ශ්‍රි ලංකාව එහි ජාතික රජ්‍යයේ හා ගෝලීය සන්දර්භය තුලදි දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්බුදයක් වෙත වේගයෙන් ගමන් ගනිමින් තිබේ.මෙම අර්බුදයේ ඉතිහාසය විග්‍රහකර ගැනිමේ ප්‍රවාදයන් ප්‍රධාන වශයෙන් අවධින් දෙකකට බේදා වෙන් කළ හැකිය. එනම් සියවස් හතරකට වැඩි යටත් විජිත කාලය හා දශක හයකට මඳක් වැඩි පශ්චාත් යටත් විජිත යුගය වන අද දක්වා වශයෙන්. නමුත් අද පවතින අර්බුදය සමස්ථයක් වශයෙන් විග්‍රහා කරගැනිමට නම් මෙම අවදීන් දෙක වෙන් වෙන් වශයෙන් නොව එහි විකාශනයේ අවදීන් වශයන් එකට ගෙන විග්‍රහ කරගැනීමෙන් අර්බුදයේ ගමන් මග ද, විසඳුමක් සඳහා බහුමානිය කතිකාවක් ද විවෘත කර ගත හැකි ය.
යම් සමජයක් ඉතා සංකිරණ අර්බුදයක ගිලෙමින් තිබේ යැයි කී සැනින් ගම්‍ය වන එක් කරුණක් නම්, දැන හෝ නො දැන හෝ එහි සියලුම කොටස් කරුවෝ පුද්ගලික අභිමාතර්ථයන් මුල් කර ගිනිමින් හෝ පොදු අභිමාතර්තයන් මුල් කරගනිමින් හෝ සංකිර්ණ දේශපාලන ක්‍රියාවලියක් තුලින් ගමන් කරමින් සිටින බවයි.එහි බලපැම සමස්ත මිනිස් වර්ගයාට පමණක් නොව, ඔහු ද ඇතුලත් පරිසර පද්ධතියේම සමතුලිතතාවයට ආදාල වේ.
පවතින තත්ත්වය දැනිමට /දෘශ්‍යමානයට (Perception) අනුව හොඳ – නරක, සාදාරණ – අසාදාරණ, ප්‍රජාත්න්ත්‍රවාදී-ප්‍රජාතන්ත්‍ර විරෝධී ආදි සහා සම්බන්ද ප්‍රති පක්ෂ සංකල්පයන්ගේ අනුසාරයෙන් විග්‍රහ කළ හැකි මුත්,එය ඉන් එහා ගමන් කරනු ලබන වඩා ගැඹුරු අදෘශ්‍ය මානයේ පවතින සමාජ, ආර්ථික හා සංස්කෘතික විකාශනයන්ගේ ප්‍රකාශනයකි. එය සියලුම දර්ශනවාදයන්ගේ මුලික හා ප්‍රධානතම ප්‍රශ්නය වන සිතිම (Thinking) හා පැවැත්ම(Being)අතර ඇති සමබන්ධය දක්වා කිඳා බැස ඇති මුල් සහිත තද ජාතික සංස්කෘතියක්, ආර්ථික සංස්කෘතියක් හා දේශපාලන සංස්කෘතියක් ද ඇතුලත් අරටුවක්ද සහිත දැවැන්ත වෘක්ෂයක් වැනිය.
අර්බුධයේ ගමන් මග විවිධ හැඩ මවමින් සියවස් ගනණාවක් තුල පැමිණ, නො නැවති තව තවත් සංකිර්ණ තත්වයන් ජනිත කරමින් වරෙක මිනිස් ජිවිත විනාශ කරමින් ද, තවත් වරෙක එකිනෙකා වෙත එල්ල කරගන්නා උණුසුම් වාග් ප්‍රහාර දක්වා පරිවර්තනය වෙමින් ද ඉදිරියට ඇදෙමින්ද පවති.
