Democracy, Features, Governance, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – ‘‘ අපිට මේ වෙන අසාධාරණය ඉවසන්න බෑ.’’

IMG_0145

‘‘මගේ ගම මයිලිට්ටි. මයිලිට්ටි වරාය ඉස්සරහ තමයි මගේ ගෙදර තිබුණේ. යුද්ධය නිසා 1990 ජූනි 15 වෙනිදා අපි අපේ ගෙවල්, ඉඩකම් දාලා ගියා. දැන් වෙනකොට අවුරුදු 23ක්. ඒ අවුරුදු ගානෙම අපි ගෙවල් 25ක විතර තාවකාලිකව ඉදලා තියනවා. අපිට අපේ ගෙවල් දාලා වෙන ගම්මානවල ජීවත් වෙන්න උනා. දැන් ඒ ගෙවල් වලින් අපිට යන්න කියනවා. ඒ අයට දොස් කියන්න බෑ. ගොඩක් කාලයක් ඒ අය අපිට ඉන්න දුන්නා. යුද්ධය ඉවරවෙලා අවුරුදු කිහිපයක් ගිහිල්ලා. ඒත් ආණ්ඩුව කියනවා ‘නැවත පදිංචි’ කරනවා කියලා. ඒත් අපි අපේ ඉඩම්වල පදිංචි කරන්නේ නෑ. අපි මේ රටට එරෙහිව හෝ ආණ්ඩුවට එරෙහිව කිසි දෙයක් කළේ නෑ. අපි වෙන දෙයක් ඉල්ලන්නේ නෑ. ඒත් අපිට මේ වෙන අසාධාරණය ඉවසන්න බෑ. අපි කියන්නේ අපිව අපේ ප‍්‍රදේශවල පදිංචි කරන්න. ගෙවල්වත් හදලා දෙන්න ඕන නෑ. අපි පැලක් හරි හදා ගන්නම්. නිදහසේ රස්සාවක් කරගෙන ළමයි එක්ක සන්තෝසෙන් ජීවත් වෙන්නයි අපිට ඕන.’’

උතුරේ ජනතාවගේ ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනීමට විරෝධය පාමින් ඒවා තමන්ට නැවත ලබා දෙන ලෙස බලකරමින් පසුගිය 29වනදා යාපනය, තෙල්ලිපිලෙයි ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ට පැමිණි මැදිවියේ අයෙක් එසේ තම අදහස් ප‍්‍රකාශ කළේ ය.
DSC_0061
දහස් ගණනක් ජනතාව මෙම විරොධතාවයට එක්ව සිටි අතර, විරෝධය අතරතුර පෙළපාලියකින් කන්කසන්තුරේ මාර්ගයේ ඉදිරියට යාමට එම විරෝධතා කරුවන් උත්සහ කළේය. එය වලක්වාලීමට පොලීසිය විසින් උත්සහයක් දැරූ අවස්ථාවේ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ය. ඉන්පසු විරෝධතා කරුවන් නැවතත් සිය සාමකාමී විරෝධතාවය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියේ පවත්වා ගෙන ගියේ ය. මේ අවස්ථාවට කැරළි මර්ධන කණ්ඩායම් ද කැදවා තිබූ අතර, සුවිශේෂී කරුණ වන්නේ ඊට පෙර දින විරෝධතාකරුවන් තාවකාලිකව පදිංචි වී සිටින ප‍්‍රදේශවලට, ‘හමුදා බුද්ධි අංශ’ යැයි හ`දුන්වා ගන්නා පිරිසක් ගොස් ‘‘29වනදා බස් ධාවනය කිරීමෙන් වලකින ලෙස’’ එම ප‍්‍රදේශයේ බස් හිමියන්ට තර්ජනය කර ඇති බවත් වාර්තා විය. එමෙන්ම 29වන දින තොන්ඩමනාරු ප‍්‍රදේශයේ සිට එම විරෝධතාවයට එමින් සිටි පිරිසක් සිවිල් ඇදුමින් සැරසුනු පිරිසක් විසින් ආපසු හරවා යවා ඇත්තේ, නිළ ඇදුම් ඇ`ද සිටි පොලිස් නිළධාරීන් බලා සිටිය දීම ය.

