උතුරේ ජනතාවට නීති්‍යානූකූලව අයිතිව ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට යාපනයේ ඇතිව තිබෙන්නේ දැඩි පීඩනකාරී තත්ත්වයකි. නමුත් ඒ පිළිබදව රාජපක්ෂ ආණ්ඩුව විසින් එම ගැටලුව සදහා සාධාරණ ප්‍රකාශයක් වත් නොකරන තරමිය. එවැනි තත්ත්වයක් තුළ යාපනයේ තැනින් තැන විරෝධතාවයන් මතුව තිබෙන තත්ත්වයක් තුළ ආණ්ඩුව සිදුකරන්නේ ඒ පිළිබදව ක්‍රියාකාරීව මැදිහත්වන දෙමළ දේශපාලකයන් ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැදවා ප්‍රශ්ණ කිරීමය. දේශපාලනිකව විසදුම් සොයනවා වෙනුවට ආණ්ඩුව සිදු කරන්නේ සිය මිලිටරි යාන්ත්‍රණය යොදවා බිය ගැන්වීමය. හමුදාව සිවිල් ගැටලුවලට මැදිහත් කරවීමය. එය කෙසේ ද යත් දහස් ගණනකගේ ඉඩම් පිළිබදව ගැටලුව පිළිබදව කතා කරන්නේ ද හමුදා නිළධාරීන්ය. පසුගිය මැයි 04වනදා දිනමිණ පුවත්පතට ප්‍රකාශයක් කරන යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරැසිංහ පවසන්නේ පුදුමසුලු ප්‍රකාශයකි. ‘‘උතුරේ ඉඩම් අත්පත් කර ගන්නේ සිවිල් ජනතාවගේ සුබ සිද්ධිය සදහායි“ ඔහු පවසයි.
දැන් ගැටලුව වන්නේ ඉඩම් අමාත්‍යංශයක්, කෘෂිකර්ම අමාත්‍යංශයක් සහ ඒ හා සම්බන්ධ අමාත්‍යංශ, ඇමතිවරැන්, නිළධාරීන් සිටියදී ‘හමුදාව‘ විසින් ඉඩම් අත්පත් කර ගන්නේ සිවිල් ජනතාවගේ සුබ සිද්ධිය සදහා, බවත් එයින් ජනයාට සෙත සැළසෙන් බවත් ඔහු කියයි. එයින් මනාව පැහැදිලි වන්නේ දකුණේ එම කටයුතුම සිදුකරන සිවිල් ආයතන පද්ධතිය උතුරට වලංගු නැති බව නොවේද? එබැවින් රාජපක්ෂ ආණ්ඩුව කෙසේ කීවත් උතුරේ ඇත්තේ මිලිටරි පාලනයක් නොවේ ද?
කෙසේ නමුත්, මේජර් ජෙනරාල් මහින්ද හතුරැසිංහ පවසන ‘‘උතුරේ ඉඩම් අත්පත් කර ගන්නේ සිවිල් ජනතාවගේ සුබ සිද්ධිය සදහායි“ යන්නට ඉඩම් අහිමි යාපනයේ වැසියෙක්ගේ මේ අදහස, මේජර් ජෙනරාල් වරයාගේ ප්‍රකාශය කෙතරම් විහිලු සහගත එකක් කරනාවා දැයි මනාවට පිළිබිබු වෙයි.
අරුණාසලම් ගුණබාලසිංහම් ගේ කතාව යි(මෙවැනි මිනිසුන් දහස් ගණනක් යාපනය අර්ධද්වීපයේ වෙසෙයි.)