බහුතරය වන සිංහල ජාතිය ද ප්‍රධාන සුලු ජාතිය වන දෙමළ ජාතිය ද, දෙවන සුලු ජාතිය වන මුස්ලිම් ජාතිය ද: දේශපාලනික, සංස්කෘතික ගැටුම් තුලින් දීර්ඝ කාලයක් මුලුල්ලේ ගමන් කර, විය යුතු ආකාරයෙන්ම නිමා නොවු ගැටුමක ඊලඟ අවදිය වන ප්‍රචණ්ඩත්වය දක්වා ගමන් කරමින් මිනිස් ජිවිත දස දහස් ගනණක්ද, ගනණය කළ නොහැකි සාමාජිය හා ආර්ථික ව්‍යයසනයන්ද ඇති කරමින්, ගැටුම් නිරාකරණය කර ගැනිමේ මාවත් වෙත අවතීරණය වීමේ ඉතා සුලු හෝ විභවයක් නොපෙන්වමින් ගමන් කරමින් සිටි.
එය සිංහල සාමාජය තුලින් ප්‍රචණ්ඩ ආකාරයෙන් යටත් විජිත යුගයේ දි කිහිප විටක් ද, පශ්චාත් යටත් විජිත යුගයේ දි 1971 හා 1987- 1989 වසර තුලදි දෘශ්‍යමානයට පැමිණි අතර.දෙමළ සාමාජය තුලින් වසර තිහකට වඩා කාලයක් තුල ඇදි ගියා වූ යුද්දයක් තුලින් ප්‍රකාශයට පත් වි 2009 මැයි 19 වන දිනෙන් පසු, බලය බෙදීම, යුද අපරාධ, වර්ග සංහාර ආදී කතිකාවන් තුලින් නැවතත් ප්‍රකාශවෙමින් පවති.
1915 දී ශ්‍රි ලංකාවේ අදෘශ්‍යමානයේ පැවති ජාතින් අතර ගැටුම ප්‍රචණ්ඩත්වය තුලින් ප්‍රථම වරට මුස්ලිම් වරුන් හට එරෙහිව දෘශ්‍යමානයට පැමිණි අතර. නවතම තත්වයන් තුල හලාල් විරෝධී හා අනෙකුත් විරෝධයන් තුලින්ද යම් යම් ස්ථානයන්හිදී සුලු පරිමණයේ ප්‍රචණ්ඩත්වයන් තුලින්ද දෘශ්‍යමානයට පැමිනෙමින් තිබේ.
ඉතාමත් සුලු පරිමාණයෙන් නමුදු සුලුතරයක් වු කතෝලික හා ක්‍රිස්තියානින් හට ද බලපැම් එල්ලවෙමින් තිබෙන අතර එය ද ක්‍රමක් ක්‍රමයෙන් දෘශ්‍යමානයට පැමිණෙමින් තිබේ.
ඉහත කී පරිදි අර්බුදයේ විකාශනයේ හා ඒ සඳහා විසදුම් සේවිමේ ක්‍රියාවලිය 1505 න් ඇරඹී 1948 අවසන් වන යටත් විජිතන් යුගය, 1948 සිට 2009 මැයි මස 19වන දින එනම් ශ්‍රි ලංකාවේ සිංහල රාජ්‍ය හා වෙනම රාජ්‍යක් දිනා ගැනිමෙන් පමණක් තමන්ගේ පිඩිත බවට විසදුම් ලබා ගත හැකි යැයි යන්න තම දෙශපාලන මැදිහත් වීමේ පිටුපසින් ඇති චින්ත්නය සහිත LTTE යේ නායකත්වය යටතේ බහුතර දෙමළ සමාජයත් සමග වසර තිහකට වාඩා පැවති යුද්ධය අවසන් වු දිනය හා අද දක්වා වශයෙන් වෙන් වෙන්ව ගෙන ස්මස්ත ඉතිහාසයට අර්බුදයේ විකාශනයේ හා එයට විසදුම් සෙවිමේ ක්‍රියාවලියේ ඇති අර්බුදයේ සම්බන්ධය මනාව දැකිමේ අවකාශයක් නිර්මානය කර ගත හැක.
