රටක් කම්පා කළ මිගලෑවේ දිනිඳු යශේන් දරුවා නැවත දෙමාපියන් වෙත පැමිණ සිටී. ඒ නො දරුවා පැහැර ගෙන යාමේ කතාව නම් අවසන්ය. එහෙම කියන්නේ තවත් මෙවැනි සිද්ධින් හෙටක් සිද්ධ විය හැකි නිසාය. ඒ දරුවා නිරුපද්‍රිතව දෙමාපියන් වෙත පමුණුවන ලද්දේ ශී‍්‍ර ලංකා පොලිසිය විසිනි. දරුවාගේ දෙමාපියන් එහිදී පොලිසිය දුටුවේ දෙවියන් හැටියටය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ විද්‍යාත්මක කරුණු අනුව මිගලෑ සිද්ධියේ සැක කරුවන් හඹා ගිය බවය. මුලු විශ්වයම ගම්මානයක් ලෙස බද්ධව පවත්නා මෙ දවස අප මෙවැනි උත්සාහයන් අපේක්ෂා කළ යුතුව ඇත. අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් මෙසේ අසමු. ශී‍්‍ර ලංකා නිතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පසුපස තවමත් දඩ බල්ලන් හඹා යති. ඔහුගේ ජීවිතය අනතුරේය. මිගලෑ සිද්ධියට උපයෝගි කරගත් විද්‍යාත්මක ක්‍රම උපුල් ජයසූරිය පසුපස හඹා යන දඩ බල්ලන් කොටුකර ගැනීමට පොලිසිය උත්සාහ නොකරන්නේ ඇයි? ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නිතිඥ උපුල් ජයසූරිය පසුපස කිසියම් රහසිගත කණ්ඩායමක් ලූහුබඳින්න පටන් ගත්තේ 2014 ජූලි මස 15 දින සිටය. ඔහු හඹා ආ වාහන අංක මේ වන විට පොලිසිය වෙත ලබාදි ඇත. ඒවා (මෝටර් සයිකල් අංකය) WP-UB 4072 වන අතර (ත්‍රී වීලර් අංකය) 207 – 5314 වේ. වර්තාවන ආකාරයට එකී අංක ව්‍යාජ අංක නොවේ. ඒ අංක දෙකම මෝටර් රථ වාහන කොමසාරිස් විසින් ලියා පදිංචි කර ඇත. සිද්ධියට පසුව එකී වාහන අයිතිකරුවන්ගේ තොරතුරු මකා දමා ඇති බව වාර්තා විය. මේ ගැන පොලිසිය කියන්නේ වෙනම කතාවකි. එයින් එපිටට එකී සැක කටයුතු පිරිස් හඹා යාමට පොලිසිය අසමත්ද? හෝ උවමනාවෙන් චේතනාන්විතව එසේ නොකර සිටිත්ද?
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකරට මරණ තර්ජන එල්ල වෙන්නේ දුරකතන ඔස්සේ ය. මීගලෑවේ දිනිඳු යශේන් දරුවා පැහැර ගෙන යාමට ජංගම දුර කතන ගණනාවක් භාවිතා කළ බව පොලිසිය කියයි. ඉන් එකක් ලියා පදිංචි කර තිබුණේ පිටකොටුවේ නාටාමි කෙනෙකු නමිනි. ඒ ගැන අදාල දුරකතන සිම් වෙළෙන්දාට එරෙහිව පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. එහෙත් සුනිල් ජයසේකරට මරණ තර්ජන එල්ල වන දුරකතන ගැන ශී‍්‍ර ලංකා පොලිසිය කි‍්‍රයා නොකරන්නේ ඇයි? කෙසේ වෙතත් අර වැරදි නමකට සිම් කාර්ඞ් එකක් නිකුත් කළ පේමන්ට් කාරයාට එරෙහිව පියවර ගන්නා බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයසේකරට දුරකතන හරහා මරණ තර්ජන කරන සහාසිකයන් පසුපස හඹා නොයන්නේ පොලිසිය අසමත් නිසාද? හෝ උවමනාවෙන් චේතනාන්විතව එසේ නොකර සිටිත්ද? මෝටර් රථ වාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැන ගන්නා පියවර කුමක්ද? මේවා මෙසේ ප්‍රශ්න කරන්නේ කතා කරන්නේ මිගලෑවේ දිනිඳු යශේන් දරුවා සොයා සුරක්ෂිතව මාපියන්ට භාරදීමේ ගෞරවය හෑල්ලූ කරන්න නොවේ. පොලිසිය සතු වගකීම්වල යථා ස්වභාවය සිහිපත් කර දෙන්නටය. පොලිසිය සම්බන්ධව මෙසේ වර්තමානයේ පැන නැගි ඇති සුදු-කලු ප්‍රශ්න බොහෝය. හේතුව සමහර ප්‍රශ්න පසුපස අධිවේගයෙන් හඹා යන පොලිසිය සමහර සිද්ධි හමුවේ නිදි වදින නිසාය.
මෙහිදී පැරණි සිද්ධියක් සිහිපත්වේ. එනම් 1974දී පමණ පේරාදෙණී විශ්ව විද්‍යාලයේදී පොලිස් වෙඩි කා මැරුන විරසුරිය ශිෂ්‍යයාගේ කතාවය. ඉන් පසුව අද දක්වාත් සිය දහස් ගණන් සරසවි සිසුන් වෙඩි කති. මැරුම් කති. එහෙත් විරසුරිය යනු ඒ අවාසනාවන්ත සිද්ධි මාලාවේ පළමු බිල්ල බවට සැක නැත. එදා රට පාලනය කළේ අද මෙන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවකි. එහෙත් එදා ඒ ආණ්ඩුව අත්පත් කරගත් තුනෙන් දෙකේ බලය මැතිවරණයක් හරහා ජනතාව විසින් කැමැත්තෙන් දුන් එකකි. ඒ මිස අද මෙන් එක එකාගේ ණය බර අඩු කිරීමේ හිලව්වට වික්ක ජනතා බලයක් නොවේ. හෙවත් එදා ආණ්ඩුවට තිබුණේ මහා ඡන්දයකදී සහ සුද්දෙන් අත්පත් කරගත් තුනෙන් දෙකකි. එකී තුනෙන් දෙකේ මහිමයෙන් පාලන බලය දීර්ඝ කරගත් නිසා සහ වෙනත් බොහෝ නො පනත් කම් නිසා 1977මැතිවරණයේදි තුනෙන් දෙකේ ආණ්ඩුව අටට බස්සන්නටද ජනතාව අමතක කළේ නැත. නිතරම අතීතය සිහිපත් වන්නේ ඉතිහාසය නැවත නැවත උදා වෙනවා කියන විශ්වාසය නිසා විය හැකිය.
