Image Credit: timesofisrael
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් මාර්තු මස අගදී සම්මත කරගන්නට උත්සාහ කරන යෝජනාවේ මුල් කෙටුම්පත පසුගිය මාර්තු 2වැනිදා මානව හිමිකම් කවුන්සිල සාමාජික රටවල් අතර බෙදාහරිනු ලැබුවේ එහි වචන, අදහස්, පියවර ආදිය සම්බන්ධයෙන් සාමාජික රටවල ප‍්‍රතිචාර ගෙන එයට ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීම සඳහාය.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මොන්ටෙනීග්‍රෝ, මැසිඩෝනියාව සහ මොරිෂස් යන රාජ්‍යවල යෝජනාවක් ලෙස සාමාජිකයන් අතර බෙදාහැර ඇති මෙයින් ලංකාවේ මානව හිමිකම් හා මානුෂික නීති උල්ලංඝනය ගැන පරීක්‍ෂණයක් පැවැත්වීමේ වගකීම මානව හිමිකම් මහකොමසාරිස් නවි පිල්ලෙයි වෙත පවරා තිබේ. එය මෙතෙක් පැවැති, ‘ලංකාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොමිසමක් පත්කිරීමේ’ අදහසට වෙනස් එකකි. ඇය සිය පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ලබන සැප්තැම්බරයේදී පැවැත්වෙන 27වැනි සැසිවාරයට වාචික වාර්තාවක් ද, 2015 වසරේ මාර්තුවේදී පැවැත්වෙන 28වැනි සැසිවාරයට විස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත්කළ යුතුයැ’යි යෝජනාව කියයි. ඒ අනුව බලන විට සිය කටයුතු නිවැරදි කරගැනීම සඳහා ලංකාවට තවත් අතිරේක කාලයක් ලැබී තිබේ. යෝජනා කෙටුම්පතේ සිංහල අනුවාදය මෙසේය.
ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉහළ නැංවීම මානව හිමිකම් මණ්ඩලය 25/1.
එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ පරමාර්ථ සහ මූලධර්ම නැවත තහවුරු කිරීම මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයත්,
මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සහ අනෙකුත් අදාළ ආයතනයන්හි මග පෙන්වීම මත 2006 මාර්තු 15 60/251 මහාමණ්ඩල යෝජනාව සිත්හි තබාගෙන,
2007 ජූනි 18 ආයතන ගොඩනැගීම පිළිබඳ 5/1 දරන මානව හිමිකම් මණ්ඩල යෝජනා සහ 5/2 දරන චර්යාවන් පිළිබඳ නීති කි‍්‍රයාවලි සඳහා බලධාරීන්ගේ යෝජනා සිහියට නගා ගෙන,
2012 මාර්තු 22, 19/2 දරන මානව හිමිකම් යෝජනා ද 2013 මාර්තු 21, 22/1 යෝජනා ද සිහිපත් කර, ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව සහ වගවීම ඉහළට නැංවීම සඳහා මෙම යෝජනාව ගෙන එනු ලැබේ.
තම මුළුමහත් ජනතාව සියලූ මානව හිමිකම් සහ මූලික නිදහස භුක්ති විඳීම සහතික කිරීම සෑම රාජ්‍යයකම වගකීම බව තරයේ ප‍්‍රකාශ කර සිටිමු. එමෙන්ම ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේදී ගන්නා ඕනෑම පියවරකදී රාජ්‍යයන් ජාත්‍යන්තර නීතියට, විශේෂයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට, ජාත්‍යන්තර අනාථයන් පිළිබඳ නීතියට සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතියට යටත්ව කටයුතු කළ යුත්තේය. ඇදහීම්, විශ්වාස හෝ වාර්ගික කිසිම භේදයකින් තොරව සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට තමන්ගේ හිමිකම් භුක්තිවිඳීමට මානව හිමිකම් කවුන්සිලය සහාය දීම පිළිගැනේ.
