(Image : 1988/1989 කාලයේ මරා දමනු ලැබී යැයි සැක කරන මළසිරැරැ කොටස් සහිත සමූහ මනීවලක්, මාතලේ)
ටයර් කර වුණු
රෑ යම ඇවිලූ
කළු දුමාරය ඉතිරි කළ
අලුයම අහසේ
නිහඬ සාක්ෂි හැර ගියා
|
තාර ගඳ හා මුහුව පැතිරුණු
දැවී කර වුණු
මිනිසා කවරහු ද
දවසින් දවසසොහොන් හන්දියක් වූ
|
ඇස් බැඳ
අත් පිටුපසට
දැවි දැවී
නානදුනන හැඩයකට
හිස
අත් පා
විලිස්සා ගත් කැබලි
දැවුණු හේනක
පැහැය ගත් දරදඬු විලස
|
අහවලා දෝ යැයි
දැවෙන අළු වෙන
ටයර් කම්බි මත රැඳුණු
රූප කය විරූපය
|
ඈතක හිටන්
අනාවැකි කියන හඬ
කටක් නාරින මිනිසුන්
තොල් මතුරා ගිය අඩිපාර
මැකී ගොස්ය
|
අම්මාවරුන් වැළපුණු
පියවරුන් ගල්වුණු
නෑ සියන් අහලක නොගැවසුණු
පරපේ හංදිය
එක හංදියකි
බෙදුනු සළකුණු මං ඇති රටෙහි
|
ඉල් මහක් නොඉල්ලූ
ද්‍රෝහියෙක් විරුවෙක්
හැඳුනුම් පතක් නැති වූ
මතකයක අර්ථය මතක් කර
සළකුණු නොමැති
හැම හංදියකම
මෙල්ස් මාකැස්චේ | Mels Macasche