැනීමේ ඉඩකඩ තවමත් විවරව පවතී. එය මේ වේදනාවන් සෝදා හරින සාදාචාරාත්මක සාධකයක් පමණක් වනු ඇත. එවිට ගැඹුරු මධ්‍යහන රාත‍්‍රියකදී, අප ප‍්‍රාර්ථනා කරන ආලෝකයක් ලෙස අප ශක්තිමත් කරමින් අපගේ ලෝකය වෙළාගත් වහල් භාවය සොළවා දමනු ඇත.
යුදෙව්වන්ගේ ප‍්‍රශ්ණය පිළිබදව මෙහිලා සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය නොවේ. එමෙන්ම මෙම පත‍්‍රිකාව සංරචනයේදී ආරක්ෂාව හෝ සමාව අයැදීම ද අපගේ අරමුණ නොවීය. උදාහරණයක් වශයෙන් අපට අවශ්‍ය කළේ පෝලන්තය ආක‍්‍රමණය කිරීමේ සිට මේ රට තුළ මිලේච්ඡ ආකාරයකින් මරා දැමුණු යුදෙව්වන් තුන් ලක්ෂයක් පිළිබදව සදහන් කිරීමටය. මෙය සමස්ථ ඉතිහාසයේම දැකිය නොහැකි තරම් මිනිස් වර්ගයාට එරෙහි සිදු වූ දරුණු අපරාධයක් ලෙස සැලකිය හැකිය. යුදෙව්වන්ගේ ප‍්‍රශ්ණයට ගරු කිරීම පිළිබද අප තුළ කවර ස්ථාවරයන් තිබුණ ද මෙබදු සංහාරයන් මිනිස් වර්ගයාට එරෙහිව සිදු වූ දරුණු අපරාධයක් ලෙස සැලකිය හැකිය. යුදෙව්වන්ගේ ප‍්‍රශ්ණයට ගරු කිරීම පිළිබද අප තුළ කවර ස්ථාවරයන් තිබුණ ද මෙබදු සංහාරයන් මිනිස් වර්ගයාට එරෙහි දරුණු අපරාධයක් ලෙස සැලකීමට එය බාධාවක් නොවිය යුතුය.
යුදෙව්වන්ට ඔවුන්ගේ ඉරණම අනුව ලැබිය යුතුව තිබූ දෙය ලැබිණි යැයි යමෙකුට පැවසිය හැකිය. මෙම ප‍්‍රකාශය අතිෂය දුෂ්ඨ සහ අශික්ෂිත එකක්. මෙම ප‍්‍රකාශය අප මදකට පිළිගනිමු. නමුත් පෝලන්තයේ වංශවත් පවුල්වල යෞවනයන් මුලූමනින්ම විනාශ කිරීම ගැන කීමට ඇත්තේ කුමක්ද? (දෙවියන්ට ස්තූතිවන්නට මෙම ක‍්‍රියාවලිය එහි අවසන් ඉලක්කය කරා ළගා වීඹට තවමත්ව අසමත් ව තිබේ.) වංශවත් පවුල්වල වයස අවුරුදු 15-20 අතර දරුවන් ජර්මනියේ පුනරුත්ථාපන සහ ශ‍්‍රම කදවුරු කරා පටවා හරින ලදි. එමෙන්ම මෙම වයස් කාණ්ඩයේ සියලූ ගැහැණු දරුවන් නේර්වේවල පිහිටි එස්.එස්. කදවුරුවල පිහිටි ගණිකා නිවාසවලට ගෙන යන ලදි.
ඔබ බෙමදු ප‍්‍රකාශයන් කරනුයේ මක් නිසාද? ඔබට ඔවුන් පිළිබදව පූරුණ අවබෝධයක් පවතින නිසාද? එසේ නොමැති නම් ඒවා හා සමාන වෙනත් අමාණුෂික අපරාධයන් හා බැදී පවතින නිසාද? ඒ නිසා මෙහිදී අපට ගැඹුරින් සම්බන්ධිත සහ අප සියලූ දෙනාටම සිතාබැලීමට බල කෙරෙන ප‍්‍රශ්ණයක් මතු වෙයි. එනම් ජර්මන් ජනතාව හෙළා දැකිය යුතු සහ පිළිකුල් සහගත මේ මහා අපරාධයන් පිළිබදව මෙතරම් අසංවේදීව හැසිරෙනුයේ මන්ද යන කරුණයි. ජර්මන් ජනතාව සිය මුග්ධ උදාසීන නිද්‍රාවේ ගැලී සිටිමින් මෙම පැසිස්ටි අපරාධ කරුවන්ට සිය කටුයුතු නිදැල්ලේ කරගෙන යාමට ධෛර්යය සපයයි. මංකොල්ලය සදහා අවස්ථාවන් ලබා දෙයි. මෙම නිද්‍රාව ජර්මානුවන්ගේ සාමාන්‍ය මිනිස් හැගීම් මිලේච්ඡකරණය වී ඇති බවට සළකුණක් නොවේ ද? ඔවුන් යළි කිසිදාක අවදි නොවන අසංවේදීභාවයක ගිලී යමින් සිටීද?
ජර්මන් ජනතාව මෙම විමෝහයෙන් අවදි නොවන්නේ නම්, විරෝධය දැක්විය හැකි, කොතනකදී හෝ කවර වෙලාවකදී මෙම අපරාධකාරී කල්ලියට විරෝධය නොදක්වන්නේ නම්, අපරාධයන්ගේ ගොදුරු බවට පත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවන් පිළිබද අනුකම්පාවක් ඔවුන් තුළ පහළ නොවන්නේ නම්, ඔවුනට පාප සහයකයන් වීම පිළිබද වරදකාරීත්වයෙන් ගැලවී ගත නොහැකිය. ඔවුන්ගේ අසංවේදී හැසිරීම විසින් ඔවුන් මේ කෲර මිනිසුනට සිය ක‍්‍රියාවන් එළෙසම කරගෙන යාමට අවස්ථාවන් ලබා දෙයි. ඔවුන් මේ ‘‘ආණ්ඩුව’’ ඉවසා දරා සිටීම නිසා, අවසානයේදී තමන්ටම දොස්පවරා ගත යුතු මහා වරදකාරීත්වයේ බරක් දරා සිටීමට සිදුව ඇත. සෑම මිනිසෙකුටම මෙම ආකාරයේ වරදකාරී හැගීම්වලින් මිදීමට අවශ්‍යය. සෑම අයෙකුමවඩාත් නිහඩව සිය ගමනේ යෙදෙයි. නමුත් ඔහුට සිය වරදකාරීත්වයෙන් ගැලවී ගත නොහැකිය. එය සිය දහස් වාරයක් ප‍්‍රබල වී ඔහු කරා හඹා එයි. තවමත් බොහෝ සෙයින් ප‍්‍රමාද නැත.
මෑත වසර කිහිපය තුළ අපගේ දෑස් විවිරවෙමින් පවතී. අපි අපේ ෂතුරා කවරෙකුදැයි නිසැකවම හදුනාගත් විට ඒ මිලේච්ඡයන් මුලිනුපුටා දැමීම පහසුය. යුද්ධය පැතිරී යන තෙක්ම ජර්මන් ජනතාවගෙන් විශාල කොටසක් සිටියේ අදුරේය. එනිසා නාසීන් ඔවුන්ගේ සැබෑ පෙනුම සගවාගෙන සිටියහ. එහෙත දැන් අපට ඔවුන් කවුරුන්දැයි හදුනාගත හැකිය. එය අපගේ එකම සහ ප‍්‍රථම කාර්යය විය යුතුය. සියලූ ජර්මානුවන්ගේ අති පාර්ශුද්ධ වගකීම මේ තිරිසනුන් පැරදවීමය.
මෙහි ඊලග කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න>>>>>>>
@VIKALPA