සිංහල

ගෙදරින් එලියට….

මම විජිත. මම මගේ සිංහල යාළුවෝ 10 දෙනෙකු සමග මගේ ද්‍රවිඩ මිතුරියක් වන ප්‍රභාජනීගේ ගෙදර ගියේ සිංහල දෙමළ අවුරුද්දට. හැබැයි මගේ යාළුවෝ කවුරුත් දන්නේ නැහැ මම යන්නේ දෙමළ ගෙදරකට කියලා.ගියාට පසු තේ, වඩේ හා තවත් දෙමළ රසකැවිලි වලිනුත් දිවා ආහාරයෙනුත් ඇය අපට සංග්‍රහා කලා. මේ සියල්ල සිදුවුනේ මගේ සිංහල යාළුවන්ගේ එරවිලි ගෙරවිලි මැද. ඒත් ඊට පසුව තමයි හොඳම දේ වුණේ. අපි එන්න පිටත් වන කොට මම ප්‍රභාගේ අම්මා තාත්තා දෙන්නට ම වැන්දා. යාළුවන්ට කර කියා ගන්න දෙයක් නැතිව ඒ මේ අත බලාගත්තා. පසුව අකමැත්තෙන් ඒ මේ අත බලලා ඔවුනුත් වැන්දා.
ඔවුන් එන ගමනේදී මාව මාර විදිහට නෝන්ඩි කළා. පර දෙමළුන්ට…..දෙන එකා කියල. ගමට ආවට පසු ඔවුන් මේ සිද්ධිය මගේ ගෙදරට කිවුවා. පස්සෙ මුළු ගමටම මෙම පණිවුඩය ගියා. ගෙදරවත් ඉන්න බැරි වේගෙන ආව. අම්මා තාත්තා මාව ගෙදරින් එලෙව්වා. ඊට පසු මම අඳුරණ මහත්මයෙකුගේ ගෙදර නැවතුනා.
ඊට පසු මගේ එම ව්‍යායාමය පුළුල් කළා. සමාජයේ විවිධ කුළ, ජාති,ආගම්,ලෙඩුන් හා විවිධ වෙනස්කම් ඇති අය සොයාගෙන ගියා.එදාට වඩා මට ඇති විරෝධය වැඩි වුණා. හැබැයි තත්වය එහෙම වුනත් මම මගේ වැඩේ ඇතෑරියෙත් නැහැ. මට තාමත් සමහරු කියන්නේ පර දෙමළුන්ට….. දෙන එකා කියලා. අදටත් මම ඉන්නේ ගෙදරින් පිට අර මහත්තයාගේ ගෙදර.

එච්.ඩී.විජිත – දෙනියාය