ඩෙන්මාර්ක් ජාතික ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන ලාර්ස් වොන් ට්රයර් විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරනු ලැබූ නිම්ෆොමෙනියක් චිත්‍රපටයේ දෙවැනි වෙළුම පසුගියදා තිරගත කිරීම ආරම්භ කරනු ලැබීය. මේ වන විට එය ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති සහ බලවත් විචාරන්ට බඳුන් වී ඇති චිත්‍රපටයකි. මෙහි ඇති දේශපාලන වටිනාකම් කදිම බැවින්, චිත්‍රපට විචාර කලාව ගැන කිසිවක් නොදන්නා මා හට යමක් ලිවීමට පෙළඹුවෙමි.
නිම්ෆොමෙනියක් පළමු වෙළුම විසින් මධ්‍යම පාන්තික අයවලුන්ගේ ලිංගික අරගලය මුලීක ප්රස්ථූතය කරගන්නා කතාකරුවා එය විවිධාකාරයෙන් ලිංගිකත්වය කුතුහලයේ නිෂ්පන්නයක් ලෙස දක්වා එම කුතුහලය ඇබ්බැහි වීමකට ගමන් කරන ආකාරය පෙන්වනු ලබයි. මෙය අතිශය තීරණාත්මක අවදියකට ගෙන, තම දියණිය රෝගී පියා සතුටු කිරීම සඳහා රෝහලේදී පියා සමඟ රමණයේ යෙදීම මෙන්ම මව සහ පියා අතර පවතින ඛණ්ඩනය සංඛේතීයව විභාග කරනු ලබයි. රැකියාවෙන් වෛද්‍යවරයෙකු වන පියා මරණය පිළිබඳව පවතින දෙගඩියාව නිර්භීත කමේ විස්තාරණයක් ලෙස පෙන්නුවද සැබෑ යටිසිත තුළ ඔහුට නොදැනිම ඔහු සතු ස්වභාවික මරණ භිය ඉදිරියට ඒම මතුපිටින් මවාගත් දෑවලින් තනාගන්නා ට්‍රෝජන් වීරත්වය යථාර්තය තුළින් පීඩාවිඳින සැබෑ හැඟීම විසින් කඩා බිඳ දමන ආකාරය අතිශිය සංවේදී ජනකව ඉදිරිපත් කිරීමට කතා කරුවා සමත් විය.
මුල් අවධියේදී ජෝ එනම් චිත්‍රපටයේ ප්‍රධාන විෂය, ලිංගිකත්වය පිළිබඳව මුලික හැදෑරීම ආරම්භ කරනු ලබන්නේ තම පියාගේ රැකියාව සහ ඔහුගේ මූලාශ්‍ර පසුබිම් කොට ගනිමිනි. පවුලේ එකම දරුවා ලෙස ඇය තම නිදහස උපරිමයෙන් භුක්ති විඳින්නීය. ඇය නිදහස ලෙස අර්ථ ගන්වනු ලබන්නේ සෑමවිටම ලිංගික ආශාව තෘප්තිමත් කිරීමේ පරිමාණය අනුවය. එය විසින් ඇගේ අධ්‍යාපනය මෙන්ම පියානෝ ගුරුවරියක් ලෙස සේවය කිරීම ආදී සියලුම දෑ ග්‍රහණය කරනු ලබයි. ඉන් පැන යාමට ඇය උත්සහ නොකරන ( සැබවින්ම ඇය ඊට කැමතිය.) නමුත් ඉන් තාවකාලිකව මිඳීමට උත්සහ ගැනීම මහළු ස්ත්‍රියක් සහ මහළු මිනිසෙකු පසුකර බොහෝවිට තම තනිවීම සොයා යන ස්ථානය කරා ගමන් කිරීම තම යටිසිත විසින් යත වෙතට තල්ලු කිරීමක් හෙවත් තමන් විසින් තමන්ව විභාග කිරීම පිළිබිඹු කරනු ලබයි.
