ඇමෙරිකා සවාරිය සහ මානව හිමිකම්
ජනාධිපතිවරයාගේ අමෙරිකා සංචාරය පිලිබඳ මේ කරුණු අලූත් ඒවා නොවේ. නමුත් සිංහල පුවත්පත් විසින් සිය පාඨකයින්ගෙන් සඟවන ප‍්‍රසිද්ධ කරුණු ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද ගිය නිව්යෝක් ගමනට එක්වූ පරිවාර සෙනඟ කොපමණ දැයි හරියට සොයා ගැනීමට කිසිඳු පුවත්පතක් සමත් වූයේ නැත. සාමන්‍ය ගනන 65ක් තරම් විය.
ඒ අතර ජනාධිපතිවරයාගේ කණ්ඩායම 35 පමණ වූ අතර ඉතිරි පිරිස ජනාධිපති ආර්්‍යාවගේ සහ විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමගේ කණ්ඩායම් වලට අයත් වූහ.
නිවියෝක් නගරයේ දී ජනාධිපති ප‍්‍රමුඛ සංචාරක කණ්ඩායම නවාතැන් ගත්තේ උසස් පංතියේ හෝටලයක් වන රිට්ස් කාල්ටන් හෝටලයේ ය. එහි සාමාන්‍යය කාමරය දිනක මිල රුපියල් 100,000ක් තරම් ය.
පුවත්පත් වාර්තා පෙන්වා දෙන පරිදි මේ පිරිසෙන් වැඩි දෙනෙකු එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි සිටිනු දක්නට ලැබුනේ නැත. ඥාතීන් හමු වීම වැනි සිය පුද්ගලික කාරණා උදෙසා ඔව්හු තැන තැන ගියහ. ඉන් බොහෝ දෙනෙකුට වාහන පවා සැපයුනේ රජයේ වියදමිනි.
එදිනෙදා වියදම් සඳහා වෙනම සෑහෙන මුදලක් ලබා දී තිබූ නමුත් සිය දුරකථන සහ ආහාර බිල් පවා රජයේ වියදමට එක් කිරීමට අවසර දී තිබූ බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. අවසානයේදී මේ සියළු මුදල් ගෙවිය යුත්තේ මෙරට මහා ජනයා ය.
මෙම ගමනෙහි ම කොටසක් ලෙස ලොස් ඇන්ජලීස් නගරය කරා ගිය ජනාධිපති ප‍්‍රමුඛ සංචාරක කණ්ඩායම 20 දෙනෙකු විය. ඔවුන් නතර වූයේ පෙනින්සුලා බෙවර්ලි හිල්ස් නමි සුපිරි පන්තියේ හෝටලයේ ය. එහි කාමරයක එක් දින ගාස්තුව රුපියල් 67200 ක්වූ අතර ජනාධිපති විශේෂ කාමයේ ගාස්තුව රුපියල් 448,000 ක් විය.
නමුත් මෙම ගමනෙහි දී ජනාධිපතිවරයාට මුල්පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රිකයින් කිසිවකු සමඟ සාචච්ජාවක යෙදීමට අවස්ථාව ලැබුනේ නැත. එවැනි කිසිඳු ජායාරූපයක් ඔබ කිසිවකු නොදැක්කේ ඒ නිසා ය.
පසුගිය කාලය පුරාම ආණ්ඩුව මෙරටට පැමිණි රාජ්‍ය තාන්ත‍්‍රික ¥තයින් අපහසුවට පත් කිරීම සිය විනෝදය බවට පත් කර ගෙන තිබුුණි. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා වූ ඇලන් රොක් කරුණා කණ්ඩායම යුද හමුදා සහාය මැද ළමා සොල්දාදුවන් බඳවා ගන්නා බවට චෝදනා කළ විට ආණ්ඩුව (අගමැති සහ ආරක්ෂ අමාත්‍යංශය** ඊට පිළිතුරු දුන්නේ ඔහු එල්ටීටීඊ නියෝජිතයකු යැයි කෑගැසීම මගිනි.
නමුත් දැන් රට පමණක් නොව ලෝකයාම කරුනා කණ්ඩායම ළමුන් බලයෙන් බඳවා ගන්නා බව දනිති.
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පරීක්ෂා කිරීමට පත් කළ යුරෝපීය සංගමයේ නියෝජිතයා වූ බර්නාඞ් කොවුච්නර් සම්බන්ධයෙන් ආණ්ඩුව (තානාපති දයාන් ජයතිලක* කියා සිටියේ ශ‍්‍රී ලංකාව රක් රටක් වශයෙන් පැවැතීමට ඇති මහත්ම බාධකය ඔහු බව යි. පසුව බර්නාඞ් කොවුච්නර් අලූත් ප‍්‍රංශ ආණ්ඩුවේ විදේශ ඇමැතිවරයා ලෙස පත් විය. එවිට විදේශ ඇමැතිවරයා කියා සිටියේ දයාන් ජයතිලකගේ කතා ආණ්ඩුවේ කතා නොවන බව යි.
එල්ටීටීඊ ය නොර්විජියානු පාස්පෝට් සොරකම් කොට අල් කයිඩා සංවිධානයට විකුණන්නේ යැයි ද එවැනි පාස්පෝටි 700 සමඟ එල්ටීටීඊ සමාජිකයකු තායිලන්තයේ දී අත් අඩංගුවට ගත්තේ යැයි ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති බර්නාඞ් ගුණතිලක පසුගිය මැයි මාසයේ දී වොෂින්ටන් පෝස්ටි රේඩියෝවට කියා සිටියේ ය. මෙම සිදුවීම දෙකම අමූලික බොරු බව නොර්විජියානු ආණ්ඩුව කියා සිටි විට ශ‍්‍රී ලංකා තානාපති ඊට පිළිතුරු දුන්නේ නැත.
මෑතදී මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ සහන සම්බන්ධිකාරක සහ මානුෂිය කටයුතු සම්බන්ධ නියෝජ්‍ය මහ ලේකම් ශ‍්‍රීමත් ජොන් හොල්ම්ස් ද ආණ්ඩුව එල්ටීටීඊ සහායකයකු ලෙස හෙළා දැක්කේ ය. ඔහු එල්ටීටීඊයෙන් මුදල් ලබාගන්නා ත‍්‍රස්තවාදියකු ලෙස හැදින් වූයේ ය. අවසානයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඉදිරිපත්ව ජෝන් හොල්ම්ස් තමා විශ්වාස කරන බව ද කියා ඔහුට එරෙහිව මුදාහල අවලාද හෙළා දක්කේ ය.
එවිට විදේශ ඇමැති බෝගොල්ලාගම ද ඒ විවේචන හෙළා දැක්කේ ය!
මෙම මස 7 වනදා මෙරටට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරිය වන ලූවිස් ආබර් සම්බන්ධයෙන් තානාපති දයාන් ජයතිලක කියා සිටියේ ඇය නැගෙනහිර ඉන්දියා සමාගම මෙන් නොවිය යුතු බවයි. නැගෙනහිර ඉන්දියා සමාගම යටත් විජිතවාදීන්ගේ මංකොල්ලකාරී සමාගම විය. බළලා මල්ලෙන් එලියට පැන්නේ ය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය තාන්ත‍්‍රික ක්ෂෙත‍්‍රයේ දි ඉන්නේ ජනාධිපති ප්‍රෙමදාස ආණ්ඩුවටත් වඩා පසු පසිනි. ඉන්දියාව සම්බන්ධයෙන් එහි අනා ගැනීම් වෙනම ලිපියකට කරුණු ය.
එල්ටීටීඊ අවි ජාවාරම්කරු කේ. පී. අල්ලා ගත්තේ යැයි ඔහු බාර දෙන ලෙස තායිලන්තයෙන් කළ ඉල්ලීම ද එවැනි අමනොඥ පියවරකි. අන්තිමේදී තායි පොලීසිය මෙරට ආණ්ඩුවට කොකා පෙන්නුවේ ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් මැදිහත්වීම් වලට මේ සියළු විරෝධය පෑම් සිදුවන්නේ කළකට පෙර නිතිපතා එහි ගොස් මෙරට මානව හිමිකම් රැුක ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටි මහින්ද රාජපක්ෂ මහතා ගේ ආණ්ඩුවෙනි.
මේ අනුව බලන විට නිවියෝක් නගරයේ දී එතුමා ලද නොසැලකිල්ලට හේතුව තේරුම් ගැනීම අපහසු නැත.
සුනන්ද දේශප‍්‍රිය