එදා වීරසුරිය ඝාතනය කළ මොහොතේ ජනතාව තුන් හවුල් ආණ්ඩුවෙන් මෙසේ ඇසීය. ‘‘අනුරට, චන්ද්‍රිකාට, සුනේත්‍රාට ඇති ආරක්ෂාව වීරසුරියට නැතිවුනේ කෙසේද?‘‘ ඒ එදාය. අද වර්තමානයේ ජනතාව මිගලෑවේ දිනිඳු යශේන් දරුවාට ඇති ආරක්ෂාව උපුල් ජයසූරියට, සුනිල් ජයසේකරට නැත්තේ ඇයි කියා අසන්නේ නැත. හේතුව රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී පිටින කිසිවෙකුට ලංකාවේ ආරක්ෂාවක් නැති බව පසුගිය කාලය තුළ මැනවින් ඔප්පුවී අති නිසාය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, නොඑන ගමන් ගිය බව ලෝකයම දනිති. උපුල් ජයසූරියට, සුනිල් ජයසේකරට බියකරු තර්ජන පවතින්නේ ඔවුන් රටෙන් වියැකි යන ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින නිසා ය. එය රහසක් නොවේ. රාජ්‍ය නොවන සංවිධානයන්ට මාධ්‍ය සාකච්ඡාවක් හෝ පැවැත්විය නොහැකි යයි බවට පසුගියදා ආණ්ඩුවේ බලධාරින් නිවේදන නිකුත් කර තිබිණ. එකී නිවේදන ගැන ආන්දෝලනාත්මක දීර්ඝ නිල නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වරයා ලෙස උපුල් ජයසූරිය කි‍්‍රයා කළේය. එපමණක් නොව ඔහු දෙවන වර සිය ධුර කාලය ආරම්භ කරමින් කළ විශිෂ්ඨ දේශනය බලවතුන්ගේ සතුටට හේතු වුනේ නැත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර පැද්දෙන්නේද මේ අවදානම් බෝට්ටුවේමය. ඒ නිසා මිගලෑවේ දිනිඳු යශේන් දරුවාට ඇති ආරක්ෂාව උපුල් ජයසූරියට, සුනිල් ජයසේකරට ලබා දීමට ලංකා පොලිසියට කි‍්‍රයා කරන්නේ නැත. ඒ ඇයි? එක්කෝ් හයියක් නැත. එක්කෝ උපදෙස් නැත. එක්කෝ ලංකා පොලිසිය කාට හෝ බයෙන් පසුවේ. මේ කියන්නේ මිගලෑවේ දිනිඳු යශේන් දරුවා සොයා දෙමින් අපේ පොලිසිය රටේ සම්භාවනාවට පත්වී හමාරය. එහෙත් හෙට ශිෂ්‍ය උද්ඝෝෂණ මැඩලමින් ජනතාවගේ වෛරයට ලක් වෙනවාය. පැහැර ගෙන යාම් ගැන කි‍්‍රයා කිරිමත්, ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ මැඩලීමත් පොලිසියේ රාජකාරි වලට අයත්ය. එහෙත් පොලිසියට විවිධ හෙතු නිසා සිය රාජකාරිය කළ නොහැකි අවස්ථා ඇති බව ජනතාව දන්නා බවය. ඔවුන් වර්තමාන පාලනය යටතේ අසරණව සිටින හැටිය.
වර්තමානයේ ශී‍්‍ර ලංකා පොලිසියේ දක්ෂකම අගය කරන මේ රටේ පුරවැසියන්ට ලංකා පොලිසියට අනේ අපොයි කියන්නටද සිද්ධවිම මහා අවාසනාවකි. ඛේදවාචකයකි. එය මහා කරුමයකි. මිගලෑවේ දිනිඳු යශේන් දරුවා බේරා ගත්තාට විවිධ දේශපාලන හේතු නිසා පොලිස් නිලධාරින්ට හෝ ආරක්ෂවක් නැත. රාජකාරි කරමින් සිටියදී බල්ලන් සේ පහර කෑ පොලිස් නිලධාරින් බොහෝ වෙති.
