සිංහල, Colombo, Democracy, Featured Articles, Features, Governance, Human Rights, Peace and reconciliation

නියුරම්බර්ග් නුවර සිට කොළඹ දක්වා හඹා එන යුධ අපරාධ චෝදනා

Screen-Shot-2012-03-15-at-8.51.33-AM

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක් සඳහන් වී තිබුණ ද, එහි හරය ඉඟි කරන්නේ, ශී‍්‍ර ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන් වීමේ දී හා ඊට පෙරාතුව ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ හමුදා අතින් සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනයන් හා / හෝ යුධ අපරාධ සම්බන්ධයෙන් පාරදෘශ්‍ය වන්නා වූ විභාග කරලීමේ කි‍්‍රයාවලියක් හඳුන්වා දීමයි. එසේම මෙකී කරුණ අරබයා ශී‍්‍ර ලංකාව විසින් හඳුන්වා දුන් උගත් පාඩම් කොමිශම් වාර්තාවේ නිර්දේශ ප‍්‍රමාණවත් නොවන බව හෝ ප‍්‍රමාණවත් නම් දේශීය යුක්තිය පසඳලීමේ කි‍්‍රයාවලියක් අරඹන ලෙසට ද, මෙම යෝජනාව ඉඟි කරනු ලබයි. එය එසේ නොවන්නේ නම් ජාත්‍යන්තර යුක්තිය පසඳලීමේ කි‍්‍රයාවලියක් ආරම්භ කිරීම සඳහා තමන් යොමු වන බවටත්, ඒ සඳහා මූලික පියවර ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ විවිධ නිලධාරීන්ට, රටේ පවතින කි‍්‍රයාවලිය හා තත්ත්වය පිළිබඳව නිරීක්‍ෂණ කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමට මෙම යෝජනා ඉඟි කරයි.

රටක පාලකයන් වශයෙන් ගත් කළ මෙය බෙහෙවින් අප‍්‍රසන්න කි‍්‍රයාවලියක් බව නොරහසකි. එසේම එකී කි‍්‍රයාවලියෙහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ පුළුල් ජනතාවට අප‍්‍රසන්න හා අමිහිරි අත්දැකීමක් ඇති කරනු නියතය. මෙවැනි කරුණක් අරබයා අපට පවතින ආසන්නතම අත්දැකීම වූයේ යුරෝපියානු සංගමයේ ඨීඡු තීරු බදු සහනය අරබයා රටේ පාලකයන් අනුගමනය කරනු ලැබු අමනෝඥ ආවේගශීලී සහ හිතුවක්කාරී පිළිවතයි. ඒ හරහා අපට එකී තීරු බදු සහනය අහිමි කරනු ලැබුයේය. ඒ නිසාම මේ වනවිට අපට විවිධ වූ ආර්ථික හා සමාජීය අසනහනකාරී තත්ත්වයන් ඇති කරලමින් තිබේ. මේ වනවිට යුරෝපීය වෙළඳපල පදනම් කොට ගත් දේශීය ඇඟලූම් කර්මාන්ත රාශියකට, සිය තරඟකාරීත්වය එසේ තීරු බදු සහන ලැබෙන බංගලාදේශය, කාම්බෝජය, වියට්නාමය වැනි රටවල් සමග පවත්වා ගැනීමට නොහැකි වීම නිසා, ඒවා වසා දැමීමට සිදුවී තිබේ. ඒ නිසාම රට තුළ රැුකියා අවස්තා නැතිවීම මෙන්ම, අපනයන ආදායම අඩුවීම නිසා වෙළඳ ශේෂයේ පළල් වීමත්, ඒ නිසා ඊට අනුපාතිකව ඩොලරය ඉහළ ගොස් රටේ ආනයන වියදම් වැඩිවන තත්ත්වයක් ඇතිවී තිබේ. එහි සෘජු ප‍්‍රතිඵලය වී ඇත්තේ අපගේ ජීවන වියදම සීඝ‍්‍රයෙන් ඉහළට ගමන් කිරීමයි. සාපේක්‍ෂව බලන කළ ඨීඡු සහන නැතිවීමට වඩා ඇමරිකානු – ඉන්දියානු ජිනීවා යෝජනා වලට එරෙහි වීම හේතු කොට ගෙන ඇති විය හැකි තත්ත්වය බරපතල බව බොහෝ ජාත්‍යන්තර කටයුතු විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