කෙසේ නමුත් යුද්ධයෙන් වසර 4කට ආසන්න වෙමින් තිබිය දී යාපනයේ ජන ජීවිතයට එල්ලවී තිබූ පීඩනය දැන් මෙම ඉඩම් ගැටලූවත් සමග පිපිරීමට ආසන්න තත්ත්වයකට වර්ධනය වී ඇත. එයට ආසන්නම හේතුව ලෙස 29වනදා විරෝධතාවයට මූලික වූ කාරණාවත් ලෙස මතු වූ වලිකාමම් උතුර සහ වලිකාමම් දකුණ ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 6400ක් අධිආරක්ෂක කලාපයක් සදහා සමාන්‍ය ජනයාගෙන් ආරක්ෂක අංශ විසින් බලෙන් අත්පත් කර ගැනීමයි. කෙසේ නමුත් ආරක්ෂක අංශ යළිත් වරක් උතුරේ අධිආරක්ෂක කලාප ඇති කරනු ලබන්නේ කන්කසන්තුරේ වරායත්, පලාලි ගුවන්තොටුපලත් ආරක්ෂා කර ගැනීමට යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිනි. යුද්ධය මිලිටරි ලෙස අවසන් කර ප‍්‍රතිසංධානය ඇති කරනවා යැයි ප‍්‍රකාශ කරන රාජපක්ෂ ආණ්ඩුව ජනයාගේ ඉඩම් මුග්ධ ලෙස අත්පත් කරගෙන නැවතත් අධිආරක්ෂ කලාප පිහිටු වන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව උතුරේ ජනයා වෙත රාජපක්ෂ රෙජීමය විසින් විවිධ අයුරින් එල්ල කරනු ලබන පීඩනය කොයි මොහොතේ හෝ පිපිරී යා හැකි බව මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝදී ආණ්ඩුව හොදින් දන්නා බැවිනි.

අනෙක් බරපතලම කාරණය වන්නේ මේ අත්පත් කරගන්නා සියලූ ඉඩම්වලට නීතියානුකූල අයිතියක් ඇති අයිතිකරුවන් සිටීමයි. ඔවුන් යාපනය අර්ධද්වීපයේ යුදමය තත්ත්වය වර්ධනය වීමට පෙර ඉතා සශ‍්‍රීකව ජීවත්වූ පවුල් ය. ඔවුන් පවසන පරිදි ඔවුන්ගේ ඉඩම් ඉතාමත් සරුසාරය, ඔවුන් කිසිකෙනෙකුට අතනොපා ජීවිත් වූ ජනයා ය. යුද්ධය නිසා එම ඉඩම් අතහැර ජීවිතාරක්ෂාව පතා වෙනත් පළාතකට ගිය මවක් (ඇය නමින් තංගම්මා ය) එම විරොධතාවයට පැමිණ සිටියා ය.

මේ ඇයගේ කතාවයි.

