නිදහස ලබා වසර 70 කට ආසන්න කාලයක් ගතවෙමින් තිබෙන වර්තමාන කාල අවකාශය තුළ ශ‍්‍රී ලංකාව, ගැරිසන් රාජ්‍යයක් බවට පරිවර්තනය වන බවක් පැත්තෙන් දෙපැත්තෙන් පෙන්නුම් කරමින් සිටි. ගැරිසන් රාජ්‍යය සඳහා නිරුක්තියක් ලබා දෙන වෙබ්ස්ටර් ශබ්දකෝෂය එකී පදය හඳුන්වන්නේ ප‍්‍රාථමික ලෙසම මිලිටරි ආරක්‍ෂාව හා මිලිටරි බලය පරවාරත කොටගෙන සකස් කරන ලද රාජ්‍යයක් ගැරිසන් රාජ්‍යයක් ලෙස හඳුන්වන බවය. ගැරිසන් රාජ්‍යයක් සෑම විටම බිහිවන්නේ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මව් කුස තුලිනි. එහි ව්‍යූහයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශබ්ද කෝෂයෙන් ණයට ගත්තද ඒවා ක‍්‍රියාත්මක කරන්නේ ගැරිසන් අර්තයෙනි. තවත් එකී ගැරිසන් රාජ්‍යයේ උත්තරීත්තවය ලැබෙන්නේ ව්‍යවස්ථාවට හෝ පාර්ලිමේන්තුවට නොව හිංසනය ඇති සමාජ බිය මගින් ඇති කරනු ලබන ෆෝබියාව පාලනය කළ හැකි පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායම වෙතටය.
එකී රාජ්‍යයේ පාලනය හිමිවන්නේ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරහා පත්වන මුත් එම නියෝජිතයින් පාලනය කරනු ලබන ඔලිගාකියක් නැතිනම් කත්‍යපාධිත්වයක් ලෙසටය. ඔලිගාකියක් යනුවෙන් මෙහිදි අදහස් කෙරෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පෞද්ගලික හෝ වානිජ අවශ්‍යතා සහිත කණ්ඩායමක් යටතේ පාලනය කරනු ලබන තත්ත්වයකටය. එකී රාජ්‍යයක වෙළෙඳාම ආදායම හා ලාභය හිමිවන්නේ පාලනයේ හිමිකරුවන්ට සහ ඔවුන් සමග ලාබ පරමාර්තයෙන් ජාලගත වන මධ්‍යම පාංතික හිතවතුන්ට පමණකි. එකී පාලනය තුළ හිංසනය ප‍්‍රබල පාලන අවියක් ලෙස මොවුන් භාවිතා කරනු ලබන අතර එය බොහෝ විට ක‍්‍රියාත්මක වන්නේ පාලන පංති විරෝධින්ට හා ලූම්පන් පන්තියට එරෙහිව පමණකි. ඊට අදාළ නොමැති සාමාජයට තමන්ගේ පාඩුවේ දෙන දෙයක් කා සතුටින් හා සමාදානයෙන් ජීවත්වීමේ හැකියාව ලැබෙති. එසේම එකී සමාජය තුළ බොහෝවිට අලංකරණය, සපලතාවය, දක්‍ෂතාවය මත තීන්දු තීරණ ගැනීමටත්, ඒමත පුඵල් සමාජය පවත්වා ගැනීමටත් මෙවැනි සමාජයක් කරවන පාලකයන් වග බලා ගනිති.
