මෙයට වසර හය හතකට පෙර මා ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ පදිංචිව සිටි සමයේ, සෑම මසකම දේශසීමාවන් තරණය කර
වන්දනාවේ ගිය ශී‍්‍ර ලාංකික බෞද්ධ පන්සලක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ විය. වරෙක මෙම පන්සලෙහි වතාවත්වල යෙදුණු සැදැහැවත් තරුණ සුදු උපාසක මහතෙකු අපට එහි දී හමු විය. තනි සුදු වස්ත‍්‍රයෙන් සැරසී, පන්සලේ සියලූ වතාවත් හි යෙදුණු ඔහුට, හාමුදුරුවරුන් සමග හරිහරියට කටපාඩමින් පිරිත් කීමේ හැකියාව තිබුණි.
එක් දිනක් පන්සලේ දී මා හමු වූ ලොකු හාමුදුරුවන් වහන්සේ මේ සුදු තරුණයා මට පෙන්වා ‘මේ සුදු උපාසක මහත්තයා ලබන මාසේ අවසානයේ අපේ පන්සලේ මහණ වෙනවා’යි කියා ඔහු මට හඳුන්වා දුන් සේක. සුදු උපාසක මහතා, මෙහි විසූ සියලූ ශී‍්‍ර ලාංකික සිංහල බෞද්ධයන් ගේ මුවගෙහි නිතර රැව් දෙන චරිතයක් බවට පත්වන්නට ගත වූයේ තව සති දෙකක පමණ වූ සුළු කලකි. බොහෝ දෙනාගේ අදහස වූයේ, මේ තරුණ සුදු උපාසක මහතා සිංහල බෞද්ධ අප සියලූ දෙනාටම වඩා හික්මීමකින් යුතු ආදර්ශයට ගත යුතු උපාසක චරිතයක් බවයි.
වරෙක මේ උපාසක මහතා ගැන කතා වූ තැනකදී මවිසින් මගේ මිතුරෙකුට මෙසේ පැවසුවෙමි.
‘ඔය කිව්වට ඔය සුද්දා මහණ වෙනකම් මට නම් විශ්වාසයක් නැහැ.’
‘ඇයි උඹ එහෙම කියන්නේ?’ මගේ මිතුරා පෙරළා මගෙන් ප‍්‍රශ්න කළේය.
‘ඒක එහෙම වුණොත් එදාට මං උඹට කියන්නම්’ කියා පිළිතුරක් දී මම එතැනින් පැන ගතිමි.
කෙසේ හෝ වේවා මේ උපාසක මහතා මහණ කිරීමේ සුබ දිනය එළැඹෙන්නට, දින කිහිපයකට පෙර, ඔහු ඒ අදහස අතහැර දමා තිබූ බව පසුව ආරංචි විය. මේ වන විට එම උත්සවයට සහභාගි වන්නට සූදානම්ව සිටි අපගේ භක්තිවන්ත සිංහල බෞද්ධයෝ සමහරෙක් මෙයින් අපේක්ෂා භංගත්වයට පැමිණ, උපාසකයාගේ සුදු පරම්පරාවටම පෙර දිනෙක වැනූ මුවින්ම බැන වැදුණාහ.
මේ සිද්ධිය අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ අර්ථදැක්කුවේ මේ ආකාරයටය. ‘ඔය සුදුමහත්තුරු බෞද්ධ පත පොත කියවලා පැහැදිලා මහණ වෙන්නට ආවට, මේ මහණ ජීවිතය කොච්චර සංකීර්ණද කියලා තේරුමක් නැහැ. ඒක ක‍්‍රමයෙන් තේරුම් ගන්නකොට, මහණදම් පුරන්න තියෙන අදහස වෙනස් වෙනවා.’ සුද්දන් බුදු දහම වැළඳ ගන්නේ උපතින් බුද්ධාගම ලබා පැමිණෙන අප මෙන් නොවේ. බුදු දහම වැළඳ ගැනීමට පෙර ඔවුහු තමන් අගයන සාරධර්මයන් සමග එකට සිටිති. එම සාරධර්මයන් හා අනුකූල වන වෙනත් පද්ධතියක් ලෙස හෝ දර්ශනයක් ලෙස බුදුදහම හඳුනා ගන්නට ලැබුණේ නම් කැමැත්තෙන් එය වැළඳ ගනිති.
