(Channel 4 මාධ්‍යවේදීන් උතුරේ කළ සංචාරය පිළිබදව නොළියවුනු සටහනක්)
දැන් චෝගම් හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුලුව අවසන් වී ඇත. කිසි කෙනෙකුට එහි කිසිදු දෙයක් මතක නැති සේයකි. දැන් ඉද හිට දක්නට ලැබෙන්නේ චෝගම් රෑන් පෙත්ත කුණු බක්කි වල පටවා ගෙන යන දර්ශණය. ඒ වගේම රටේ දුප්පත්කම පසෙකලා කොළඹ හැඩ කරන්න ගත්ත ණය බේරා ගන්න බැරැව කොළඹ නගර සභාව ඉද හිට නගන කන් කෙදිරියයි.
අනෙක් පසින්, චැනල් ෆෝ මාධ්‍ය කණ්ඩායමට, ගුවන් තොටුපලේ සිට චෝගම් අහවර වන තුරැත් විවිධ කෙණහිලිකම් කරමින්, විරෝධතා පවත්වමින්, චන්ඩි පාට් දැමූ සියලු දෙනාට චැනල් ෆෝත් අමතක වී ඇති සේයකි.
නමුත් නැවතත් මේ මතක් කිරීම එහිදී සිදු වුනු දකුණ නොසිතූ, දකිමින් නමුත් නොදැක්කා යැයි සිටි ‘දෙයක්‘ පිළිබදව ය.
චෝගම් කෙසේ වෙතත් එයට සමගාමීව චැනල් ෆෝ මාධ්‍ය කණ්ඩායම උතුරේ සංචාරය කළ බව කවුරැත් දන්නා කරැණකි. ඒ සංචාරය අතරතුර උතුරේ වීදිවල මිනිසුන් විසින් තමන්ගේ මරා දැමුණූ, අතුරැදහන් කළ සිය සමීපතමයින්ගේ ඡායාරෑප රැගෙන චැනල් ෆෝ මාධ්‍ය වේදීන් ඉදිරියට පැමිණීමට උත්සහ කළේ කිසිත් කර කියා ගත නොහැකි තත්ත්වය නැවතත් කියා පාමිණී. එපමණක් ද නොව කිසිදා හමුව නැති චැනල් ෆෝ මාධ්‍යවේදීන් වැළද ගනිමින් ඔවුන්ගේ දුක කියා ගන්නට උත්සහ කළේ රාජපක්ෂ පොලීසියේ අනේක විද බලපෑම් සහ බාධා කිරීම් හමුවේ ය.
නමුත් ඔවුන් ඔවුන්ගේ ධෛර්ය කියා පාමින් හැකි උපරිමයෙන් ඔවුන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා සිටියේ ‘ලංකාවේ මාධ්‍යවේදීන්‘ ගෙන් නොව විදෙස් රටක මාධ්‍යවේදීන්ගෙනි. එය එසේ වනවිට, රෑ දවල් නැතිව උතුරේ මිනිසුන්ට දකුණේ ආණ්ඩු විසින් සිදු කරා යැයි කියන සංවර්ධනය ගැන කියාපාන ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන්ට එම පිළිගැනීම ලබා ගැනීමට නොහැකි වූයේ ඇයි? ත්‍රස්තවාදීන්ගෙන් දෙමළ ජනයා බේරාගත්තා යැයි දැනුදු වමාර, වමාර පවසන දකුණේ බොහෝ මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ව මෙසේ පිළිගැනීමට ලක් නොවන්නේ / ලක් නොවුයේ ඇයි?
මේ සම්බන්ධයෙන් ලංකාවේ කිසිදු මාධ්‍යක් තමන්ගේ අධිපතිවාදී ඇස මෙයට යොමු කළේ නැත. මෙයින් නැවතත් ප්‍රකාශ වන්නේ, ලංකාවේ මාධ්‍යට/ බොහෝ මාධ්‍යවේදීන්ට එසේ කිරිමට තරම් ගැඹුරැ මනුෂ්‍යත්වය පිළිබදව අදහසක් නොමැති බව ද? පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් ලංකාවෙන් පිටුවහල්ව දිවි ගෙවන මාධ්‍යවේදියෙක් සමග ‘විකල්ප‘ වෙබ් අඩවියේ සම්පත් සමරකෝන් විසින් සිදු කළ සාකච්ඡාවක සාරාංශගත සටහනකි.