‘‘අපි 1990 ජූනි මාසේ පලාලි නැගෙණහිර ඉදලා යුද්දෙ නිසා ඔක්කොම දාල ගියා. එදායින් පස්සේ, වරණි, කිළිනොච්චි, කල්මඩු, වට්ටක්කච්චි, ප‍්‍රදේශවල අවතැන් වෙලා ඉදලා දැන් අච්චුවේලි ප‍්‍රදේශයේ ගෙදරක තාවකාලිකව ඉන්නවා. දැන් ඒ ගෙදර කුලිය රුපියල් 2000ක් ඉල්ලනවා. මුලින් ඉල්ලූවේ 500යි. ඒත් එක්ක ඇඞ්වාන්ස් ලක්ෂ 5කුත් ඉල්ලනවා. අපි ල`ග කොහෙන්ද ලක්ෂ 5ක්. තව මාස 4කින් අපි ගෙදරින් යනවා කියලා අපි ගෙදර අයිතිකාරයට කිව්ව. දැන් මමයි, මගේ ළමයි 4දෙනයි මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. අපිට කිසිම ආදායමක් නෑ. කුළි වැඩ තමයි කරන්නේ. අපිට වගා කරන්න පුලූවන් හොද ඉඩම් තිබුනා. ඒවා දාලා ඇවිල්ලා දැන් එහාට යන්න බැරුවයි දැන් අපි ඉන්නේ.

අවුරුදු 6දී එක්කගෙන ගිය ළමයට දැන් වසය අවුරුදු 29ක් වෙනවා. දැන් ළමයා කසාදයක් කරදෙන්න තත්ත්වයක ඉන්නේ. අපේ ඉඩම් කවදා හරි ලැබෙයි කියලා විශ්වාසයකින් අපි හිටියා. ඒත් දැන් ඒක නොලැබෙයි කියන සැකයක් තියන හිංදා තමයි අද මේ විරෝධතාවයට ආවේ.’’

IMG_0054

වලිකාමම් උතුරු හා නැගෙණහිර ප‍්‍රදේශයට ග‍්‍රාම නිළධාරී වසම් 24ක් ඇතුලත් බවත්, විශේෂයෙන් වලිකාමම් ජනයා පවසන්නේ පුද්ගලයන් 34000කට ආසන්න ප‍්‍රමාණයකට රාජපක්ෂ ආණ්ඩුවේ මිලිටරිකරණ වැඩපිළිිවෙල නිසා ඉඩම් අහිමි වී ඇති බවයි. ‘‘දැන් ලංකාව තුළ අවතැන් ජනතාව නැතැයි’’ රාජපක්ෂ ජනාධිපතිවරයාත්, ‘‘ඔව් දැන් අවතැන් අය නැහැ. සියල්ලම පදිංචිකර අවසන්’’ යැයි, එක්සත් ජාතීන් හමුවේ පවසන මහින්ද සමරසිංහ ඇමතිවරයාත්(මානව හිමිකම් පිළිබද ජනාධිපති නියෝජිතයා* කෙසේ පැවසුව ද, මේ දහස් ගණනක් දෙමළ ජනයා තවමත් අනාථයින් ය. නමුත් ඔවුන් සියලූ දෙනා අදත් බලා සිටින්නේ සිය ගම්බිම්වලට ගොස් සිය ජීවිතය යළි ගොඩනගා ගැනීමටයි. ඔවුන් ආණ්ඩුවෙන් කිසිවක් බලපොරොත්තු නොවෙයි. ඔවුන් බලාපොරාත්තු වෙන්නේ ‘ඔවුන්ටම’ අයිති ඉඩම් පමණි.

මේ පිළිබදව අදහස් දැක්වූ දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මංත‍්‍රී එස්. ශ‍්‍රීධරන් පවසන්්නේ ‘‘මෙය අපි දකින්නේ උතුරේ දෙමළ ගම්මානවල දෙමළ ජනයාගේ ජීවත්වීමේ අයිතිය නැති කර ලීමේ ජන සංහාරයක් ලෙසයි.’

