උතුරේ ජනමාධ්‍යට දිගින් දිගටම සිදුවන තර්ජනයන්, පහරදීම් දිගින් දිගටම සිදුවන අතර එහි තවත් ම්ලේච්ඡ සිදුවීමක් යාපනයේ දී අද(07)උදෑසන සිදුවිය. තිනක්කුරල් පුවත්පතේ, පුවත්පත් බෙදාහරින මාධ්‍ය සේවකයෙකුට පොලූ සහ කම්බ් ඇතැතිව පැමිණී නාදුනන මැර පිරිකගේ ප‍්‍රහාරයකට ලක්විමට සිදුවිය. පහර කෑමට ලක්වූ, එස්. සිවකුමාර්(40) ගමන් කරමින් සිටි යතුරු පැදියද, එවේලේහි ඔහු ලග තිබූ තිනක්කුරල් පුවත්පත් ද මැර පිරිස ගිනි තබා ඇති අතර එම ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ සිවකුමාර් මහතා මේ වන විට රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.
යාපනය, පරිත්තිත්තුෙරෙයි හි පුත්තූර් ප‍්‍රදේශයේ අද අළුය මෙම පහරදීම සිදුකර ඇතැයි යාපනයේ ආරංචිමාර්ග සදහන් කරයි.
කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබද වැඩිදුරටත් වාර්තා වන්නේ, සිවකුමාර්ට පහරදීමට පෙර මෙම මැර පිරිස උදයන් පුවත්පත් බෙදාහරින්නාට ද එම ප‍්‍රදේශයේදීම පහරදීමට ගත් උත්සහයේ දී ඔහුට ඉන් බේරීමට හැකි වී ඇත. නමුත් පසුව එම ප‍්‍රදේශයේදීම පොලූ සහ කම්බ් සහිතව යතුරුපැදි 3කින් පැමිණි එම මැර පිරිස සිවකුමාර්ගේ යතුරුපැදිය නතර කොට මෙම පහරදීම සිදු කර ඇත.
මේ පිළිබදව යාපනයේ තිනක්කුරල් කර්තෘ අට්පුදානන්දන් මහතාගෙන් ‘විකල්ප’ වෙබ් අඩවිය විමසා සිටි අතර ඔහු පැවසූවේ ‘‘අද අළුයම 5.15ට පමණ මෙම සිදුවීම සිදුවෙලා තිබෙනවා. අංක තහඩු නැති මෝටර් බයික් 3කින් ආපු 6දෙනෙක් සිවකුමාර්ව හරස් කරලා කම්බි ඔතපු පොල්ලකින් ඔළුවට ගහලා, කමිබිවලින් සිවකුමාර්ගේ වම් අතට සහ වම් කකුලට ඇනලා තිබෙනවා. මේ පහදීම වන විට තිනකුරල් පුවත්පත් 1500ක් ද, සිවකුමාර්ටම අයිති යතුරුපැදියද ගිණි තබා තිබෙනවා. පහරකැමට ලක්උන සිවකුමාර් අච්චුවේලී රෝහලට ඇතුලත් කරලා දැන් වැඩිදුර ප‍්‍රතිකාර ගන්න යාපනය මහරෝහලට ඇතුලත් කරලා තිබෙනවා. අනිත් එක තමයි සිවකුමාර්ට පහර දෙන්න පෙර, සිත්තන්කේනි ප‍්‍රදේශයේදී උදයන් පුවත් පතේ, පුවත්පත් බෙදා හරින්නා පසුපස මේ මැර පිරිස පන්නාගෙන ඇවිල්ලා තිබෙනවා. පස්සේ ඔහු ඔහුගේ නිවසට දුව ගොස් සිය ජීවිතය බේරාගෙන තිබෙනවා. යාපනයේ දිගින් දිගටම මේ විදිහට මාධ්‍ය මර්ධනය කරනවා. ඒත් තවමත් කිසිම සැකකරුවෙක් අල්ලාගන්න බැරිවෙලා තිබෙනවා.’’