පළමුව ඇය තම ලිංගික කර්තව්‍ය සඳහා තෝරාගන්නා පුද්ගලයාගේ සිට දුම්රියේ තම මිතුරියක සමඟ ගොස් එහි ගමන් ගන්නා අයවලුන් සමඟ රමණයේ යෙදීම සහ ඒ සඳහා අනෙකා පොළම්භවා ගැනීම තෘප්තිය ඇබ්බැහිවීමක් දක්වා පරිවර්තනය වීමකි. එය තම තාවකාලික අදායම ලෙසද තෝරාගනු ලබයි.
මෙය නිම්ෆොමෙනියක් පළමු වෙළුම මඟින් පළමුව කුතුහලය දෙවනුව ආශාව තෙවනුව විඳීම සිව්වනුව ඇබ්බැහිවීම සහ අවසානයේ අරගලය යන නිශ්චිත සමීකරණය ඔප්පු කරනු ලබයි. මිදීම සඳහා කරන අරගලය සහ ඇබ්බැහිවීම තෘප්තිමත් කිරීම සඳහා කරන අරගලය යනු එකක් අනෙකින් හාත්පසින්ම වෙනස් උවමනාවන් දෙකකි. ජෝ අයත් වන්නේ මින් පළමු වැන්නටය. නිම්ෆොමෙනියක් පළමු වෙළුම අවසානවන විට පවුලක් වෙනුවෙන් සිහින දකින්නෙකු ඇයට හමු වුණද එවැනි සථීර ආශාවන් ඇය විෂයෙහි තාවකාලීක දෑ වීම සහ සෑම විටම විවිධත්වය අපේක්ෂා කිරීම මඟින් ඇය තම අරගලය වඩාත් සංකීරණ කරගන්නා ආකාරය දක්නට ලැබේ.
පළමු වෙළුම අවසානයේ ඇය මහත් පීඩාවට පත් අයෙකු සහ හැඟීමක් මෙන්ම තෘප්තියක් නැති අයෙකු බවට පත් වේ.
එය පසුතැවීමකට වඩා වර්තමානය තමාට අහිමිවීමේ අරගලයක් ලෙස දැකිය හැකිය. සෑම පුද්ගලයෙකුම වර්තාමානයට බොහෝ ඇළුම් කරති, නමුත් ඔවුන්ට සෑමවිටම අහිමිවන්නේද වර්තමානයම වේ. මන්ද වර්තමානයට ඇති ආශාව ඔවුන්ගේ අතීතයෙන් සහ අනාගතය නමැති සිහිනය විසින් ඇඟට කාවැදී ලේ උරා බොමින් සිටින කිනිතුල්ලෙකු මෙන් උරාගන්නා බැවිනි. සෑමවිටම අතීතයේ සිදුවීම මඟින් අතිශය බරපතල ලෙස දුක් වීම හෝ ඇතැමෙක් අතීතයේ තම බලය ගැන කියමින් මානසික වින්දනය ලැබීම යන ද්විත්වයම ඒකාකාරී වියෝජනයේ සහ පශ්චාත් තාපයේ නිස්පන්නයන්ය. එසේම මෙය අනාගතය වෙනුවෙන්ද ආයෝජනය කළහැකි නෛතිකයකි. කාලය සහ මතුපිට පෙනුම වෙනස් වූ පමණින් කිසිවක අභ්‍යන්තර ආශාව වෙනස් වන්නේ නැත. මෙය අතිශය සරල ආකාරයෙන්, “ පුද්ගලයෙකුගේ සැබෑව තීරණය වන්නේ එම පුද්ගලයා තනි වී ලෝකයෙන් ආවරණය වූ විට යැයි”, යනු පැරණි නමුත් හරවත් මතවාදයකි.
