පසුගිය කොලම තුළ අප ලාංකික සමාජයේ දෙවන පංතියේ පුරවැසියන් පිළිබඳව අදහස් ප්‍රකාශ කළෙමි. දෙවැනි පංතිය ගැන කතා කරන විට හැඟවෙන්නේ පළමු පංතියක් සිටින බවය. එසේම හැඟවෙන්නේ මේ රටේ සිංහලයන් පළමු පංතියට අයත් වන බවකි. නමුත් ඇත්ත එය නොවේ. දැන් දැන් බලන විට රටේ පළමු පංතිය හිමි වන්නේ රට කරවන ආණ්ඩුවේ හිතවතුන්ට පමණක් බවය. එසේ හිතවකු විම පමණක් ද ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා අත්‍යන්ත පක්ෂ පාක්ෂීත්වයක් ද පෙන්නුම් කළ යුතුව තිබේ. එසේ නොවේ නම් නයාට ගසා පොල්ල වරද්දා ගත් මිනිසාට අත්වූ ඉරණම එකී හිතවතාට ද අත්වීම ඉර හඳ මෙන් විශ්වාසය.
මේ බව අපට ලියන්නට සිත් වූයේ රටේ නෛතික අගවිනිසුරු ලෙස තවමත් සැලකෙන ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අල්ලස් හෝ දූෂණ කොමිෂම ඉදිරියට කැඳවීමේ කි‍්‍රයාදාමය වාර්තා වූ කළය. අප දන්නා තරමින් ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පාලක පක්ෂයේ විශ්වාසය දිනාගත් විනිසුරුවරියක වූයේය. ඒ නිසාම ඇය මේ රටේ අගවිනිසුරු පදවියෙන් පිදුම් ලැබුවාය. නමුත් දිවි නැගුම පනතට අදාලව සාධාරණ හා යුක්ති ගරුක තීන්දුවක් ලබාදීම හේතු කොට ගෙන, ඇයව මෙරට අගවිනිසුරුධුරයෙන් අනීතිකව ඉවත් කිරීමට මෙරට පාලක පක්ෂය තීන්දු තීරණය කොට, ඉවත් කරනු ලැබු බව රටම දන්නා කරුණකි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකී ඉවත් කිරීමේ කි‍්‍රයාදාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට දැන්වූ නිගමනය මෙන්ම, එකී නිගමනය පදනම් කොට ගෙන අභියාචනාධිකරණය විසින් එකී අනීතික කි‍්‍රයාවලියට නීති විරෝධී බව දක්වමින්, ඊට එරෙහිව නිකුත් කළ සශෝරාරි රිට් ආඥාව තඹ දොයිතුවකට මායිම් කිරීමට මෙරට පාලකයින් වග බලා ගත්තේය. තම බාහු බලය භාවිතා කොට අගවිනිසුරු තනතුරෙන් ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරනු ලැබුව ද, නීතිය ඉදිරියේ නෛතිකව තවමත් මෙරට අගවිනිසුරුවරිය වන්නේ බණ්ඩාරනායක මහත්මිය වේ. ඒ බව ඇය විසින්ම පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේය. පාලකයන්ට දිරවා ගත නොහැකි තත්ත්වය වන්නේ එයයි.
තමන්ගේ බලයට, මුදලට, බල පරාක්රමයට නොනැමෙන, නොවැටෙන මිනිසුකු දුටු කළ ඒ තරම් කුපිත වීමට දෙයක් මෙකී පාලකයන්ට නොමැතිය. එය එසේ නම් ඔවුන් භෞතිකව හෝ මානසිකව විනාශ කිරීමට ඔවුන් පෙළඹෙති. සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංගයන් එසේ නොනැමෙන කළ, නොවැටෙන කළ ඔවුන් ලසන්තයන් මහමග මරා දැම්මේය. මාධ්‍යවේදී පෝද්දල ජයන්ත එසේ නොනැමෙන කළ කකුල් දෙක කඩා දැම්මේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට, වර්ෂ 2010 ජනාධිපති මැතිවරණයේ දී අභියෝග කිරීමට හිටපු හමුදාපති ජනරාල් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූ කළ, ඡන්දය අවසානයේ දී පාලකයන් අශීලාචාර අමනුෂ්‍යයන් ලෙස හැසිරෙමින්, ජනරාල් ෆොන්සේකා තම කාර්යාලයෙන් කුදලා ගෙන ජීවාග්‍රහයෙන් අනීතික අත් අඩංගුවට පත් කළේය. ඉන්පසු අහස පොළොව නුහුලන බොරු චෝදනා ඉදිරිපත් කොට, හමුදා අධිකරණයක් ඉදිරියේ දඬුවමට පමුනුවන ලද්දේය. රටට ඔහුගේ ශ්‍රමයෙන් සේවය කොට ලබාගත් තරු, පටි, පදක්කම් උදුරා ගත්තා පමණක් නොව, තමාගේ වසර ගණනාවක රාජ්‍ය සේවය හේතු කොට ගෙන උරුම කියන්නා වූ විශ්‍රාම වැටුප ජෙනරාල්වරයාගෙන් උදුරා ගත්තේය. ඉන් ලබා දුන් පාඩම නම් අපට එරෙහි වූවා නම් තොපට හිමි වන්නේ මහ පාරේ හිඟා කෑම බව ජෙනරාල්වරයාට මෙන්ම රටට ද හඬ නඟා කීමය. ඉන් නොනැවතුනු පාලකයන්, එකී හිඟමන අනාගතයට ඉතිරි කොට තබා වසර දෙකකට කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට ද යටත් කළේය.
