Colombo, Poems

දියවන්නා උත්තම ගීතිකාව

economist-pic-for-bkeepersCaption

කඩින් කඩ අලූතට ඔප දමන
කුට්ටමකි බූරුවා ‘කිසි-කිසි’ ඇනුම දෙන
යස රගකි – පනස් සතරක් පත් සමගින
‘ජෝකර්හු’ ද අයත් ඊට ම.

මහ බූරුවා පොළකි හුරුබුහුටි
දෙසිය විසිපහක
පඩත්තල රෑනක අත්වැලැ‘ති
සාටක-ටයි පටි
සරම්-කලිසම්, ඔසරි ද පැළැදි;
සුවැති අසුන්-රසමසවුළු
ඩුරු පාක්කුඩම් සත්වරිගෙට ම
යෙහෙන් ගෙන දෙන
මහ බූරුවා පොළකි
ගම්භීර පරම අධිපති බල රැදුණ.

‘වන්නාට අවසරයි..!
ඉතින් ගසමු බූරුවා,
තම තම අසුන් මත සිට
කැමැත්තේ නම් සරම ද කැසපොට-
ගසමු ගසමු බූරුවා..! ’

අණ දෙයි මහ පඩත්තල තැන
ඉසුඹුලන අසුනට බර දෙමින.

‘බදු කන’ අවැසි පඩත්තල රොත
ඉක්බිත්තෙන්
වැද නමස්කාර කොට ‘ගජමුතුවට’
පිරිනමා ප‍්‍රශස්තිය ‘මහදනට’
සැරසෙත් නො කැළල් බූරු කෙළියට.

‘උතුමාණනී මහ පඩත්තල…
අද කුමන නම් කෙළියක්
කෙළවම් ද කුට්ටමෙන් බූරුවා..! ’

හිස කද ‘ජොල්’ බඩ ද නමා පෙරට
අසයි නිතියෙන් බාරකාර පඩත්තල.

‘කැමැත්තක් කෙළෙත්වා !
හැබැයි
බහුතරයට තැන දෙන !
නො වේ නම් එලෙස
සදනු බහුතරය
තුනෙන් දෙකේ
‘සාටක’ බැතියෙන ! ’

සුවච කීකරුව අණ කරට ගෙන
උත්තරීතර පඩත්තල රොතම
යුහුසුළු වෙත් කෙළින්නට බූරුවා !

‘නමෝතස්ස භගවතෝ අරහතෝ
දෙවියනි ගැළැවුම්කාරයාණෝ නුඹයි
ඉෙරෙවන් තුනෛ පුරිවාරාහ
නාමයෙන් පරම දයාලූ අල්ලාහුගේ ’

එපිට-නො පිට ඇසෙන ලෙසින
ගැයේ-වැයේ නිරතුරුව ම
පඩත්තල ගීතිකාව ;

‘අයෙක් නටත් සුරා මතින්
පංචකාම තුරුලූ කරන් ’

ජෝඩු-ජූස්, බූරු-හෝමි
ගජරාමෙට සෙල්ලම් නම් ගැනුණු
වුව එපවත් – ‘හෝමියට’ වැඩි නැඹුරු.

ගජ සෙල්ලම් බහුතරයේ මන පරිදි
බලා සිටිත් සෙසු සෙස්සෝ
බහුතරයේ වරම් අහිමි.

මාතු පාදං-පීතු පාදං
උත්තරීතර දියවන්නා
මදිය නම් එක කුට්ටමක්
‘අනනු-අනනු ඇති පදමට
කුට්ටම් තව-තව ගෙන’
මහතැනගේ කරුණාවයි නිරතුරු !

ජෝකර්වරු අවැසි නැත
මහ පඩත්තල සහ පරිවා තැන
අරක්ගෙන සිටින බැවින.