නිම්ෆොමෙනියක් පළමු වෙළුම මඟින් මෙම පැරණි මතය කඩාබිඳ දමන අතර එය ප්‍රසිද්ධ වේදිකාවට ගෙන විත් සාමාන්‍ය ජීවිතයේ සිදුවීම් අතර දෛයිනික කාල සටහනෙන් වියුක්ත කොට ප්‍රසිද්ධියේ යහන් ගත කරනු ලබයි. ඒ අනුව පුද්ගලයා/ ගැහැණිය සතු ආශාව හමුවෙන වස්තූන් සමඟ කෙසේ හෝ යා වී තෘප්තිය සොයනු ලබයි.
මෙය මධ්‍යම පාන්තික පිරිමින් මෙන්ම ගැහැණුන් වෙලී සිටින මූලික අරගලය වේ. මෙය ලංකාව විෂයෙහිලාද මේ හා සාමාන ලෙස දැක ගත හැකිය. තමා මුහුණ දී සිටින සැබෑ අරගලය තුළ ගැහැණුන් දිය නෑම දෙස බලා ස්වයං වින්දනයේ යෙදෙන දුෂ්කර ගමක විවාහකයෙකුගේ සිට තම රාත්‍රී සේවයේදී වඩාත් සුපරික්ෂාකාරීව නිල් චිත්‍රපට නරඹන පුවත්පත් කතුවරයා දක්වා අභ්‍යන්තරයේ සිදුවන මානසික ආශාවේ ප්‍රමෝදය සමානය. දෙදෙනාම සොයන්නේ තම සැබෑ ජීවිතයේ හමුවීමට නොහැකි නමුත් යටි සිත විසින් බලකරන යථාර්ථයයි. නිම්ෆොමෙනියක් පළමු වෙළුම මඟින් කුඩු කොට එම කැබලි එකිනෙක ගෙන ප්‍රශ්න කරනු ලබන්නේ මෙම යථාර්ථයේ නිරුවත් ප්රකාශනයයි.
මෙය දෙවැනි වෙළුම මඟින් වඩාත් තීරණාත්මක ලෙස දේශපාලනීකරණය කරන අතර එහිදී නිග්රෝවරුන්ගේ අභ්‍යන්තර අරගලය මෙන්ම කතෝලික පල්ලියේ පවතින අරගලයද සියුම්ව අතපත ගෑමට අධ්‍යක්ෂකවරයා කටයුතු කරනු ලබයි. වරෙක ජෝ හට එක්තරා කළු ජාතිකයෙකු සමඟ රමණයේ යෙදීම සඳහා ආශාව පහළවන්නේ ඇය තම දරුවා රැගෙන නිවසට පැමිණෙන අතරතුරදීය. ඉන්පසු ඇය තම ආශාව පණිවිඩ කරුවා මඟින් දැනුම්දෙනු ලබන අතර කර්තව්‍ය සඳහා වෙලාවක් සහ ස්ථානයක් සොයා ඇය එහි යන්නීය. ඉන් පසු තම අපේක්ෂාවට වඩා ඇය හමුවට කලුජාතිකයින් දෙදෙනෙකු පැමිණ ඔවුහු ඔවුන්ගේ මව්බසින් කතාකරමින් අදාළ කටයුත්ත කිරීම සඳහා අරගලයේ යෙදෙන ආකාරය ඇය දකින්නීය. එහිදී ඇය පලායන්නීය. මෙය දේශපාලනික වශයෙන් බෙදාගෙන කෑමේ අවුලේ ප්රකාශනයකි. ස්ත්‍රී නිරුවත දේශපාලනයේදී සිදුකරන ගැඹුරු ප්රකාශනය සහ බලපෑම එමඟින් මොනවට පැහැදිලි කරනු ලබයි.