පනාමුරේ පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල් ආර්.ඞී.එස්. චන්ද්‍රසිරි (අංක 41604) සහ පොලිස් කොස්තාපල් බී.එම්.ආර්. නන්දසිරි (අංක 32407) නිලධාරීන් දෙදෙනා පනාමුරේදී පහර කෑවේ රාජකාරි අතර දඩ කොලයක් නිකුත් කිරීම නිසාය. සිද්ධිය වුනේ 2013 මැයි 26 වෙනි දින ය. එය වාර්තා කළ එක් මාධ්‍යයක් කීවේ ලන්දේසින්ගේ යුගයේ සිට වසර 300 කට වඩා ඉතිහාසයක් ඇති කීර්තිමත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පාච්චල් වෙමින් ඇති බවය. පොලිස් ඉතිහාසය සිහිපත් වන තරමට මේ සිද්ධීය බලගතු වුනේ ඒ පොලිස් නිලධාරින් තිදෙනාට පහර දුන්නේ ටී 56 ගිනි අවියකින් නිසාය. පහර දුන්නේ කවුද? කලක් රටම දැන සිටි චණ්ඩි මල්ලී (ඇම්.කේ්.රන්ජිත්) ගේ පුතාය. ඔහු මේ සිද්ධීය වන විට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාපති වරයා ය. නමින් ඇම්.කේ.අමිලය. මේ පහර දිමට හේතුව ප්‍රාදේශීය සභාපති ඇම්.කේ.අමිලගේ රියදුරාට දඩ කොළයක් නිකුත් කිරිමය.
මේ පහර දිමේදී පොලිස් කොස්තාපල් නන්දසිරිගේ දකුණු අතේ අස්ථිය බිඳීණ. නැවත ඔහුට එම්.කේ. අමිල තුවක්කු බඳෙන් ගැසුවේය. ඒ පහර දීම් නිසා නන්දසිරිගේ මුඛයේ යටි හනුව තැලී තවත් අතක ඇඟිල්ලක් ද කැඞී ගියේ ය. මුලින්ම පහර කෑ චන්ද්‍රසිරි නම් නිලධාරියා යළිත් තම සගයා බේරා ගැනීමට එද්දී අමිල ටී-56 ගිනි අවිය ගෙන අහසට වෙඩි තබා ‘‘තොපි දාන්න එන්නේ තොපේ එස්එස්පීගේ හයියදැයි විමසා ‘‘තොපි අපේ මේයර්වත් රිමාන්ඞ් කළා. මට පාට් දාන්න එන්න එපා. එකා පිට එකා බාවනවා’’ යි තර්ජනය කළේය. කේ. ඇම්. අමිල කියන මේ එස්එස්පී කවුද? ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩිය. අපේ මේයර් කියන්නේ රත්නපුර ප්‍රදේශයේදී පොලිස් සාර්ජන් කෙනෙකුගේ කන හපා කෑ දේශපාලනඥයාය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි කන හපා කෑ සැනෙන් අර මේයර් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කළේය. ඒ සිද්ධියෙන් එක් මසක් ඇතුලත පි‍්‍රයන්ත ජයකොඩි රටින් පළා ගියේය. පනාමුරේ සිද්ධියේ සැකකාර ඇම්.කේ අමිල කිසි විටෙකත් පොලිසිය අත් අඩංගුවට ගත්තේ නැත. නීීතිඥ රාසික් සරුක් හරහා අධීකරණයට භාර විය. අමිල පොලිස් භටයන් බිය ගන්වා අහසට වෙඩි තැබූ ටී-56 ගිනි අවිය ගැන බී වාර්තාවේ කරුණු දැක්වේ. එහෙත් ඒ ගිනි අවිය නඩු භාණ්ඩයක් ලෙස අධීකරණයට ඉදිරිපත් කළේ නැත. ඒ ගැන විමසු විට පොලිසිය අධීකරණයට දුන් උත්තරය කුමක්ද? එය ඉදිරිපත් නොකරන ලෙස ඉහළින් උපදෙස් ලැබි ඇති බවය. මේ උපදෙස් ලැබුනේ පොලිසියේම ඉහළින් බවට උපකල්පනය කරන්නට සිද්ධ වේ. මාතර කුරුඳු පොලූ යුද්ධයේදී ජනතාවට වෙඩි තැබූ ගිනි අවිය මේ විදියටම අධීකරණයෙන් සැගවීය. රස්සාව කරමින් සිටි තම පොලිස් නිලධාරින් පිරිසකට සිදුකළ මෙවැනි පහර දීමක් ගැන පොලිසිය කි‍්‍රයා කරන්නේ මෙසේ නම් උපුල් ජයසුරියලා ගැන සුනිල් ජයසේකරලා ගැන කවර කතාද?
