උතුරු පලාතේ වනජීවී රක්ෂිත 16ක් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශයට පත් කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ විරෝධතාව හා බලපෑම මත වසර තුනක කාලයක් තිස්සේ නතර වී තිබේ. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යන ව්‍යාපෘතිවල මූල්‍යාධාර යටතේ 2011 වසරේ මැයි මාසයේ සකස් කර අවසන් කළ උතුරු පළාතේ සමෝධානික උපායමාර්ගික පරිසර තක්සේරුකරණයට (Integrated Strategic Environment Assessment) අනුව මෙම වනජීවී රක්ෂිත 16 ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව ඇත. නමුත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ මුදා ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරන සීඝ්‍ර භෞතික සංවර්ධනයට වනජීවී රක්ෂිත පැවතීම බාධාවක් බව සදහන් කරමින් යෝජිත වනජීවී රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමට ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය බාධා එල්ල කරයි.
මේ වනජීවී රක්ෂිත ජාලය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණු වී ඇත්තේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීම, උතුරු ප්‍රදේශයේ පවතින සුවිශේෂී වන ජීවී වාසස්ථානවලට ආරක්ෂාව සැලැසීම, ධීවර කර්මාන්තය ස`දහා වැදගත් වන මත්ස්‍ය විශේෂ බෝවීමේ ප්‍රදේශ වලට ආරක්ෂාව සැපැයීම, වැව් හා ගංගා වල ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, ප්‍රාදේශීය ව සිදු විය හැකි කාලගුණික හා දේශගුණික විපර්යාස අවම කිරීම මෙන්ම උතුරු ප්‍රදේශයේ වනජීවී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ය.
එසේ වුව ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ වනජීවී රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම නතර කිරීමට බලපැම් එල්ල කරන්නේ පටු අරමුණු කීපයක් මත ය. ඔවුන්ගේ අර්ථ දැක්වීම වන්නේ වනජීවී රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමෙන් සංවර්ධන කටයුතු වලට බාධා එල්ලවන බව ය. එපමණක් නොව එසේ ප්‍රකාශට පත් කරන ජාතික රක්ෂිත වල මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුතු හා හෝටල් ඉදි කිරීම පරිසර බලපෑම් අගැයීම් ක්‍රියාවලියට යටත් ව ක්‍රියාත්මක කිරීමට සිදුවීම බාධාවක් ලෙස ද එම අමාත්‍යාංශය සලකයි. මෙවන් පටු අරමුණු හේතුවෙන් වර්තමාන හා අනාගත නූපන් පරපුරේ සුරක්ෂිත පැවැත්ම උදෙසා ස්වාභාවික සම්පත් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට බාධා එල්ල කිරීමෙන් පෙනී යන්නේ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය ඉතාම පටු සීමාවක් තුළ භෞතික සංවර්ධනය පමණක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ය. එම භෞතික සංවර්ධනයේ පැවැත්ම මෙම ස්වාභාවික සම්පත් මත ර`දා පවතින බව ඔවුන් නොදැනීම මෙන්ම අවබෝධ කරගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.
මෙම සැලසුමට අනුව ප්‍රකාශයට පත් කිරීමට යෝජිත වනජීවී රක්ෂිත ප්‍රදේශ අතුරින් 5 ක් අලිමංකඩවල් ය. ඒ අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිට මඩු පාර අභය භූමිය දක්වා අලින්ට ගමන් කිරීමට, වව්නිකුලම් අභය භූමියේ සිට පදවිය අභය භූමියට අලින්ට ගමන් කිරීමට, ආන්දන්කුලම් හා නයිනමඩු වන රක්ෂිතවල සිට පදවිය අභය භූමියට අලින්ට ගමන් කිරීමට, නයිනමඩු වන රක්ෂිතයේ සිට චාමලන්කුලම් වන රක්ෂිතය දක්වා අලින්ට ගමන් කිරීමට හා නාගපඩුවන්, නීන්තවිල් හා ඇකිරියන් යන වන රක්ෂිත ඒකාබද්ධ කරමින් අලින්ට ගමන් කිරීමට හැකිවන පරිදි මෙම අලිමංකඩවල් 5 ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත. එමගින් උතුරු ප්‍රදේශය අලි – මිනිස් ගැටුමින් තොර කලාපයක් ලෙස නිසි සංවර්ධනයකට යොමු කිරීමට අවස්ථා ව හිමි වේ.
නමුත් මේ අලිමංකඩවල් නිසි පරිදි ප්‍රකාශයට පත් නොකළහොත් සිදුවන්නේ ඒවා සංවර්ධන කටයුතු වලට යොදා ගැනීමෙන් හා ජනාවාස පිහිටුවීමෙන් අලිමංකඩවල් ඇහිරී ගොස් උතුරු ප්‍රදේශයේ ද ඉදිරියේ දී උග්‍ර අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වීම ය. එමගින් සිදුවන්නේ දේපල විනාශ වීම, වගාබිම් විනාශ වීම හෝ අලි – ඇතුන් විනාශ වීම පමණක් නොවේ. වටිනා ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වීම ද ඉන් සිදු වේ. මේ පිළිබදව අවධානය යොමු නොකරන ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය ඊනියා භෞතික සංවර්ධනය පසුපස පමණක් හඹා යෑමේන් අවසානයේ සිදුවන්නේ ජනතාවට ජීවත් වීමට යෝග්‍ය නොවන පරිසරයක් උතුරු ප්‍රදේශයේ නිර්මාණය කිරීම ය.