‘හෝමියට’ හතර දෙනයි
බූරු පොළම හෝමි ගෙයක්
කැට දහය ම ඉවර වුණත්
බූරු පොළේ සයවසරක් !

මයිනර් ෆෝර්ඞ් ලාන්සර්
ඒ ඉස්සර
බෙන්ස් පැජරෝ ප‍්‍රාඩෝ
මේ මෑතක
ලැම්බෝගිනි
දැන් අලූතෙන්
අගේ-අගේ හරිම අගේ
පඩත්තලයෝ එකා-එකා
බූරු පොළට ඇදී එතේ.

බැතට පස්වන ජන ගිගුම
යුද මරණ බිය දෝංකාර;
යකඩ මත පණ අදින
ඒ මිනිස් මර ලතෝනිය;
පැමිණියේවතුදු නිදිවරා මහබරට
බූරු කෙළිත්-බූරු කෙළිත්
පඩත්තලයෝ බූරු කෙළිත් !

‘මං දින්නා – උඹ දින්නා
උඹ දින්නා – මං දින්නා’
අයෙක් නටත් සුරාමතින්
පංචකාම සැප ගනිමින්.

ඇණ ගසා – වෙඩි තියා
දෙබා කෙරුමට කම්කරු හිස්
යෙහෙකි
කෙළසන්නට
කන්‍යාවිය නීතියේ
පඩත්තල බහුතර තෙදින්
උත්තරීතර !

මරේ මරුය ‘හෝමි’ කෙළිය
දින්නත් දිනුම් – පැරැදුණත් දිනුම්
හරි හරියට පිටමැතුරුම් !

ආසි-හේර-පොරව-බූරු
කැට විස්සයි දෙපැත්තට ම;
කැපූ එකා තුරුම්පු කී
කියල පරාදේ දඩත් හිමි;
සෙපෝරුවට මොකුත් නැතේ
ඊළග අත දඩත් දෙතේ;
කපෝතියක් වැදුණෝතින්
සුනේ සුන් හතර හතේ;
තුරුම්පු හතට ඉතින්
යට ය කොයි කෝකත්;
කියල-වහල-ඇදල ගැහුව
බාල්දුවට-පිටවාසියි
වල් ආසියා ගොඩ දැම්මා;
මහ වැළකි සද්ද කෝසේ..!

‘අවසරයි මහ පඩත්තලයාණනී..,
පහ කරන්නට ඇති බැවින මළ මූත‍්‍ර
අහවර කොට මේ බූරු කෙළිය අද
කල් දමනු මැන පසු දිනට ’

‘බිය නොවන්න බත්බැලයනී..,
සිටින තැන ම පහරනු
මළ-මූත‍්‍ර යන ලෙසින
බේද කිසිත් අපට නැතේ
කෙළිනු බූරුවා දිගට ම
නො බා දිරිය පසුපසට ! ’

ඉනික්බිත්තෙන්
නැළැවෙන හඩට සැළලිහිණි සර ගෙන
පහරන්නට විණි පඩත්තල රෑන ම
උනුන් පරයා සිටි තැන මැ.

‘බත්බැලයනී බිය නො වන්න..!
පහරපු රෙදි කඩ යළි වේලන
ස`ග වෙද ගුරු ගොවි කම්කරු ‘වැල්’ යායක්
එපිට පැත්තේ බූරු පොළේ
හද බැතියෙන්
හරි හරියට මොර දෙන සැටි
නො පෙනේ ද
ඉතින් නුඹට ! ’

උතුමාණන් මහ පඩත්තලගේ
තප්පුලෑම
මහ දිරියකි බූරු පොළට.
එහෙයින්
එය එසේ ම
නො නැවැතී බූරු කෙළිය
යතේ මහබරට ඉදිරියට ම;
සකල දන මන පොබයන
අලූත් පඩත්තලයන්ට ද
ඉඩ දී යහපත් වන්ට
පත එකට සි`දවා !

සදුන් යාපා කරුණාරත්න