කර්තෘ සටහන -ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඹහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ වික්‍රමතුංග ඵීසින් ලසන්ත ඝතනයට ලක්වී වසරක් පිරෙන අවස්ථව වෙනුවෙන් ග්‍රවුන්ඩ් විවිස් වෙඩ් අඩවියට යොමුකරන ලද ලිපියක සිංහල අනුවාදයයි.
(කර්තෘ සටහන: පහත පළ වන පෙළ උපුටා ගන්නා ලද්දේ, වසරකට පෙර සාහසික ලෙස ඝාතනය කෙරුණු ලසන්ත වික්‍රමතුංග අනුස්මරණය කරමින් නිදහසේ වේදිකාව සංවිධානය කළ සමරු උත්සවයේ දී පැවැත්වූ කතාවකිනි. ඝාතනයට ලක් වූ කතුවරයාගේ වැන්දඹු බිරිඳ වන සොනාලි සමරසිංහ වික්‍රමතුංග, 2010 ජනවාරි 4 වන දා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ද සැර පරුෂ බසින් ලියූ ලිපියක් යැවුවා ය. එම ලිපියේ සම්පූර්ණ පිටපත මෙහි කියවිය හැකි ය. පළ කිරීම සඳහා කතාවේ පිටපත සහ ලිපිය යන දෙක ම ග්‍රවුන්ඩ්වීව්ස් පුවත්පත වෙත එවන ලද්දේ සොනාලි විසිනි)
සිය මෝටර් රිය පදවා ගෙන සේවයට යමින් සිටිය දී, 2009 ජනවාරි 8 වන දා මහ දවාලේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබිණ. සාක්ෂ්‍යවලට අනුව, යතුරු පැදි හතරකින් පැමිණි පුද්ගලයෝ අට දෙනෙක් ඔහුගේ මෝටර් රිය වට කොට සිට මියෙන්නට ඔහුට වෙඩි තැබූහ.
දැන් ඉන් වසරක් ගෙවීත්, ලසන්ත ඝාතනය තව මත් නොවිසඳී පවතියි. සැබවින් ම, යන්තම් සිව් වසරකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරේ වැඩ භාර ගත් තැන් පටන් ගත වූ කාලය තුළ දී ප්‍රතිවිරුද්ධ මතධාරී මාධ්‍යවේදීන් 13 දෙනෙකු ක්‍රූර ලෙස ඝාතනයයට ලක් වූ විට සිදු වූවාක් මෙන් මෙහි දීත්, ඔහු ඝාතනය කිරීම පිළිබඳව කිසිදු බැරෑරුම් පරීක්ෂණයක් සිදු වී නැත. කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව ද මට විශ්වාස ය. රාජ්‍යය මිනීමරන විට එය ඒවා සිදු කරන්නේ දුර්විපාක ඇති නොවන පරිදි ය.
ශ්‍රී ලංකාව තුළ මාධ්‍යය මුහුන පා සිටින තත්ත්වය අඩමාන ය. එළඹෙමින් පවතින දෙය බියකරු ය. ස්වාධීන පුවත්පත් කලාවේදීන් සිය වෘත්තියෙහි නියැළී සිටින්නේ අතිශය බරපතළ අවදානමකට මුහුණ දී ගෙන ය. 2006 දී ව්‍යවස්ථාව අත්හිටුවූ රාජපක්ෂ මාධ්‍ය මැඩලීමේ බලාපොරොත්තුවෙන් නව නීති මාලාවක් පැනවී ය. රාජපක්ෂ පරිපාලනය පිළිබඳ විවේවනාත්මක බවක් පෙන්නුම් කරන ලිපියක් රචනා කිරීම සම්බන්ධයෙන් මෑතක දී දෙමළ පුවත්පත් කලාවේදියෙකු වන ජයප්‍රකාශ් තිස්සනායගම්ට බරපතළ වැඩ සහිත 20 වසරක සිර දඬුවමක් ලබා දෙන ලද්දේ මෙම නීති යටතේ ය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කොට අට මසකට පසුවත් මෙම අතිදරුණු දුෂ්ට නීති තව මත් බලාත්මක ය. ඒවා බලාත්මකව පවතින්නේ, රාජපක්ෂ මහතාට මෙම මස 26 වන දා මැතිවරණයක් ජය ගන්නට තිබෙන බැවිනි. කිසිවකින් “ සාමූහිකව හෝ හුදෙකලාව වත්, විනීතකමෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් වත් “ ශ්‍රී ලංකාවේ මහජනයාගෙන් එම ජයග්‍රහණය උදුරා ගැනීම වැළකී යා යුතු නැත.