1505 පෘතුගීසීන්,1660 ලන්දේසින් හා 1796 සිට 1948 දක්වා ඉංග්‍රිසින් ගේ යටත් විජිත කරණය තුලින් ප්‍රධාන වශයෙන් රටේ දේශපාලන ක්‍රියාවලිය වෙනසකට භාජනය වුවද, එවකට සිටි ජනගහනයේ අති බහුතරයේ අර්ථික ක්‍රියාවලිය විශාල වෙනසකට භාජනය නොවීය. උදහරණයක් වශයෙන් යටත් විජිත ස්වාමීයන් විසින් ප්‍රධාන වශයෙන් හඳුන්වා දුන් නව වැවිලි ආර්ථිකයන් තුලින් තම ආර්ථික හා සංස්කෘතික ජිවිතයන් හි වෙනසක් ඇති කර ගැනීමට හැකි වු යේ රටේ ජනගහනයෙන් ඉතා සුලු පිරිසකටය, ඒ තුලත් අති බහුතරය සිංහලයන් ය.
මෙම සියවස් හතරකට වැඩි යටත් විජිත වකවානුව තුල රටේ දේශපාලන ක්‍රියාවලියේ අති විශාල වෙනසකම් ප්‍රමාණයක් සිදුවිය.එම වෙනස් විම් රටේ පැවති සමාජ ආර්ථික හා සංස්කෘතික ක්‍රියාවලියේ ක්‍රමික විකාශනයක් වෙනුවට බලහාත්කාරය විසින් පටවන ලද ක්‍රියාවලියක් විය. විය යුතු පරිදිම එය විසින් නිර්මාණය කරන ලද්දේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් අන්තර සම්බන්දිත සමාජයක් වෙනුවට, එකිනෙකින් ස්වායත්ත පැවැත්මක් ඇති විරුද්ධාභාසය(Paradox) සහිත සමස්ත සමාජයකි.
ආර්ථික, දේශපාලනික හා සංස්කෘතිකව විශාල වෙනස්කම් සහිත කණ්ඩායම් වලින් සැදුම්ලත් සමස්තයක් සහිත සමාජයක්, එම වෙනසකම් අතර පවතින ගැටුම් යටපත් කරගනිමින් පොදු අනන්‍යතාවක් නිර්මානය කරගනු ලබනුයේ ද ඒකීය රාජ්‍යය නම් වූ සංකල්පය මත ගොඩනගන ලද ජාතික රාජ්‍යයේ වෙසෙන විවිධ ජාතින් අතර පවතින වෙනස්කම මුල් කරගනිමින්මය. සිංහල ජාතිය තුල පවතින ගැටුම්කාරි තත්වයන් දෙමළ හා මුසල්මානුවා අනෙකා වු සන්දර්භයක් තුලදි යටපත් වී තම පොදු අනන්‍යතාවය නිර්මානය කරගන්නා අතර, දෙමළ හා මුසල්මානුවා තුල ද පොදු අනන්‍යතා නිර්මණය සමානම ආකාරයෙන් සිදු වෙයි.
පශ්චාත් යටත්විජිත ඒකීය රාජයේ දේශපාලන බලය හොබවමින් සිටුන ලබන සිංහල පාලක පන්තිය පවතින ගැටුම් සඳහා දීර්ඝ කාලීන විසඳුම් සෙවිමට කිසිසෙත්ම උවමනාවක් නො දක්වන අතර, නිරාකරණය නොවු ගැටුම් හී ඉලග අදියර වන ප්‍රචණ්ඩකාරිත්වය,බිහිසුනු ප්‍රථි ප්‍රචණ්ඩත්වයකින් යටපත් කර දැමිම තම එකම විසදුම වශයෙන් භාවිතාට නගමින් සිටි. එම භාවිතාව සිංහල දෙමල භේදයකින් තොරව ක්‍රියාවේ යොදවන්නකි.1971 හා 1987-1989 වකවානුවේ සිංහල පිඩිතයා මෙම තත්වය අත්විඳි අතර, විශේෂයෙන් 80 දශකයේ මුල් භාගයේ සිට අද දක්වා දෙමළ ජාතිය අත් විඳිමින් සිටි.