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය. ‘‘වලිකාමම් උතුර සහ වලිකාමම් දකුණ ප‍්‍රදේශයේ ඉඩම් කොටස් දහස් ගණනක් රජය අත්පත් කරගෙන සිටිනවා. මෙම ඉඩම්වල හිටපු පවුල් 9995ක ට ආසන්න දහස් ගණන් ජනතාව දැන් ඉඩම්, ගෙවල් අහිමිව දුක්විදිමින් සිටිනවා. ඒ වගේම මේ දහස් ගණනකගේ දුක නොතකා අත්පත්කරගෙන සිටින මේ ඉඩම්වල සිංහල ජනතාව වෙනත් ප‍්‍රදේශවලින් ගෙනල්ලා පදිංචිකිරීමට උත්සහ දරමින් සිටිනවා. බුලත්, මිදි, ඉතාමත් සාරවත් ලෙස වගා කළ හැකි මේ ප‍්‍රදේශයේ ලංකාවේ හොදම ධීවර වරායකුත් තිබෙනවා. ඒ නිසා අපිට හොදටම පැහැදිලියි දෙමළ ජනයා ආර්ථික වහයෙන් නැගී සිටීම වැලැක්වීම තමයි මේ විදිහට ඉඩම් අත්පත් කරගෙන මේ සිදුකරන නින්දිත ක‍්‍රියාවේ අරමුණ. විශේෂයෙන් හමුදාව විසින් වලිකාමම් ප‍්‍රදේශයේ එළවලූ වගා කර පොලවල්වලට දානවා. ඒ විතරක් නෙවෙයි එහි ඔවුන් ගොඩනැගිලි ද ඉදිකර තිබෙනවා. ඒ නිසා අපිට පැහැදිලියි මේ ඉඩම් අත්පත් කරගෙන තිබෙන්නේ හමුදා අවශ්‍යතා අනුව කියලා. ඒ වගේම තව ටික කාලෙකින් මේ ඉඩම්වල දිගු කාලීන ලෙස සිංහල ජනතාව ගෙනැවිත් පදිංචි කිරීමට තීරණය කර ඇති බවත් අපිට ආරංචියි. අනිත් දේ තමයි, මණ්ඩතිව් ප‍්‍රදේශයේ ඉඩම් කොටස් 9000ත්, වලිකාමම් නැගෙණහිර ඉඩම් අක්කර 700ක්, සාම්පූර්, මුලතිව්, කේපාපිලවු, කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ඉරනෛතිව්, පරෙවිපාන්ජාන්, මරුදනගර් ආදී ප‍්‍රදේශවල ඉඩම් අක්කර දහස් ගණනක් හමුදාව විසින් අත්පත්කරගෙන තිබෙනවා. මෙය අපි දකින්නේ උතුරේ දෙමළ ගම්මානවල දෙමළ ජනයාගේ ජීවත්වීමේ අයිතිය නැති කර ලීමේ ජන සංහාරයක් ලෙසයි.’’

