(සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා)
කියවන අතර රඟපාන්නග රඟපාන අතර පරිකල්පනය කරගන්නග ඔබම වේ නළුවාද නිළියදග ඔබ අභියස ඇත ඔබේ කැඩපතග ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට
පසුතලය
නාට්‍යයට පසුබිම් වන කාලය හා අවකාශය වන්නේ අනාගතයේ වසර පහළවත් විස්සත් අතර එහාට ගිය පරිකල්පනිය කාලයකි. මිනිසුන් ක්‍රමයෙන් තමන්ගෙන්ද අනෙකාගෙන් ද වියෝ වූ කාලයකි. අර්ථයක් නැතිව හිනාවෙති. හැඟීමක් නැතිව බලා සිටිති. විශ්වාසය තුරන් වූ සිත් හිස්බවකින් පිරී ඇත. බලාපොරොත්තු කියා දෙයක් ඇත්තේ බලාපොරොත්තු ලෙසටමය. මේ ආකාරයට පත් වූ මිනිසුන් ගැහැනුන් වේදිකාවේ විවිධ ඉරියව්වලින් යුතුව ස්ථානගත වී ඇත. ඊට සරිලන ආලෝකය ද, සංගීතය ද පසුබිම ද සැකසිමෙන් නාට්‍ය ආරම්භ වේ.
ගැහැනිය 1. :මුලින් තනිවම හිනා වේ. පසුව තව කෙනෙකු වෙත ගොස් හිනා වේග.
මිනිහා 1 :ඔහු ද හිනාවේ ඉන්පසු ඔවුන් දෙදෙනා එකට සිනා සෙති. එම සිනා සීමෙහි අර්ථය තමා තුල මිසක අන් අයට නොවැටහේ. ඔවුන් දෙදෙනා තවත් දෙදෙනෙක් කරා ගොස් සිනාසෙති. එක්වරම සිනහව නතර වෙති. ඉන් පසු මහා නිහැඬියාවකි. ඔවුන් දෙදෙනා ඔහේ බලා සිටිති. තවත් කිහිප දෙනෙක් ද එවැනිම වූ ශූන්‍යත්වයක ගිලී ඇත. එය නාට්‍ය මූලධර්ම පවා උල්ලංඝණය වන්නා වූ නිහැඬියාවකි. කාලය ඇද දැමීමකි. එය බිඳ දැමිම පිණිස ටික වෙලාවකින් පුද්ගලයෙක් වේදිකාවට පැමිණෙති. ඔහු නාට්‍යෙය් එව මැදිහත් කරු වේ.
මැදිහත්කරු : (චරිතයට අදාල සංකේතීය ඇඳුමක් ඇඳ ඇත) මේ අප ඉන්නේ අනාගතයේ වසර විස්සක පමණ කාලයක ඉදිරියකයි. ඒ කාලයේ නියම තත්ත්වය මෙන්න මේක තමයි. ඒත් ඔබ ඉන්නේ වසර විස්සක් මෙහා නිසා මට මේ කතාවේ නිර්මාණකරුවා කිව්ව ඔබට ඒ ගැන පැහිදිලි කරලා දෙන්න කියලා. ඇත්තටම මට තේරෙන්නෙත් නැහැ. ඒත් මම මේ ගැන ටිකක් පුහුණු වෙලා ආපු නිසා මට පුළුවන් ඔබට උදව් වෙන්න. ඉතින් මම පටන් ගන්නම් මේ කතාවෙන් කියන්න හදන, නෑ.. නෑ.. පෙන්නන හදන අදහස මොකක් ද කියන එක. ඊට කලින් මට උපදෙස් ලැබුණා අපේ නිර්මාණකරුවාගෙන්, ඔබත් එක්ක ටිකක් සංවාද ගතවෙන්න කියලා. අපි අවුරුදු විස්සක් අනාගතයට යන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මම හිතන්නේ අපිට බැරි වෙන්න විදිහක් නෑ අවුරුදු විස්සක් අතීතයට යන්න. මම ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර හැකි ඉක්මනට අවුරුදු විස්සක් අතීතයට යන්න කියලා. එහෙම නැති උනොත් අපිට අපේ නාට්‍ය පටන් ගන්න පරක්කු වෙන්න පුළුවන්. (හිනහ වී) තරුණ වියට යන නිසා අනාගතයට වඩා අතීතයට යන්න ආසා ඇති කියා මම හිතනවා. එම නිසා මම දෙනවා සුළු වෙලාවක් ඔබට හැකි ඉක්මනට අතීතයට යන්නට.