නමුත් සමස්ත පාලනයේ ඒකාධිකාරිය හිමිකර ගන්නේ මිලිටරි බලය හා මිලිටරි ආරක්‍ෂාව පරමාර්ත කරගන්නා කණ්ඩායමයි. මෙවැනි රාජ්‍යයන් ගණනාවක් ඉතිහාසය පුරාවට ලෝකය පුරාවට උජාරුවෙන් ක‍්‍රියාත්මක වී තිබේ. ලතින් ඇමරිකාව තුළද, අප‍්‍රිකාවේද, ආසියාවේද, මේ පිළිබඳ අත්දැකීම් අපට ගෙනහැර දැක්විය හැකිව තිබේ. රටක් වශයෙන් අපට පවතින ආසන්නම උදාහරණය වන්නේ හිටපු ඉන්දුනිසියානු ජනාධිපති සුහර්තෝ යටතේ පැවැති රජයයි. සුහර්තෝ බලයට පැමිණියේ සුකර්නෝගේ රජය කුමන්ත‍්‍රණකාරීව බලය ගැනීමෙනි. එතැන් සිට වසර 30කට ආසන්න කාලයක් සුහර්තෝ රට පාලනය කළේය. එකී රාජ්‍යය සැබෑ අර්ථයෙන්ම ගැරිසන් රාජ්‍යයක් වූයේය. එම රාජ්‍ය තුළ රට පාලනය කලේද, ව්‍යාපාර කළේද, විනෝදය සැපයුයේද සිවිල් මුහුණුවරක් ගත් මිලිටරි පාලනයක් තුලිනි.
ශ‍්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සංවර්ධනය දෙස සූක්‍ෂම ආකාරයෙන් විශ්ලේෂණය කිරීමේදී අප ඒත්තු ගනිමින් සිටින්නේ ශ‍්‍රී ලංකාවද කෙමෙන් කෙමෙන් මිලිටරමය ආරක්‍ෂාව සහ මිලිටරි බලය පරමාර්ත කොටගෙන ක‍්‍රියාකරන, ක‍්‍රියාකරමින් සිටින රාජ්‍යතන්ත‍්‍රයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවකි. මේ සඳහා දියහැකි කදිම උදාහරණය වන්නේ ජාත්‍යන්තර තලයේදී අප ක‍්‍රියාකරමින් සිටින ආකාරයයි. රටක මිලිටරි ආරක්‍ෂාව අත්‍යවශ්‍යය. නමුත් එකී මිලිටරි ආරක්‍ෂාව සමග සමතුලිත කරගත යුතු තවත් බොහෝ දේ පවති. බන් එක් ප‍්‍රධාන කරුණ වන්නේ ශ‍්‍රී ලංකාව පවත්වා ගතයුතු මුලෝපායික වාසියයි.(Strategic advantage) එහිදි අපට චීනය, ඉන්දියාව, මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ද අත්‍යාවශ්‍ය සාධක වන්නේය. යම් හෙයකින් ඇමරිකාව හා ඉන්දියාව අතහැර චීනය සමග පමණක් අප දීග කෑමට යන්නේ නම් එය සිදුකරන්නේ චීනයේ මිලිටරි ආරක්‍ෂාව සමග ශ‍්‍රී ලංකාවේ මිලිටරි ආරක්‍ෂාව සමපාත කරමින් නමි, අපට සිදුවන්නේ වැඩකට වඩා අවැඩකි.
80 දශකයේ දී මෙපමන වූ අත්වැරැද්දක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිදුකරනු ලැබුවේය. ඒ ඉන්දියාව හා චීනය අතහැර දමා ඇමරිකාව සම්බන්ධයන් පමණට වඩා බරක් ලබාදීමය. එහි අනර්ථය අප 30 අවුරුදු යුද්ධයක් හරහා අත්වින්දේය. විදේශ හමුදා මැදිහත්විමකට ඉඩ ප‍්‍රස්ථා ලබාදුන්නේය. මෙනයින් විදේශ ප‍්‍රත්පත්තිය මිලිටර් ආරක්‍සාවට යට කිරීමේ ආදීනව පෙන්වා දිය හැකිව තිබේ. දැන් දැන් රටේ ප‍්‍රතිපත්ති තීන්දු කිරීමේදී පමණට වඩා වැඩි බරක් මිලිටරි ආරක්‍ෂාව හා මිලිටරි බලයට යට කිරීමක් පෙන්නුම් කරමින් තිබේ. ඒ සඳහා වන කදිම උදාහරණය වන්නේ රජය විසින්ම ස්ථාපිත කරන ලද උගත් පාඩම් කොමිසමේ වාර්තාව සඳහා රජයේම තවත් කොටසක් වන මිලිටරිය විසින් ඌන පූර්ණ ලබාදීමයි. ඉන් හැඟවෙනනේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට නම්, හමුදාවේ අනුමැතිය රාජ්‍යයේ නියකයන් හා කැබිනට් මණ්ඩලයට ඉහලින් ගත යුතුව තබෙන බවය. මෙය නම් භයානක පූර්වාදර්ශයක් විය හැකි කරුණක් බව කිව යුතු තිබේ.