ඒ සඳහා ඕනෑම පුරවැසියකු සතු ඉහළ අධිකරණයෙන් සාධාරණයක් ලබා ගැනීමේ අපේක්ෂාව ද නැති කොට දැම්මේය. ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ද සේවය කළ විනිසුරු මඩුල්ලක් හරහා, මෙලෙස යත් කරනු ලැබු සියලූ වද බන්ධනයන් සාධාරණීකරණය කිරීමට කටයුතු සලස්වනු ලැබුයේය. මෙලෙස පාලකයන් ලබ්බට තැබු අත පුහුලට ද තැබීමට කටයුතු කරනවාය යන්න පෙන්නුම් කරමින්, ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට ද පහර දෙන්නට දැන් කටයුතු යෙදී තිබෙන බව පැහැදිලි වෙමින් පවතී. එහි පළමු පියවර ලෙස ඇයව අල්ලස් හෝ දූෂණ කොමිෂම ඉදිරියට මෙම සතියේ සඳුදා උදෑසන කැඳවනු ලැබ තිබුණේය. අල්ලස් කොමිසමේ සභාපතිවරයා ද ඉහළ අධ්‍යාපනයක් ලැබු, විශ්‍රාම ගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. ඔහුටත් හිරි ඔතප් තිබෙන්නේ යයි අප විශ්වාස කරති. එසේම ඔහුට හා ඔහුගේ කොමිෂන් සාමාජිකයන්ට ද ආත්ම ගරුත්වයක් මෙන්ම ශීලාචාර බවක් තිබෙන්නේ යයි අප විශ්වාස කරමු. පසුගිය වසර ගණනාවක් තුළ මෙරට පුරවැසියන් විසින් රටේ පාලකයන්, ඔවුන්ගේ ඥාතීන් හා ගජමිතුරන්ට එරෙහිව සිදුකර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා අපමනය. මෙම ලියුම්කරු විසින් ද කොමිසම ඉදිරියේ පෞද්ගලිකවම ගොනු කොට ඇති පැමිණිලි ප්‍රමාණය තුනකි. ඒ සියල්ලේම පරීක්ෂණ ඉබි ගමනේ යන කළ, ආචාර්ය ශිරානි බණ්ඩාරනායක කොමිසම ඉදිරියට පමුණු වන්නේ විදුලි වේගයෙනි. රටේ නීතිය මෙන්ම නීතියට ඇති ගරුත්වය ඇද වැටෙන දිග පළල මෙම සිද්ධිය මගින් මනාව තහවුරු වන්නේය.
එනයින් පෙන්වන්නේ මෙරටේ නීතිය මෙන්ම යුක්තිය පසිදලීම පාලකයන්ගේ අභිමතයට අනුව භාවිතා කෙරෙන අවියක් බවය. මෙම ආයතනයන් වල සිටින්නා වු පුද්ගලයන් උගතුන් විය හැකි නමුත් ඔවුන්ට ලැජ්ජා බයක් රටේ ජනතාවගේ නාමයෙන් නොමැති බව පෙන්වීමට මේ තරම් වූ උදාහරණයක් තවත් නැත්තේය. මෙම නිලධාරීන් පඩි ලබන්නේ ජනතාවගේ බදු මුදලෙනි. නමුත් ඔවුන් ගරු කරන්නේ රටේ නීතියට නොව තමනට එකී තනතුරු ලබාදුන් හාම්පුතුන් වෙනුවෙනි. ශී‍්‍ර ලංකාවේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් හා මානව අභිමානය සුරැකීමේ අවශ්‍යතාවයක්, කවදාවත් නොමැති තරමට අද අපට දැනෙමින් පවතී. ඒ සඳහා ජනතාව නැගිටුවාලීමේ අවශ්‍යතාවයක් ද එලෙසම බරපතලව අවශ්‍ය වී තිබේ. එහිලා ගත යුතු කි‍්‍රයා මාර්ග අතර ප්රමුඛ පෙලේ කි‍්‍රයාමාර්ගයක් වන්නේ මෙරටෙහි නීති පද්ධතිය හා එකී නීති පද්ධතිය කි‍්‍රයාත්මක කරන්නා වූ ආයතන මෙහෙය වන පුද්ගලයන්ට, තමන් සිදු කරන්නා වූ අශීලාචාර කි‍්‍රයා පිළිවෙත දැනුවත් කිරීමයි. ඔවුන් කෙරෙහි උගතුන් වුවද, අත්දැකීම් ඇත්තවුන් වුවද මේ වනවිට ඔවුන් හැසිරෙන්නේ ගණිකාවන් ලෙසටය. එතරම් වූ ව්‍යසනයක් රටකට තවත් නැත. එය දුරලීම රටේ අංක එකේ කාර්ය වේ.
ශිරාල් ලක්තිලක | Shiral Lakthilaka