‘‘ආණ්ඩුවක් ජනතාවට බිය විය යුතුවා මිස, ජනතාවක් ආණ්ඩුවකට බිය විය යුතු නැත’’
-ඇලන් මූර් (වී ෆෝ වෙන්ඩෙටා)
කුරිරු යුද්ධයක් මානුෂික මෙහෙයුමකැ යි හඳුන්වන ආණ්ඩුවක්.
නැවුම් හඩ අපේ දෙසවන් තුළ දෝංකාර දෙයි. නන්දිකාදල් සහ මුල්ලියවයික්කාල් වෙතින් නැගුණු හඩ. අචින්ත්‍ය භීෂණයේ සහ කටුක සන්තාපයේ රුදුරු කෑගැසීම්. එදා, මුලතිව් කොණේ, අත් ඔසවාගෙන, යටත්ව. අද කොළඹට යාබද වැලිවේරියේ, අත් ඔසවාගෙන, යටත්ව.
ජාත්‍යන්තර මානව නීතියේ මූලික ධර්මතා, මේ එක තැනකදීවත්, ආරක්ෂා කෙරුණේ ද? පැහැදිළි පිළිතුර, කොහෙත්ම ‘නැත’ යන්නයි.
සුජාත විරෝධයක්, මිනිසාගේ පරම අයිතියක් වන, බීමට වතුර ඉල්ලා දක්වන සුජාත විරෝධයක්, අතිශය කෲර අන්දමින් සහ අමානුෂිකව මැඩපැවැත්වීමට, හමුදාව සහ විශේෂ පොලිස් කාර්ය බලකාය යොදවන ආණ්ඩුවක්.
කිතුණු සහ මුස්ලිම් පල්ලිවලට මේ දක්වා 200 වාරයක් පහර දී ඇති ‘බොදුබල සේනා’ ෆැසිස්ට් නඩයේ අන්තවාදී ව්‍යාපාරය නිරතුරුව රකින සහ පෝෂණය කරන අතරේ, උත්ප‍්‍රාසවත්ව, අනිත් පැත්තට හැරී අතිගරු පාප් වහන්සේට ලංකාවට වඩින්නැ යි ආරාධනා කරන ආණ්ඩුවක්.
සාමාන්‍ය වකවානුවක සිදුවන දරුණුතම කාන්තා ඝාතනයක් තුළ කොටකතැන්නේ මුළු ගමක් වනසන පාහරයන් රකින ආණ්ඩුවක්.
ඝාතනය වන, දූෂණය වන, බලහත්කාරයෙන් කඩාවඩා ගැනෙන, නූරිවත්තේ කම්කරුවන්ගේ සහ පදිංචිකරුවන්ගේ කන් පැලෙන අඳෝනා නෑසෙන, එහෙත්, ඒ මහා වින්නැහියේ මහ එකාව= අත කොටාව= ආදරෙන් රැකබලාගන්න ආණ්ඩුවක්.
ප‍්‍රාදේශීය සභා සභාපති විදානපතිරණ සහ උගේ හත් බැලයන් මිනීමරද්දී සහ රංචු පිටින් ගැහැනුන් දූෂණය කරද්දී උන්ට රැකවරණය සපයන ආණ්ඩුවක්.
දුවකගේ කල්ක‍්‍රියාව ගැන ඔවදන් දෙන ගුරුවරියක් දණගස්සන තවත් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු රකින ආණ්ඩුවක්.
13 වියැති දැරියක් දූෂණය කරන අකුරැස්ස ප‍්‍රාදේශීය සභා සභාපති සරුවගේ සුනිල් නැමැති වසලයාට දඩුවම් නොදෙන ආණ්ඩුවක්.
රෝහල් තුනකින් ප‍්‍රතිකාර ගැනීමට තරම් වන අමානුෂික අයුරින් ගැහැනියකට පහර දුන් තවත් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු බලාකියාගන්න ආණ්ඩුවක්.
තවත් අනන්තවත් මිනීමරුවන් සහ දූෂකයන්ව නැවත නැවතත් රකින ආණ්ඩුවක්.
දහඩිය මහන්සියෙන් උපයාගත් විශ‍්‍රාම වැටුප රැුක ගැනීමට පාරට බට නිදහස් වෙළඳ කලාප තරුණයෙකු ඝාතනය කරන ආණ්ඩුවක්.
තමන්ගේම ප‍්‍රබල ආධාරකරුවෙකු ඝාතනය කළ ස්ත‍්‍රී දූෂකයෙකු, කාන්තා පීඩකයෙකු, තමන් කළ කිසි පවක් දැන් මතක නැතැ යි කියන අපරාධකාර මන්ත‍්‍රීවරයෙකු දෝතින් බදාගන්න ආණ්ඩුවක්.
කිසි ගී‍්‍රස් යකෙකු නීතිය ඉදිරියට නොගෙනා ආණ්ඩුවක්.
හිරගේකට කඩා වැදී බල්ලන් සේ සිරකරුවන් ඝාතනය කරන ආණ්ඩුවක්.
නගරය ලස්සණ කිරීමට තාප්ප කඩන, එහෙත් පුරවැසියන්ගේ නිදහසට තාප්ප බඳින, ආණ්ඩුවක්.
එක විට තකතිරු ද, කුරිරු ද වන එවන් ආණ්ඩුවක් හැඳින්විය යුත්තේ කෙසේද? ආසියාවේ නව ආශ්චර්ය යනු මෙය ද? ඒ ආශ්චර්ය තුළ මහින්ද යනු කවරෙක් ද? පොල්පොට් රාජපක්ෂ කෙනෙක් ද?
නායකත්වයක කෲරත්වයත්, මන්දබුද්ධිකත්වයත් එක්තැන් වූ විට එරටේ වැසියන්ට එය විසකුරු කෂායක් වන්නේය.
මේ කසල ගෝදාව කටක් නෑර බාරගන්නා පුරවැසියන් කවරාකාර ද? පෙන්දන් ද?
ගෝඨාමිනි හතුරුසිංහ
_____________________________________________________________________________________________________________________
2013 අගෝස්තු 6 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ A country in Crisis: A humanitarian War is not Human ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්