Image : Vikalpa
2009 මැයි 19 දින යුධ ජයග‍්‍රහණය සමරන මෙහොතේ රාජපක්ෂ ජනාධිපතිතුමා ජාතිය අමතමින් ප‍්‍රකාශ කලේ, වසර 30 ක යුද්ධය වසර 3 කින් නිමාකර ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය මෙහෙයවූ තමන් මෙතැන් සිට ආරම්භ කරන්නේ රටේ සංවර්ධනය සදහා වන සංග‍්‍රාමය බවයි. ඇත්ත මේ රටේ අති විශාල බහුතර ජනතාව පමණක් නොව උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, මාධ්‍ය ආයතන, ආගමික නායකයන් මෙන්ම සාමය වෙනුවෙන් ප‍්‍රයත්නයන් ගත් සිවිල් ක‍්‍රියාකාරීන් සියල්ල 2005 සිට සිදුකලේ මහින්ද රාජපක්ෂගේ යුද්ධයට සම්මාදම් වි කොටි පරාජය කරන මල් වට්ටියට අත ගසන්නට. ඔව්, යුද්ධය හා රට බෙදන මතවාදය පරාජය කිරීමට නම් දෙමළ ජනතාව ජාතියක් ලෙස පිළිගෙන සමානාත්මතාවයෙන් යුතුව, සංවාදය තුලින් අයිතිවාසිකම් දිනාගැනීමට ඇති ඉඩකඩ සපුරා දිය යුතුය යන මතවාදය බරපතල අයුරින් පරාජයට පත්කලා පමණක් නොව මෙම මතය දැරීම පවා ද්‍රෝහී සහ රටට වින කරන දේශද්‍රෝහී කමක් ලෙස සලකන ලදි. රටේ සුළුතරය බවට පත්වූ මෙම මතවාදය පරාජය කිරීමට වාමාංශික ලේබලයෙන් ක‍්‍රියාත්මක දේශපාලන පක්ෂ, මෙම මතය රට වටා ප‍්‍රචලිත කිරීම සදහා තර`ගයකට මෙන් කි‍්‍රයාත්මක විය.
ඒ වගේම රටපුරා ප‍්‍රචලිතවූ ජනපි‍්‍රය මතය වුනේ රටේ සංවර්ධනයට ඇති විශාලම බාධකය යුද්ධය නිසා යුද්ධය ජයගැනීමට සියල්ලන් එකාවන්ව කි‍්‍රයාකිරීමෙන් පසුව රට සංවර්ධනයට, ආයෝජනය කිරීමටත්, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සේවාවන් සැපයීමට තිබෙන බාධා ජයගැනීමටත් හැකිවන බවයි. යුද්ධය කුමන අයුරකින් හෝ නිමා කිරීම අප අපේක්ෂා නොකල අතර අපගේ මතය ප‍්‍රභලව නැතත් අවශ්‍ය සැමවිටම ඉදිරිපත් කරන ලදි.
නමුත් අද සිදුව ඇත්තේ කුමක්ද? යුද්ධය අවසාන වීමෙන් 5 වසරකට පසුත්, අපේක්ෂා කල හෝ පොරොන්දු වූ සංවර්ධනය රෙටේ ජනතාවට ලැබෙන්නේද? මෙම තත්ත්වය වටහා ගැනීමට රට වටා ජනතාවගේම හඩට කන්දීම යෝග්‍යයැයි සිතමු.
යුද්ධය අවසානයත් සමග රට වටා ආරම්භ කල ප‍්‍රධානතම සංවර්ධන ක‍්‍රියාදාමය නම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමයි. රටක් ලෙස රටේ දියුණුවට රටේ පාලකයින් උපාය මාර්ග තේරීම ගැන විවාදයක් තිබිය නොහැකි වුවත් සංවර්ධනය නමින් රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් ජීවන මාර්ගත් බිද දමන උපාය මාර්ග හ`දුන්වා දීමට පියවර ගන්නේ නම් ඒවා සුළුතරයකගේ ලාභය උදෙසා බහුතරය අගාධයට ඇද දැමීමක් බව නොකියාම බැරිය.