නිම්ෆොමෙනියක් දෙවැනි වෙළුම පළමු වෙළුමේම දිගුවක් ලෙස අරම්භයේදී දක්නට ලැබුණද එය ක්‍රමිකව සහ නොදැනෙන ලෙස වෙනත් දිශානතියකට හැරවීමට නිර්මාණකරුවා සමත්වී ඇති ආකාරය දැකුම්කළුය. ආරම්භයේදී දෙවියන් පිළිබඳව පවතින විවාදය සම්බන්ධ කරනු ලබන්නේ ජෝගේ සවන්දෙන්නා වන සෙලිග්මන් විසිනි. පෙරදිග පල්ලිය සතුටේ ආයතනය බවත් අපරදිග පල්ලිය දොම්නස/ දුක සඳහා වූ ආයතනය ලෙසත් ගෙන එන ඔහු තම ලිංගික පිරිසිදුකම පිළිබඳව කියනු ලබයි. මෙය බොහෝ දුරට දකුණු කොරියානු චිත්‍රපටයක් වන මයි හාට් බීට්ස් සමඟ සම්බන්ධ කළ හැකි නමුත් සිදුවීම සහ ස්වභාවය හාත්පසින්ම වෙනස් ලෙස පෙන්වනු ලබයි. ලිංගිකත්වය පොත් මඟින් හැදෑරීම සහ එහි ප්‍රයෝගික භාවිතය අහිමිවීම සෙලිග්මන් විසින් ප්රකාශවන මුලික මනෝභාවයකි. එය ක්‍රමිකව තෘප්තිය දක්වා වර්ධනය කරගැනීම ඔහු සෑම විටම සඟවා තබමින් , වැටී සිටින ජෝ තම නවාතැනට ගෙන විත් අහිමි වූ දෑ සපුරා ගැනීමට වඩා ඔහු සවන් දෙන්නෙකුගේ සුසමාදර්ශය රඟපානු ලබයි.
ඇය තම කතාව ප්‍රකාශ කිරීමේ විෂය ලෙස සෙලිග්මන් තෝරාගනු ලැබීම අහඹුවකි. ඉන් කුමන හෝ තැනක ජෝ සෙලිග්මන් කෙරෙහි විස්වාශයක් හෝ ආදරයක් ඇතිබවක් නොපෙන්වීම නිම්ෆොමෙනියක් පළමු වෙළුමෙන් දෙවැන්න වෙනස් කීරීමේ වෑයමක් ලෙස සිතීමේ වරදක් නැත. සෙලිග්මන් හා ජෝ හමුවීම සිදුවන්නේ ලිංගික ඇබ්බැහිවීමේ කෙළවරෙහි විසඳුම ලෙස ඇය තෝරාගන්නා තරුණ ස්ත්‍රීයක සමඟ සම ලිංගික සේවනය සහ ඇති කරගත් ආදරය දෙදෙදරා යෑම නවතා දැමීමට ගත් ව්‍යර්ථ උත්සාහයේ ප්‍රතිඵලය ලෙසය. ඇයට තම ඉලක්කය මරා දැමීමට නොහැකි වීම මඟින් ඇය බරපතල පහර කෑමකට ලක් වේ. සෙලිග්මන්ට හමුවන්නේ එම පහර කෑ ස්ත්‍රීය වන ජෝය.
රෝගයක් සුව කිරීමට නොහැකි වූ තැන එම රෝගයට ඇලුම් කිරීම සහ එමඟින් තම තෘප්තිය සොයා යෑම චිත්‍රපටය පුරාවටම පෙන්වනු ලබන මුලික විෂයන්වලින් එකකි. එසේම සවන්දෙන්නා සෑම විටම තම තාවකාලික ආරක්ෂකයා මිස ඔහු හෝ ඇය තම ශරීරයේ උරුමකරුවා නොවේ. සෙලිග්මන් අවසානයේදී තම කථාවට ඇහුම්කන් දී ඊට නිර්වචන ඉදිරිපත් කොට ඇයට නිදාගැනීමට ඉඩහරිමින් කාමරයෙන් නික්ම යයි. විඩාපත් වූ ඇය නින්ද සොයන අතරතුර සෙලිග්මන් යළිත් ඇය වෙත පැමිණේ. දෙවැනි සෙලිග්මන් වූ කලී යථාර්තය සහ තම ලිංගික පීඩනය විසින් අසීමාන්තිකව පිස්සු වට්ටනු ලැබූ චරිතයක් වන අතර ඔහු ක්ෂණිකව ඇය සමඟ රමණයේ යෙදීමට උත්සහ ගනු ලබන්නේ ඇය පුරුෂයින් දාහක් සමඟ පමණ නිදි වැදී ඇතිබව මතක් කරමිනි.
