(මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ මොවුන්ට මානසිකව ප‍්‍රතිකාර කිරීමෙන් පමණකි.)
[ෆැෂන් බග් ආයතනයට ගල් ගසන භික්ෂුවක්]
පසුගියදා පැපිලියානේ පිහිටි මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි සැලකෙන ව්‍යාපාරික ස්ථානයකට හෝ ස්ථාන කීපයකට, කුපිත වූ සිංහල (බෞද්ධ) කණ්ඩායමක් පහර දුන් බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. ඒ සඳහා කුපිත වීම, ප‍්‍රදේශයේ කාන්තාවක්, මෙකී ආයතනයක සේවය කළ මුස්ලිම් තරුණයකු අතින් දූෂණය වීම පදනම් කොට ගෙන සිදුවූවක් බව ද වාර්තා වී තිබුණි. පසුව දැනගන්නට ලැබුණේ එකී සිදුවීම, මෙම පහර දීමට අඩුම වශයෙන් සතියකට පෙරාතුව සිදුවූ සිදුවීමත් බවත්, ඒ පිළිබඳව පොලීසිය කි‍්‍රයාත්මකව අදාළ තරුණයා රිමාන්ඞ් ගත කොට, අදාළ කාන්තාව වෙනුවෙන් යුක්තිය කි‍්‍රයාත්මක වීම සඳහා රටේ නීති පද්ධතිය ඒ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් වාර්තා විය. සිද්ධිය වාර්තා වී දින කීපයකට පසුව, වෙබ් අඩවියක් මගින් හිරු රූපවාහිනී සේවය මගින් පටිගත කොට තිබු රූපවාහිනී වාර්තාවක් අපට නරඹන්නට අවස්ථාව ලැබුන අතර, එය නැරඹීමෙන් පසුව මෙකී පහර දීම නිසැකවම වෛරී අපරාධයක් (Hate Crime) බව ඒත්තු ගැන්වූයේය. එකී වෛරී අපරාධයට සම්බන්ධ වූ පිරිස හා එය සැලසුම් කළ පිරිස යනුවෙන් වර්ග දෙකක් පවතින බවත් අපට ඒත්තු ගියේය. එය සැලසුම් කළ පිරිස, මැනවින් එය සැලසුම් කොට තිබු බවක් පෙනෙන්නට තිබුණේය. එසේම සිද්ධියේ වෛරී අපරාධයේ පවතින නග්න බව වසා දැමීම සඳහා, එකී කි‍්‍රයාවට සාධාරණ යයි ඒත්තු ගැන්විය හැකි සිද්ධියක් ඊට සම්බන්ධ කොට තිබුණේය. නමුත් එකී ප‍්‍රහාරයට සම්බන්ධ වී තිබුණේ ප‍්‍රදේශයේ අසල්වාසීන් පමණක් නොවේ. ඒ සඳහා චීවරධාරී භික්‍ෂූන් කණ්ඩායමක් ද සහභාගී වී සිටියේය. හිරු රූපවාහිනිය පටිගත කිරීම තුළ භික්‍ෂූන් වහන්සේ නමක්, අදාළ ව්‍යාපාරික ස්ථානයට පහර දීමක් ද දක්නට ලැබුණේය. මෙයින් මනා ලෙස පෙන්වන්නේ රටේ වෛරී අපරාධ රැල්ලක් ඇරඹී ඇති බවය.
එය හුදු වියුක්ත සිද්ධියක් ලෙස බැහැර කළ නොහැකිය. වෛරී අපරාධයක් ලෙස සැලකෙන්නේ වාර්ගික, ආගමික, ලිංගික චර්යාව මත හෝ ස්තී‍්‍ර පුරුෂ භාවය පදනම් කර ගනිමින්, එවැනි අනන්‍යතාවකට හිමිකම් කියන කණ්ඩායමක පුද්ගලයකු හෝ පුද්ගලයන්ට ඊට ප‍්‍රතිවිරුද්ධ අනන්‍යතාවක් සහිත පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින්, එකී අනන්‍යතාවය පදනම් කර පහර දීමයි. මෙකී පහර දීම, වාචිකව හෝ භෞතිකව සිදු කළ හැකිව තිබේ. එකී පහර කෑමට ලක්වන පුද්ගලයා, පහර දෙන පුද්ගලයා අතර කිසිදු විෂය මූලික සබඳතාවයක් නොපවතින අතර, තමන්ගේ පුද්ගල අභිමානය උල්ලංඝනය වීම හෝ තමන්ගේ පෞද්ගලික දේපළ හානියට පත් කරගන්නේ, පහර දෙන්නාගේ වෛරයට හසුවීම නිසාය. එසේ වෛරයට පාත‍්‍ර වන්නේ තමන් වෙනත් ආගමික, වාර්ගික, ලිංගික චර්යාවකට හෝ ස්තී‍්‍ර පුරුෂභාවයට හිමිකම් කීම නිසාමය.