ඒ නිසාම ආවේගයෙන් හා අමනවාදී හැඟීමෙන් තොරව මෙකී කි‍්‍රයාවලියට මුහුණ දීමේ වැදගත් කමක් පවතී. මෙකී කි‍්‍රයාවලිය තුළ ඇතිවිය හැකි පළමු අවාසිය වන්නේ රට තුළ වෙසෙන සිංහල – දෙමළ ජනතාවගේ සමාජ සබඳතා නැවත වරක් බරපතල ලෙස පිරිහීමකට ලක් වීමයි. එය එසේ යයි කියන විට යෝජනා කරන්නේ දැනට එකී ජාතීන් අතර ධනාත්මක සබඳතාවයක් පවතින්නේ යයි නොවේ. නමුත් මෙකී කි‍්‍රයාවලිය තුළ එය බරපතල ලෙස හානි වීමේ අවධානමක් පවතී. නමුත් එසේ හානි වෙන්නේ යයිද ඒ නිසාම යුද්ධ සමයේ දී මිය ගිය අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත වලට සාධාරණයක් ඉටු නොවිය යුතු යයි අපට තර්ක කිරීමට ද නොහැකිය. ඒ නිසාවෙන්ම ජාත්‍යන්තර යුධ අපරාධ නීතිය පිළිබඳව අවබෝධයක් මෙන්ම, එකී නීති මූල ධර්ම ලංකාවේ තත්ත්වයනට ගැලපෙන අයුරින් අදාළ කර ගැනීමේ දී, ඊට අදාළව දෙපාර්ශවය අතරම පවතින ආවේගී බව මෙන්ම, එකී කටයුත්ත ජනවාර්ගික කෝණයෙන් ඉවතට ගෙන නීතියේ බලය හා යුක්තිය පසඳලීමේ කෝණයෙන් ගෙන කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කරමු. මේ සඳහා ගත හැකි හොඳම ජාත්‍යන්තර උදාහරණය වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව, එකී යුධ සමයේ සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහිව දියත් කෙරුනු කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන්, මිත‍්‍ර ජාතීන් කි‍්‍රයා කළ ආකාරයයි. ඒ සඳහා වූ යුධ අධිකරණ දෙකක් ජර්මනියේ නියුරම්බග් නුවර දී ද, ජපානයේ තෝකියෝ නුවරදී ද පිහිටුවනු ලැබුහ. නියුරම්බර්ග් නුවර දී අධිකරණය ඉදිරියට ඉදිරි පත් කරනු ලැබුයේ ජර්මන් නාසි පක්‍ෂයේ සාමාජිකයන් වූ අතර, තෝකියෝ නුවර අධිකරණයට ඉදිරියට පමුණුවනු ලැබුයේ, ජපන් පාලක පක්‍ෂයයි.

නියුරම්බර්ග් අධිකරණයේ දි නඩු අසා ජර්මන් නාසි පක්‍ෂයේ දෙවැන්නා වූ ගෝරි ඇතුලූ නාසින් විශාල සංඛ්‍යාවකට දඬුවම් පමුණුවන ලැබූහ. එකී අධිකරණයට මුහුන දුන් බොහෝ අයවලූන්ගේ විත්තිවාචකය වූයේ තමන්ට වගකීමක් නොමැති බවත්, තමන්ට හිට්ලර් අණ දුන් නිසා එලසෙ කි‍්‍රයා කළ බවයි. මෙහිදී අනුගමනය කරනු ලැබු නීති ආප්තය වූයේ, හිට්ලර් ඒ සඳහා තමන්ට අණ දුන්නේ හමුදා, අදාල යුධ අපරාධය සිදු කිරීමේ දී, තමන්ගේ හෘද සාක්‍ෂිය වැදගත් වන බවත්, එවැනි මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කිරීමේ දී, තවත් මානවයකුට එරෙහිව අපරාධයක් කිරීමේ දී, තමන්ගේ හෘද සාක්‍ෂියට එරෙහිව කටයුතු කිරීම, දණ්ඩනයට හේතු වන බවය. යුද අපරාධ සම්බන්ධයෙන්, අදත් භාවිතා වන නියුරම්බර්ග් ප‍්‍රතිපත්තිය ලෙස සැලකෙන්නේ මෙයයි. නමුත් නියුරම්බර්ග් අධිකරණයේ සිට තෝකියෝ අධිකරණය ඉදිරියට යනවිට ෂෂ ලෝක යුද්ධයට මුල් වූ හිරෝහිතෝ අධිරාජ්‍යයා ජීවමානව ඇමරිකානු යුධ හමුදා අඩස්සියේ සිටින ලදි. ඇමරිකානුවන්ට අවශ්‍ය නම්, හිරෝහිතෝ අධිරාජ්‍යා තෝකියෝ යුද අධිකරණය ඉදිරියට පමුණුවා විනිශ්චයට ලක් කිරීමේ හැකියාව තිබුණේය. නමුත් ඇමරිකානු මැක් ආතර් සෙනවියා එසේ දතට – දතක්, ලෙයට ලේ ඉල්ලීමකට වඩා, ජපාන සමාජයේ ස්ථාවරත්වය අපේක්‍ෂා කළේය. ඇමරිකාව සම්බන්ධයෙන් ගත් කළ ඇමරිකානු හමුදාවට බරපතල හානිය සිදු කර තිබුණේ හිරෝහිතෝ අධිරාජ්‍යාගේ අණසක යටතේ කි‍්‍රයා කළ ජපාන හමුදාවයි. නමුත් හිරෝහිතෝ අධිරාජ්‍යා අධිකරණය ඉදිරියට නොපැමිණ වීමට ඇමරිකානුවන් වගබලා ගත්තේය. ඒ වෙනුවට ජපන් යුධ සමයේ ජපාන අගමැති ලෙස කි‍්‍රයා කළ ටෝරජර් ජපානය වෙනුවෙන් වරද පිළි ගත්තේය. එතැන් සිට අලූත් ජපානයක්, ඇමරිකාවේ සහාය ඇතිව පිහිටුවන්නට පශ්චාත් ෂෂ ලෝක යුද්ධයේ ලෝක නායකයන්ට හැකි වූයේය. ශී‍්‍ර ලංකාවට එල්ල වෙන යුධ අපරාධ සම්බන්ධයෙන් මෙවැනි මොඩලයක් ලංකාවට ද අදාළ කර ගත නොහැක්කේ ද යන්න අප හමුවේ පවතින අභියෝගයයි.

@Image: Channel 4′s new documentary on Sri Lanka, Sri Lanka’s Killing Fields: War Crimes Unpunished aired for the first time in the UK last night. Before it is even available on Channel 4′s official web based on-demand service, it’s now up on YouTube.|www.groundviews.org

Shiral lakthilakeශිරාල් ලක්තිලක | Shiral Lakthilaka