මධ්‍යම රාත්‍රිය ද පසුකර
ඔර්ලෝසු කටුවේ හඬ පමණි නිහඬව
නින්දක් ඇඟට නොදැනෙන
ඇහැර ඉන්නට ද නැත කිසිත් කාරණ
විඥ්ඥාණයට නොපැමිණි
අවිඥ්ඥාණය විසින්දෝ මේ කරන කොලොප්පම
ඇස්පියා කළුවරට
තුරුළු වන්නට ලෝභව
පොත් හොයා ඇවිද්දෙමි
ජීවිතය වද දෙන
වදයක් තමයි ජීවිතය
දඬුවැල්ලයක් මෙන් එල්ලෙන
තමන් තුල රජා නැති කාලය
ගමන් මැහි පොදියක්ය කසිකබල් ජීවිතය
එකක් පිට නැගී එක එක
අවුස්සා අවුල් කර ගෙන
සොයන්නේ කුමක් දැයි
මැදියමත් එක්ක ඇවිලුන
කළුපාට අතීතේ ලෙහුණු තැන්වල තෙමෙන
මහන්නට නූලින් ඉදිකටුව ගිලිහුණ
අරමුණක් නැත
පෙරමුණක් ගත්
නිදිමතක් නැත
මැදියමත් ගොස්
තේ එකක් හදා
පානයට ගත්
අළුයමේ සීනුවට
ඇස් දෙකේ කබ කඩා ගත්
අර්ථයක් නැති ජීවිතය
තර්කයක් හදාගෙන
අර්ථයක් ඇත කියා
හිත රවටවාගෙන
පුරුදු විදිහට ආයේ
චක්‍රෙය් පය තියාගෙන
ජීවිතය කියන්නේ
හොර රහස් සෙල්ලමක් බව දැන
උදය ආර්. තෙන්නකෝන්