සංගිතය හා පසුබිම් ගීතය
බාල්දියක් ගැටගහලා ලණුවෙන්
බොලොක් එකෙන් අත බුරුලෙන්
හිත ඇදුනා තුඹසට යන වේගෙන්
හිත ඇදුනා තුඹසට යන වේගෙන්
විසි වසරක ගැඹුරු ලිඳේ පතුලේ
හිත වැදුනා මරු පහරකි පතුලේ
අඳුර එලිය දැවි නිවෙන මොහොතේ
සොයමි බලමි මම කිමිදෙමි සිතු සේ
මැදිහත්කරු : ඔව් ඔබ දැන් ඉන්නේ මීට වසර විස්සකට පෙර ඔබට උරුම වු අතිතයක. මම අහන්න යන්නෑ ඔබට දැනෙන හැඟීම ගැන. මොකද ඒක සතුටක් මෙන්ම දුකක් ඇතිවෙන්නත් පුලුවන්. අපේක්ෂාභංගත්වයක් මෙන්ම සපල වීමක් වෙන්නත් පුළුවන්. එත් මොන තත්වයක් උනත්, එයින් යම් සිත් තැවුලක් උනානම් සමාව ඉල්ලන්න කියලත් අපගේ අධ්‍යක්ෂවරයා කිව්වා. ඒ වගේම අතිතයට ගිය අය අතීතයේ ඉන්න නොදී නැවත මේ මොහොතට කැන්දා ගන්න එක මගේ දක්ෂ කමක් කියලයි මගේ අධ්‍යක්ෂවරයා මට කියන්නේ. මම හිතනවා මම දක්ෂයි කියලා. ඒත් මට සැකහැර දැන ගන්න විදිහක් නැති නිසා, මට අවශ්‍යයි ඔබගේ අවධානය තදින්ම තියා ගන්න. ඒ හින්දා මම කියන්න යන්නේ රහසක්. මේ නාට්‍යෙය් නිර්මාණකරුවා මට කිව්වේ මේක කොහොමටවත් කියන්න එපා කියලා. ඒත් මම තීරණය කෙරුවා ඒක ඔබට කියන්න. ඒක නිසා ඔබ සැම දෙනාවම මම විශ්වාස කරන අතර මාවත් විශ්චාස කරන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් සියලුම දෙනාට අතිතයේ සිට මේ මොහොතට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.
සංගීතය හා පසුබිම් ගායනය
සසරක කතරක පැටලුණු
අතීත රස දිව ගා බලණු
කාලය කෙටිකර පබඳිනු
පියවර මැන යලි නැගඑනු
ගිය විගසම අසුරු සැනින්
අතීතයෙන් කර පියමන්
ජෙට් යානය සතු වේගෙන්
බල සකි රඟහල එලියෙන්
ඔව් මම හිතනවා දැන් ඔක්කෝම මේ මොහොතට පැමිණ මගේ රහස ශ්‍රවනය කිරීමේ තදාත්මක විඝටනයේ නිමග්නව සිටින බව. ඒත් මේ රහස මම ඔබට කියන්නේ කාරණා දෙකක් නිසයි. එක මම මේ රහස කිව්වට පස්සේ කිසිම මොහොතකවත් මාව පාවා නොදෙයි කියා විශ්වාස කරනවා. දෙක අවසානය වෙන තෙක් රහසක් ලෙස තියා ගන්න කියා මට උපදෙස් දුන්න මේ නාට්‍යෙය් නිර්මානකරුවගේ අභිප්‍රාය ඇත්ත වශයෙන්ම භයානකයි. නමුත් ආදරණියයි. ඔබට මේ දෙකම හෝ එකක් තෝරා ගන්න වෙනවා. එත් ඔහුට නම් අවශ්‍ය එක දෙයක්. ඒ තමයි මහා ජන නැගිටීමක්. ඒකයි ඔහු කිවිවේ කිසි විදිහකින් වත් ඒ ගැන අවසානය වන තෙක් කියන්න එපා කියලා. අපේ නිර්මාණකරුවට