‘‘අද පවත්වන මේ විරෝධය අපේ ඉඩම්වලට යන්න කරන 4වන විරෝධතාවය. වලිකාමම් ප‍්‍රදේශය සරු ධීවර කර්මාන්තයක් තිබුණා. අනිත් එක තමයි වලිකාමම්වල විශාල රෝහලක්, පාසල්, වැනි අපිට අවශ්‍ය සියල්ලම තිබුණා. ඒත් ඒ අපේ ඉඩම්වල අද හමුදාව වගා කරනවා. බඩඉරි`ගු, පතෝල, පුහුල් වගේ දේවල් හමුදාව වගා කරලා අපිටම විකුණනවා. දැන් අපි නිශ්පාදනය කරලා ඒ ගොල්ලන්ට විකුණපු කාලේ අපෙන් උදුරගෙන, දැන් ඒ ගොල්ලෝ අපේ ඉඩම්වල වගා කරලා, අපිට ම විකුණනවා.’’ යැයි විරෝධතාවයට එක්ව සිටි අරුණාසලම් ගුණබාලසිංහම් ප‍්‍රකාශ කළේ ක`දු`එ පිරි දෙනෙතින් යුතුවය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය, ‘‘ඊයේ මාලූ ග‍්‍රෑම් 500 මම රුපියල් 300ට ගත්තා. මම මයිලිට්ටි ඉන්නකොට මට එහෙම තත්ත්වයක් කවදාවත් උදාවෙලා නෑ. අපි අපේ ඉඩම්වලට යන්න දිගටම අරගල කරනවා. ආයුධ අරගල අපි කරන්නේ නෑ. අපි සාමකාමීව අරගලය දිගටම කරනවා. ඒ දවස් වල මයිලිට්ටිවල 150ක් විතර මම ලග වැඩ කරා. මට ඞීසල් බෝට්ටු 15ක් තිබ්බා. ෆයිබර්ග්ලාස් බෝට්ටු 15ක් තිබ්බා. දවසට ලොරියක මාලූ, කරවල මම විකුණනවා. ඒත් 1987 මාලූ අල්ලන්න තහනම් කරා. එදා අපි අපේ ගම්බිම් දාලා සරමයි, ෂර්ට් එකක් විතරක්ි ඇ`දගෙන අපි අපේ ගම් වලින් ගියා. එදා ඉදන් අපි ජීවත් උනේ අනාථයින් විදිහට. මේ විරෝධතාවයට ඇවිල්ලා ඉන්න ගොඩක් අය මගෙත් එක්ක වැඩ කරපු අය. මෙච්චර හොදට ජීවත් වෙච්ච අපි, අපි අද මාලූ ගන්නේ සල්ලි දීලා, අපිට ගොඩක් වේදනයි. ඒ වේදනාව නැති වෙන්න නම් අපේ ඉඩම් අපිට ලැබෙන්නම ඕන.’’

IMG_0078

මෙලෙස උතුරේ ජනයාගේ ඉඩම් අක්කර දහස් ගණනක් සිය මිලිටරිය ආම්බාන් කිරීම සදහා නීතිවිරෝධී ලෙස පවරා ගැනීමේ බරපතල අසාධාරණයක් වුවත් එයට විරුද්ධව සාමකාමී විරෝධතාවයක්වත්් පැවත්වීමට අද වනවිට යාපනයේ කිසිදු අවකාශයක් නැති සේයකි. එසේ විරෝධතා පැවත් වුවත් සිවිල් ඇ`දුමින් සරසුනු හමුදා සාමජිකයින් යොදවා ඔවුන්ව පීඩනයට ලක් කිරීමට උත්සහ දරයි. එසේත් නැතිනම් පොලූ හමුදාවක් යොදවා ඔවුන් මර්ධනය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව පසුබට නොවෙයි. කිසි විටකත් ඔවුන්ගේ විරෝධයන් වලට අවම වශයෙන් සවන් දීමට තරම්වත් උතුරේ පාලනය මේ වන විට අසමත් වී සිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බවේ නිරුවත ලොවට පෙන්වමින් සිටී. විශේෂයෙන් උතුරේ සිවිල් පාලනය වෙනුවට වේගයෙන් ගොඩනගමින් ඇත්තේ හමුදා පාලනයයි. නමුත්, උතුරේ පරිපාලනය දැන් සිවිල් පාලනයකට භාරකොට ඇතැයි ආණ්ඩුව කීවත්, 2013 උතුර ස`දහා සංවර්ධන සැළසුම් සකස් කිරීමේ කමිටුව රැුස්වී ඇත්තේ 55වෙනි සේනාංකයේ මූළස්ථානයේ බවත්, එම රැුස්වීමේ මුලසුන දැරුවේ එහි අණදෙන නිළධාරියා බවත්, යාපනයේ මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු පැවසීය. මෙයින් පැහැදිලි වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් හමුදාකරණය පවත්වා ගැනීමට කෙතරම් උනන්දුවක් මෙන්ම ලැදියාවක් පෙන්නුම් කරන්නේද යන්නයි.

