]උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබදව ඩයස්පෝරා ජනතාවට කරැණු පැහැදිලි කිරීම සදහා දෙමළ ජාතික සංධාන නායක, පාර්ලිමේන්තු මංත්‍රී ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්තිරන් කැනඩාවට ගොස් සිටියදී(අගෝස්තු 10, ටොරන්ටෝ, කැනඩාව) එරට වෙසෙන දෙමළ ජාතික මාධ්‍යවේදීන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක සිංහල අනුවාදය පාඨක ඔබ හමුවේ තබන්නේ, උතුරේ ජනයා සමග දේශපාලන බලය බෙදා හදා ගැනීමට විරැද්ධව, මහා විනාශයකින් පසුව ද, දකුණේ දී ජාතිවාදීන් කරනම් ගසන මොහොතක දෙමළ දේශපාලඥයින්ගේ මතය මදක් හෝ විමසිලිමත්ව දන්න සිංහලෙන්වත් කියවන්නට ආරාධනා කරමිනි. [
Q.
නැගෙණහිර පළාත් සභාවක් ක්‍රියාත්මක වෙනවා. එහි මහඇමති කෙනෙකුත් ඉන්නවා, නමුත් දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන්, අයිතීන් ඒ ඔස්සේ ඉටුවෙන්නේ නෑ. එහෙම තිබියදී කුමන අධිෂ්ඨානයෙන් ද උතුරැ පළාත් සභාවට මහ ඇමති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේ?
දැනට පවතින පළාත් සභා ක්‍රමය දෙමළ ජනතාවගේ ගැටලු වලට ස්ථීර විසදුමක් නොවේ. සම්පූර්ණ වූ විසදුමකුත් නොවේ. උතුර සහ නැගෙණහිර දෙකට බෙදීමෙන් පසු පැවැත් වූ මැතිවරණයේදී දෙජාස තරග කලේ නෑ. හේතුව අපි උතුර සහ නැගෙණහිර බෙදීම පිළිගත්තේ නෑ. නැගෙණහිර පළාත් සභාවත් පිලි ගන්තේ නෑ.
අනිත් එක තමයි, ආයුධ වශයෙන් අරගල කර දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා ගන්න පුලුවන් යන ක්‍රියාවලිය අවසන් උනා. දෙමළ විමුක්ති කොටි සංවිධානය විනාශයෙන් පසුව පැවැත් වූ නැගෙණහිර මැතිවරණයට දෙජාස ඉදිරිපත් උනා. ඒ සභාව ඔස්සේත් අපේ ස්ථාවරය හෙළි කළ යුතුයි යන තීරණයට අපි පැමිණියා. එම මැතිවරණයෙදී සාමාජිකයින් 12 දෙනෙක් ජයග්‍රහණය කරා. ඉන් 11දෙනෙක් දෙජාස ඔස්සේ තරග කල අයයි. ඉතිරි පුද්ගලයා ආණ්ඩු පක්ෂය නියෝජනය කළ අයෙක්. එතුමාගේ ජයග්‍රහණය පිළිබදව බොහෝ ප්‍රශ්ණ තිබෙනවා. එහිදී මුස්ලිම් කොංග්‍රසය ආසන 7ක් ලබා ගෙන තිබුණා. අපේ පක්ෂය එක්ක එකතුවී නැගෙණහිර පළාත් සභාව පාලනය කරන්න තිබුණා. නමුත් මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට සහය පළ කලා. ආසන 4ක් ලබාගෙන සිටි එජාප ය අපිට සහය දෙන බවට පොරොන්දු උනා. මුස්ලිම් කොන්ග්‍රසය පක්ෂය නමින් ජනතාවගෙන් ඡන්ද ලබාගෙන පසුව ආණ්ඩුවට එකතු උනා. නමුත් එජනිස මුස්ලිම් ජාතිකයෙක් තමයි මහ ඇමති විදිහට පත්වෙලා තිබෙන්නේ.