අපගේ රට සම්බන්ධයෙන් ගත් කල කනගාටුවට කරුණක් වුව ද, නරක ම දේ එළඹෙනු ඇත්තේ තවත් ඉදිරියට යැයි මම විශ්වාස කරමි. බලය මත පවතින සිය ග්‍රහණය තව තවත් ශක්තිමත් කර ගනු පිණිස ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පැහැර ගන්නා ආකාරය අනුව, සිවිල් ජනයාගේ ද මිලිටරියේ ද දරුණු ලේ වැගිරීමකින් සහ ජීවිත විනාශයකින් පසුව ත්‍රස්තවාදය පරාජය කර අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණය අලුදූවිලි බවට පත් වේ දැයි දැන් සැක ඇති විය හැකි ය. අපගේ ඉතිහාසය තුළ කිසි විටෙකත්, අප දැන් දකින තරම් ම අශෝභන ලෙස සහ පුළුල් පරිමාණයකින් දූෂණය, ඥාති සංග්‍රහය සහ රාජ්‍ය අනුග්‍රහය ලද ප්‍රචණ්ඩත්වය ව්‍යවහාර වනු අප දැක නැත. මින් පෙර කිසි කලෙකත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්ම මෙතරම් දරුණු අන්දමින් පරීක්ෂාවට ලක්ව නැත.
මෙම පසු ගිය සිව් වසර තුළ සිදු වූ මෙම ඝාතන සහ ප්‍රචණ්ඩ ක්‍රියා මාලාව අතරතුර දී මාධ්‍යවේදීහු දුසිම් ගණනකට ශ්‍රී ලංකාව අත හැර වෙන කොහේ හෝ සරණ සොයා යන්නට බල කෙරිණ. රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ මාධ්‍යය දැඩි ග්‍රහණයක පවත්වා ගෙන යයි. රාජ්‍ය මාධ්‍ය ජනාධිපතිගේ සහ ඔහුගේ සොහොයුරන්ගේ තුච්ඡ දේශපාලන ප්‍රචාරක උපකරණයක් බවට පිරිහෙළා ඇත. දෛනික කුලියට වැඩ කරන ශ්‍රමිකයන් ගයන තුති ගීවලට වැඩි යමක් එහි නැත. ඔවුන් ඇතැම් විට කැරලිකාරී වන මුත්, 2008 දී ජාතික රූපවාහිනී ආයතනයේ දී අප දුටු පරිදි ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට ඉන් ඇති විය හැකි ප්‍රතිවිපාක භයානක විය හැකි ය.
ස්වාධීන පුවත්පත් කලාවෙහි යෙදීම නිසා 2005 නොවැම්බරයෙන් මෙපිට කාලය තුළ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ පුවත්පත් කලාවේදීන් දහහතර දෙනාගෙන් මගේ සැමියා එක් අයෙකි. එම්.ටී.වී. සහ සිරස “නිව්ස් ෆස්ට්” වැඩ සටහනෙහි යාපනය වාර්තාකරු වූ පරනිරූපසිංහම් දේවකුමාර් සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී නවන්තුරෙයිහි දී ක්‍රූර ලෙස මරා දැමිණ.
2006 දී, ඩේලි මිරර් පුවත්පතේ කර්තෘ චම්පික ලියනාරච්චිට දුරකථනයෙන් කතා කොට තර්ජනය කළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දැන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස සේවය කරන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙකු ලෙස හැඳින්වෙන එල්ටීටීඊයේ හිටපු නැගෙනහිර ආඥාපති කරුනා අම්මාන්ගේ අපරාධ ක්‍රියා හෙළිදරව් නොකරන ලෙස අනතුරු ඇඟවී ය.
2008 දී, රාත්‍රියෙහි මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටිය දී පුවත්පත් කලාවේදී කීත් නොයාර් අබිරහස් ලෙස පැහැර ගෙන යනු ලැබිණ. ඔහු මුදා ගත හැකි වූයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් අදාළ බලවතුන් වෙත කළ දැඩි ආයාචන හරහා පමණකි. ඉන් කෙටි කලකට පසුව මෙම ප්‍රවීන ආරක්ෂක වාර්තාකරුවාට ශ්‍රී ලංකාවෙන් පලා යාමට බල කෙරිණ.
ඊට පෙර දී පවා, උදයන් පුවත්පතේ කර්තෘ නඩේසපිල්ලෙයි විදයදරන් පැහැර ගෙන ගොස්, පසුව එල්ටීටීඊයේ ගුවන් ප්‍රහාර සම්බන්ධීකරණය කළ බවට ආරක්ෂක ලේකම්වරයා ගෙතූ චෝදනා මත ගිය අවුරුද්දේ පොලීසිය ඔහු ‛අත් අඩංගුවට’ ගත්තේ ය. ඔහු යටතේ සේවය කළ පුවත්පත් කලාවේදීහු කිහිප දෙනෙක් ඝාතනයට ලක් වූහ.
