Image : Fikalpa File | September 21, 2013 | Jaffna
“යුද්ධයෙන් පසුව බහුතරයට මුල් තැන දෙමින් ගෙන ගිය ස්වකීය ව්‍යාපෘතිය තුළින් උතුරේ ජනතාව තමන්ගෙන් ඈත් කරගෙන ඇති බව ආණ්ඩුව වටහාගත යුතුය. විශේෂයෙන්, සැලසුම්කරණයේ දී සහ සැලසුම් ක‍්‍රියාවට නැංවීමේ දී අදාළ ප‍්‍රදේශයේ ජනතාව සහභාගී කර නොගන්නා යෝධ යටිතල ව්‍යාපෘති මගින් සහ නිරතුරුව වර්ධනය වෙන හමුදාකරණය මගින් පෙන්නුම් කරන, ඉහළ සිට පහළට දිවෙන මධ්‍යගත ආණ්ඩුකරණ සහ සංවර්ධන පිළිවෙත ගැන රජය නැවත සිතා බැලිය යුතුව තිබේ. තවද, යුද කාලීන සහ පශ්චාත්-යුද කාලීන හමුදාමය පරිපාලනය, මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රීයව පත්කරගෙන ඇති සිවිල් පරිපාලනයට මාරු කිරීමේ අභියෝග ගැන ගැඹුරු අවබෝධයක් ද ආණ්ඩුවට තිබිය යුතුය. එනම්, නිර්-හමුදාකරණය ප‍්‍රමුඛ වැදගත්කමකින් යුතුව භාරගත යුතු බවයි. ඊළඟට, බලතල බෙදාහැරීමේ ක‍්‍රියාවලිය අඩාල කිරීමට ආණ්ඩුකාරවරයාගේ බලතල යොදාගත යුතු නැති බවත් වටහාගත යුතුව තිබේ. ඉඩම් සහ පොලිස් බලතල වැනි ප‍්‍රශ්න සංවාදයට ලක්ව තිබියදීම, උතුර සංවර්ධනය කිරීමටත් පරිපාලනය කිරීමටත් අවශ්‍ය කරන මුදල් ප‍්‍රතිපාදන එම සභාවට ලබා දීම තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වන්නේය.”
– ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’
2013 සැප්තැම්බර් 21 වැනි දා උතුර, වයඹ සහ මැද පළාත වෙනුවෙන් පැවැත්වූ පළාත් සභා මැතිවරණ තුන ගැන ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ මනා විමසිල්ලෙන් සිටියේය. එකී පළාත් තුනේම ඡන්දදායකයන් වැඩි වැඩියෙන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීම තුළින්, එම මැතිවරණ සාපේක්ෂ වශයෙන් නිදහස් සහ සාධාරණ විණැ යි යන තර්කය තහවුරු වුණි. මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තුව සහ කාර්ය මණ්ඩලයත්, දේශීය සහ විදේශීය මැතිවරණ නිරීක්ෂකයනුත් රඟපෑ භූමිකාව ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ අගය කරයි. දැන් මේ පළාත් තුනට තේරී පත් වූ මහජන නියෝජිතයන්, පුරවැසියන්ගේ සුභසිද්ධියත්, එම පළාත්වල යහපාලනයත් උදෙසා තමන්ට ලැබී ඇති ජනවරම අභ්‍යාස කළ යුතුව තිබේ.
උතුරු පළාත ගත් විට, 1988 න් පසු එම පළාත් සභාවට මැතිවරණයක් පැවැත්වු ප‍්‍රථම අවස්ථාව මෙයයි. එබැවින් ඊට වැඩි වැදගත්කමක් ලැබේ. යුද්ධය අවසන් වී වසර හතර හමාරක් ගතව ඇති අද එළඹ ඇති මෙම අවස්ථාව, රටේ සංහිඳියාව සඳහා වන මාවතේ අළුත් සහ කුඩා ප‍්‍රවේශයක් සලසා දෙයි. කෙසේ වෙතත්, අළුතින් ලද මේ ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය නිසි පරිදි භාවිතයට ගැනීම සඳහා අභියෝග බොහොමයක් ජයගත යුතුව පවතී.
එම පළාතේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහාත්, ඒ හා සමගාමීව, එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ බෙදාහදාගත යුතු දේශපාලන විසඳුමක් සඳහාත්, මධ්‍යම රජයත් උතුරු පළාත් සභාවත් සහයෝගයෙන් කටයුතු කළ යුතුව ඇත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ පැනෙන බලය බෙදාහැරීම එහි දී අතිශය වැදගත්කමක් දරයි. ආරක්ෂාව පිළිබඳ හැඟීමකින් යුතුව සංවර්ධන කාර්යයේ නියුක්ත වීම, භාවිතයෙන් මෙන්ම සමාජ සාරයෙන් ද තනි ශ‍්‍රී ලංකාවක පුරවැසියන් වශයෙන් තමන්ව අනන්‍ය කර ගැනීම සඳහා උතුරේ ජනතාවට අවශ්‍ය කෙරේ.