අවශ්‍ය හරියට ජාතිවාදියෙක් අවුස්සනවා වගේ අන්තිම මොහොතෙ දි සියලු දෙනාම නැගී සිටුවන්න. මේ නව ඒකාධිපති ක්‍රමයට එරෙහිව සකල විධ ජනතාව පෙලගස්වන්න. ඒකට ඔහු භාවිත කරන උපක්‍රමය තමයි වර්තමාන ජනයාට උරුම වන අනාගතය පෙන්වන එක. මට කියන්න ඕන මෙච්චරයි පරිස්සමෙන් නාට්‍ය නරඹන්න. මොකද මේක අපේ කතාව උනාට රඟහල අනුන්ගේ. හැඟීම් පාලනය කර ගන්න. බුද්ධිමත්ව හිතන්න. අපේ අධ්‍යක්ෂවරයා නම් කිවිවේ හැකි තරම් ස්වභාවිකව කරන්න කියලා. ඒත් මම හිතුවා වර්තමාන මේ මොහොතට අනුව තදාත්මක විඝඨනය යොදාගෙන සත්‍ය හා මායාව අතර ඇති බැමි බිඳ දමන්න. ඔබට සැක හිතෙන හැම මොහොතකම මම මැදිහත් වෙන්නම්. ඒත් ඒක රහසක් ලෙසම තියාගන්න කියා ඉල්ලා සිටිමි. හොඳයි දැන් එහෙම නම් අපි නැවත නාට්‍ය වෙත යමු.
දැන් ඔබ මේ මොහොත තුල ජිවත්ව ඉන්න බව මට විශ්වාසයි. එනම් අතීතයේ සිට වසර විස්සක් පසු කොට පැමිණ ඇති කාල අවකාශය. ඒත් අනාගතයේ වසර විස්සක දි ඔබ මේ අද සිටින තත්තවයට වඩා හාත්පසින්ම වෙනස් සත්වයෙක් බව ඔබවත් කිසිකෙනෙකුට හිතා ගත නොහැකි බව තමයි දැක ගන්නට ලැබෙන්නේ. මම පැමිනෙන්නට මෙහොතකට පෙර ඔබ දකින්නැති. ඒ තමයි වසර විස්සකින් ඔබට හමු වන මිනිසා. ලෝකය තමා තුල නිර්මාණය කරගත් මිනිසා. ඔබ හිතන්න එපා මේක උමතුවක් කියා. මොකද මේ කාලෙත් පිස්සන් කොටු තියෙනවා. එහි ඉන්න පිස්සෝ කොහොමද කියලා දැන ගන්න පුළුවන් නාට්‍ය අතර තුර. ඉතින් මීට ටික වෙලාවකට පෙර ඔබ දකින්න ඇති නාට්‍ය ආරම්භය. ඒ ඔබ දුටුවේ සාමානය ජනයා උනත් මේ නාට්‍යෙය් ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරන ඉතිරි චරිත බලාගෙන ඉන්නවා තමන් කවුද කියලා කියනකං.
වැඩි වෙලා ගන්න අවශ්‍ය නැහැ මම මුලින්ම හඳුන්වා දෙන්නම්, ආනන්තර්ය පාපකර්මයට තවත් එක් පාපයක් එකතු කළ නූතන පව් කාරයා නොහොත් ජනමාධ්‍යෙව්දියෙකු විමේ පාපකර්මය නියෝජනය කරන අනාගතයට වේශ නිරූපනය වන ජන හතුරා නොහොත් රජ මිතුරා.
(සංගීත කණ්ඩයක් සමඟ ඔහු පැමිණේ)
ඇතුලත සිට කොණ්ඩය හා රැවුල වවා ගත් පුද්ගලයෙතු පැමිණ වේදිකාවට අචාර කරයි.
මැදිහත්කරු : දැක්කා නේද? හරිම ආචාරශිලි. ඒත් සත පහකට විශ්වාස කරන්න එපා. හැබැයි මෙයා නම් ප්‍රගතිශීලි මාධ්‍යෙවේදියෙක් කියලයි කියන්නේ. මම වැඩිපුර කියන්න යන්නෑ බලමු එයා මොකක් ද කරන්නේ කියලා.