##
යාපනයේ වීදි වල දී යාපනයේ දෙමව්පියන් විසින්, බ්‍රිතාන්‍ය යෙන් ආපු ජනමාධ්‍ය කරැවෝ වැළද ගන්න එක සහ ඒකෙන් පෙන්නුම් කරන දේශපාලන පණිවිඩය තමයි කොතරම් බරපතල, ගැඹුරැ අපේක්ෂා භංගත්වයත් දෙමළ සමාජය ඇතුළේ තියනවා ද කියන එක. මේ අපේක්ෂා භංගත්වය කියන එකෙන් අදහස් කරන්නේ තමන්ට වෙච්ච අයුක්තිය පිළිබදව යුක්තියක්, සාධාරණයක් ඉටු කර ගන්න නම් රටෙන් බැහැර කෙනෙක් ඇවිල්ලා ඒක දැක්කොත් මිසක් එහෙම නැතිව යුක්තියක්, සාධාරණයක් ඉටු කර ගන්න විදිහක් නැහැ කියන ප්‍රකාශය තමයි එහි තිබෙන්නේ. ඒක සාමුහික ප්‍රකාශයක් විදිහට ගත්තොත්, විශේෂයෙන් දෙමළ සමාජය, දෙමල සමාජයට ඉතාම ගැඹුරට මුල් බැහැපු ඉච්ඡා භංගත්වයක් තිබෙන බව මේකෙන් පෙන්නුම් කරනවා.
දැන් මෙයට සමාන ත්ත්වයක් මීට අවුරැදු 20කට 25කට ඉස්සෙල්ලා දකුණේ සමූල සංහාරයන් වෙච්ච වෙලාවේදී සිදුවුනා. එක්තරා කාලයක් තිබ්බා දකුණේ මාධ්‍ය කරැවන්ට දකුණේ ගම්මාන වලට ගියාම මිනිස්සු ඉතාම වුවමනාවෙන් තමන් ගේ දුග්ගැනවිලි කියන ත්ත්වයක් තිබුණා. ඒ වකවානුවේ දකුණේ සිංහල ජනමාධ්‍ය සිය පුවත්පත් වල වෙනම පිටු පවා කළා අතුරැදහන්කිරීම් වලටම වෙන් වෙච්ච. උදාහණයක් විදිහට කියනවා නම්, එක්තරා පුවත්පතක ‘අතුරැදහන් වූවන්ගේ කොමිසම‘ කියලා පිටුවක් තිබ්බා. මේ පිටුවට ආපු ලියුම් පොහොර කවරවල දාලා තමයි එම පුවත්පත් කාර්යාලයේ තිබුණේ. එච්චර ලියුම් ප්‍රමාණයක් මේ පත්තරවලට ආවා.
එතකොට ඒ වෙලාවේ විදේශ මාධ්‍යකරැවෝ විශේෂයෙන් මැදිහත් වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. මොකද, දකුණේ සිංහල මාධ්‍ය එතන ගොදුරැ බවට පත් වෙච්ච අය සිංහල නිසා සිංහල මාධ්‍ය විශාල අවකාශයක් දුන්නා. විශේෂයෙන් දකුණේ අතුරැදහන් වුවන්ගේ පවුල්වල ට යුක්තිය ඉෂ්ඨ කර ගැනීම සදහා මාර්ගයක් වශයෙන් එතනදී ජනමාධ්‍ය පාවිච්චි කරා. දැන් එහෙම තත්ත්වයක් දෙමළ වින්දිතයන්ට උරැම කර දෙන්න වුවමනාවක් ලංකාවේ ජනමාධ්‍යන්ට නැහැ.
එහෙම නැතිකම ඇතුලේ ඒ හිදැස පුරවන්නේ විදේශ ජනමාධ්‍ය විසින්. විදේශ ජනමාධ්‍යකරැවෝ ලංකාවට ආවම ඔවුන්ව වැළද ගන්න දෙමළ මිනිසුන්ට සිද්ධ වෙන එකෙන් පෙන්නුම් කරන්නේ ඇත්තටම දකුණේ ජනමාධ්‍ය කොයිතරම් දුරට තමන්ට තිබෙන මූලික, මූලධාර්මික, මානුෂීය වගකීම ඉෂ්ඨ කිරීම පැහැර හැරලා තියනවද කියන එක. ඊට වඩා දෙයක් එතනින් පෙන්නුම් කරන්නේ නැහැ.