ශී‍්‍ර ලංකා රජය විසින් යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේදී, බිම්බෝම්බ ඉවත්කිරීමේදී අභ්‍යන්තර අවතැන්වූවන් බහුතරයක් නැවත පදිංචි කරවීමේදී දැක්වූ ප‍්‍රගතිය පිළිගෙන අගයකරන අතර අධිකරණය, සංහිඳියාව, නිර්හමුදාකරණය සහ ජීවනෝපායයන් සලසාදීම පිළිබඳ ඉදිරියේදී කිරීමට බොහෝ කටයුතු ඇති බව මතක් කරමු. විශේෂයෙන් මේ කටයුතු සඳහා සිවිල් සමාජ සහ සුළු වාර්ගික නියෝජිතයන් ඇතුළත් දේශීය ජනතාව සහභාගි කරගත යුතු බව ද අවධාරණය කරමු. 2013 සැප්තැම්බර් 21 සාර්ථක ලෙස උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම අගය කරන අතර පළාත් තුනේම විශාල ජන කොටසක් ඊට සහභාගි වන ලදි. කෙසේ වෙතත් මැතිවරණ ආශි‍්‍රත ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ ඡන්දාදායකයන් සහ අපේක්ෂකයන්ට බලපෑම් කිරීම පිළිබඳව කනගාටුව පළකරමු.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියට ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසීම සහ 2013 අගෝස්තුහිදී ඇය පිළිගැනීම අපි අගය කරන්නෙමු. මහකොමසාරිස්වරිය හමුවූ සිවිල් සමාජ සාමාජිකයන්ට බලපෑම් සහ හිරිහැර කිරීම පිළිබඳව අපගේ දැඩි කණගාටුව පළකර සිටිමු.
ස්තී‍්‍ර පුරුෂභාවය පදනම්ව කෙරෙන හිංසා, ලිංගික හිංසා, බලහත්කාරයෙන් අතුරුදන් කරවීම්, නීතියට පිටින් කෙරෙන ඝාතන, වධහිංසාකිරීම් සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතීන් හා කතාකිරීමේ නිදහස ලබානොදීම, මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ට එරෙහිව කරන බලපෑම් සහ මර්දනයන්, සිවිල් සමාජ සාමාජිකයන්ට සහ මාධ්‍යවේදීන්ට කරන හිංසා ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ පාලනයට තර්ජන එල්ලවීම් ශී‍්‍ර ලංකාව තුළ දිගින් දිගටම වාර්තා වීම පිළිබඳව අපගේ දැඩි කනස්සල්ල ප‍්‍රකාශ කර සිටිමු. හින්දු, මුස්ලිම්, කි‍්‍රස්තියානි ඇතුළත් ආගමික සුළුතරයට ආගම හෝ ඇදහීම පදනම්ව කරනු ලබන හිංසා සහ වෙනස්කම් විශාල ලෙස වර්ධනය වන බව පෙනේ.
සියලූ ජනයාට මානව හිමිකම් භුක්තිවිඳීමට සහ රටේ සංහිඳියාව ඇතිකිරීම සඳහා හේතුවන දේශපාලන බලය විමධ්‍යගත කිරීම ඇතුළු ජනතාවට ඉටුවිය යුතු කරුණු පිළිබඳව ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු කරමු. ශී‍්‍ර ලංකාව තුළ අර්ථවත් ජාතික සංහිඳියාවක් ඇතිකිරීම සඳහා හේතුවෙතැයි පිළිගැනෙන ශී‍්‍ර ලංකාවේ උගත් පාඩම් සහ සංහිඳියා කොමිෂන් වාර්තාව පිළිබඳව සඳහන් කරමු. නීතියට පිටස්තර ඝාතන, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳව පැතිරී ඇති චෝදනා විශ්වසනීය ලෙසින් පරීක්ෂාවට ලක්කිරීම, ශී‍්‍ර ලංකාවේ උතුර නිර්මිලිටරිකරණය කිරීම, අපක්ෂපාතී ඉඩම් ගැටලූ විසඳීමේ යාන්ත‍්‍රණයක් ඇතිකිරීම, රඳවා ගැනීමේ ප‍්‍රතිපත්ති පිළිබඳව නැවත සලකා බැලීම, පෙර පැවති ස්වාධීන සිවිල් ආයතන ස්ථාපිත කිරීම, පළාත් සඳහා බලය විමධ්‍යගත කිරීමට දේශපාලන විසඳුමකට ඒම, සියලූ ජනතාවගේ භාෂණයේ නිදහස ආරක්ෂා කිරීම සහ ඉහළ නැංවීම, නීතියේ පාලනය ඇතිකිරීමට නීති කි‍්‍රයාත්මක කිරීම යන කොමිසමේ සාධනීය යෝජනා සිහියට නගමු. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා වූ ජාතික කි‍්‍රයාකාරී සැලැස්ම අවධානයට ලක්වන අතර එහි කැපවීම සහ කොමිසමේ යෝජනා පිළිබඳ දක්වන ප‍්‍රතිචාර කෙරේ අවධානය යොමු කරමු. කොමිසමේ ධනාත්මක යෝජනා සලකා බැලීමට ජාතික කි‍්‍රයාකාරී සැලැස්ම ප‍්‍රමාණවත් නොවීම පිළිබඳ කනගාටු වන අතර කොමිෂන් වාර්තාවේ සියලූ කරුණුවලට යොමුවීම සඳහා සැලැස්මේ දැක්ම පුළුල් කරන ලෙසට ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.
ජාතික කි‍්‍රයාකාරි සැලැස්ම සහ කොමිෂන් වාර්තාව
ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනයන්, ජාත්‍යන්තර මානුෂිකවාදී නීතිය කැඞීම් පිළිබඳ ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම පිළිබඳව කනගාටුව පළකරමු. පුද්ගලිකව නඩු පැවරීම, වන්දි ගෙවීම, සත්‍යය සෙවීම, ආයතනික ප‍්‍රතිසංස්කරණ, රාජ්‍ය සේවකයන් සහ නිලධාරීන් පරීක්ෂාවට ලක්කිරීම, අන්තර් සම්බන්ධීකරණයක් ඇතිකිරීම සහ සංහිඳියාවන් ඉහළ නැංවීම, ආරක්ෂණ පද්ධතිය ස්වාධීනව ස්ථාපිත කිරීම, රාජ්‍ය ආයතන පිළිබඳ විශ්වාසයන් ඇතිකිරීම, ජාත්‍යන්තර මානව අයිති නීතියට අනුකූලව නීතියේ පාලනය ඉහළ නැංවීම ඇතුළත් සංක‍්‍රමණීය සාධාරණත්වයකට අවබෝධාත්මකව ප‍්‍රවිෂ්ඨ වීම අවධාරණය කෙරේ.
සත්‍යය හා සංහිඳියා කොමිසම වැනි රාජ්‍ය නොවන සංවිධාන ද ඇතුළත් සිවිල් සමාජ වින්දිතයන් ද ඇතුළත් පුළුල් ජාතික පරීක්ෂණ මණ්ඩලයක් අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්ගේ රටාවන්, හේතු සහ ඵලවිපාක සොයා බැලීම සඳහා පත්කිරීම මගින් අධිකරණ කි‍්‍රයාමාර්ගයට උපකාර සැලසිය හැකිය. නීතියට ඉහළින් සිටීම අවසන් කිරීම සඳහා මානව හිමිකම් උල්ලංඝනය කළ සහ ජාත්‍යන්තර මානුෂික නීතිය බරපතළ ලෙස කඩා දැමීම පිළිබඳ වගකිවයුත්තන්ට නඩු පැවරීමේ වගකීම රජය සතු බව සඳහන් කර සිටිමු.
සත්‍යය ලබාදීමටත් සාධාරණය ඉටුකිරීමටත් ජාතික යාන්ත‍්‍රණය දිගින් දිගටම අසමත් වූ බවට මහකොමසාරිස්වරිය කරන නිගමනය පිළිගනිමින් තවදුරටත් පරීක්ෂාකිරීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු යයි ඇය කරන නිර්දේශය සිිහියට නගන්නෙමු. මේ සඳහා ඇතිකරන දේශීය වගවීම් කි‍්‍රයාවලිය මෙහෙයවීමද ඇතුළත් වේ.
තාක්ෂණික සහාය ලබාගැනීමට අදාළව මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගය සහ අදහස් ලබාගැනීමට රජය උනන්දු කරන්නෙමු.
1. සංක‍්‍රමණීය සාධාරණත්වයකට පිවිසීම සඳහාත්, ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව සහ වගවීම ඉහළ නැංවීම සඳහාත් සත්‍ය සෙවීමේ යාන්ත‍්‍රණයක් සහ ජාතික වන්දි ප‍්‍රතිපත්තියක් ඇතිකිරීමද ඇතුළත්ව 2013 සැප්තැම්බර් 25 වාචික අදහස් දැක්වීම් සහ 2014 පෙබරවාරි 24 වාර්තාව පිළිගනු ලැබේ.
2. 2013 අගෝස්තු මහකොමසාරිස්වරියගේ සංචාරය පිළිගනිමින්, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂිකවාදී නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව ස්වාධීන විශ්වසනීය පරීක්ෂණයක් කළ යුතු යයි ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිනු ලැබේ.
3. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ සාධනීය නිර්දේශ සාර්ථකව කි‍්‍රයාත්මක කරන ලෙසත් සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සාධාරණත්වය, සමානත්වය, වගවීම සහ සංහිඳියාව ලබාදීම සහතික කිරීම සඳහා ඇති නීතිමය බැඳීම් සහ කැපවීම් ඇතිකිරීම සඳහා ගතයුතු සියලූ අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.
4. ආගමික ස්ථාන, කෝවිල්, පල්ලි සහ දේවස්ථානවලට පුද්ගලයන් සහ කණ්ඩායම් එල්ලකරන ප‍්‍රහාර ගැන පරීක්ෂා කරන ලෙසත්, අනාගතයේ එබඳු පහරදීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් පූජනීය ස්ථාන, මාධ්‍යවේදීන් මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සුළු ආගමික කණ්ඩායම් සහ අනෙකුත් සිවිල් සමාජ සාමාජිකයන්ට එල්ල කළ ප‍්‍රහාර පිළිබඳ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනෙන ලෙසත් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.
5. 2013 අගෝස්තු 1 දින වැලිවේරියේදී නිරායුධ විරෝධතාකරුවන්ට පහරදීම ඇතුළු ආරක්ෂක හමුදා කරනු ලැබූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳව පරීක්ෂණ වාර්තා හා යුද හමුදා පරීක්ෂණ වාර්තා ප‍්‍රසිද්ධ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.
6. ව්‍යවස්ථාවේ 13 සංශෝධනයේ ප‍්‍රකාරව පාලනය කිරීම සඳහා සම්පත් සහ බලතල උතුරු පළාත් සභාවට සහ එහි මහඇමතිවරයාට ලබාදෙන ලෙසට ශී‍්‍ර ලංකා රජය උනන්දු කරවනු ලැබේ.
7. අභ්‍යන්තරව අවතැන්වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ වාර්තාකරුට සහ සංක‍්‍රමණිකයන් පිළිබඳ මානව හිමිකම් වාර්තාකරුට පහසුකම් සැලසීමට ශී‍්‍ර ලංකා රජය ගත් තීරණය අපි අගය කරමු. එමෙන්ම විශේෂ කාර්යභාර බලපත් හිමියන්ගේ ඉල්ලීම්වලට දින වෙන්කිරීම සහ පිවිසීමේ අවසර දීමෙන් සහාය වන ලෙස ඉල්ලා සිටී.
8. විශ්වසනීය සහ ප‍්‍රතිඵලදායි ජාතික කි‍්‍රයාවලියක් නොමැති බැවින් ස්වාධීන විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමේ මහකොමසාරිස්වරියගේ නිර්දේශ සහ නිගමන පිළිගැනේ. වගවීම සහ සංහිඳියාව පිළිබඳ ප‍්‍රගතිය තක්සේරු කරන ලෙසටත් ඒ සඳහා අදාළ ජාතික කි‍්‍රයාකාරීත්වයන් පරීක්ෂා කරන ලෙසටත්, ශී‍්‍ර ලංකාවේ දෙපාර්ශ්වය විසින්ම මානව හිිමිකම් උල්ලංඝනය කිරීම් සහ අවභාවිත කිරීම් සහ ඊට සම්බන්ධිත අපරාධ පරීක්ෂා කරන ලෙසටත් මහකොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව විශේෂ කි‍්‍රයාමාර්ග බලපත් හිමියන්ට මානව හිමිකම් මණ්ඩලයේ 27 සැසියේදී සංක්ෂිප්ත වාර්තාවක් ද 28 සැසියේ යෝජනාවට වාචිකව සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී.
9. ඉහත සඳහන් පියවර කි‍්‍රයාත්මක කිරීම සඳහා තාක්ෂණික සහාය සහ උපදෙස් ලබාදීමට මහකොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ කි‍්‍රයාමාර්ග බලපත‍්‍රධාරීන් උනන්දු කෙරේ.
10. මෙම යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සඳහා මහකොමසාරිස් කාර්යාලයට සහාය දක්වන ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිනු ලැබේ.
උපුටා ගැනීම- රාවය පුවත්පත | 09 March 2014
##
ලංකාවේ වගවීම, සහජීවනය සහ මානව හිමිකම් සමිබන්ධයෙන් UNකෙටුම්පත https://t.co/E0R5p3dn9J #srilanka #lka #hrc #hrc25 #hrc14
— Vikalpa Sri Lanka (@vikalpavoices) March 3, 2014