මාධ්‍යවේදියා : මම ගැන දැන්ම හඳුවා දෙන්න ද?
මැදිහත්කරු : ඔව් ඔබගේ පාඨක ශ්‍රාවක ප්‍රේක්ෂක සියලු දෙනා බලා සිටී. ඔබ කවුදැයි බලා ගැනිමට
මාධ්‍යවෙදියා : (ඔහු ගරු සම්පන්නව) ඇත්ත වශයෙන්ම මම ස්වාධීන නිදහස් මාධ්‍යෙව්දියෙක්
මැදිහත්කරු : මැදට පැන්නට සමා වෙන්න. ස්වාධීන නිදහස් මාධ්‍යෙව්දියෙක් කිවුවට එහෙමම ම නැහැනෙ නේද? මම හිතන්නේ මම නිවැරදියි.
මාධ්‍යවේදියා : ඇයි නැත්තේ
මැදිහත්කරු : හැබැයි මෙතන රඟපාන්න තියෙන්නේ දහඅට සන්නියක්.
මාධ්‍යවේදියා : ඔව් මම දන්නවා ඒත් මම ගැන කියන්න එපැයි. නැත්තම් මේ හැමෝම වගේ කියලා මා ගැනත් හිතයි.
මැදිහත්කරු : හරි හරි. මේ නාට්‍යෙය් කොටසක් නෙවෙයි ද එහෙනම්. එහෙම කියන්න එපැයි.
මාධ්‍යවේදියා : මම ඉල්ලා සිටිනවා මේකත් නාට්‍යෙය් කොටසක් කර ගන්න කියලා.
මැදිහත්කරු : එහෙම කරන්න ගියොත් ජනතාවට අලකලංචියක් හැදෙයි ද?
මාධ්‍යවේදියා : නෑ අපේ අධ්‍යක්ෂ තුමාම තමයි මට කිව්වේ පුළුවන් නිදහසේ රඟපාන්න කියලා.
මැදිහත්කරු : (ඔහුට නොඇසෙන්නට එහෙත් ප්‍රෙක්ෂකයාට) එයා දන්නෙ නෑ මට දීලා තියෙන උපදෙස් මොනවද කියලා. මොනව උනත් ඕගොල්ලෝ ඇහැ ගහගෙන ඉන්න මොනවද වෙන්නේ කියල.
මාධ්‍යවේදියා : ඔයා මොනවද කුටු කුටු ගාන්නේ.
මාධ්‍යවේදියා : අපේ අධ්‍යක්ෂවරයට නම් ප්‍රෙක්ෂකයා ගැන කිසිම විශ්වාසයක් නෑ. මොන මොන සූත්‍ර දේශනා කළත් අන්තිමේදි අහුවෙන්නෙම බ්‍රහ්ම සූත්‍රයකටමයි.
මාධ්‍යවේදියා : එහෙම කියන්න එපා. ජනතාව ඔය කියන තරම් මෝඩ නැහැ. වැරුද්ද තියෙන්නේ අනිත් පැත්තේ.
මැදිහත්කරු : ඔය කියන්නේ. ඔය කියන්නේ. ආයෙත් හදන්නේ මිනිසුන්ව අන්දන්න. ජංගියක්ම අන්දන්න. මේක නාට්‍යෙය් මතය නොවන බවත් ඔහුගේ පුද්ගලික අදහස බව සපුරා ප්‍රකාශ කරමි. ඒත් සමගම නාට්‍යකරුවාගේ අදහසට යම් සමාන කමක් ඇති පුංචි කතාවක් කියන්න අවසර දෙන්න. මේකත් නාට්‍යයට අදාල එකක් නෙවෙයි. ඒත් මේක පහුගිය කාලයේ සත්‍ය අත් දැකීමක්. මේක මගේ අතුරුකතාවක්. මම හිතනවා ඔබට බෝරින් නොවෙයි කියල. මේ සිද්ධිය උනේ මිට වසර ගණනාවකට ඉහත එනම් දාහත් අවුරුදු ශාපය කියලා හඳන්වන කාලයට පස්සේ පැවැතුණු ඡන්ද කාලයේ දීග විප්ලවයේ බලාපොරොත්තු තියාගෙන හිටපු අපේ මාක්ස්වාදී සහෝදරවරු මර්ධනයෙන් නැවත මතු වුණු පක්ෂයට එකතු කිරීමේ තරඟයක ඉන්නකොට, එක යාලුවෙකුට හමුවුණා වයසක ආත්කම්මා කෙනෙක්. මිනිහා ඇයට තෙල දුන්නා නියමෙට. ආත්තම්මා සෙට්වුණා පක්ෂෙට. හොඳටම සංතෝශයි. මොකද වැඩිහිටි පරම්පරාවත් දැන් ඊලඟ විප්ලවයත් එක්ක. අපේ සහෝදරයා ඔක්කොම ප්ලෑන් කරලා ඡන්දේ දවසේ ආත්තම්මව නග්ගාගෙන මෝටර් සිකලේ එක්කගෙන ගියා ඡන්ද පලට. කියලා දුන්න විදිහට අත්තම්මා පොරොන්දු වුණා. සහොදරයා එලියට වෙලා බාලාගෙන හිටියා එක ඡන්දයක් වැඩිවෙන දිහා. අත්තම්මා එලියට ආවා. කොහොමද අත්තම්මේ වැඩේ හිරි නේද?