මේ සැලසුමට අනුව ජාතික වනෝද්‍යාන 5ක් ප්‍රකාශයට පත් කිරීමට යෝජිතව ඇත. දැනට පවතින සමහර අභය භූමි, ජාතික වනෝද්‍යාන ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව වැඩි කිරීමට ද නියමිත ය. ඒ අනුව දැනට ප්‍රකාශට පත් කර ඇති
මඩු පාර අභය භූමිය, චුන්ඩිකුලම් අභය භූමිය හා පරෙයිතිව් අභය භූමිය, ජාතික වනෝද්‍යාන ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය රැකවරණය දැඩි කිරීමට යෝජිතව ඇත. මීට අමතර ව දැනට ප්‍රකාශට පත් කර ඇති කෝකිලායි අභය භූමියට නයාරු කලපුව එක් කරමින් එම සමස්ත ප්‍රේරද්ශය ම ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව ඇත. මීට අමතර ව ඩෙල්ෆ් දූපත ජාතික වනෝද්‍යානයක් ලෙස අළුතින් ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව තිබේ. මන්නාරම, ආදම්ගේ පාලම ලෙස හ`දුන්වන ප්‍රදේශය ස්වභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර සුවිශේෂි ආරක්ෂාවක් ලබා දීමට යෝජිත ව තිබේ. මේ තුළින් උතුරු පලාතේ වනජිවී වාසස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපයීමට මෙන්ම වනජිවී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ද අවස්ථාව හිමි වේ.
මේ සැලසුමට අනුව අළුතින් අභය භූමි 5ක් ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත. එනම් වෙඩිතලතිව්-තොන්ඩවේල් අභය භූමිය, යාපන කලපුව අභය භූමිය, කරවෙඩ්ඩි-නාගරකෝවිල් අභය භූමිය, නන්තිකඩාල් අභය භූමිය හා වව්නිකුලම් අභය භුමිය යි.
යෝජිත මෙම වනජීවී රක්ෂිත ජාලය ප්‍රකාශයට පත් කිරීමෙන් උතුරු පලාතේ ජෛව විවිධත්වයේ පැවැත්ම, ජලපෝෂක ප්‍රදේශවල පැවැත්ම හා ස්වාභාවික වාසස්ථානවල පැවැත්ම පමණක් නොව සංචාරක පක්ෂින්ගේ වාසස්ථානවල සුරක්ෂිතතාව මෙන්ම පුරාවිද්‍යත්මකව වැදගත් ස්ථානවලට පවා නීතිමය ආරක්ෂාව හිමි වේ. එපමණක් නොව මෙම ප්‍රදේශයේ ජන ජීවිතය ගොඩනැගීම සදහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග ලෙස වනජීවී හා පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ද මේ සම`ග හිමි වේ. ඒ තුළින් මේ ප්‍රදේශයේ දැනට සිදු කරන කෘෂිකර්මාන්තයට සුරක්ෂිතතාවක් ඇති වන අතර ප්‍රදේශයේ ජනතාවගේ සමාජ ආර්ථීක තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒම තුළින් ජන දිවිය ඉහළ මට්ටමකට ගෙනඒමේ හැකියාව ද ලැබේ.
එහෙත් මේ පිළිබද ව අවධානය යොමු නොකරන ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය මෙම වනජීවී රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදීමෙන් සිදු කරන්නේ වනජීවීන්ගේ හා ස්වාභාවික පරිසර පද්ධතිවල පැවැත්ම අනතුරේ හෙලීම පමණක් නොවේ. අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීම, ජල අර්බුද ඇති කිරීම හා ප්‍රාදේශීය ව සිදුවන කාලගුණික හා දේශගුණික විපර්යාස ඇති කිරීම, ධීවර කර්මාන්තයට බලපෑම් ඇති කිරීම මෙන්ම මේ ප්‍රදේශයට යෝග්‍ය ලෙස ප්‍රවර්ධනය කළ හැකි පාරිසරික සංචාරක කර්මාන්තයට බාධා එල්ල කිරීම හා මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ජන දිවියට යෝග්‍ය පරිදි පරිසරය පවත්වා ගෙන යාමට බාධා එල්ල කිරීම ද මෙමගින් සිදු වේ.
එබැවින් අප ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ සමස්ථත ශ්‍රී ලංකාවේ ම වර්තමාන හා අනාගත නුපන් පරපුර වෙනුවෙන් උතුරු ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම ස`දහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති ආරක්ෂිත ප්‍රදේශ 16 කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ය. එපමණක් නොව වනජීවී සම්පත් අමාත්‍යාංශයෙන් හා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ බලපැම්වලට යට නොවී බුද්ධිමත් ව කටයුතු කර කඩිනමින් උතුරු පලාතේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම ස`දහා යෝජිත වනජීවී රක්ෂිත කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට ක්‍රියා මාර්ග ගන්නා ලෙස ය.
සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය