රැකියාව නිමාවී තමාගේ යතුර පැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටි යාපනයේ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන් ට ඊයේ(10) 7.30ට පමණ තෙල්ලිප්පෙලෙයි විදුහල අසල ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙයි. මෙම ප‍්‍රහාරය පිළිබඳව තමා විසින් තෙල්ලිප්පෙලෙයි පොලිස් ස්ථානයේ පැමිණිලි ද කර ඇති බව මාධ්‍යවේදී ගුණාලන් අමුදන් පවසයි.
පහරදීම පිළිබදව ‘විකල්ප‘ වෙත අදහස් දැක්වූ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන්
‘‘මම වැඩ ඉවර වෙලා ඊයේ(10) හවස 7.30ට පමණ මගේ යතුර පැදියෙන් නිවස බලා ගමන් කළා. තෙල්ලිලප්පෙලෙයි විදුහල අසලට ලඟා වෙන විට මාගේ පිටුපස ති‍්‍රරෝද රථයක් එනවා දැක්කා. ඒ ති‍්‍රරෝද රථයේ හෙඞ් ලයිට් දාලා තිබුණේ නෑ. ඒ ති‍්‍රරෝද රථය වැඩි වෙලාවක් මාව ලූහු බැඳ ඇවිත් තිබෙනවා. නමුත් ති‍්‍රරෝද රථයේ හෙඞ් ලයිට් දාලා තිබුණේ නැති නිසා මට රථය පෙණුනේ නැහැ. ති‍්‍රරෝද රථය මා වෙත ලඟා වෙනවාත් එක්කම පිටුපස ආසනයේ රතු පාට ටීෂර්ට් එකක් ඇඳ සිටි පුද්ගලයෙක් මට පයින් පහරක් දුන්නා. මට බැලන්ස් නැතුව ගියා. පාර අයිනේ තිබුණු අඩි 4ක් 5ක් ඇති කාණුවකට ඇද වැටුණා. ති‍්‍රරෝද රථය නතර කරන ශබ්දය ඇහුණා. නමුත් මාගේ පිටුපස පැමිණි තවත් වාහනයක සිටි පුද්ගලයෙක් මට එල්ල කළ ප‍්‍රහාරය දැක තිබෙනවා. ඒ වාහනය නවත්වනවාත් එක්කම ති‍්‍රරෝද රථය එතැනින් පිටවී තිබෙනවා. ඒ වාහනයේ සිටි පිරිස මාව කාණුවෙන් එළියට අරගෙන නිවසට එක්කගෙන ගියා. පසුව අතේ සහ කකුලේ ඇති වූ තුවාලවලට තෙල්ලිප්පෙලෙයි රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගත්තා. ඒ සමඟම තෙල්ලිප්පෙලෙයි පොලිසියේ ද ඒ පිළිබදව පැමිණිල්ලක් කරා. මට කවුද ප‍්‍රහාරය එල්ල කළේ? ඇයි කළේ කියා මම දන්නේ නැහැ. නමුත් පසුගිය ඉරිදා උදයන් පුවත්පතේ (සූරියකාන්ති) මාගේ නමින් ලිපියක් පළවුණා. වලිකාමම් මයිලිට්ටි ගම්මානට අයත් ජනතාව පිළිබඳ ඒ ලිපියේ සඳහන් වෙනවා. ඒ ලිපියේ හමුදා කි‍්‍රයාවන් සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පිළිබඳවත් මා ලියා තිබෙනවා. ඒ ලිපි නිසා මට එල්ල වූ ප‍්‍රහාරයටත් සම්බන්ධයක් ඇති බව සැකයක් තිබෙනවා.‘‘
මෙය පළමු ප්‍රහාරය නොවේ.