2014 ජූනි මාසයේ දවසක කොට්ටාව අධීවේගි පිවිසුමේදීී නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරගේ රියදුරාට දඩ කොලයක් දුන් පොලිස් කොස්තාපල්ට කුමක් වීද ? එය රටම දන්නා කාරණාවකි. රාජකාරියේ යෙදී සිටි තම පොලිස් නිලධාරින්ට සිදුවන කළ මෙවැනි සිද්ධීන් වලදී පොලිසිය අසරණ.. වූ අවස්ථා අනන්තය. එහෙම වෙන්නේ කලන්තේ හැදිලා හෝ හැති වැටිලා නොවේ. ඉහළින් එන පීඩාකාරි බලපෑම් නිසාය. පොලිසියේ තත්වය මෙසේ නම් උපුල් ජයසුරියලා ගැන සුනිල් ජයසේකරලා ගැන කවර කතාද?
දඩ කොලයක් දුන් විට පොලිසියට ගැසූ අවස්ථා වාර්තා වෙන්නේ එකක් දෙකක් නොවේ. 2013 වසරේ මාස 4 ක් තුල පොලිසියට එරෙහි කි‍්‍රයා සහ පහර දීම් මෙසේය. ජනවාරි 30 දින මොණරාගල ප්‍රා.සභාපතිගේ මල්ලී ජයන්ත වීරසේකර පොලිස් නිලධාරීන් 2 කුට පහර දුන්නේය. පෙබරවාරි 15 දින මීරිගම ප්‍රා.සභා මන්ත්‍රී අමිල පෙරේරා පොලිසිය තුලටම පැමිණ නිලධාරීන්ට තර්ජනය කර තම ආධාර කරුවන් බලෙන් රැගෙන ගියේ ය.
පෙබරවාරි 24 දින මෛත්‍රීපාල සිරිසේන ඇමැතිගේ පුතා සහ මැර පිරිස නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරගේ පුතාට පහර දුන්නේය. අපේ‍්‍රල් 16 දින ගම්පහ නගරාධිපති එරංග සේනානායක පොලිසියට පහර දුන්නේය. අපේ‍්‍රල් 24 දින බුත්තල ප්‍රා සභා උප සභාපති පොලිසියට ගැහුවේය. අපේ‍්‍රල් 26 දින රත්නපුර නියෝජ්‍ය නගරාධිපති පොලිස් සාජන්ට පහර දී සපා කෑවේය.
මේ සියල්ල කැටිකර ගත් විට දෙවි පිහිටෙන් පන බේරාගෙන ඇත්තේ මිගලෑවේ දිනිඳු යශේන් දරුවා පමණකි. ඔහුට දෙවියන්ගේම පිහිටය. උපුල් ජයසූරිය අනාරෂිතය. සුනිල් ජයසේකර අනාරෂිතය. මංගල සමරවිර අනාරක්ෂිතය. පොලිසියෙන් ඉවත්ව ඕස්ටේරිලියාවට ගිය ප්රසාන්ත ජයකොඩි තවමත් අනාරක්ෂිතය. සකල පොලිසියම අනාරක්ෂිතය. 1990 ජූනි මස 11 වෙනි දින නැගනෙහිර පොලිස් නිලධාරින් 700ක් පෙළ ගස්වා වෙඩි තබන විට රාජ්‍ය ආරක්ෂක ලේකම් සහ පොලිස්පති මේ මිනිස් සංහාරය නතර කිරිමට ජනාධීපති පොළඹවන ලෙස ජනාධීපති ලේකම් හමුවි බැගෑපත්වී ඇත. 199 පිට. පහන් සංවේගය කේ.එච්.