මාධ්‍යට බය උතුරේ මිලිටරිය
වසන්තය තිබෙනවා යැයි පවසන උතුරේ මෙවන් සිදුවීම් දිගින් දිගටම සිදුවන්නේ මේ වනවිටත් සෑම හංදියක් පාසාම හමුදා මුරපොලවල් මෙන්ම හමුදා කදවුරැද ඇති වට පිටාවකය. මෙම තිනක්කුරල් මාධ්‍ය සේවකයාට පහරදීමට පෙර පසුගිය ජනවාරි 10වන දින උදයන් පුවත්පත් බෙදා හරින්නාටද මෙවන් ලෙසම පහරකෑමකට ලක්වීමට සිදුවිය. පොලු සහ කම්බි එතු යකටපොලු වලින් නාගේශ්වරන් ප‍්‍රදීපන් වූ උදයන් පුවත්පත් බෙදාරින්නාට පහර කෑමට ලක්විය. මේ ආසන්නම සිදුවීම දෙකම සිදු කර ඇත්තේ එකම ආකාරයකට බව මෙයින් වැටහී යයි. එබැවින් මෙය සංවිධානාත්මක සිදු කරන ප්‍රහාරයක් බව මෙයින් පැහැදිලි වෙයි. නමුත් මෙතරම් ආරක්ෂාවක් තිබෙන උතුරේ අංක තහඩු නැති යතුරැපැදිවලින්, පොලු මුගුරැ රැගෙන පැමිණ නිරායුද මිනිසෙකුට පහරදී පළා යාමට හැකිවන්නේ කෙසේ ද?
අනෙක නම් දිගින් දිගටම සිදුවන මෙවන් ම්ලේච්ඡ ක්‍රියාවන් සිදුකරන කිසිවෙකුත් නීතිය හමුවට පැමිණ වීමට බළධාරීන්ට අද වනතුරැත් නොහැකි වී තිබේ. 1985 වර්ෂයේදී ආරම්භකළ යාපනයේ උදයන් පුවත්පත 1987 වර්ෂයේ සිටිම ආරක්ෂක අංශ සහ ඒවායේ සහය ලබන සන්නද්ධ විවධ පිරිස් වෙතින් ප්‍රහාරයට ලක්වූ අතර 2006 වර්ෂයේදී උදයන් කාර්යාලය ගිනිතබනු ලැබීය. 1985 වර්ෂයේ සිට මේ දක්වා උදයන් පුවත්පතේ සාමාජිකයන් 5 දෙනෙක් ඝාතනය කර ඇති අතර විවිධ අවස්ථා ගණනාවකදී පහර දීම් සිදුකර ඇත.
2011 වසරේ ජූනි 29 වැනිදා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ ඥානසුන්දරම් කුගනාදන් වෙත ද එල්ලකරන ලද අති අමාණුෂික ප්‍රහාරයකට ලක් විය. ඒ හමුදා මුර පොළක පෙනෙන මානයේ දී ය. ඉන් පසු කූගනාදන් මහතාට සිය මාධ්‍ය ජීවිතයෙන් සහ යාපනයේ සිය උපන් බිමෙන් සමුගෙන ආරක්ෂාව පතා විදේශ ගත වීමට සිදුවුනි. මෙවන් සිදුවීම් වලට කිසි වකුත් මේ වන විටත් නීතිය හමුවට ඉදිරිපති කිරීමට බළාධාරීන්ට නොහැකි වී තිබේ.
එබැවින්, උතුරේ දී නිදහසේ පුවත්පතක් පළ කිරීමට මෙන්ම පුවත්පත් කියවීමට තිබෙන අයිතියවත් ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයක් තුළ සහජීවනය පිළිබදව රාජපක්ෂ ආණ්ඩුව කතා කිරීම තුළ සැගව ඇත්තේ ‘සහජීවනයට’ වඩා ‘මර්ධනය’ බව ඉතා වේගයෙන් විශේෂයෙන් උතුරේදී ඔප්පුවෙමින් තිබේ.
Image Credit:onlineuthayan