Image Credit: Vikalpa
ජනඝාතක යුද්ධයෙන් වසර 5ක් ඉක්ම යාමට ආසන්නව තිබියදී ලංකා හමුදාවේ මේජර් මල්ලිකාරච්චි නම් හමුදා නිළධාරියා මාධ්‍ය අමතා අපූරැ කතාවක් කියයි. මේජර් මල්ලිකාරච්චිට අනුව මළවුන් සැමරීමට නීතියක් තිබෙයි. ඒ නීතියට අනුව එම සැමරීම් කල යුතුයි.(මළවුන් සැමරීමට නීතියක් කොහේද කියා අසන්නට කිසිවෙකුත් එහි නොසිටීම ඒක්කෝ හමුදාවේ වාසනාවය.)
ඔහු මෙසේ කියයි…
‘‘යුද්ධය නිසා අපේ ඥාතියෙක් මැරැනනම් අපේ යුතුකමක් තියනවා ඒ ගොල්ලන් සමරන්න. දැන් මැරැනේ මැයි 10නන්, මම 18 පහන් පත්තු කරන්න ඕන් නැනේ. මම පහන් පත්තු කරන්න ඕන මගේ ගෙදර, එහෙම නැතිනම් කෝවිලේ. එහෙම නැතුව තවත් 20ක් විතර එකතු කරගෙන කොහේ හරි තැනක 18 වනදා පත්තු කරනවා නම් ඒ සමරනවා නෙවෙයි. ඒ මගේ ඥාතියා සමරනවා නෙමෙයි. ඒ වෙන කෙනෙක්ව සමරනවා. අපේ තියනවා ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත කියලා එකක් තියනවා. ඒක යටතේ සමහර පුද්ගලයන් සිහිකිරීම, ඒ ගොල්ලන් වෙනුවෙන් පහන් පත්තු කිරීම තහණම් කරලා තියනවා. අපේ ව්‍යවස්ථාවෙන්. ඒ නිසා 18/19 රංචු ගැහිලා යම්කිසි තැනක පහන් පත්තු කරන එක වැරදි කියලා ආමි කමාන්ඩර් කියලා තියනවා. තමන්ගේ ඥාතියෙක් මැරැණනම් තමාගේ ගෙදර හෝ කෝවිලේ පහනක් පත්තු කරනවා, ඒ අදාල දිනයට. අපේ නම් එහෙමයි මැරැණේ මැයි 5 නම් අපි දානේ දෙන්නේ මැයි 5වනදා. 18 දානේ දෙන්නේ නෑ. අපිති සපොර්ට් කරනවා. අනේ තෙල් නෑ කිව්වොත් අපේ ලගම කෑම්ප් එකෙන් තෙල් ටිකක් ගිහින් දෙයි පහන පත්තු කරන්න. පහන් නෑ කිව්වොත් පහන් ගිහින් දෙයි. 18/19 රංචු ගැහිලා පහන් පත්තුකිරීම තහනම් කියලා, ආමිකමාන්ඩර් කියලා තියනවා. මම නෙමෙයි කියලා තියෙන්නේ. ඊට උඩින් මට කියන්න බෑ මුකුත්…. ‘‘(Video Credit –Subhash jayawardena/sinhala.theindependent.lk/
මළවුන් සිහිකිරීම අයිතියකි.
මළවුනු සිහිකිරීම අයිතියකි. එය ශිෂ්ඨ සම්පන්න ලෝකය පිළිගත් අයිතියකි. එය වාරණය කිරීමට කිසිවෙකුටවත් අයිතියක් නැත. නමුත් යුද්ධයෙන් වසර 5ක් ඉක්ම යන මොහොතේ සංහිදියාව, නිදහස ගැන කෑ මොර දෙන රාජපක්ෂලා සිදු කරමින් ඉන්නේ කුමක්ද? අවම වශයෙන් මිය ගිය සමීපතමයින් සිහි කිරීමටවත් ‘තොපිට ඉඩ නොදෙමි‘ යන්න නොවේද?
දැන් හමුදා නිළධාරියාට අනුව, මිය ගිය අයව සිහිකිරීමට දිනය, වේලාව, ස්ථානය තීරණය කරන්නේ ඔහු කියන පනතය. එම මර්දන පනතය. එසේ නොකල හොත් ඒ සිහිකරන්නේ ඔහුට අනුව ‘වෙන කෙනෙකි‘.
කවුද මේ වෙන කෙනා. ඔහු එය නොකීමට පරෙස්සම් වෙයි. නමුත් මේ කියන්නේ කවුද යැයි මේ දූපතේ ජීවත් වන ඕනෑම අයෙකුට තේරැම් ගන්න වැඩි වේලාවක් යන්නේ නැත.
ඔහු කියන ‘වෙන කෙනා‘ සිහි කිරීමට අයිතියක් නැති ද?