දැන් අනිත් පැත්තෙන් පොදු මතයක් තිබෙනවා ජනමාධ්‍ය තුළ, උතුරට අදාලව – ‘‘උනදේ උනා. යුද්ධයකදී ඒතරම් සිද්ගන්නා සුලු දේවල් නෙවේ සිද්ධ වෙන්නේ, ඒ නිසා සිදුවුනු දේවල් අමතක කරලා, දැන් ඉදිරියට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරන්න තිබෙන්නේ. ආපහු සැරයක්. හැම පැත්තෙන්ම මැරැණ කියන කරැණ අමතක කරලා, වගේ අදහස්.‘‘ දැන් මේ තර්කය බැලුවොත් අපි දන්නවා, 1987 -89 කාලේ දකුණේ නැගිටීම මර්දනය කලාට පස්සේ අපි 1994 වෙනකොටත් සමූහ මිනී වළවල් හාරනවා. 1994 තමයි සූරියකන්ද මිනීවල හැරැවේ, 1995 තමයි හෝකන්දර මිනී වල හැරෑවේ, 1996 තමයි දිවුලපිටියේ මිනීවල හැරැවේ. දැන් එතකොට දකුණේ සංහාරය ඉවරවෙලා අවුරැදු 6ක් යනකොටත් දකුණට හැකියාවක් තිබුණේ නෑ, තමන්ගේ සාමූහික මතකය අස්සේ ඇති වෙච්ච කම්පනයෙන් මිදෙන්න.
දේශාපලන පක්ෂ තමන්ගේ දේශපාලන සාර්ථකත්වය හෙව්වේ මේ කියන සමූහ මිනීවලවල් හොයමින්. බටලන්ද වධකාගාරය පිළිබදව හරි, දිවුලපිටියේ රජයේ සමූහ ගොවිපලේ පවත්වාගෙන ගිය වධකාගාරයේ හරි මේ පිළිබදව ඇති වී තිබූ තත්ත්වයන් ඒ වෙනකොටත් ලංකාවේ දේශපාලනයේ වැදගත් සිදුවීම් විදිහට සැලැකෙමින් තිබුනේ.
නමුත් දෙමළ මිනිසුන්ට අදාලව අපි හිතනවා අවුරැදු 4ක් ගියාට පස්සේ, ‘‘දැන් ඉතින් ඔක අමතක කරලා දාන්න පුලුවන්නේ, ඕක දිගින් දිගටම පැටලෙන්න දෙයක් නෙවේනේ, දැන් පාරවල් හැදිලා තිබෙන්නේ, ගොඩනැගිලි හැදිලා තියෙන්නේ, ඉස්සරට වඩා ටෙලිවිෂන්, හෑන්ඩ්ෆෝන් වැඩ කරනවා, ඒක නිසා දැන් දෙමළ මිනිසුන්ට පුලුවන් මේ සියලු දේවල් ගැන හිතලා ඉන්න‘‘ දැන් මේ යෝජනා කරන්නේ කුමක්ද? තමන්ට ලැබෙන භෞතික සුවපහසුවක් සම්බන්ධයෙන්, ඒ ලැබෙන භෞතික සුවපහසුව හුවමාරැ කර ගන්න කියලා, තමන්ගේ මිය ගිය අය පිළිබදව තමන්ට තියන මතකයත් එක්ක. දැන් මේක සමාජයකට කරන්න බැරි දෙයක් නේ.
දැන් උදාහරණයක් විදිහට ඩේලිමිර්ර් පුවත්පත(November 19, 2013) කතුවැකියක් ලියලා තියනවා, ඒ කතුවැකියේ කියනවා, ‘‘උතුරේ වීදිවලට දෙමව්පියෝ ඇවිල්ලා ඩේවිඩ් කැමරන්ට සහ බ්‍රිතාන්‍යෙයන් ආපු ජනමාධ්‍යවේදීන්ට පිංතුර පෙන්නපු බව ඇත්ත. හැබැයි එක දෙයක් හැමෝම අමතක කරනවා කියලා. මේ පිංතූරවල ඉන්න හැමෝම, මේ දෙමව්පියන්ගේ දරැවොත් ත්‍රස්තවාදීන් කියලා.‘‘
දැන් ප්‍රශ්ණය තිබෙන්නේ, පළවෙනි කාරණය තමයි, නීතිමය වශයෙන් කවුරැත් දන්නවා ත්‍රස්තවාදීන් මරන්න පුලුවන් කියලා. කවුරැත් ඒ ගැන කම්පා වෙන්න අවශ්‍යත් නෑ, ඒ පිළිබදව යුක්තිය ඉෂ්ඨ කරන්න ඕනෙත් නෑ. ත්‍රස්තවාදය කියන නිර්වචනය සාර්වතික වශයෙන් ඔක්කොම එකග වෙච්ච අදහසක් විදිහට තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ.
