අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම, අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද(13) සවස කොළඹ සීඑස්ආර් ශාලාවේදී පැවැත්විය. නිදහසේ වේදිකාව සංවිධානය කර තිබු එම සාකච්ඡාවට මාධ්‍යෙව්දීන් මෙන්ම සිවිල් සංවිධාන වල නියෝජිතයන් ද සහභාගී වි සිටියේ ය. එම මාධ්‍ය සාකච්ඡාවට කරැණු දැක්වීම සදහා වලිකාමම් ප්‍රාදේශීය සභාවේ, සභාපති සුගිර්ධන්, අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු, මෙන්ම උතුරේ දී තම දරැවන් අතුරැදහන් වූ මව්වරැන්ද මෙයට පැමිණි සිටිය හ.
කෙසේ නමුත් මාධ්‍ය සාකච්ඡාවේ එකිනෙකා අදහස් දැක්වූ අතර ඔවුන් දැක්වූ අදහස් වලට කිසිදු චාරයක් නැතිව, තමන්ගේ නරැම කම පෙන්වමින්, ප්‍රධාන අදහස් දක්වන්නන්ගේ අදහස් වලට කිසිසේත්ම සම්බන්ධයක් නැතිව දිගින් දිගටම ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළ මාධ්‍ය බබෙක්(මොහු ප්‍රධාන ධාරාවේ මාධ්‍යක යැයි හදුන්වා දෙමින්) අසුන් ගෙන සිටියේ ය.( ඇතැම් විට මොහු ප්‍රධාන අදහස් දක්වන්නන් අදහස් දක්වන අතර නිදිකිරමින් සිටි බව ද දක්නට විය)
මාධ්‍ය බබාට කක්කා යයි.
වලිකාමම් ප්‍රාදේශීය සභාවේ, සභාපති සුගිර්ධන් සිය අදහස් දක්වමින් කියා සිටියේ තමන්ගේ ඉඩම් හමුදාවෙන් බලයෙන් අත්පත් කරගෙන ඇති බැවින් තමන් තවමත් දිවි ගෙවන්නේ අවතැන් වූවන් ලෙස බවයි.
දැන් මේ බබා සුගිර්ධන් ගෙන් මෙසේ ප්‍රශ්ණ කර සිටියි.
– දැන් වැල්ලවත්තේ ඉදලා කොළඹට බස් යනවා නේ, ඉතින් සංවර්ධනය නෙවේද? කොළඹ මිනිසු යාපනයේ යනවා,
– යාපනේ මිනිස්සු කොළඹ එනවා, ඉතින් මේවා සංවර්ධනය නෙවේද?
– කිලිනොච්චි බස්නැවතුම්පල, පරන්තන්වල බැංකු, ඒවා මුකුත් හදලා නැද්ද?
– කිලිනොච්චියේ, යාපනයේ ලංකා බැංකුවේ වැනි බැංකු වල ශාඛා ඇරලා තියනවනේ ඉතින් ඔයා කියන්නේ මේවා සංවර්ධනය නෙවේද? වැනි දේ අසමින් සිටියේ ය. අමතක කරන්න එපා මොහු ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත් පතක බබෙකි.
දැන් මේ මාධ්‍ය බබා හිතන්නේ රජතුමා හිතන විදිහටමයි. මේ මෝඩ බබා හිතන්නේ වැල්ලවත්තේ ඉදලා යාපනේට බස් යන එක සංවර්ධනය කියලා, මිනිස්සු නගර අතර එහා මෙහා යෑම සංවර්ධනය කියලයි. අඩුම තරමේ සංවර්ධනයේ හෝඩි පොතවත් නොකියවා ඇති මේ බබා ලියන ඒවා කොහොම ඇති ද කියලා හිතා ගන්න එක නරැමයෙකුට ඇරෙන්නට ඕනෑම කෙනෙකුට අපහසු දෙයක් නොවෙයි.(විශේෂයෙන් උතුරේ මිනිසාගෙන් මොහු මෙසේ අසන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි සිය නරැමකම නිසා ය) අනෙක මොහු කියන බැංකු කතාව, අඩුම තරමේ ආර්ථික විදයාෙව් මූළික න්‍යායන් පවා මේ මාධ්‍ය බබා නොදන්නා බව පැමිණි සියල්ලටම කියා දුන්නේ කලිසමක් ඇදගෙනය. අද උතුරේ සියලු බැංකු කරමින් සිටින්නේ පීඩිත දෙමළ මිනිසාට දැරිය නොහැති ණය කන්දරාවක් සීනි තවරා, සුන්දරකමින් වසා ඔවුන් මත පැටවීමය. සිය ජීවිත ණය වලින් වසා පරම්පරා ගණනක් ණය කරැවන් කිරීම ය. අවසානයේ ණය වලන් බේරීම සදහා සිය කනකර පවා උගස් කරන කාන්තාවන් අද උතුරේ බහුල බව මේ මාධ්‍ය බබා නොදන්නේ ද?