2006 වසරේ ලෝක පුවත්පත් නිදහස් දිනය” දා කොමාන්ඩෝ ශෛලියේ හදිසි වැටලීමකින් උදයන් පුවත්පතේ යාපනය කාර්යාලය කඩා වැදී පුවත්පතේ අලෙවි කළමනාකරු සුරේෂ් කුමාර් ඝාතනය කරනු ලැබිණ. පුවත්පත බෙදා හැරීමේ නියෝජිතයෙකු වූ සතාසිවම් බාස්කරන්ට ඔහු සිය ආයතනික නාමය සලකුණු කළ බෙදා හැරීම් රථයේ අසුන් ගෙන සිටිද්දී වෙඩි තබා මරා දැමුණේ ඉන් තෙමසක් ගත වන්නටත් කලිනි. 2007 දී, උදයන් පුවත්පතේ විමර්ශක පුවත්පත් කලාවේදියෙකු වූ සෙල්වරාජා රජිවර්නම් ඝාතනය කෙරිණ.
සිය ම්ලේච්ඡ අතීතයේ දී පුවත්පත් කලාවේදීන් ත්‍රස්ත කිරීමෙහි සහ ඝාතනය කිරීමෙහි ලා ඉටු කළ මීට සමාන වැඩ කොටස සම්බන්ධයෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් දෝෂාරෝපණයට ලක් වන බව ගැන කිසිදු සැකයක් නැත. එහෙත් එල්ටීටීඊය අප රටට එවන් තර්ජනයක් බවට පත් කළ එම උපායන් ම දුර්විපාකවලට ගොදුරු නොවෙමින් නිදහසේ භාවිතයට ගන්නට රාජ්‍යය ඉඩකඩ සලසා දීම පිළිගත නොහැකි ය. විශේෂයෙන් ම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ඔබගේ ම රටේ පුරවැසියන්ට එරෙහිව කර ගෙන යන විට ත්‍රස්තවාදයට එරෙහිව ත්‍රස්තවාදයෙන් ම සටන් කිරීමේ විධික්‍රමය කිසි විටෙකත් පිළිගත නොහැකි ය.
පුවත්පත් කලාවේදීන්ට සහ ඔවුන්ගේ සේවා ස්ථානවලට ප්‍රහාර එල්ල කොට ප්‍රහාරකයන්ට කිසිදු දුර්විපාකයකට ගොදුරු නො වී නිදැල්ලේ සිටිය හැකි සහ කිසි දා නොවූ තරමට ස්වාධීන මාධ්‍ය අඩු වී යන වාතාවරනයක් තුළ පවා, දමනය කළ නොහැකි රචකයන් සහ කතුවරුන් සුලුතරයක් වුව තව මත් සිටීම සැබවින් ම පුදුමයට කරුණකි. ඔවුහු අද මෙහි රැස්ව සිටිති. ඔබ මුළුමනින් ම වෙනස් පවුලකි. ඔබ සැරි සරන්නේ දේවදූතයන් සමගිනි. ඔබගේ අධිෂ්ඨානයට සහ අතිශය අසාමාන්‍ය ධෛර්යයට ස්තුති වන්නට, ශ්‍රී ලංකාවට අද දවසේ පුවත්පත් කලාවේදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ලේශමාත්‍ර වූ ඒකාග්‍රතාවක් හෝ රඳවා ගන්නට හැකි වී ඇත. ඔබ නොනැසී ජීවත් වන තාක් දුරට “ සහ ඔබට ජීවත් වීමට ඉඩ ලැබෙන තාක් දුරට “ බලාපොරොත්තුවක් පවතින්නේ ය.
එනයින් අද දවසේ අපගේ යුතුකම වන්නේ, අපට රැස් කර ගත හැකි සියලු සහාය මෙම නිර්භීත පුද්ගලයන්ගෙන් සමන්විත සුලුතරය වෙත දිගු කිරීම යි. අප නිදහස වෙනුවෙන් කතා කළ යුතු යි. අප දැන් මෙම යුතුකම ඉටු කරන්නට අසමත් වුව හොත්, අප භුක්ති විඳින නිදහස වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ ලසන්ත ඇතුළු සියලු දෙනා නිකරුණේ මිය ගියා වනු ඇත. ඉතිහාසය කටුක විනිශ්චයන් දෙයි, අනාගත පරම්පරාවන් අප වෙත ඇඟිල්ල දිගු කොට ඔවුන් අසාර්ථක තත්ත්වයට පත් කළේ අප යැයි කියන්නට ඉඩ නො තැබිය යුතු ය. අප අසාර්ථක නො විය යුතු ය.