සංචාරක ව්‍යාපාරය ව්‍යාප්තියත් සමග අද සිදුවන්නේ එයයි. 2002 දී එජාප ය ගෙන ආ ‘යලි පුබුදමු’ ශී‍්‍ර ලංකා වැඩසටහන, දේශද්‍රෝහී, ජනතා සම්පත්, දේශීය විදේශීය සමාගම් වලට බදුදෙන පෞද්ගලිකකරණ කි‍්‍රයාවලියක් ලෙසත් ජනතාවගේ අයිතිවාසිකම්, ආහාර සුරක්ෂිතතාවය, අහිමි කරන ක‍්‍රියාවලියක් බවත් විග‍්‍රහ කරන ලදි.
නමුත් එදා හදුන්වා දුන් සංචාරක කලාප සංඛ්‍යාව 15 අද 43 දක්වා වර්ධනය කරනවිට, වෙරළාසන්න බිම් තීරය පමණක් නොව කලපු, වැව්, වනාන්තර පවා සංචාරක කර්මාන්තයට යොදා ගන්නා විට, අධිවේගී මාර්ග තැනීමට ජනතා ඉඩම් කොල්ලකද්දී, නගර අලංකරණයට නගරයේ පැල්පත් වාසීන් මෙන්ම යමක් ඇතිව ජීවත් වූ පිරිස් ද තමන්ගේ නීතිමය ලියවිලි අතැතිව මහපාරට ඇද දමද්දී, ආරක්ෂක හේතූන් පෙරට දමා ජනතාව ගේ ගොවිබිම් කොල්ලකද්දී, දහස් ගණනක් ජීවිකාව ගැටගසා ගන්නා කලපු 5 ක් වැව් 28ක් සංචාරකයින්ට ප‍්‍රවාහණ පහසුකම් සැපයීමට, ජලචර ගුවන් යානා ගොඩ බෑමට යොදා ගනිද්දී සහ ගොවීන්ට වතුර නොදී වැව් වල ජලය ර`දවා තබා ගනිද්දී හදිසි නීතිය යටතේ රට පාලනය කල යුද්ධයක් පැවති සමයේ පවා මෙම සම්පත් කොල්ලයට එරෙහිව නැගී සිටි ජනතාව, සිවිල් කි‍්‍රයාකාරීන්, පරිසරවේදීන්, උගතුන්, බුද්ධිමතුන්, ආගමික නායකයන්, අද නිහ`ඩව සිටීම දැකිය හැකියි.
නමුත් මෙයට හේතුවූ කරුණු ගණනාවක්ම යුද්ධයෙන් පසුව අත්දකින්නට රටේ ජනතාවට සිදුවීම මෙම බියට හේතුව විය හැකියි. 2011 වසරේදී පෞද්ගලික විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි අරගලයේදී රොෂේන් චානක, වෙළද කලාප තරුණයා ඝාතනය කිරීම හා තවත් පිරිසකගේ අතපය කඩා දැමීම වැනි කරැුණු බලපා හැකිය. කෙසේ නමුත් මෙම පිරිසවත් තමන්ට සිදුවුන අසාධාරණයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ගයක්වත් ගැනීමට පෙරට නොඑන වාතාවරණයකට රට අද තල්ලූ කර දමා ඇති තත්ත්වයක එසේ බියට හේතු විය හැකිය.
අසාධාරණ ලෙස තෙල් මිළ ඉහළ දැමූ 2012 වසරේදී ධීවර ජනතාව පාරට බැස දියත් කල අරගලයේදී ආණ්ඩුවේ මිලිටරිය මැදිහත්ව එක් ධීවරයෙකු ඝාතනය කර තවත් ධීවරයින් 3 දෙනෙකුගේ අතපය කඩාදැමීමත් සිදුකරන්නේ යුද්ධයෙන් පසුව රට පාලනය කිරීමට තමන්ගේ කි‍්‍රයාමාර්ගයන් රටට පැහැදිලි කර දෙමිනි.
