අද ලංකාවේ මහජන ක්‍රියාකාරකම් ක්‍රිඩාවක් හෙවත් සෙල්ලමක් දක්වා ඌනනය වී ඇත. මැතිවරණ, සිව්ලි සමාජය, බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ ආදී දේශපාලන ක්‍රියාදාම (මහජනයා හා පාලකයින් සම්බන්ධ කරන ක්‍රියා පිළීවෙත්) රාජපක්ෂ පාලනයේ ”මං පොර නියාය” තුළ බහු ජනතා සහභාගීත්වයකින් ජාතික මට්ටමෙන් පැවැත්වෙන ක්‍රිඩා උත්සව හෙවත් ”සෙල්ලං කිරිලි” ලෙස හදුන්වා දීමට සාධාරණ හේතු පවතී රේජිමය විසින් කලින් කලට ප්‍රධානය කරන කෙළි බඩු සමග රේජීමිය සෙල්ලං පිට්ටනි තුළ මහජන ළමයි දුව පැනීම, මහජන ක්‍රියාකාරකම් ලෙස හදුන්වාදීමේ වරදක් නැත.
කාලීන හෝ නිදහස් හෝ සාධාරණ හෝ නැති පැසිස්ට් මොඩලයේ මැතිවරණ අවස්ථා, කෙතරම් පැරණි වුව අලූත් ආලේප ගා භාවිතයට ගත හැකි දේශපාලන කෙළි බඩුවකි. කෙතරම් හෙම්බත් වුව මහජන ළමයින්ද පුරුද්දට මෙන් සෙල්ලං කරති. පාලකයින් රිසි පරිදි නීතියට ආධිපත්‍ය පතුරවද්දි ප්රජාතන්ත්රවාදි නාම පුවරුව තුළ බලයක් නැති මහජනයා ඉවත බලා ගනිති.
අර්බුදයට මූලික වන පාලකයා කෙරෙහි පවතින වසගයට අමතරව, රාජපක්ෂ පාලනය විසින් දක්ෂ ලෙස නිර්ව්න්දනය කරන ලද මාධ්‍ය ක්‍රියාකාරිත්වය සේම සංවර්ධන ඇවිටිලි ද මෙකී ”සෙල්ලං කිරිලි” මහජනයාට උත්තේජන සපයයි.
උතුරේ හා දකුණේ සිදුවු ජනතා නැගිටීම් අයාලේ යාම හේතුවෙන් රට කරවන අයවලූන්ට අත්වු වාසි බොහෝය එක් අතකින් එය, සාධනීය කිසිවක් නොවනා තැනක ඉඩ අහුරා පෙන්වීමට භාවිතා කළ හැකි කෝකටත් තෛලීය මෙවලමකි. අනෙක් අතින් වීරත්වය අහිමී වු ජනතාවක් බාගත හැකි ආගමික හා වාර්ගික බීලි කොක්කකී. පාලකයා දේවත්වයේහි ලා සැලකීම, ඊළාම් අරගලය පාරජයට පත් කිරිම නිසා රාජපක්ෂ කෙරෙහි වු ජනතා ආකර්ශණයේ ප්‍රතිඵලයක් බව නොකිව මනායා. එකී වසගය මනාව හසුරවමින්, වඩා යහපත් සමාජ දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගිමට තිබු පැහැදිලි හැකියාව පාලකයා විසින්ම අහුරා ගෙන සුපුරුදු මාවත තෝරා ගත්තද රාජපක්ෂට හිමි දේවත්වය අහිමිවීමක් දක්නට නැත්තේය. සමහර විටෙක සර්ව බලධාරි දෙවියෙකු හමුවේ එරෙහිවීමට වඩා යටත් වීම වඩා බුද්ධිමත් තීරණයක් වීමට ඉඩ තීබිම ඊට හේතුව විය හැකි නමුදු, වඩා පුඵල්ව බලන කල ක්‍රමය විසින් කරන ලද සකළ විධ අතවරයන්ට ලක් වු රටක, හීන දේශපාලන බුද්ධීමත්භාවය හේතු වී යැයි සිතේ.
අද ජනමාධ්‍ය ක්‍රියාකාරකම් ග්රාහකයාට ලැජ්ජා හිතෙන තරමට දුෂණයෙන් අවභාවිතයක් වී ඇත. සරලව කිව හොත් අද ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරකම් කියමින් සිදුවන්නේ පාලකයාට අවශ්‍ය තරමින් මහජනයාව සැබෑව කෙරෙහි විසන්වේදි කිරිමේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරිමකි. සියලූ ආකාරයෙන් ”නිදහස” යනු ”පාලකයා කියන විදිහට නිදහසේ සිටීම” බව ඒත්තු ගැන්වීමකි. ජන සමාජයේ ප්රගමනයට පුරෝගාමී මග පෙන්වන්නෙකු වීම වෙනුවට ජනමාධ්‍ය කරන්නේ පාලකයින් ස්වාභිමතයෙන් රට කරවද්දි ජනතා අවධානය වෙනතකට හැරවීමේ ව්‍යාපෘති දියත් කිරිමය. මැතිවරණය යනු විහිඵ වලට සිනාසීමට වඩා වැඩිමනත් දෙයක් නොවන බව මහජන ළමයින්ට හුරු කිරිමය.
සංවර්ධනය නමින් සිදුවන භෞතික වර්ධනයද සෙල්ලං කිරිමට මහජන ළදරුවන්ට වාරු සපයන්නකි. කල නොකළ යුතු දේ හරිහැටි තෝරා බේරා ගැනීමකින් තොරව ”හිතෙන හිතෙන දේ” කීමට සහ කිරීමට රාජපක්ෂට ඇති උවමනාව මහජනයා එකි උවමනාවන්ට අත්පොලසන්දී දිරිගැන්විමත් අශ්චර්යය ජනකය.
මහ දවල් මැතිවරණ නීති උල්ලංඝනය වු පමණින් වෙනසක් සදහා වන සිතුවිල්ලක් හෝ තිබෙතැයි සිතිය නොහී. පාලකයින්ගේ අවැඩ නිසා රටට සිදුවු වැරැුද්දේ ප්‍රාමාණික බරක් මහජන ක්‍රියාකාරකම් ”සෙල්ලං” බවට හරවා ගත් මහජනයාට හිමි විය යුතුය.
කොහොමටත් මෙහෙව් පාලනයකට ක්‍රමයට අනුගතව ඇස් කන් පියා ගත් එහියන් අවශ්‍යය. පුද්ගල වන්දනය, අසමානතාව පිළිගැනීම, බුද්ධී විරෝධී වීම ආදි පැසිස්ට් ලක්ෂණවලට හිස නමනා දේශපාලන අද බාලයින් අවශ්‍යය. ”ලද දෙයින් සතුටු වන ” පන්නයේ මහජන බබාලා අවශ්‍යය.
එස්. පීටර්ස්.