ජේ. විජේදාස චරිත කතාව. අද පොලිසිය මේ විදියට සිද්ධ වෙන්නේ රට අනාරක්ෂිත වන්නේ නිතිය අධීකරණය අනාරක්ෂිත නිසාය. එහෙම වෙන්නේ විධායක ජනාධීපති ක්‍රමයට ලැබුණ බලතල අනියමින් පාවිච්චි වන නිසාය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන්නේ මහින්ද රාජපක්ෂට විරුද්ධ නිසා නොවේ. ඒ ක්‍රමය රටට අහිත කර නිසාය. ජනාධිපති පේ‍්‍රමදාස යුගයේ නැගෙනහිර සේවය කළ පොලිස් නිලධාරින් 700කට එල්ටීටියට යටත් වන ලෙස නියෝග කළේ පොලිස්පති නොවේ. විධායක ජනාධිපති ආර්.පේ‍්‍රමදාස විසිනි. විධායක ජනාධිපති අණෙන් එසේ යටත්වූ පොලිස් නිලධාරින් පන පිටින් පුලූස්සා මරා දමන ලදි. මෙය රහසක් නොවේ. තම බල තන්හාව පිණිස මෙසේ නියෝග දෙන්ට පාලකයන් පෙළඹුණේ මේ විධායක ජනාධිපති ක්‍රමය නිසාය.
සමහරු කියන්නේ තවමත් ඩයස්පෝරාව තිබෙන නිසා විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍ය බවය. තැන් තැන්වල මෙසේ පොලිසිය ගුටි කන්නේ ලංකාවේ පොලීසිය ඩයස්පෝරා නිසාද? දේශපාලනඥයන්ට දඩ කොල දෙන පොලිසිය එල්ටීටීද? ඩයස්පෝරාද? මේ විදියට යනවිට විමල් වීරවංශත් ජාතික හෙළ උරුමයත් ඩයස්පෝරා විය හැකිය. අප පොලිසියට කැමතිය. ඒ ජන ජීවිතය රකින්නේ පොලිසිය නිසාය. මිගලෑවේ දිනිඳු යශේන් දරුවා බේරා දුන් කාරණයම ඇතිය. එහෙත් සියලු බලතල සහිතව රට රකින පොලිසියට තමන්ගේ නිලධාරින් රැකගන්ට ආරක්ෂාවක් නැති බව සහතික වී හමාරය. එහෙම වී ඇත්තේ නීතියට පිස්සු බලූ රෝගය වැළඳි ඇති නිසාය. මෙවැනි පාලනයක් සහිත ආණ්ඩුවක් විවේචනය කරමින් 1953 සැප්තැම්බර් මස 01 දින අත්තනගල්ල මන්තී‍්‍ර සහ විපක්ෂ නායක වරයා ලෙස දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තතුවේදී කළ ප්‍රකාශයක් මෙසේය.
‘‘…. රජයේ සේවය නරකින් නරකට යමින් පවතී. කිසියම් නියම වැඩි දියුණුවක් ඇතැයි ඔබට කිව හැකිද? කාර්යක්ෂම රාජ්‍ය දේවයක් නොමැතිව ඔබ කි‍්‍රයා කරන්නේ කෙසේද? තත්වය කවදාටත් වඩා අද නරකය. පරිපාලනාත්මක අකාර්යක්ෂමතාව, අල්ලස සහ දූෂණය ඉහවහ ගොස් ඇත.’’
බණ්ඩාරනායක දැක්ම අනුව ආණ්ඩුවක් මෙසේ හැසිිරෙන්නේ පරිපාලනාත්මක අකාර්යක්ෂමතාව, අල්ලස සහ දූෂණය ඉහවහ ගොස් ඇති නිසාය. වර්තමානයේ රට කරන්නේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක පිහිටවූ ශී‍්‍රලනිපය මෙහෙයවන ආණ්ඩුවකි.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න