දැන් මේ තර්කයම 1989ට ආදේශ කරොත්, 1994/1995 කාලේ ඔය මිනී වළවල් වලින් ගොඩගත්ත මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධයිනේ. ඒ කාලේ පැවතිච්ච ආණ්ඩුවට, නීත්‍යානූකූලව බලයට පත් වුනු ආණ්ඩුව, ‘බලයෙන්‘ පෙරලන්න, තරැණයෝ එකතුවෙලා ගහපු සන්නද්ධ කැරැල්ලක්. එතකොට ඒ සන්නද්ධ කැරැල්ලේ මිය ගිය අය ආණ්ඩුවේ නිර්වචනය අනුව ත්‍රස්තවාදීන් තමයි. නමුත් කිසිම කෙනෙක් ‘මව් පෙරමුණට‘ කිව්වේ නෑනේ, විශේෂයෙන් නව නගර ශාලාව පිරෙන්න මව්වරැ කැදවලා කොළඹ පෙළපාලී යද්දි, පාදයාත්‍රා යද්දි කිසි කෙනෙක් කිව්වේ නෑ, සිංහල මව්වරැන්ට, මේ ත්‍රස්තවාදීන්ගේ මව්වරැ, ඒගොල්ලෝ අරන් යන පිංතුර වල ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්ථ ක්‍රියාවලට සම්බන්ධ අය යි කියලා.
දැන් මේකෙන් පෙන්නුම් කරන්නේ දකුණෙ ජනමාධ්‍ය වල තිබෙන ලැජ්ජා සහගත අසංවේදී කම, අනෙක් කාරනය තමයි වර්ගවාදී මලපුටුවෙන් ගැලවෙන්න කිසිම හැකියාවක් නැතිකම.
අනිත් එක රාජ්‍ය මර්දනයට ගොදුරැ වෙච්ච මේ මිනිස්සු වෙන් කරන එකම බෙදුම් රේඛාව තියෙන්නේ ඒ වින්දිතයින්ගේ වාර්ගික අනන්‍යතාවයේ විතරයි. වෙන කිසිම දෙයකින් මේක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ වාර්ගික අනන්‍යතාවය මත දකුණේ ජනමාධ්‍ය තීරණය කරනවා, දෙමළ මිනිස්සු කම්පා වෙන එක තේරැමක් නෑ. තමන්ගේ දරැවෙක් මැරැණා වෙන්න පුලුවන්, ඒත් දැන්, සෙල්ෆෝන් ලැබෙනවා, පාරවල් ලැබෙනවා දැන් මේවා අමතක කරලා දාන්න පුලුවන්. දැන් ඊටත් වඩා වැදගත්ම දේ මේ මැරිච්ච අය ත්‍රස්තවාදීන්නේ, ත්‍රස්තවාදීන් මරළා ඒ ගොල්ලන්ගේ සොහොන් කොත් පවා බුල්ඩෝසර් කරාට පස්සේ, ආයේ පාරවල් වල පිංතූර අරන් යන අම්මලා කියන්නේ එච්චර සැළකිල්ලට ගත යුතු කාරණාවක් නොවෙයි කියන එක.
ඒ නිසා දෙමළ මිනිස්සු විසින් දකුණේ ජනමාධ්‍ය වැළද ගන්නේ නැති එක ගැන පුදුමයක් නෙවෙයි වගේම දකුණේ ජනමාධ්‍යටත් කිසිදු හැකියාවක් නෑ මේ ප්‍රශ්ණයේ ගැඹුරවත් තේරැම් ගන්න. තමන් එකග වුනා හෝ නොවුනා හෝ මේ ප්‍රශ්ණය කොයිතරම් මානුෂික ගැඹුරක් තිබෙන ගැටලුවක් ද කියලා තේරැම් ගන්න තරම් සංවේදී කමක් දකුණේ ජනමාධ්‍යන්ට ඇත්තේම නැහැ.
