නගරයේ තාප්ප කැඩී ඇත.
සයිකල් පාත්ද වැටී ඇත.
පෙට්ටි කඩ හැලී අැත.
සීසීටීවී කැමරා ද ඇත.
හැමතැනම කැමර්ෆ්ලාජ්ද අැත.
කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත.
විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත.
ඒ විතරක් නොවෙයි
ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ්ද ඇත.
ඒ සියල්ලටම වඩා
මේ නුවර මහා හිස්කමක් අැත.
එනුවර තවමත් අස්සක් මුල්ලක් නෑර
ලේ පිළී ගඳය.
දශක ගණනක් තිස්සේ
කෙඳිරිළන සහෝදර ප්‍රාණයන්ගේ
අවසන් හුස්මළන හඩ
ඒනුවරට ඉහළ ආකාශයේ සැසරමින්
යුක්තිය පසිඳලනු තුරු දෑස් දල්වා සිටී.
ඉතිහාසය ඒ මහා ගණඳුර තවමත්
මේ නුවරින් පහව ගොස් නැත.
තවමත් තැන් තැන්වල පිසාචයන්ගේ
කන් පසාරැ කරනා
සහෝදර හදවත් දෙපළු කරනා
හඩවල් එමට ඇත.
ඇත්තටම
එනුවර “අනතුර”
තවම පහව ගොස් නැත.
ඒනුවරට ආදරය විතරක් ඕනෑ කර තිබේ.
ඇත්තටම ආදරයට පමණකි.
කොළඹට, අපට, ලංකාවට, ලෝකයට
විතරක් නොවෙයි ඒ අඳුරු “ජූලියට”
ආදරය විතරක් ඕනෑකර තිබේ.
නිර්මාල් ඒකනායක
( මේ ග්‍රෑෆක් තථාවේ ඇත්තේ ඒ ආදරයේ හිස්කමයි)