මෙකී අපරාධ මානව ඉතිහාසය තුළ ප‍්‍රචලිතය. එය බොහෝ විට හටගන්නේ, පහර දෙන්නා හා ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් විසින් අත්විඳින්නා වූ ෆෝබියාවක් (Phobia) හේතු කොට ගෙනය. මානසික විද්‍යාවට අනුව මෙලෙස ෆෝබියා ඇතිවුන් සමාජය තුළ බහුලය. ෆෝබියාව ඇති වන්නේ යම් ප‍්‍රපංචයකට තමන් සතු බිය පදනම් කොට ගෙනය. එකී බිය(fear) කැරපොත්තන්ට, මීයන්ට දක්වන්නා වූ බියෙහි සිට වෙනත් ආගමිකත්වයක් දරන්නන්ට, වර්ගයන්ට, සමලිංගිකයන්ට, ස්තී‍්‍රන්ට යනාදී වශයෙන් විවිධාකාරව දක්වන්නා වූ බියක් විය හැකිය. එකී බරපතල බියක් (Social anxiety) දක්වා වර්ධනය වූ කළ, එය සමාජ ක්‍ෂිතයක්(morbid fear) දක්වා වර්ධනය වේ. ජීව විද්‍යාත්මකව ගත් කළ මෙකී ෆෝබියාව ඇති වන්නේ මහ මොලයේ ඉදිරිපස පිහිටි මස්තිශ්ක පටලය විසින් පාලනය කරනු ලබන ආවේග හට ගැනීම හා සම්බන්ධීකරණය අන්තර් ගත Lymbic System නැමති ආවේග පද්ධතියේ විකෘතියක් වූ විටය. මෙවැනි මිනිසුන් මිනිසු ඉතිහාසය තුළ ප‍්‍රචලිතව දක්නට ලැබුණු බව අතීතය සිහිපත් කරති.
II ලෝක යුද්ධයේ දී ජර්මනිය පාලනය කළ හිට්ලර් ප‍්‍රමුඛ නාසිවරුන්ට මෙකී ෆෝබියාව, යුදෙව්වන්ට එරෙහිව තිබුණේය. ඒ නිසා හිට්ලර් ප‍්‍රමුඛ නාසිවරුන් උත්සාහ කළේ යුදෙව්වන් කැරපොත්තන් මෙන් චප්ප කර දැමීමටය. මෙම ෆෝබියාව පිළිබඳ වාර්තා අළුතින්ම වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය තුලදීය. ඒ 18 වන සියවසේ වර්ජිනියාවේ වෙසෙන ලද චාර්ලිස් ලින්ච් නැමති පුද්ගලයා අනුසාරයෙනි. ඔහු එවකට තමනට එරෙහි මතයක් දැරූ ටෝරිවාදීන්ට තාර ගෑම, එල්ලා තැබීම, කෲර වද බන්ධනයන් සංවිධානාත්මකව දියත් කිරීමට කටයුතු කළේය.
ඒ නිසාම මේ වනවිට වෛරී අපරාධයක් තුළ සිදු කරන අමානුෂික කි‍්‍රයා ලින්චිං(Lynching) යන්නෙන් හැඳින්වීමට, අපරාධ පිළිබඳ විශේෂඥයන් හඳුන්වා දීමට පෙළඹී තිබේ. උදාහරණයක් ලෙසට කුරුණෑගලදී මෑතකදී සිදුවූයේ යයි වෙබ් මාධ්‍ය මගින් වාර්තා වුනු මුස්ලිම් කඩවලට යන්නන්ට එල්ල වූ බිත්තර ප‍්‍රහාරය මෙන්ම, අපේ හාමුදුරුවන් වහන්සේ නමක් පැපිලියානේ දී ගොඩනැඟිල්ලේ CCTV කැමරාවට පහරදීමත් මේ ආකාර ලිංචිං කි‍්‍රයාවක් වේ.
මේ ආකාර වූ ලිංචිං කි‍්‍රයා ඉන්පසුව ප‍්‍රගුණ කර, ප‍්‍රහාර එල්ල කිරීමට කටයුතු කරනු ලැබුවේ ඇමරිකා කළු ජාතිකය්නට එරෙහිව ගොඩ නැඟූ kkk නැතහොත් ku klux klan නැමැති සංවිධානයයි. ඒ යටතේ කළු ජාතිකයන් එල්ලා, පණ පිටින් පුච්චා දැමීමට, එකී kkkකණ්ඩායම් කටයුතු කර තිබුණේය. ජර්මනියේ දී වේවා, ඇමරිකාවේ දී වේවා, අද ශී‍්‍ර ලංකාවේ දී වේවා, යමෙකු වෛරී අපරාධයකට පෙළඹෙන්නේ නම් ඔහු හෝ ඇය පැහැදිලිවම ෆෝබියාවකින් පෙළෙන්නෙකි. නැවත සඳහන් කරන්නේ නම් මුස්ලිම්වරුන් පිළිබඳව ඔවුන් දක්වන්නේ භීතියකි. එකි භීතිය නිසාම මුස්ලිම්වරුන් චප්ප කර දැමිය යුතු යයි ඔවුන් සිතති. මෙකී රෝගී තත්ත්වයේ දී ඇති විශේෂත්වය නම් තමන් ඒත්තු ගනිමින් සිටින අනතුරක් පිළිබඳ භීතිය, සැබවින්ම ඇති විය හැකි අනතුරට අනුපාතික නොවන, තාර්කික නොවන අර්ථයෙන් එය තේරම් ගෙන ඒ සඳහා ප‍්‍රතිකි‍්‍රයා දැක්වීමයි.
පැපිලියානේ පහර දීමේ රූගත කිරීම නැවත නැවතත් නිරීක්‍ෂණය කිරීමෙන් අපට පසක් වන්නේ එයයි. මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ මොවුන්ට මානසිකව ප‍්‍රතිකාර කිරීමෙන් පමණකි.
ශිරාල් ලක්තිලක | Shiral Lakthilake