එය කෙසේ ද යත් ආසන්නම උදාහරණය ලෙස 29වනදා තෙල්ලිපිලෙයි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සහය දීම සදහා දෙමළ ජාතික සංධානයේ බොහෝ මංත‍්‍රීවරු, නායකයින් පැමිණ සිටියත්, කිසිදු සිවිල් පරිපාලන නිලධාරියෙකු විරෝධතා කරුවන් සමග සාකච්ඡුා කිරීමටවත් පැමිණියේ නැත. ඒ වෙනුවට පැමිණ සිටියේ සිවිල් ඇ`දුමින් සැරසුනු හමුදා සාමාජිකයින්, මෙන්ම පොලිස් නිළධාරීන් හා පොලිස් කැරළි මර්ධකයින් ය. එබැවින් මින් පැහැදිලි වන්නේ පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව තුළ හමුදාකරණය කෙතෙරම් වැදගත්(?) ස්ථානයක් ගන්නේ ද යන්නයි.

DSC_0042

එපමණක් ද නොව එය සිවිල් ජන ජීවිතයට මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කෙතරම් හානි කර අන්දමින් දියත් වෙනවා ද යන්න යි. එම තත්ත්වයන් තුළ උතුරේ ජනයාගේ මෙම ඉඩම් මෙළෙස කොල්ලකෑම රාජපක්ෂ ආණුඩවේ හමුදාකරණයේ ම එක් මුග්ධ දිගුවක් විනා උතුරේ ජනයාගේ ජීවත යළි ගොඩනැංවීමේ කිසිදු අභිලාෂයක් හෝ උනන්දුවක් මේ සිදුවීම් වල අහලකවත් නැත. එසේම සෑම විටම මෙන්ම ආණ්ඩුවේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාදාමයට විරුද්ධව එල්ල වන ඕනෑම ක‍්‍රියාත්මක වීමක් ‘දේශද්‍රෝහී’ ලේබලය අලවා මර්ධනය කිරීමට ද රාජපක්ෂ ආණ්ඩුව පෙර පරිදිම ඉතාමත් ඕනෑකමින් උනන්දුවන බව නම් නිසැක ය. එය ඊනියා දේශපේ‍්‍රමයේ සළුපිලිවල සගවා ය.

හමුදාකරණ පිලිබදව අම්බිකා සත්ගුනනාදන් විසින් ලියු ලිපියක, හමුදාකරණ පිළිබදව ‘සින්තියා එන්ලෝගේ’ උපුටා දක්වමින් මෙසේ ලියයි.(මෙම කොටස පරිවර්තනය ‘යහපාලනය ලංකා’) ‘‘හමුදාකරණ යනු යම් සමාජයක් හමුදාව මගින් පියවරෙන් පියවරට නතුකරගනු ලබන, හමුදාවක් මත යැපෙන තත්ත්වයට සමාජයක් පත්කරනු ලබන සහ ආයතනයක් වශයෙන් හෝ උපමානයක් වශයෙන් හමුදාමය පුරුෂාර්ථ උරාගැනීමකට පොළඹවන, සමාජ තත්ත්වයකි. හමුදාකරණය කරන ලද යමක් නිර්-හමුදාකරනය කළ හැකිය. නිර්-හමුදාකරණය කරන ලද යමක් යළි හමුදාකරණ කළ හැකිය. හුදෙක් පැහැදිලිව දැකගත හැකි තැන්වල පමණක් හමුදාකරණය සිදුවෙනවා නොව, බෝම්බ සහ හමුදා නිළ ඇ`දුම් පේන තෙක් මානයකවත් නැති වල පවා ඇති දේවල් සහ අදහස් ද, මිනිස් අරුත් සහ ප‍්‍රයෝජ්‍යතාද, ඒ මගින් විපරිනාමයට පත් කරන්නේ ය.’’

සම්පත් සමරකෝන් (යාපනයේ සංචාරයකින් පසු)
පරිවර්තන සහය -එස්. රාජේෂ්

මේ එහි සම්පූර්ණ වීඩියෝ සහ ඡායාරෑප සටහනයි

Full Photo Set