දැන් ඒ සභාව ක්‍රියාත්මක වන්නේ නෑ. ආණ්ඩුකාර සහ මහ ඇමති ක්‍රියාකරන්නේ නැති බව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් ද චෝදනා කරනවා. විශේෂයෙන් තමාගේ කැමැත්ත අනුව පළත් සභාව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුකාරවරයා උත්සහ දරණවා. මහ ඇමති ද ඔහුට සහය දෙන බව මංත්‍රීවරැන් චෝදනා කරනවා. එමනිසා ඒ පළාත් සභාව නිදහස්ව ක්‍රියාකරන්න බැරි තත්ත්වයක් තමයි එහෙ තිබෙන්නේ.
දැන් ප්‍රථම වරට උතුරැ පළාත් සභාවට මැතිවරණයක් පැවැත්වෙනවා. මේ කාලය අනුව උතුරැ පළාත් සභා මැතිවරණයට තරග කර ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි. අනිත් එක දැන් අපේ ප්‍රශ්ණය ජාත්‍යන්තරකරණය වී තිබෙනවා. 2012 සහ 2013 ජිනීවා මානව හිමිකම් සමුලුවේදී තීරණයන් සම්මත උනා. ලංකාවේ ස්ථිර ප්‍රතිසංධානයක්, අවබෝධතාවක් ඇති වීමට නම් විසදුමක් අවශ්‍ය බව එහි දී පවසා තිබුනා. නමුත් ලංකා රජය එය ඉටු කරන බව අපට පෙනෙන්නේ නෑ. ඒ වෙනුවට ව්‍යවස්ථාවල වෙනස්කම් සිදු කිරීමට, විශේෂයෙන් බලතල ඉවත් කිරීමට බලය අඩු කිරීමට රජය උත්සහ දරමින් සිටයිනවා.
උතුරැ පළාත් සභාව ජයග්‍රහණය කිරීමෙන් ජාත්‍යන්තරයේ සහය සහ ජාත්‍යන්තරයෙන් ලංකා රජයට බලපෑමක් ඇති කරන්න පුලුවන්. ආණ්ඩුවට සහය පළ කරන පක්ෂය හෝ ආණ්ඩු පක්ෂය පළාත් සභාව ජයග්‍රහණය කිරීමෙන් මේවා ඉටු වන්නේ නෑ. අනිත් එක තමයි ස්වයං පාලන අයිතිය ලබා ගත යුතුයි යන ස්ථාවරයේ දෙමළ ජනතාව සිටිම පෙන්නුම් කිරීම සදහා අපි උතුරැ පළාත් සභාවට තරග කරනවා. දෙමළ ඩයස්පෝරාව වෙන ඔබලාගේ ඥාතීන් උතුරේ ජීවත් වෙනවා. ඒ අයට මේ පිළිබදව පැහැදිලි කර දෙමළ ජාතික සංධානය ජයග්‍රහණය කිරීමට එක්ව කටයුතු කිරීම මේ මොහොතේ ඉතා වැදගත්.
Q. උතුරැ පළාත් සභා මැතිවරණය නිදහස්ව සහ සාධාරණව තියේවී කියා ඔබට විශ්වාසද?
තිබෙන්නේ ඉතාම අඩු ප්‍රවණතාවක්.
17වන සංශෝධනය දැන් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නෑ. එම සංශෝධනය යටතේ, ස්වධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම තිබුණා. දැන් මේවා ක්‍රියාත්මක වන්නේ නෑ. මැතිවරණ සදහා පොළිස් නිළධාරීන් තෝරා ගැනීමට, මාධ්‍යට මැතිවරණ සම්බන්ධ නීතීන් ගැන උනන්දු කිරීමට සහ වෙනත් බලතල ද ඇතුලත් 17වන සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරයාට තිබුණා. දැන් ඒ ක්‍රියාදාමය නෑ. ඒ වෙනුවට දැන් මැතිවරණ සහ පොලීස් සේවාවන්ට නිළධාරීන් පත් කිරීමේ දී ආණ්ඩුව තමයි තීරණය ගන්නේ. ඒ නිසා මෙම සේවාවන් පිළිබදවත් අපට විශ්වාසය තබන්න බෑ. මැතිවරණ ක්‍රියාදාමයන්, ඡන්ද මධ්‍යස්ථාන, ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන යන මැතිවරණ වැඩපිළිවෙල නිසි ලෙස සිදුවෙයි, විශ්වාසනීය අන්දමට සිදුවෙයි, නිදහස්ව සිදුවෙයි, නීත්‍යානූකූලව සිදු වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඒ නිසාම තමයි අපි කියන්නේ, ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් පැමිණිය යුතුවා මෙන්ම ඔවුන් පැමිණීය යුත්තේ මැතිවරණයට පෙර සිටයි කියන දේ අපි කියනවා.