මෙහි බරපතලකම වනුයේ 2013 වසර වන විට මෙම තත්ත්වය තවත් මෝරා යමින් රතුපස්වල දී පිරිසිදු ජලය දූෂණය කරන සමාගම වසා දමා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පාරට බැස අරගල කළ ජනතාවට හමුදාව යොදා වෙඩිතබා තවත් 3 දෙනෙකු ඝාතනය කිරීමයි. මෙහිදී හමුදා ඛණ්ඩය මෙහෙයවන හමුදා නිළධාරියා ප‍්‍රකාශ කරන්නේ, නන්දිකඩාල් කලපුවේදී ප‍්‍රභාකරන් පරාජය කල තමන්ට රතුපස්වල ජනතා නැගිටීම කුමණ අභියෝගයක ද යනුවෙන් ප‍්‍රශ්ණ කරමිනුයි.
යුද්ධයෙන් අනතුරුව පානම උල්පස්ස, ශාස්ත‍්‍රවෙල ගම්මානවල ජනතාවගේ අක්කර 450කට අධික ඉඩම් කොල්ලකන්නේ ආයුධ සන්නද්ධ, හමුදා නිළ ඇ`දුම්වලට සමාන ඇදුම් ඇදගත් කණ්ඩායමක් බව පානම ජනතාව චෝදනා කරති. මෙහි අභාග්‍ය සම්පන්න බව තවත් උග‍්‍රවන්නේ ‘සිංහල බෞද්ධකම‘ උත්කර්ෂයට නංවන ආණ්ඩුවක් යටතේ මෙම ප‍්‍රදේශයේ ජීවත්වන බෞද්ධ භික්ෂුන් ද මහපාරට ඇද දමා මෙම ප‍්‍රදේශයේ සංචාරක හෝටල් ඉදිකිරීමයි.
පානම ආශ‍්‍රිත ගම්මානවල ජනතාව අද ප‍්‍රකාශ කරන්නේ එල්ටීටීඊ ය මෙම ප‍්‍රදේශවල පාලනය කල සමයේවත් තමන්ට මෙවැනි අසාධාරණකම් වලට මුහුණ දීමට සිදුනොවූ බවයි.
උතුරේ, මන්නාරම විල්පත්තු කැළයට උතුරින් තමන්ගේ ගම අහිමිව, මහ කැලය මැද දිවි ගෙවීමට මුල්ලිකුලම ජනතාවට සිදුව ඇත්තේ තමන්ගේ ගම්මානයේ ඇති තමන්ගේම නිවාසවලට යාමට හෝ 2012 දෙසැම්බර් 26 දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, කතෝලික කාර්දිනල් තුමා ඇතුළුව මන්නාරම ප‍්‍රදේශයේ රදගුරු තුමා, ඉදිරියේ පොරොන්දු ඉටු කරගැනීමට මුල්ලිකුලම ජනතාවට නොහැකිවීම නිසාය.
වසර 2012 ජනවාරි මස සිට මාර්තු දක්වා කාල සීමාව තුල 61 දෙනෙකු සුදුු වෑන් භාවිතයෙන් පැහැර ගැනීමකට ලක්කල අතර මෙයින් ආපසු ජීවතුන් අතරට පැමිණියේ ජීවන් කුමාරණතුංග ඇමතිවරයාගේ මස්සිනා සහ තවත් එක් අයෙකු පමණි. නිදහස් ව පැමිණි ජීවන් ඇමතිතුමාගේ මස්සිනා ස්තුති පූර්වකව ප‍්‍ර‍්‍රකාශ කළේ, තමන් ජීවත්වන්නේ ජනාධිපතිතුමාත්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තුමාගේත් මැදිහත්වීමෙන් තමන් ගලවා ගත් නිසා තම ස්තුතිය එම දෙපලට පුදකරන බවයි. මෙහිදී මෙම අතුරුදහන් කරවීම් කාගේ අනුදැනුම ඇතිව සිදුකරන්නේ ද යන්න, ඉගියක් දීමට ඇමතිතුමාගේ් මස්සිනා නොදැනුවත්ව හෝ යොමුවී ඇත.