යාපනයේ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන් ට ඊයේ(10) 7.30ට පමණ තෙල්ලිප්පෙලෙයි විදුහල අසල ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල කළේය. නමුත් යාපනයේ උදයන් පුවත්පත සහ එම පුවත්පතේ මාධ්‍යවේදීන්ට එල්ලකරන ලද පළමු ප්‍රහාරය මෙය නොවේ. මෙම පහර දීමට පෙර ගිනි අවි රැගත් පිරිසක් අද(13) අලුයම 5.00 ට පමණ යාපනය, කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ තැබූවේය. අප්‍රේල් 13වනදා උදයන් කාර්යාලයට ගිණිතැබීම පිළිබදව අප විසින් උදයන් පුවත්පත් ආයතනය හිමිකරු වන පාර්ලිමේන්තු මංත‍්‍රී සරවනබවන් මහතා උපුටා දක්වමින් මෙසේ සටහන කළේ ය. ‘‘කුමණ බාධා පැමිණිය ද උදයන් පුවත්පත් දිගටම උතුරෙහි ප‍්‍රධාන පුවත්පත වශයෙන් සිය සේවය දිගටම කරනු ඇති බවයි. මෙම ප‍්‍රහාරය තව මාස පහකින් පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණ සමයේ දී ජනමාධ්‍ය පාලනය කිරීම සඳහා කල් තබා දරනු ලබන සාහාසික පියවරක් ලෙස සැළකිය හැකියි‘‘
කෙසේ නමුත්, ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන මෙවැනි මර්දනකාරි පිළිවෙත් යළි යළිත් පෙන්වා දෙන්නේ අන් කිසිවක් නොව ලංකාවේ ඇති ජනමාධ්‍ය නිදහසේ(?) තරමය. අනෙක නම් උතුරේ පළාත් සභා මැතිවරණය ආසන්නයේ මෙසේ ජනමාධ්‍යෙව්දීන්ට පහරදීමෙන් මතුවන්නේ මැතිවරණය නිදහස්ව සහ සාධාරණව පැවැත්වීමට සුදුසු දේශපාලන පරිසරයක් යුද්ධයෙන් වසර 4කට පසුත් තිබෙන් ද යන්නයි.
උතුරේ මාධ්‍ය මර්ධනය හෙවත් උතුරේ මාධ්‍යට බිය මිලිටරිය
කෙසේ නමුත් මෑත කාලයේ සිට උතුරේ පුවත්පත් ජනතාව වෙත යෑම වළක්වීම සඳහා ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බව පසුගිය කාලය පුරා උතුරේ මාධ්‍යට එල්ලකරන ලද තර්ජනයන් සහ ප්‍රහාරයන්ගෙන් මනාවට පිළිබිබු වේ. විශේෂයෙන් වන්නි ප‍්‍රදේශයේ සැලසුම් සහගත ලෙස පුවත්පත් බෙදාහැරීම වැළැක්වීම සහ බෙදාහරින සේවකයන් තර්ජනය කිරීම දිගටම සිදු වූ අතර, පසුගිය පෙබරවාරී 07 වනදා තිනක්කුරල් පුවත්පතේ, පුවත්පත් බෙදාහරින මාධ්‍ය සේවකයෙකු වූ එස්. සිවකුමාර්(40)ට, පොලූ සහ කම්බ් ඇතැතිව පැමිණී නාදුනන මැර පිරිකගේ ප‍්‍රහාරයකට ලක්විමට සිදුවිය. පහර කෑමට ලක්වූ, සිවකුමාර් ගමන් කරමින් සිටි යතුරු පැදිය ද, එවේලේහි ඔහු ලග තිබූ තිනක්කුරල් පුවත්පත් ද මැර පිරිස ගිනි තබා තැබූහ.
ජනවාරි 10 වනදා උදෑසන උදයන් පුවත්පතේ මාධ්‍ය සේවකයෙකු වන නාගේශ්වරන් ප‍්‍රදීපන්(30) යාපනයේ, මාළු හන්දියේ දී මෝටර් සයිකල් දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් කටු කම්බි එතු යකඩ කම්බියකින් ප‍්‍රදීපන්ට බරපතල ලෙස ප‍්‍රහාර එල්ල කර පසුව ඔහුව අසල තිබූ කාණුවකට තල්ලුකර දමා, පසුව ඔහුගේ මෝටර් සයිකලය සමඟ පුවත්පත් ගිනි තබා විනාශ කර පලා ගියේ ය.
