ටාගට් ට්‍රැවල් නම් සංචාරක ආයතනයක් විසින් දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කළ මුල්ලිවෛයිකාල්, පුදුකුඩි ඉර්ප්පු නන්දිකඩාල්,පුදුමාතලන් ඇතුලු ප්‍රදේශය පුරා සංචාරයේ යෙදීමට සංචාරක පැකේජයක් සම්බන්ධව දැන්වීමක් අන්තර්ජාලය තුළ පලකර තිබේ.
දෙමළ ජනයාට එරෙහි වර්ග සංහාරයේ කූඨප්‍රාප්ති මොහොත එසේත් නැතිනම් එක්සත් ජාතීන්ටම අනුව අවසන් දින කිහිපය තුල දී 70,000 කට වැඩි දෙමළ වැසියන් මරාදැමූ “ශ්‍රී ලංකා ඝාතක භූමි සංචාරය කරන “සිංහල- යුධ” සංචාරකයන් වෙනුවෙන් ඉහත ප්‍රදේශයන්හී මේ වන විට හමුදා නිවාඩු නිකේතන පවා ඉදිකර තිබේ.
ඉහත ප්‍රදේශය පුරා දින 3 ක සංචාරයක් සදහා රැ 24,000 ක් යනුවෙන් ද එම දැන්වීමේ දැක්වේ. මීට පෙරද කොළඹ රාජ-පක්ෂවාදී පුවත්පතක් වන මව්බිම පුවත්පතේ ද දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළ නන්දිකඩාල් කලපුව මායිමේ ලෑගූන් හමුදා සංචාරක නිකේතනයක රාත්‍රියක් ගත කිරීමට 15,000 ක් යනුවෙන් ද දැන්වීමක් පළක තිබුණි.
සිය ආදරණීයයන් දහස් ගණනක් ඝාතනය කල භූමිය මෙම ඝාතක භූමියේ සංචාරයේ යෙදීම සිංහල-යුධ සංචාරකයන්ට විනෝද ජනක අත්දැකීමක් විය හැකි වූවද එම භූමියේ මාරදැමුණු සිය ආදරණීයන් පිළිබද දරුණු වේදනාවකින් දෙමළ ජනයා තවමත් පෙළමින් සිටිති.
ශ්‍රී ලංකාවේ සිංහල-යුධ සංචාරක කර්මාන්තය පිළිබද දැක්වෙන එම දැන්වීම සම්බන්ධව සිය ෆේස් බුක් සමාජ ජාල පිටුවේ සටහනක් තබන ශ්‍රී ලංකාවේ හිටපු බීබීසී වාර්තාකරිනී ෆාන්ස් හැරිසන් සදහන් කර සිටින්නේ තමන් එම දැන්වීම දැකීමෙන් දැඩි කම්පනයට පත්වී ඇති බවයි.
පහත පළවන්නේ ඔවුන් විසින් ගනුදෙනුකරැවන් වෙත එම යුද සංචාරක චාරිකාව පිළිබදව යවන ලද ඊමේල් පණිවුඩ යයි.(Screen shot.10.58am | May 15, 2013)
එසේම එම සමාජ ජාල සංවාදයේ සිය අදහස් දක්වන පිල්ලේ නම් අයෙක් ප්‍රකාශ කර සිටින්නේ මෙය සම්පූරණයෙන්ම නාසීවාදීන් අනුගමනය කළ ක්‍රියාවක් බවයි. හිට්ලර් විසින් යුද්ධය ජයගනු ලැබුවානම් ඔහු ද මේ ආකාරයෙන්ම හැසිරෙන බව ඔහු පවසා සිටී.
දකුණේ සිංහල-යුධ සංචාරකයන්ට මෙසේ මෙම ප්‍රදේශයන් වල සංචාරය කිරීමට කොළඹ පාලනය අවසර ලබාදී තිබුණද එම ප්‍රදේශවල පාම්පරික දෙමළ ජනයාට තමන්ගේ මුල් ගම්බිම් වල පදිංචිවීමටවත් අවසර ලබාදී නොමැති අතර එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව යුද්ධය අවසාන කාල සමයේදී විනාශ වූ නිවාස සංඛ්‍යාව 100,000 කට අධික වුවද නැවත ඉදිකර ඇත්තේ 16,000 ක් පමණි.
International Crisis Group මේ වසරේ නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ ”යුද්ධයෙන් පසුව නැවත සිය ගම්බිම් කරා නැවත පැමිණෙන දෙමළ ජනයාට නිවෙස් තනා ගැනීමට, කැම බීම සපයා ගැනීමට දැඩි අරගලයක් කිරීමට සිදුව තිබෙනවා. රැකියාවක් සොයාගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් සේම සිය ජීවිත ගොඩනගා ගැනීමට කිසිදු ආකාරයේ ආර්ථිකමය අවස්ථාවක් ඔවුන් හිමිවී නැත. එම ප්‍රදේශයන්ගේ වෛද්‍ය මධ්‍යස්ථාන කීපයක් සහ පාසල් කීපයක් පමණක් නැවත ගොඩනගා ඇත.” යනුවෙනි.
@LNW ඇසුරින්