මෙය යමෙකුට තම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු බොහෝ දෙනෙක් මුහුණ දෙන මුලික ගැටලුවකි. එනම් සවන්දෙන්නා මුල් කාලීන අවධියේදී ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටින අතර තම කථාවට අතිශය දැකුම්කලු අර්ථකතන ඉදිරිපත් කරනු ලබයි. නමුත් දෙවැනි අවදිය එනම් කතාකරුවාගේ කතාව අවසානයේදී සැහැල්ලුව, විසඳුම සහ නිදහස සොයන අවධියේදී සවන්දෙන්නා, කතාකරුවාගේ පහස සොයනු ලබයි. එය නොලැබුණු තැන සියලුම දෑ වෛරයක් බවට පෙරළේ. සෙලිග්මන් වෙඩි පහරින් මිය යන්නේ තම ආශාව තෘප්තිමත් කරගැනීමට දැරූ උත්සහයේදීය.
“ඔබට ඔබගේ දේවල් විනාශවීම එතරම් බරපතල කාරණයක් ලෙස නොදැනේ,” ජෝ වරක් සෙලිග්මන්ට තම ස්වාමිපුරුෂයා එනම් පවුල නමැති ව්‍යුහය රැකගැනීමට අතිශය දුෂ්කර කාර්යක යෙදෙන පිරිමියාගේ හැසිරීම මතක් කරමින් සඳහන් කළාය. නිම්ෆොමෙනියක් වෙළුම් දෙක පුරාම පෙන්වන එක්තරා මානුෂික ස්වභාවයක් එනම් සෑම අයෙක්ම තම ගුණය ලෙස මතුපිටට පෙන්වා ඇති ගතිය පෙන්වනු ලබයි. එය ජෝ ඉතා කෙටියෙන් මෙසේ සඳහන් කළාය;
“සෑම මනුස්සයෙකුගේම මානුෂික ගුණය වූ කලී කිසිවක් නොව කුහකකමයි”.
බොහෝ දුරට දෙවියන් කේන්ද්‍ර කරගනිමින් ඇතිවන තම විශ්වාසයන් සමඟ සැබෑ අවශ්‍යතාවය සමඟ මුහුණ දීමට සිදුවන දුෂ්කර අරගලය ලිංගිකත්වය නමැති හැඟීම මනස අතික්‍රමණය වීම සිදු වූ මොහොතේ සිට සිදුවන ක්රියාවලීයකි. නිම්ෆොමෙනියක් වෙළුම් දෙක ඔස්සේම මෙම අරගලය වඩාත් සුක්ෂම විභාග කරනු ලබයි. මෙය කතා කරුවා විසින්ම කියන පරිදි, මිලියනයකින් එකෙකු පමණක් විසඳුමක් සොයාගන්නා රෝගී තත්වයකි. බොහෝ දෙනෙක් අඩු හෝ වැඩි වශයෙන් මෙම අරගලයේ යෙදී සිටිති. අරගලය විසින් සෑමවිටම අමතක කිරීමට බලකරනු ලබන්නේ හෝ ප්‍රශ්න කරනු ලබන්නේ ආදරයයි.
නිලන්ත ඉලංගමුව