අනෙක නම් ඒ ඔවුන් කියන මර්දන පනතම යොදා ගෙන, ඔය හමුදාවම දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ දහස් ගාණක් මරා දැමුවේය. එතකින් නොනැවතී මගමග, පලම් උඩ, බෝක්කු කනු මත, ලයිට් කනු මත ඔවුන් මරා පුලුස්සා දැම්මේ ය. නමුත් අද ජනතා විමුක්ති පෙරමුණ මරා දැමුණු සිය සගයින් සමරන්නේ මුලු රටේම පෝස්ටර් අලවිනි. විශාල පිට්ටනිවල දහස් ගණනක් සිය සාමාජිකයන් එක්රැස් කර ගෙනය. නමුත් එදා රාජ්‍යට එරෙහිව අවිගෙන සටන් කල ඒ තරැණයන් සැමරීම නීතිවිරෝධී යැයි පවසමින් කිසිදු ආණ්ඩුවක් මේ දක්වා කිසිදු ආකාරයේ තහංචියක් දැමුවේ නැත.(නමුත් මේ අයිතියම උතුරටත් තිබෙනවා නොවේදැයි අහන්නට කොන්ද පන ඇති කිසිවෙක්, අද තියනවා යැයි කියන වමේවත්, පාර්ලිමේන්තුවේවත් නැත.)
ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් සිංහල නිසාවෙනි.
එය තේරැම් ගැනීමට තව තවත් දේවල් ලිවිය යුතු නොවන්නේ, එය තේරැම් ගැනීමට අපහසු කෙනෙක් වේද, ඔහු සත්‍ය ලෙසම නරැමයෙක් වන නිසාය.
මළවුන්ටත් බිය රාජපක්ෂලා
මෙයින් හැගවෙන අනෙක් කරැණ නම් මරා දැමූව ද, දෙමළ මිනිසාට තවමත් රාජපක්ෂ ආණ්ඩුව බිය වී සිටිමයි. මරා දැමූවන් වෙනුවෙන් පහන් පත්තු කරාවි යැයි බියෙන් යාපනය සරසවිය වසා දැමුවේ ඒ නිසා ය. එම සරසවියේ සිසුන්, ආචාරයවරැන් බිය ගන්වා තර්ජනාත්මක පෝස්ටර් අලවා දැම්මේත් ඒ නිසාය. ඇතැම් සිසුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ දෙමව්පියන්ට තර්ජනය කරමින් සිටින්නේත් ඒ නිසා ය. මේ සියලු මෘග ක්‍රියාමාර්ග ගන්නේ අන් කිසිවක් නිසා නොව, සාධාරණයට සහ යුක්තියට රාජපක්ෂලා දක්වන බිය නිසා ය.
එබැවින් සාධාරණයට සහ යුක්තියට බිය රාජපක්ෂ ආණ්ඩුවෙන් සහජීවනයක් හෝ මරා දැමුණු මිනිසුන්ගේ ආත්මයන් වලට යුක්තියක් බලාපොරොත්තු විය හැකිද? අවම වශයෙන් එවන් දෙයක් ප්‍රාර්තනා කිරීමටවත් නොහැකි වන්නේ, අද ද උතුරේ මිනිසාට ජීවිත්වීමට සිදුව ඇත්තේ හමුදා තුවක්කුව යට ගුලි ගැසී නිසා ය. එයට හොදම සජීවි කතාව ඉහත දක්වන ලද හමුදා නිළධාරියාගේ ප්‍රකාශය ය.
මරා දැමණූ සිය සමීපතමයින් වෙනුවෙන් පහනක් දැල්වීමට නොහැකි තත්ත්වයක් තුළ සහජීවනය ගැන කුමන කතාවක්ද? ‘මරා දැමුණු අය වෙනුවෙන් අපි කියන විදිහට පහන් පත්තු කරපල්ලා, ඔන නම් අපි තෙල්, පහන් දෙන්නම්‘ යැයි කිමට තරම් හමුදාව විසින්, දෙමළ ජනයා සිය අණසකට යටත් කරගැනීමට දරණ උත්සහය කෙතරම් ඛේදජනකද? එම ඛේදජනක තත්ත්වයන් යුද්ධයෙවන් වසර 5ක් ගෙවෙන මේ මොහොත වන විටත් තව තවත් ලියලමින් තිබේ. එය තව දුරටත් මෝරන්නට හැර රාජපක්ෂලා දකුණේ බඩපිනුම් ගසමින්, උතුර කුඩු කලේ මෙහෙමයි පවසමින්, තව දින කිහිපයකින් ‘වීර දිනය‘ ද සමරනු ඇති. නමුත් වීරයා සහ ද්‍රෝහියා යනු සැබැවටම කවුරුන්ද යන්න ඉතා ඉක්මනින් අනාගතයේ දවසක රාජපක්ෂලාටම අබබෝධ කර දෙනු ඇති.
එහි ආර්ම්භය හම්බන්තොට ද විය හැකිය.
සටහන අවසන් කරන්නට, දෙමළ කවි කෙතෙහි සැගවුනු සුකුමාර් නම් කවියා ‘තවත් ඇටකටු‘ නමින්, ප්‍රබළ කවියක් ලියයි. එය මෙසේ ලියා තබමි.(උපගැනීම-සහෝදර පියාපත්/නිලාර් එන් කාසිම්)
මා දොරට සන්කොට
කිසිත් නාසව
මා නිවස මරණයෙන් දරදඩු ය.
මේ දවස්
කාකි යක්ෂයන්ගෙන් පාලිතය
අද
මල් වැල් ද
දරැවන්ගේ මදහස ද
සියොත්හු ද
අගනෝ ද දැවුණෝ හ.
මා දොරට සන්කොට කිසිත් නාසව
අද
මිනිසෙකු ව හිදීම ද බරපතල වරදක්ය.
##
යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ, විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක වරයාගේ සටහනට ද පිවිසෙන්න.