[Image Credit:HRW]
රෑ වුණ අහස තරු නිහඬව ඔහෙ බලාගෙන
සොබමන් සුනිල් මිණි නිල් සඳ බැස ගොසින
නපුරින් අඳුර බර වුණු රැය පෙර සේ කරබාන
විලිකුන් සුරත් පල සේ ඇය සුනිලාන
–
අගක් මුලක් නැති යුග පැටලුන රටක
හඬක් නඟපු හඬ නපුරක් වුණ රටක
මලක් සුවඳ මිනිසත් බව මුසු කලෙක
මැණික් ගලක් එලියක් දුනි ඝණ රැයක
–
රජුන් රුපුන් දඩ කෙලියේ කැලෑවේ
මුවන් දිවිය රැක හැංගුන වෙලාවේ
මවුන් දුකින් වැළපුන මිහි තලාවේ
ඔවුන් ඉතින් රැකගත් මව ගියා වේ
–
සොඳුරු හඬක යට මොර දෙන අරගලය
අඳුරු කලෙක විය මොහොතක උරගලය
නිසරු බිමක කගපත ගෑ කරගලය
ගැඹුරු හදක හඬ පඨිතය මනහරය
–
සුනිලා සුනිල ගඟ යුක්තිය වෙත ගැලුව
මහිලා කමට වැඩියෙන් ළය මිනිසත්ව
මෙහිලා තබන සටහන් වේ ද්රෝහින්ව
සුනිලා ඔබට සුභ ගමනක් එක්සත්ව
උදය ආර්. තෙන්නකෝන් | Udaya R Tennakooon
2013 සැප්තැම්බර් මස 11 වැනිදා