2002 වසරේ සැප්තැම්බර් 28 වන දින බල්ගේරියාවේ සොෆියා හිදී රැස් ව,ූ ලෝකයේ විවිධ රටවලින් පැමිණි තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව තොරතුරු වෙත ඇති නිදහස වෙනුවෙන් හඬ නගන්නන්ගේ ජාත්‍යන්තර ජාලයක් පිහිටුවා ගත්හ. (FOIA Network) තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය ආරක්ෂා කිරීම සහ විවෘත, පාරදෘශ්‍ය ආණ්ඩුකරණ ක්‍රියාවලියක් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමේදී සහයෝගශීලිව ඒකාබද්ධව ක්‍රියාකිරීමේ අරමුණ ඇතිව මේ එකතුව පිහිටුවා ගනු ලැබිණි. මොවුහු සැප්තැම්බර් 28 වන දින ලෝක තොරතුරු දැන ගැනිම සඳහා ඇති අයිතිය සමරන දිනය වශයෙන් නම් කළහ.
තොරතුරු වෙත ඇති අයිතිය වනාහි අනෙකුත් මානව හිමිකම් ආරක්ෂා කරගැනිම සඳහා පදනම් වන මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඳප්තිවල සඳහන් වෙයි. එක්සත් ජාතීන්ගේ විශ්ව හිමිකම් ප්‍රකාශනයේ 19 වන වගන්තිය මගින් තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳව අවධාරණය කර ඇත. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සඳහා වන එත්සක් ජාතීන්ගේ සම්මුතියේද 19 වන වගන්තිය මේ පිළිබඳව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ පාර්ශකකරුවෙකු බව අමතක නොකළ යුත්තකි.
ශ්‍රි ලංකාවේ තත්ත්වය
දේශපාලනික වශයෙන් අතිශයින් දූෂණයට ලක් ව ඇති අප රටේ රජයේ ක්‍රියාකාරිත්වයන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා ජනතාවට ඉඩක් නැත. ජනතාව වෙනුවෙන් යයි කියමින් ක්‍රියාත්මක වෙන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව ජනතාව අවශ්‍ය පරිදි දැනුවත් කරන්නේ නැත. කෝටි ගණනින් ලැබෙන සංවර්ධන ආධාර මුදල් වලට මොනවා වෙනවාදැයි ජනතාව දන්නේ නැත. රජය විදේශ බහුජාතික සමාගම් සමග එළඹෙන ගිවිසුම් මොනවාදැයි ජනතාව දන්නේ නැත. ලෝක බැංකුවෙන් සහ වෙනත් ජාත්‍යන්තර මූල ආයතනවලින් කෝටි ගණන් ණය ලබා ගැනිමේදි රජය එකඟ වන කොන්දේසි මොනවාදැයි ජනතාව දන්නේ නැත.
ත්‍රස්තවාදය වැළැක්වීම යයි කියමින් සාමාන්‍ය පුරවැසියාගේ තොරතුරු දැන ගැනිමේ අයිතිය දිනෙන් දිනම පදාස පිටින් කප්පාදු කර දමයි. මාධ්‍ය නිදහසට එල්ල වන අතොරක් නැති තර්ජන හමුවේද අමු අමුවේ උල්ලංඝණය වන්නේ තොරතුරු වෙත ප්‍රවේශ විම සඳහා ජනතාව වෙත ඇති අයිතිය මිස වෙන කවරක්ද?
ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන
ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තිය මගින් ප්‍රකාශනයේ නිදහස සඳහා ඇති අයිතිය පිළිගෙන ඇති මුත් තොරතුරු වෙත ඇති අයිතිය පිළිබඳ කිසිදු වගන්තියක් එහි ඇතුළත් වී නැත.
ඒ වෙනුවට ජනතාවටට තොරතුරු ලබා ගනීමෛ් අයිතිය සීමා කරන නෛතික ප්‍රතිපාදන ගණනාවක්ම ඇත.
1955 රාජ්‍ය රහස් පනත
1973 පුවත්පත් මණ්ඩල පනත
1947 මහජන ආරක්ෂාව පිළිබඳ ආඳාපනත
1973 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
ආදිය ඒවායින් කිහිපයකි.
සිවිල් සමාජයෙන් උස්ඝෝෂණ
කෙසේ වුවත් තොරතුරු වෙත ඇති අයිතිය සඳහා වන උද්ඝෝෂන ව්‍යාපාරයක් දීර්ඝ කාලයක පටන් ශ්‍රි ලංකාව කුළ ක්‍රියාත්මක වේ. ස්වාධීන මාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් එකතුව දියත් කරන මේ ව්‍යාපාරයේ වැදගත් අවස්ථාවක් වූයේ 2003 වසරේදී තොරතුරු වෙත ඇති නිදහස පිළිබඳ ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීමයි. (ත්‍රුැාදප ද ෙෂබදෙරප්එසදබ ඊසකක)
නමුත් අනිකුත් බොහෝ ප්‍රගතිශීලි ප්‍රයත්නයන්ට අත්වු ඉරණමම මේ ලියවිල්ලටත් අත් වී ඇත. තවමත් එය ලියවිල්ලකින් එහාට ගොස් නැත.
අපේ අසල්වැසි රටේ තත්ත්වය සාධනීයය. එහි තොරතුරු වෙත ඇති නිදහස පිළිබඳ පනත ව්‍යවස්ථාවට ඇතුල් වූයේ 2005 දීය.
අප රටේ තත්ත්වය වඩ වඩා නරක අතට හැරෙමින් පවතී. කිසිදු අවි ගනුදෙනුවක් පිළිබඳව මාධ්‍ය මගිනි හෙළිදරවු කිරීම තහනම් කිරීමට අවශ්‍ය නීතියක් ගෙන ඒමේ කතාබහක් ද ඊයේ පෙරේදා ඇසිණි.
ලෝකයේ රටවල් එකතු වී තොරතුරු වෙත ඇති නිදහස සඳහා වන දිනය සමරන අද, ශ්‍රි ලාංකිකයන් වන අපි දරුණු සීමා කම් සහ මර්දන අණ පණත් හමුවේ, මේ මුලික අයිතිය දිනාගැනීිම උදෙසා විශාල හඬක් නැගිය යුතු නොවන්නේද?