උදාහරණයක් ලෙස සත්ත්ව හිංසාව හෝ ඝාතනය වැරදි කි‍්‍රයාවකැයි පිළිගන්නට සූදානම් සුදු තරුණයෙකු පසුව බුදු දහමෙහි දැක්වෙන ප‍්‍රාණඝාතය සහ කරුණාව පිළිබඳ සංකල්ප දැනගන්නට අවස්ථාවක් ලද කල්හි, මේ නම් මට එකඟ විය හැකි සහ වැළඳ ගන්නට සුදුසු ධර්මයකැ’යි සිතා එය අනුගමනය කරන්නට පෙළැඹේ. එහෙත් අපි එසේ නොවෙමු. අපි අපේ බෞද්ධකම උපතින්ම රැගෙන එමු. අඩු තරමේ පන්සිල් පද පහවත් හරි හැටි නොරකින්නේ වුව ද අපි අපේ බෞද්ධකම ගැන මහත් වූ ගර්වයෙන් යුතුව කතා කරමු. මේ සිල් පද රකින්නෙමැයි දිනපතා පොරොන්දු වෙමින්, එ් වහාම වූ පොරොන්දු කඩකරන්නේ ඒ ගැන කිසිදු ලෙසකින් කනස්සලූ ද නොවීය. බොහෝ අපට බුදු දහම අපගේ සංස්කෘතියෙහි එක් අංගයක් මිස බුදුදහම පසුව වැළඳ ගන්නා සුද්දාට මෙන් අනුගමනය කළ යුතු සාරධර්ම පද්ධතියක් නොවේ.
බෞද්ධ වත්පිළිවෙත් හි කුඩා කල පටන් අප යෙදෙන්නේ පුරුදු කිරීමෙන් මිස ධර්මාවබෝධයකින් නොවේ. පාසල අවසානයෙහි අන්තිම මිනිත්තු පහට පෙර ලැබෙන සීනු නාදයෙන් අනතුරුව, වහා එළියට පැන දුවන්නට සැරසී බොහෝ කලබලයෙන් ඡත්ත මානවක ගාථා කියන, දැනටමත් සිතින් එළියට පැන ගොස් සිටින කුඩාවුන් නිතැතින්ම මගේ මතකයට නැෙඟ්. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සතුරන් හා සටන් කොට ඔවුන් කැති ගා දමා, ඒ පින් බලයෙන් මතු බුදුබව ලබන්නේ යැයි අදහන සංස්කෘතියකට උරුමකම් කියන අපත්, අපේ ලොකු හාමුදුරුවන් පැවසූ පොතේ බුදු දහමත් අතර වෙනස දුටු විට සුදු උපාසකයින් අපේ පන්සල් හැරයාම පුදුමයක් නොවේ.
පසුගිය දිනෙක මා පන්සල් ගිය විටෙක එහි දැන්වීම් පුවරුවෙහි තිබූ අපූරු දැන්වීමක් දුටුවේ ය. එය අපේ සංස්කෘතිය හා බුදුදහම අතර වූ ගැටීම හොඳින් පිළිබිඹු කරන්නේ යැයි සිතන්නෙමි. එම පුවරැවේ මෙසේ සදහන් විය. ‘පින්වතුනි, කරුණාකර පන්සලේ දී යුද්ධය ගැන කතාකිරීමෙන් වළකින්න.’
සචින් අරැනෝද් ජයනෙත්ති
[Image Credit: A Buddhist monk protesting in Colombo, 2010-Andrew Caballero-Reynolds / Courtesy Reuters]