ඔව් මගෙ පුතේ ඡන්දෙ දැම්මා සැහෙන කාලෙකින්
හරියටම ගැහුවද
ඔව් මයෙ පුතේ
මම කියපු විදිහට අපේ ලකුණට ගැහුවනේ
අනේ මගෙ පුතේ. ඡන්ද කොලේ බලාගෙන යන කොට අර තිරිසනා හොඬේ පත්තරගෙන ඉන්නවා දැක්කා. මට ඔක්කොම අමතක වුණා පුතේ.
ඈ… එතකොට කාටද ගැහුවේ
වෙන එකක් වෙන්න කියලා තිරිසනාටම ගැහුවා මගෙ පුතේ
සහෝදරයට මල පැන්නා අත්තම්මව ඡන්ද පොලේ දාලා යන්න ගියා සහෝදරයා
මාධ්‍යවේදියා : (හිනා වෙමින්) සහෝදරය තාමත් යනවා ඇති
මැදිහත්කරුවා : නෑ සහෝදරයත් ඉන්නේ දැන් ආණ්ඩුවේ. මේ තමයි අපේ රටේ ජනතාව. ඒකයි මට කියන්න ඔන වුනේ.
(වේදිකාව පිටුපස සිට තවත් චරිතයක් දුවගෙන එයි. ඔහු රැඩිකල් සෝමේය.)
මැදිහත්කරු : මේ යකා මොකද මේ වෙලාවේ කඩා පැන්නේ. ඒයි රුඩිකල් සෝමේ ඔයාගෙ කොටස තවම ආවෙ නෑනේ.
සෝමේ : නෑ.. මම බලාගෙන හිටියා හිටියා. මේක ඉවර වෙන්නෑ. මම හිතුවා වැඩේ වැරදිලා කියලා. ඒකයි මම අවේ. එහෙනම් මම ආයෙ එන්නම්. (ඔහු ආ පහු යන්න යයි)
මැදිහත්කරුවා : දැන් ගියත් වැඩක් නෑ හිටියත් වැඩක් නෑ.
මාධ්‍යවේදියා : මගේ කතාවෙන් පස්සේ නේද රැඩිකල් සෝමේ?
මැදිහත්කරු : ඔව් ඒත් දැන්කරන්න දෙයක් නෑ. මම ප්‍රේක්ෂාගාරයෙන් සමාව ඉල්ලන ගමන් නාට්‍ය පොඩි වෙනසක් කරනවා.
මාධ්‍යවේදියා : ඒ මොකක්ද ඒ ගමන
සෝමේ : ඒ වෙනසට මම කැමැතියි.
මැදිහත්කරු : (සෝමෙට ඔච්චම්කර) ඔව් එව් හැමදාම වෙනස කියලා කෙරුවේ….. (වෙනස් ස්වරයකින්) ඔව් ආදරණීය ජනතාවනි, ඒ වෙනෙස ඊලඟ අංකයෙන් ඔබට ගෙන එන තෙක් රැඳි ඉන්න.
අපිට විරාමයක්
උදය ආර්.තෙන්නකෝන් | Udaya R. Tennakoon
[Image Credit: guardian.co.uk]