1985 වර්ෂයේදී ආරම්භකළ යාපනයේ උදයන් පුවත්පත 1987 වර්ෂයේ සිටිම ආරක්ෂක අංශ සහ ඒවායේ සහය ලබන සන්නද්ධ විවධ පිරිස් වෙතින් ප්‍රහාරයට ලක්වූ අතර 2006 වර්ෂයේදී උදයන් කාර්යාලය ගිනිතබනු ලැබීය. 1985 වර්ෂයේ සිට මේ දක්වා උදයන් පුවත්පතේ සාමාජිකයන් 5 දෙනෙක් ඝාතනය කර ඇති අතර විවිධ අවස්ථා ගණනාවකදී පහර දීම් සිදුකර ඇත.
2011 වසරේ ජූනි 29 වැනිදා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ ඥානසුන්දරම් කුගනාදන් වෙත ද එල්ලකරන ලද අති අමාණුෂික ප්‍රහාරයකට ලක් විය. ඒ හමුදා මුර පොළක පෙනෙන මානයේ දී ය. ඉන් පසු කූගනාදන් මහතාට සිය මාධ්‍ය ජීවිතයෙන් සහ යාපනයේ සිය උපන් බිමෙන් සමුගෙන ආරක්ෂාව පතා විදේශ ගත වීමට සිදුවුනි.
වසර 28 ක කාලසීමාවේ සිට මේ දක්වා උදයන් පුවත්පත් කාර්යාලයට සහ එහි මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ සිදුවීම් ගණන 28 කට වඩා වැඩිය. එහි ආසන්නම සිදුවීම ඊයේ(10) සිදුකල ප්‍රහාරය වුවත්, ඊට මාස කිහිපයකට පෙර යාපනය සරසවියේ සිසුන්ට හමුදාව විසින් පහරදීම වාර්තා කිරීමට ගිය උදයන් පුවත්පතේ මාධ්‍යවේදියකුට ද සිවිල් ඇදුමින් සැරසුනු බුද්ධි අංශ විසින් පහර දෙනු ලැබීය. මේ කිසිවකටත් අද දක්වා පිළීගත හැකි, සාධාරණ, අපක්ෂපාතී පරීක්ෂණයක් වත් පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි වී තිබේ. එපමණක් ද නොවේ උතුරේ පැය 24ම සක්‍රීය හමුදා පාලනයක් තිබෙන තත්ත්වයත් තුල මෙසේ පහරදුන් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට එම ආරක්ෂක අංශ වලට නොහැකි වූවේ ඇයි.? එසේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ප්‍රහාරයකයන් ආරක්ෂක අංශවල පහස ලබමින් මෙම මැර ප්‍රහාරයන් එල්ල කරන්නේ යැයි උතුරේ සමාජය සැක කිරීම මෙවන් සිදුවීම්වලින් සාධාරණීකරනය නොවන්නේ ද?
NOTE*
මාධ්‍යවේදී ගුණාලන්ට ඊයේ(10) පහරදීමට ආසන්න හේතුවක් ලෙස ඔහු සැකකරන, ඔහු විසින් ලියන ලද ලිපිය පහත දැක්වේ.(ඔහු ඒ පිළිබදව මෙසේ කියයි. ‘‘ඇයි කළේ කියා මම දන්නේ නැහැ. නමුත් පසුගිය ඉරිදා උදයන් පුවත්පතේ (සූරියකාන්ති) මාගේ නමින් ලිපියක් පළවුණා. වලිකාමම් මයිලිට්ටි ගම්මානට අයත් ජනතාව පිළිබඳ ඒ ලිපියේ සඳහන් වෙනවා. ඒ ලිපියේ හමුදා කි‍්‍රයාවන් සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පිළිබඳවත් මා ලියා තිබෙනවා. ඒ ලිපි නිසා මට එල්ල වූ ප‍්‍රහාරයටත් සම්බන්ධයක් ඇති බව සැකයක් තිබෙනවා…‘‘