ඉන් අනතුරුව අපගේ අවධානයට ලක්විය යුතුව තිබෙන්නේ පැතිරිමෙන් තිබෙන භීෂණ හා ඝාතන රැල්ලයි. දැනට ආණ්ඩුවේ උක් සංවර්ධන ඇමති ලෙස කටයුතු කරන ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසන්නට යෙදුනේ, එවකට සිදුවෙමින් තිබුණු බොහෝ අතුරුදහන්වීම් සඳහා රජයේ හමුදා සමග සබඳතා පවත්වන ඇතැම් පුද්ගලයින් වගකිව යුතුව තිබෙන බවකි. අදටත් එකී භීෂණ හා ඝාතන රැල්ල එලෙසටම ක‍්‍රියාත්ම වන බවට පවතින මනා නිදර්ශනය වන්නේ පසුගිය දා වෙඩි පහරට ලක්වුණු සන්ඬේ ලීඩර් මාධ්‍යවේදී ශකුටලීගේ සිද්ධියයි. මීට පෙර වසරේදී අමාත්‍යවරයකුගේ පුත‍්‍රයකු හමුදා නිලධාරියකුට පහරදීමේ සිද්ධියේදී මතුවුයේ එකී හමුදා නිලධාරීවරයා රාත‍්‍රි සමාජ ශාලාවකට පැමිණ සිටියේ සුප‍්‍රකට කැසිනෝ හිමියකුට ආක්‍ෂාව සැපයීමට බවයි.
මෙවන් වූ සිද්ධින්ගෙන් මනාව පැහැදිලි වන්නේ ලංකාවේ සන්නන්ධ හමුදාවන්ගේ පාලනය යම් ආකාරයකට ඛාදනයක් සිදුවෙමින් පවතින බවයි. මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැම් විට එකී හමුදා වල පාලනය උත්තේජනය වීමයි. දැන් දැන් අප දක්නා නවතම විලාසිතාව වි ඇත්තේ හමුදාව ව්‍යාපාරකරණයට ලක්වීමයි. එය උතුරෙන් ආරම්භ වී දැන් දකුණට ව්‍යාප්ත වෙමින් පවති. ඉන් සිදුවන්නේ ශ‍්‍රී ලාංකික වෙලෙඳපොල, රාජ්‍ය ආයෝජනයක් හරහා හැකිලීමයි. එමෙන්ම අවධානයට ලක්විය යුතු අනෙක් කරුණ වන්නේ හමුදා ශ‍්‍රමය පෞද්ගිලක ආයෝජන මත කෙරෙන සංවර්ධනයට බද්ධ කිරිමයි. මේවා බැලූ බැල්මට ආකර්ෂණීය තර්ක මත ගොස් ආකර්ශනීය ප‍්‍රතිපල අත්රදීමට සමත්වුවද්, ඒ තුලින් දීර්ඝ කාලීනව ඇති කරනු ලබන්නේ ගැරිසන් රාජ්‍යයක් ගොඩනැගීමේ අත්තිවාරමයි.
[Image Credit: colombotelegraph]
ශිරාල් ලක්තිලක | Shiral lakthilaka