නිරන්තරයෙන් හමුදාවෙන් ජන ජීවිතයට තර්ජනය කරන, අතුරැදහන් කල තම සමීපතමයින් කොයි මොහොතේ හෝ ඒවි යැයි මග බලා සිටින අම්මාවරැන්, පියවරැන් දහස් ගණනක් දිවි ගෙවන උතුරේ, මරා දැමුණු තම දරැවා ගැන තවමත් හඩමින් ඉන්නා මව්වරැන්ට ඔවුන් සිහි කර පහණක් වත් පත්තු කරන්න මේ මිලිටරි පාලනය ඉඩ නොදෙන සමයක, බස්නැතුම්පලක් හැදුවහම සංවර්ධනය කියලා කියන්නේ කොහොමද? නමුත් මේ මාධ්‍ය බබා හිතන්නේ එලෙස නොවේ.
ඉඩම් හමුදාවෙන් අරගෙන, තවමත් අපි අවතැන් කියලා ඒ මිනිස්සුම කියන කොට, ඒ ගැන ප්‍රශ්ණ නොකර, මේ මාධ්‍ය බබා, වෙලා යැයි කියලා හිතන සංවර්ධනය ගැන ප්‍රශ්න එක තරම් නරුම කමක් තිබේද? අනෙක වලිකාමම්වල දහස් ගණනක් මිනිසුන්ගේ ඉඩම් ගැන ඔවුන් කතා කරනකොට, ඉඩම් ඉල්ලා ගිනි අවුවේ දවස් ගනනන් උද්ඝෝෂණය කරන කොට මේ බබා ලියන පත්තරේ හෝ කිසිදු දකුණේ සිංහල පත්තරයක්(කිහිපයක් හැරෙන්නට) ඔව්න් ගැන ලිව්වාද? ඔවුන්ගේ සාධාරණ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටියා ද? අඩුම තරමේ උතුරේ, යුද්ධයෙන් පසුවත් මාධ්‍යවේදීන්ට පහරදෙනකොට, මාධ්‍ය ආයතන ගිණි තියනකොට මේ බබා හිටියේ නිදාගෙනද..?
අවසානයේ කියන්නට වෙන්නේ නග්න ‘නරැමකම‘ පෙන්වා කලිසමේ ම කක්කා ගිය මේ මාධ්‍ය බබා දකුණේ අධිපතිවාදී මාධ්‍ය යේ හැසිරීම හොදින්ම පෙන්වා මුළු ශාලාවම ගද ගැස්සු බවය. දැන් මේ බබා ‘මම අද කොළඹ දී, යාපනයේ මිනිසාට හොදටම දුන්නා‘ යැයි සිතමින් නිදා ගනු ඇත. එසේම මෙය ගැන බර සිංහලෙන් හෙට ඔහු ලියන පත්තරේ මේ ගැන පළවෙන්නටත් බැරි නැත. නමුත් හීනෙන් හරි බලන්න. ගද දැනේවි. එසේත් නොමැති නම් හීනෙන් හරි ඇතුලෙන් ගිනි ගනීවි.
( ලියුම්කරැ මේ පුද්ගලයා පෙෘද්ගලිකව හදුනන්නේ නැති අතර, ඔහුත් සමග කිසිදු හොද හෝ නරක සම්බන්ධයක් ලියුම්කරැට නැති බැවින් මෙම සටහනේ අරමුණ පුද්ගලිකව කිසිදු අපහාසයක් කිරීම නොව මොහු විසින් ප්‍රශ්ණ කරන ලද සහ ප්‍රකාශ කරන ලද ප්‍රකාශයන්ගේ විකාරයන් පිලීබදව ප්‍රශ්ණ කිරීම බව කරැණාවෙන් සලකන්න)