බහු වාර්ගික, බහු ආගමික හා බහු සංස්කෘතික ජනතාවක් වෙසෙන ඒකීය ශ්‍රි ලංකාවේ දේශපාලන හා ආර්ථික බලය හොබවන සිංහල(බෞද්ධ) පාලක පන්තියෙන් එපිට පිහිටා සිටින සිංහල වමාංශයට හා ප්‍රගතිශීලින් හටද විශේෂයෙන් පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ දේශපාලන ක්‍රියාවලිය තුල අඛන්ඩ ඉතිහාසයක ඇත.
බොහො විට සිංහල ජාතික හා ජාතිවාදයෙන් පරිබාහිරව තමන්ව ස්ථාන ගත කර ගැනීමට වෙහෙසෙනු ලබන බලපැම් සහාගත මෙම සුලුතරයටද වර්ග කි.මි හැට පන්දාහසක් තුල වෙසෙන මිලියන් විසි එකකට මඳක් වැඩි ජන ගහනයක් වාසා පැතිරෙන දේශපාලන, ආරාථික හා සංස්කෘතික අර්බුදයේ නිර්මාපක ප්‍රවාදයන් (Theses) හට ප්‍රති වාදයන් (Antitheses) ඉදිරිපත් කර ඒ තුලින් ධනාත්මක සහවාදයන්( Syntheses) ගොඩනගා එවා බහුතර මිනිසුන් ප්‍රමාණයකට ඒත්තු ගැන්වීමේ බරපතල නොහැකියාවකින් පෙලෙන අතර මැත ඉතිහාසයේදි ඔහුන්ගෙන් බොහෝ දෙනා අවසානයෙදි පවතින පිඩක රාජ්‍යයේ සෘජු හෝ වක්‍ර ආරක්ෂකයෝ බවට ද පත් විය.
වසර හැටකට මඳක් වැඩි ජාතික රාජ්‍යක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රි ලංකාවේ පවතින ගැඹුරු ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික අර්බුදය මැද මුල අග සොයා ගත නොහැකි ආකාරයෙන් පැටලුනු නුල් පන්දුවක් වැනිය. දක්ශිණාංශික, ජාතික වාදී, ජාතිවාදී, ලිබරල් වාදී හා වාමාංශික සහ සිංහල, දෙමළ බේදයකින් තොරව තව තවත් පැටලිලිසහාගත බවෙම පැටලෙමින් සිටි.
අර්බුදයට දිර්ඝ කාලීන විසඳුමක් සෙවිමට නම් අර්බුදයේ ආරම්භය එහි විකාශනය හා ඉදිරිය සම්බන්ධව පවතින ලාංකික, කලාපිය හා ගෝලිය තත්වයන් තුල හිඳිමින් පුලුල් කියවික් කළ යුතුය.
එහිදි,
1. සිංහල ජාතික වාදය එහි විකාශනය හා විශේෂයෙන් එම මතවාදය(Ideology) සමග සිංහල මිනිසුන්ට ඇති අනුරාගික බැඳීම සම්බන්ධව පුලුල් කියවිමකට යා යුතුය. අති බහුතරයක් සිංහල මිනිසුන් තම ජාතික අනන්‍යතාවය වෙනුවෙන් මේ තරම් වන්දියක් ගෙවනුයේ හුදු මානසික විකෘතියක් නිසා ද ?
2. පිඩිත දෙමල ජාතියේ ජාතික විමුක්ති අරගලය තව තවත් සිංහල ජාතිවාදය පෝෂණය කිරිමට ඉවහල් වුණි ද ?
3. එක් භාෂාවක් නම් රටවල් දෙකක් ද, භාෂා දෙකක් නම් එක් රටක් ද වශයෙන් ප්‍රකාශ කරමින් හා සුලු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරමින් ඇරඹි ලාංකික වාමාංශික ව්‍යාපාරය, ජ.වි.පෙ හරහා අන්ත ජාති වාදය දක්වා ගමන් කිරීම හා පිඩිත සිංහලයාට තම ගැලවීමේ මාවත වැටි ඇත්තේ දෙමළ ජාතියේ ඊලම් රාජ්‍ය හරාහා යැයි ප්‍රකාශ කිරිමට හා ඒ වෙනුවෙන් පෙනි සිටිමට හිරු කන්ඩායම ඉදිරිපත් වීම ඉතිහාසයේ අත් වැරදීමක්ද නැත හොත් අනිවාර්යයක් ද ?