”අපට අයිති ඉඩමට යන්න අපි කරන හතර වැනි උද්ඝෝෂණ මෙයයි. අපි අපේ ප‍්‍රදේශයෙන් පිටවෙලා අවුරුදු 24ක් පුරාම අවතැන් වෙමින් සිටිනවා. ”
”අපිට අයිති ඉඩම් අපටම ආපහු දෙන බව රජය කිහිප වතාවක්ම පැවසුවත් දැන් එම ප‍්‍රදේශය අත්පත් කරගන්න යන බව පෝස්ටර් අලවා තිබෙනවා. මෙම කි‍්‍රයාව නිසා අපේ ජනතාව දැඩි පීඩනයට මුහුණ පා සිටිනවා. කුලි ගෙවල් අයිතිකරුවන් අවතැන් වී සිටින වලිකාමම් උතුර සහ දකුණ ජනතාව වහාම පිටත් විය යුතු බව කියනවා. ‘‘ඔබට අයිති ඉඩම් අත්පත් කරගෙන සිටින නිසා අපේ ගෙවල්වලින් පිටත් වෙන්න.’’ යන ලෙස ඒ පිරිස කියනවා. ගොඩක් කාලයක් එහෙම ගෙවල්වල ජීවත් උන නිසා අපි යන්නැතිවෙයි කියලා ගෙවල් අයිතිකරුවන් සිතනවා. මේ සිදුවීම නිසා අපේ ජනතාව දැඩි පීඩනය සමඟ ජීවත් වෙනවා.
අත්පත් කරගෙන තිබෙන අපේ ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තයට සුදුසු කිලෝමීටර් 12ක මුහුදු ප‍්‍රදේශයක් තිබෙනවා. රෝහලක් සහ පාසල් ද එහි තිබෙනවා. ඒ සමඟ විශාල වගා බිම් ඉඩම් ද එහි තිබෙනවා. අපේ ජනතාව ගොවිතැන් කරලා තමයි ජීවත් වුණේ. මොනවා පැල කළත් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. දැන් ඒ ඉඩම්වල හමුදාව ගොවිතැන් කරනවා. හමුදාව වගා කරලා ගෙනැවිත් අපටම විකුණනවා. ඉරිඟු, පතෝල, පුහුල් ආදී හමුදාව විකුණනවා. අපේ ජනතාව වගා කර ඒ අයට විකුණපු කාලය ගිහින්, දැන් ඒ අය වගා කර අපේ ජනතාව මිල දී ගන්න කාලය ඇවිත්. ඊයේ මම මාළු ග‍්‍රෑම් 500ක් රුපියල් 300කට මිලදී ගත්තා. අපේ කකුල් වලට පෑගෙන මාළු තමයි අපේ මයිලිට්ටි ජනතාව අරගත්තේ. සරුසාර සම්පත් අහිමි වෙලා අපි මේ විදියට ජීවත් වෙනවා.
අපේ ඉඩමට යන්න දිගටම අරගල කරනවා. අපේ උත්සහය අත හරින්නේ නැහැ. මේක ආයුධ වශයෙන් කරන අරගලයක් නෙවෙයි. අහිංසාවාදී ලෙස අපි අරගලය දියත් කරනවා. ඒ සමඟ අධිකරණය යාමටත් තීරණය ගෙන තිබෙනවා.
මයිලිට්ටි ප‍්‍රදේශයේ මම ව්‍යාපාරිකයෙක්. මගේ ලඟ 150 දෙනෙක් වැඩ කළා. ඞීසල් එන්ජින් බෝට්ටු 15ක් සහ ෆයිබර් ග්ලාස් බෝට්ටු 15ක් මා සතුව තිබුණා. එක් දවසකට කරවල සහ මාළු ලොරි යවන්න ඕනෑ. 1987 ම අපට මුහුදු තහනම් කළා.
සරමයි ෂර්ට් එක්කයි විතරක් ඇදන් එදා අපි පිටත් වුණේ. එදා පටන් අද වෙනකම් සරණාගතයන් විදියට තමයි ජීවත් වුණේ. මගේ ලඟ රස්සා කළ බොහෝ දෙනෙක් මෙතැන සිටිනවා. එදා අපේ ප‍්‍රදේශයේ නොමිලේ ලැබෙන මාළු සහ එළවළු අද සල්ලි දී මිළට ගන්න වෙලා. අපට මේක වේදනාවක්. මේ වෙදනාව තුරන් වෙන්න නම් අපි අපේ ප‍්‍රදේශයට යා යුතුයි.”