Q. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමිය ලංකාවට පැමිණිමට තීරණය කර තිබෙනවා. එතුමිය හමුවීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?
ඒ අවස්ථාව අනිවාර්්‍යයයෙන් අපිට ලැබෙයි. අපි ඇය සමග සාකච්ඡා කරනවා. ඇය උතුරැ පළාත සහ නැගෙණහිර පළාතට යන්න තීරණය කර තිබෙනවා. ඒ පිළිබද වැඩපිළිවෙල සිදුවෙමින් පවතිනවා. අපි මුහුණ දෙන ගැටලු පිළිබදව එතුමියට පැහැදිලි කරනවා.
Q. 2006 සාම්පූර් ප්‍රදේශයේ සිට අවතැන් කළ දෙමළ ජනතාව තවමත් කදවුරැවල ජීවත් වෙනවා. ඒ අය කවදා ද නැවත පදිංචි වෙන්නේ?
මේ පිළිබදව මම පෙරේදා පාර්ලිමේන්තුවේ දීත් කථා කලා. අවුරැදු 2කකට පෙර සාම්පූර් ජනයා යළි පදිංචිකරන බව ඇමති බැසිල් රාජපක්ෂ පොරොන්දු උනා. නමුත් ඔවුන් තවම නැවත පදිංචි කර නෑ. ඒ අය මේ ගැන කිසිදු උනන්දුවක් දක්වන්නේ නෑ. අවතැන් වූවන්ගේ ගැටළු සහ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම යන ප්‍රශ්ණ ජාත්‍යන්තර මට්ටමකට ගිහින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දිගටම අරගල කරනවා. වළිකාමම් ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හමුදාව අත්පත් කර ගෙන සිටිනවා. එම ප්‍රදේශයේ හමුදාපතිවරයාට මංදීරයක් ගොඩනගන අතර ගොල්ෆ් ක්‍රිඩාංගනයක් ද හදන්න තිරීණය කර තිබෙනවා. වගා කටයුතු වල ද හමුදාව නිරත වෙනවා. තමන්ට අයිති ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කළේ නැතිනම් ආණඩුවට විපාක වලට මුහුන දේන්න සිදු වෙයි.
Q. උතුර සහ නැගෙණහිර ජනතාවගේ නියෝජිතයන් වශයෙන් දෙජාස ක්‍රියා කරනවා. ඒ වගේම දෙමළ ඩයස්පෝරා ජනතාව වෙනුවෙන් දෙමළ ඊලාම් අන්තර්වාර රජය සහ ජනතා මණ්ඩලය තිබෙනවා. මේ සංවිධාන එක්ව දෙමළ ජනතාවගේ අයිතින් ලබා ගැනිම සදහා කටයුතු කරන්න පුලුවන්ද?
ඔබ කියූ සංවිධාන 3ට අමතරව තවත් වෙනත් සංවිධාන තියෙන්න පුලුවන්. ඒ සංවිධාන සමග සාකච්ඡා කිරිමට අපි ලෑස්තියි. ඒ අයගේ අදහස්වලට ඇහුම්කන් දෙන්නත් අපි සූදානම්. දෙමළ ජනතාවගේ අයිතින් ලබා ගැනීම සදහා ඔවුන් දරණ අදහස් අපි පිළිගන්නවා.
[Image Credit: www.omlanka.com]