ශී‍්‍ර ලංකා භෞතික සැළැස්ම 2012-2013 තුලින් ඉදිරිපත් කරන සැළසුම තුල 2002 දී ‘යලි පුබුදමු’ ශී‍්‍ර ලංකා තුලින් ඉදිරිපත් කළ සැළසුම අභිබවා යනු ඇත. එහි වැඩ කටයුතු විවිධ ස්ථානයන්හි ජනතාව මහ මගට ඇද දමමින් අද සිදු කරයි.
මුල්ලිකුලම, සාම්පූර්, කොළඹ රතුපස්වල, තුුංනාන, කටුනායක, හලාවත, කල්පිටිය, පානම, රත්ගම, සෝමාවතිය, මොණරාගල, ඉරුදෙනියාය, වලිකාමම් උතුර, තිරුමුරුගන්ඩි,…ආදී මේ සෑම තැනකම ජීවත්වන්නේ අපේම රටේ ජනතාවය.
මේ සියල්ලන් බහුතරයක් යුද්ධයෙන් පසුව සැපවත් සාමකාමී ජීවිතයක් අපේක්ෂා කල අය ය. රටේ සංවර්ධනයක් අපේක්ෂා කරන පිරිස් ය. යුද්ධ ජයග‍්‍රහණයෙන් පසුව කිරිබත් කා, සිංහ කොඩිය ලෙළවමින් මහපාරේ නැටූ බහුතරයක් පිරිස් ය.
බොහෝ පිරිසක්, මුල්ලිවයික්කාල් වලින් බෙදුම්වාදය අවසන් කියමින් නන්දිකඩාල් කලපුවෙන් ප‍්‍රභාකරන්ගේ සිරුර හමු වු පසු සතුටු වූ අය ය. නමුත් සැබවින්ම අද යුද්ධයෙන් පසුව වසර 5කට පසුත්, අත්දකින්නේත් එදා වීරත්වයේන් මල් පහන් පූජා කල හමුදා නිළධාරීන් අපට මතක්කර දෙන්නේත්, තමන් නන්දිකඩාල් කලපුවේ දී ප‍්‍රභාකරන් පරාජය කල වීරෝධාර රණවිරු පරම්පරාවෙන් බව නම්, යුද්ධය අවසන් වී 5 වන වසර සමරන මෙම මස 19 දිනයේ නැවතත් අපට පසක් කරන්නේ යුද්ධයේ බියකරු බව සහ පාලනයින් යුද්ධයේ ජයග‍්‍රහණයේ වාසිය ජනතාව පෙළීීමට යොදා ගන්නා උපකරණය ලෙසින් නොවේද?
යුධ ජයග‍්‍රහණය සමරණ මොහොතේ් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා භාවිතා කල බෙදීමේ උපක‍්‍රමයට හසුව අසරණව නිෂ්ශබ්ධතාවයේ සංස්කෘතිය තුල ගිලී සිටීමට අප සැමට අද සිදුව තිබීම සරදමකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එදා යුධ ජයග‍්‍රහණය සමරමින් ප‍්‍රකාශ කළේ මින්පසු මේ රටේ සුළු ජාතිය මහ ජාතිය ලෙස කොටස් දෙකක් නොමැති බවත්, ඇත්තේ රටට ආදරය කරන දේශපේ‍්‍රමීන් හා රටට ආදරයක් නොමැති දේශද්‍රෝහීන් ලෙස කොටස් දෙකක් පමණක් බවත්ය. දැන්, අපි දේශපේ‍්‍රමීන් ලෙස මේ සියළු ජන පීඩාවන් මැද නිහ`ඩව සිටිනවාද? නැතහොත් දේශද්‍රෝහී ලේබලය අලවා ගනිමින්, ජනතා පීඩනයන්ට එරෙහිව නැගී සිටිනවාද? යන්න මත රටේත් අපේත් හෙට දවස තීරණය වනු ඇත.
##
යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ, විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක වරයාගේ සටහනට ද පිවිසෙන්න.