4. පශ්චාත් නුතන තත්වයක් යටතේ තව දුරටත් ජාතික රාජ්‍ය හා ජාතිකත්වයන් යතාර්තයක් නොවන බැවින් එ වෙනුවෙන් සටන් කරන්නන් සිටිය යුතු එකම ස්ථානය දේශපාලන කටු ගෙදර බව, තද ප්‍රහාරාත්මක බවකින් ප්‍රකාශ කරමින් දේශපාලනයේ නියැලුනු එදා X කණ්ඩායමේ හා වර්ත්මාන ශ්‍රි ලංකා පෙරටුගාමි පක්ෂයේ සමාජ මැදිහත් විම හා එහි බලපැම කෙබඳු ද ?
5. 1990 පෙබරවාරි 18වන දින සිදු කරන ලද රිචඩ් ද සොයිසා මාධ්‍ය වෙදියාගේ ඝාතනයත් එවකට පැවති මර්ධනකාරි වාතාවරනයත් සමග මාධ්‍ය වේදියාගේ කාර්‍යය වාර්තා කරනුයෙන් රැඩිකල් මත නිපදවන්නකු (Opinion maker) දක්වා පොලා පැනිමක් සිදු විය. විශේෂයන් 1994 මැත්වරණ සමය වන විට “රාවය ” , යුක්තිය, හිරු ඇතුලු විකල්ප පුවත් පත් විශාල සමාජමය මැදිහත් විමක් සිදු කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මාධ්‍යවේදියා යනු සමාජ ශෝදකයකු වශයෙන් මතයක් සාමාජය මත තහවුරු වී ඇත.එය සැබැවක්ද ?
6. විකල්ප මාධ්‍යවේදියා හා විකල්ප මාධ්‍යකරනය යනු සැබැවක්ද ?
පීඩිතයන් වෙනුවෙන් සටන්කිරිම හා පිඩිත භාවයෙන් තොර ලොවක් බිහි කිරිම තම පරම අර්ථය කරගත් දේශපාලනික තනි පුද්ගලයන්ද, කණ්ඩායම් හා පක්ෂ තම කුලකයේම වෙසෙන අනෙකුත් පුද්ගලයන්,කණ්ඩායම් හා පක්ෂ සමඟ සංවාද ගත වෙනවා වෙනුවට අනෙකාව නිශ්ෂබ්ද කිරීම නැතහොත් අනෙකාව විනාශ කිරිම දක්වා ක්‍රියා කිරිමේ මනෝභාවය ද දාර්ශනිකව හා දේශපාලනිකව සාකාච්ඡා කළ යුතු බරපතල කාරණයකි.මෙම දීර්ඝ හා බරපතල කාතිකාව තනි මිනිසෙකුට, තනි කණ්ඩායමකට හෝ තනි පක්ෂයකට කළ හැක්කක් නොවන අතර. එය බල දේශපාලන ව්‍යාපෘතින් තුල ද සාර්ථක නො වන්නකි.
ශ්‍රි ලංකාව මුහුන දී සිටින ගැඹුරු දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්බුදයෙන් ගොඩ ඒමේ මාවතක් විවර කර ගැනිමේ ක්‍රියාවලියට දායක විමේ චේතනාවේන් අරම්භ කළ මෙම ලිපි පෙලෙන් සදා නිමකළ අදහස් පල නොවන අතර “දහසක් මල් පිපෙවා, දහසක් මත ගැටෙවා” යන්න හුදු උදෘත පාඨයකින් එහා ගිය සාමාජ පරිවර්තනයක් සඳහා සැබැවින්ම භාවිතා කරන ක්‍රියාවලියක් බවට පත්කර ගැනීමට දරනු ලබන උත්සාහයක් හා යෝජනාවක් ද වේ.
ටෙරල් අබේසිංහ |Teral Abesinghe