##
දකුණේ ඒ කාලේ ජනමාධ්‍ය කරැවෝ ප්‍රසිද්ධ උනේ 1988/89 වගේ කාලවල් වල තිබුණූ දේශපාලන දේවලුත් එක්ක. දැන් උදාහරණයක් ගත්තොත්, සුනිල් මාධව ප්‍රේමතිලක. ආරියරත්න දොඹගහවත්ත. වදාකඩ නවරත්න. දිවයිනේ කුලරත්න කුරැකුළසූරිය. දැන්මේ නම් කියපු අය ලංකාවේ සමාජය ඇතුළේ විශාල වශයෙන් ප්‍රසිද්ධ උනේ 1989 වෙච්ච විනාශයන් සිද්ධියෙන්, සිද්ධිය …සිද්ධියෙන්, සිද්ධිය මේ ගොල්ලො ලිව්වා. දෙමව්පියෝ මේ ගොල්ලෝ හොයාගෙන ආවා. උදාහරණයක් විදිහට සෙවනගල වගේ තැන්වල මැරැණ දරැවන්ගේ දෙමව්පියෝ පත්තර කාර්යාලවලට හොයාගෙන එනවා.
දැන් දෙමළ මිනිසුන්ට යන්න තැනකුත් නැහැනේ. කොහෙද යන්න තියෙන්නේ. ඉතාමත් අහම්බයකින් චැනල් ෆෝ එකේ මාධ්‍යකරැවෙක් යාපනේ වීදියක පාතූර්භූත වීම විතරයි දෙමළ මිනිසුන්ට තිබෙන ප්‍රාතිහාර්්‍යය. ඊට වඩා දෙයක් නැහැ. එක සිද්ධියක් සම්බන්ධයෙන් ලියන්න දකුණේ පුවත්පත්වලට හැකියාවක් නැහැ. නමුත් ඒකට තිබෙන රාජ්‍යමය සීමාව වෙනම දෙයක්. නමුත් එවැනි රාජ්‍ය සීමාවන් සමග එක්තරා කාලවලදී ජනමාධ්‍යකරැවන් හැප්පිලා තිබෙනවා. ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලේ තිබුණ මර්දනයන් හෙලි කරන්න, මිනිස්සුන්ට වෙඩි තබද්දි, මරද්දී, පැහැරගෙන යද්දී, මිනිස්සු ඒවත් එක්ක හැප්පිලානේ ඉඩ කඩ හදා ගත්තේ.
දැන් මේ ප්‍රශ්ණයේදී ඒක එන්නේ නැත්තේ මොනවත් නිසා නෙවෙයි, වින්දිතයා දෙමළ වීම නිසා. මේක නිකං සදාචාර වගකීමක් විතරයි. ඕන නම් ඉටු කරන්නත් පුලුවන්, ඔන නම් අතහරින්නත් පුලුවන්. ඉන් එහාට ගිය දේශපාලන වගකීමක් නැහැ මේක කල යුතුමයි කියලා. නැතිනම්, මනුෂ්‍යින් විදිහට, මිනිස් යුක්තිධර්මයන් අනුව ඕන නම් අපිට ලියන්න පුලුවන්. ලිව්වොත් හොදයි, නොලිය හිටියත් කිසිම ප්‍රශ්ණයක් නැහැ, කියන අදහස නේ තිබෙන්නේ. නමුත් සිංහල සමාජයේ පාඨකයන්ට කොහොමද විකුණන්නේ 1989 විනාශය ගැන නොලියා. සිංහල සමාජයේ පාඨකයන්ට විකුණන්න බැහැ නේ ඒ වෙච්ච සංහාරය ගැන වචනයක්වත් නොලියා. ඒ සංහාරය යටපත් කරලා. ඒ සංහාරය දැන් ඉවරයි, ඒක නිසා ඕවා හාරලා වැඩක් නෑ කියලා පත්තර විකුණන්න බැනේ දකුණේ.
ඕකයි දකුණේ මාධ්‍ය සිතන විදිහ.
##
චැනල් 4 මාධ්‍යවේදීන් උතුරේ කළ සංචාරය පිළිබදව ඡායාරෑප සහ වීඩියෝ සටහනක්..