යුද්ධයෙන් පසුව බහුතරයට මුල් තැන දෙමින් ගෙන ගිය ස්වකීය ව්‍යාපෘතිය තුළින් උතුරේ ජනතාව තමන්ගෙන් ඈත් කරගෙන ඇති බව ආණ්ඩුව වටහාගත යුතුය. විශේෂයෙන්, සැලසුම්කරණයේ දී සහ සැලසුම් ක‍්‍රියාවට නැංවීමේ දී අදාළ ප‍්‍රදේශයේ ජනතාව සහභාගී කර නොගන්නා යෝධ යටිතල ව්‍යාපෘති මගින් සහ නිරතුරුව වර්ධනය වෙන හමුදාකරණය මගින් පෙන්නුම් කරන, ඉහළ සිට පහළට දිවෙන මධ්‍යගත ආණ්ඩුකරණ සහ සංවර්ධන පිළිවෙත ගැන රජය නැවත සිතා බැලිය යුතුව තිබේ. තවද, යුද කාලීන සහ පශ්චාත්-යුද කාලීන හමුදාමය පරිපාලනය, මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රීයව පත්කරගෙන ඇති සිවිල් පරිපාලනයට මාරු කිරීමේ අභියෝග ගැන ගැඹුරු අවබෝධයක් ද ආණ්ඩුවට තිබිය යුතුය. එනම්, නිර්-හමුදාකරණය ප‍්‍රමුඛ වැදගත්කමකින් යුතුව භාරගත යුතු බවයි. ඊළඟට, බලතල බෙදාහැරීමේ ක‍්‍රියාවලිය අඩාල කිරීමට ආණ්ඩුකාරවරයාගේ බලතල යොදාගත යුතු නැති බවත් වටහාගත යුතුව තිබේ. ඉඩම් සහ පොලිස් බලතල වැනි ප‍්‍රශ්න සංවාදයට ලක්ව තිබියදීම, උතුර සංවර්ධනය කිරීමටත් පරිපාලනය කිරීමටත් අවශ්‍ය කරන මුදල් ප‍්‍රතිපාදන එම සභාවට ලබා දීම තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වන්නේය.
උතුරේ අතිබහුතර ජන වරමක් ලබා සිටින දෙමළ ජාතික සන්ධානය, මැතිවරණ කාලය තුළ ජනප‍්‍රියත්වය තකා ප‍්‍රකාශයට පත්කරන ලද ඇතැම් භේදකාරී දේවල් ගැන ආපසු සිතා බැලිය යුතුව තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ එහි බෙදුම්වාදී දේශපාලනයෙන් ඈත් වී සංහිඳියාව සඳහා දෙමළ ජනතාවට නායකත්වය දීම දෙමළ ජාතික සංධානයේ වගකීමකි. එසේම, එක දිගටම විපක්ෂ දේශපාලනයේ නියැලී ඇති දෙමළ ජාතික සන්ධානයට දැන් උතුරු පළාත් සභාව පාලනය කිරීමේ භාරදූර වගකීම පැවරී ඇති තත්වය තුළ, එම ජනතාවගේ දෛනික අවශ්‍යතා කෙරෙහි තත්පර වෙමින්, ඔවුන්ගේ සමාජ සහ ආර්ථික ප‍්‍රගතිය සහතික කෙරෙන වැඩපිළිවෙලකට එම පක්ෂය අතගැසිය යුතුව තිබේ.
මෙම සන්දර්භය තුළ, ආණ්ඩුව, දෙමළ ජාතික සන්ධානය, ආරක්ෂක අංශ, නිලධාරී තන්ත‍්‍රය සහ වෙනත් සමාජ ආයතන ආදී සියලූ අංශ, මේ විවර වූ නව අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන උතුරේ ජනතාව නගා සිටුවීමින් රටේ ජාතික සංහිඳියාව ඇති කරවනු වස් එක්සත්ව එක්සිත්ව කටයුතු කළ යුතුව තිබේ. රජය පැත්තෙන්, දේශපාලන පක්ෂ පැත්තෙන් සහ පුරවැසියන් වන අපේ පැත්තෙන්මත් කෙරෙන ස්වයං-විමර්ශනයක් තුළින් එවැනි දේශපාලනික සහ ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම, අනාගත පරම්පරාවට සහ රටේ බහුත්ව සහජීවනය උදෙසා, අපෙන් ඉටු විය යුතු වගකීමකි.
ජයන්ත ධනපාල සහ අහිලන් කදිරගාමර්
‘ෆ‍්‍රයිඬේ ෆෝරම් වෙනුවෙන්:
මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර, ඩැනේෂ් කාසි චෙට්ටි, ගරු දුලිප් චිකේරා පියතුමා, සූරියා වික‍්‍රමසිංහ, මහාචාර්ය අර්ජුන අළුවිහාරේ, ආචාර්ය උපතිස්ස පෙතියාගොඩ, ඈන් අබේසේකර, ආචාර්ය දීපිකා උඩගම, ආචාර්ය, ඒ. සී. විශ්වලිංගම්, ආචාර්ය ජයසිරි පීරිස් පියතුමා, ෆය්ස්-උර් රහමන්, මහාචාර්ය කැමෙන් ගුණරත්න, සිතී තිරුචෙල්වම්, ඞී. විජයානන්ද, මහාචාර්ය රංජිණී ඔබේසේකර, ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න, තිස්ස ජයතිලක, දමාරිස් වික‍්‍රමසේකර, ශාන්ති ඩයස්, ජාවිඞ් යූසුෆ්, ආචාර්ය සෙල්වී තිරුචන්ද්‍රන්, ජේ.සී. වැලිඅමුණ, ආචාර්ය දේවනේසන් නේසයියා, රංජිත් ප‍්‍රනාන්දු, මනෝරි මුත්තෙට්ටුවගම, චන්ද්‍ර ජයරත්න
##
2013 ඔක්තෝබර් 5 වැනි දා ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ නිකුත් කළ Provincial Council Elections & The Opportunities නැමැති නිවේදනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්