හිතත් මිදී කැටිවුණු හුදෙකලාවක
ඉරත් මිදී පරවුණු මංමුලාවක
මමත් ඔහේ සැරුවෙමි හිම තලාවක
ඔබත් අහම්බෙන් ඇස රැඳි අපූරුව
වටත් ජීවයක් නැති හිම විමානෙක
කොළත් ලිහී ඉපලක් වුණු විලාසෙක
අතුත් වසා මල් ගවසා වකාරෙට
‛හිමත් සැපැයිෟ’ ඔබ හිනැහෙන උජාරුව
වටත් රඟා යන්නට බමරු එනවද?
වටත් ඉපල් ගස් අරියාදු දෙනවද?
‛දුටත් සැපැයි’ කියනා හඬත් ඇසුනෙද?
ඇසත් කටත් වස වෙයිෟ බියක් නැතිවද?
ඉරත් හඳත් පලවා හළ වෙලාවක
තරුත් මරුට හොර ඉඟි දුන් දසාවක
මලුත් කොළත් ගිනි ලෑ එක කැලෑවක
අපිත් වීමු තුරු, මල් පිබිදු හිස් මත
එහෙත් සබඳ විස පිඹිනා බිමක ඉඳන්
සදා කුසුම් පුබුදන්නට කවුද සපන්
බිඟුත් ගිහින් ගතු කේලම් කියනවනම්
මරුත් නේද? මල් සුවඳින් පාර අසන්
සනත් බාලසූරිය
පෙබරවාරි, 2010