(උවේ, නීති විරෝධී මැතිවරණ පෙළපාලිවලට සහය දෙන පොලීසිය – ඡායාරෑපය- කැෆේ)
ඌව ඡන්දය පටන් ගැනිණ. මුලින්ම අසන්නට ලැබුණේ කුමක්ද? පළාත් සභා අපේක්ෂකයෙකු සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු එක්ව කළ හපන්කමකි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු ද, මට්ටු කරමින්, මැතිවරණ නීති කඩා පෙළපාලි ගිය කතාවකි. බොහෝ් කොට රටේ පවත්නා නීති කඩන්නේ විපක්ෂය මිස ආණ්ඩුව නොවේ. මහත්මා ගාන්ධී සිවිල් නීති කැඩුවේ ආණ්ඩුවට විරුද්ධවය. එවිට ආණ්ඩුව පවත්නා නීති වෙනුවෙන් පෙනී සිටියි. එහෙම වෙන්නේ ඇයි? ආණ්ඩුව යනු රටේ පවත්නා නිතියේ ආරක්ෂකයා නිසාය. රටක නීතිය සුරක්ෂිතව නැති නම් ආණ්ඩුවකට රටක් පාලනය කිරීම අසීරු වේ. එහෙත් ලංකාවේ අණ්ඩුව උත්සාහ කරන්නේ නීති කඩා රට පාලනය කිරීමටය. ඉහත බාල්දිය පෙරළා ගත් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙවත් එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවේ නියෝජිතයන් වෙති. ඒ කියන්නේ ලංකාවේ වර්තමාන ආණ්ඩුව වඩාත් කැමති නීතිරිති නැති ගෝති‍්‍රක දුරාචාර සමාජයකටද? රටේ නිති හදන තැන පාර්ලිමේන්තුවයි. මේ කියන සිද්ධියේදී පෙළපාලි ගිය කණ්ඩායමේ කැපි පෙනන චරිතය තේනුක විදානගමගේය. ඔහු බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකි. මේ සිද්ධියේදී රාජකාරියෙහි නියුක්ත නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්ගේ කැමරාව උදුරා ගත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තේනුක විදානගමගේ සමග ගමන් කළ අයෙකි. පෙළපාලියේ වාසිය අර මන්තී‍්‍රගේ සහෝදරයා ඉහළින් දිනවීමය. ඔහුගේ මනාප ගොඩ වැඩිකර ගැනීමය. මේ මිනිස්සු පටන් ගන්නේම නීති කඩලාය. සර්ව ජන ඡන්ද බලය යනු අති පරිශුද්ධ තේරීමකි. මැතිවරණ නීති කැඞීම යනු බරපතල වරදකි. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ මන්තී‍්‍රවරයෙකු සිය මැතිවරණ වියදම් ආණ්ඩුවේ රෙගුලාසි අනුව ඉදිරිපත් කිරීමට අපොහොසත් විය. ඒ නිසා ඔහුගේ මන්ත්‍රී ධුරය අධීකරණය විසින් අවලංගු කෙරිණ. ඡන්ද නීතිය රාජ නිතිය තරම් බරපතලය. ඒ මැතිවරණය යනු බලයේ මුල වන නිසාය. මෙහිදී මැතිවරණ කොමසාරිස්ගේ භූමිකාව සොකරි නාඩගම සිහිපත් කරන සුලුය. මෙවැනිම සිද්ධියක් පසුගිය දකුණු පළාත් සභා මැතිවරණය අතර මාතරදී සිදුවිය. ඒ ව්‍යාජ ඡන්ද පති‍්‍රකා තොගයක් සම්බන්ධවය. මාතරදී මෙන් මැතිවරණ කොමසාරිස් කෙනෙකු මෙසේ බින්දුවට වැටිණ. මැතිවරණ කොමසාරිස් ජනරාල් හැමදාම කරන්නේ ඉතිරිවෙන වීදුරු කටු ටික ඇහිලීම පමණකි.
එකම පවුලක කිහිප දෙනෙකු ප්‍රාදේශීය සභාව නගර සභාව, මහ නගර සභාව, පළාත් සභාව සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන විට රටේ බහුතරයට කරන්න සිද්ධ වෙන්නේ කතිරය ගසා මනාප ලකුණු කිරිම පමණකි. ඊළගට මේ පවුල් සංස්ථාව උඩ සිට පහළට මුලු ප්‍රදේශයම පාලනය කරයි. එය වචනාර්ථයෙන් පාලනයක් නොවේ. වමට ගැහිල්ලකි. මුලුමනින්ම ඤාති සංග්‍රහයකි. හෙවත් තනතුරු බෙදා ගැනීමකි. පසුගිය දවසක ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා විදේශ සේවාව ගැන පාර්ලිමේන්තුුවේ කළ හෙළිදරව්ව අතර, මෙසේ කිය. ‘‘මේ පළාත් සභා මන්තී්රකම් තමුන්නාන්සේලාගේ පුතාලට ගන්නවා වාගේම ඒ තානාපති ධුර දෙවන ලේකම් ධුරවලට තමුන්නාන්සේලාගේ දූ දරුවෝ යවා තියෙන්නේ. මේ රටේ සාමාන්‍ය දරුවෝ දරුවෝ නොවෙයිද? තමුන්නාන්සේලාගේ දරුවෝ විතරද දරුවෝ.’’ අනුර කුමාර දිසානායක කී පරිදි, කොපමණදෝ ඇමතින්ගේ දූ දරුවන් විදේශ සේවයේය. අද රට වෙනුවෙන් පෙනී සිටින දූත මණ්ඩල බහුතරයක රාජකාරි බිඳ වැටිලාය. විදේශ ප්‍රතිපත්තිය හෑල්ලූ වෙලාය. ජාත්‍යන්තරය හමුවේ ලංකාව විඳීන නින්දා අනන්තය. අනුර කුුමාර දිසානායකට අනුව දකුණු පළාතේ වාසනාවන්ත පියෙක් කැබිනට් ඇමතිය. ඔහුගේ එක පුතෙක් පළාත් සභාවේය. අනෙක් පුතා විදේශ සේවයේ ය. ප්රජාතන්ත්රවාදය නමින් මේ පෙන්වන්නේ වැඩවසම් විජ්ජාවකි. අප්පාගෙන් පුතාට කෝරළේ් තානාන්තරය ගම්පතිකම වෙල් විදානේකම ගියා වාගේ විලිලජ්ජා නැති පාලනයකි. ලංකාව සොල්බරි ව්‍යවස්ථාවෙන් පාලනය වූ 24 වසර තුළ ආණ්ඩුවේ හැම තනතුරකටම සුදුස්සන් බඳවා ගත්තේ තරග විභාග හරහා ය. අද උසස් පෙළට ලකුණු අඩුවෙන් ගත් දරුවන් ද, ඇමති ලැයිස්තුවෙන් විශ්ව විද්‍යාලයට ඇතුල් වෙති. මේ රටේ පාඩම් කරලා විභාග වලට ලියලා පලක් නැත.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකරගේ පොදු ව්‍යාපාර පිළීබඳ(කෝප්) කාරක සභා වාර්තාව අනුව රටේ ආර්ථිය බංකොලොත් කළ රාජ්‍ය ආයතන බොහෝ ගණනකි. ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය වයමැක්ස් තාක්ෂණය ලබා ගැනිමේදී සිදු කළ පාඩුව පමණක් රුපියල් මිලියන 108කි. ධිවර සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි හත හමාරකි. මේ ආයතන දෙකම පාලනය කරන්නේ කැබිනට් ඇමතිවරු දෙදෙනෙකුගේ සොහොයුරන් දෙදෙනෙකි. කැබිනට් අමාත්‍ය පාටලී චම්පික රණවකට අනුව රුපියල් 97/-ට ආණ්ඩුව මිලට ගන්නා පැට්රල් ලීටරය අපට විකුණන්නේ රුපියල් 162/-ටය. එයින් රුපියල් 65/-ක්ම ආණ්ඩුවේ බදු සහ වියදම්ය. මෙම එහෙත් සාධාරණව ගත්කළ පැට්රල් ලීටරය රුපියල් 100/- දීමට හැකි බව අමාත්‍ය පාටලී චම්පික රණවක කියා සිටී. ඔහුට අනුව, 2008දී ඉරාන රජයේ සහායෙන් නව තෙල් පිරිපහදුවක් සඳහා මුල්ගල් තැබීය. එකී ව්‍යාපෘතියට ලංකා ආණ්ඩුව එදවස රුපියල් මිලියන 450ක් වැය කළ යුතු විය. එහෙත් ආණ්ඩුව ඒ මුදල වැය නොකළ නිසා එය යටපත් විය. 2010දී නැවත ඒ ව්‍යාපෘතිය ආරම්භ කිරිමට, වෙළඳ පොල මිල අනුව ලංකා ආණ්ඩුව රුපියල් ඩොලර් මිලියන 2200ක මුදලක් වැය කළ යුතු විය. එහෙත් එපමණ මුදලක් මුදල් ලංකාව සතු නොවිය. එහෙත් ලෝකයම දන්නා හෙජින් ගිවිසුම නිසා රටට සිදුවූ පාඩුම අමෙරිකන් ඩොලර් මිලියන 75.28කි. මේවා ගැන අයියා මල්ලී දුව පුතා සැමියා බිරිය තනතුරු දරන මැති ඇමතීන් කට අරින්නේ නැත.
මෙහෙම දූණ වංචා නාස්ති නතර කරන්නට නිලධාරින් අපොහොසත් වෙති. ඒ දේශපාලන බලය අයාලේ යාම නිසාය. එසේ වූ කළ නිලධාරින් අසරණ වේ. ‘‘තමුසෙගේ චක්‍ර ලේඛය දෙකට නමලා ගහ ගන්නවා **..’’ වැනි කතා අසන්ට හෝ ගෙදර යන්ට සිද්ධවේ. ඒ නඩුව කියන්නට කොමිසමක් අධිකරණයක් රජයේ නිලධාරින්ට නැත. හරියට මහියංගනයේ පෙළපාලිය වාගේය. නීති විරෝධී පෙළපාලිය නතර කරන්නට පොලිසියට හයිය නැත. හේතුව නිතිය කි‍්‍රයාත්මක කළොත් කෝර්ට් එක ගැලවෙන නිසාය. අමාත්‍ය හේමාල් ගුණසේකරට දඩ කොලය දෙන්ට ගිය පොලිස් රාළහාමිට වෙච්ච දේ රටම දනිති. මහියංගනයේ පෙළපාලිය නතර කරන්න මැතිවරණ බලධාරියෙක් පාරට බැස්සේ ඒ නිසාය. ප්ර්රතිපලය කුමක්ද? ඔහු ගුටි නොකා අනූනවයෙන් බේරීම පමණකි. විල්පත්තු අභය භූමිය ඇතුලත ඇමතිවරයෙක් කැලය එළිකොට ගෙවල් හදන විට වනජිවි බලධාරින් නිහඬ වුනේ මේ සෙල්ලම නිසාය. ඒ ඇමති වරයාම මන්නරම් අධීකරණයට ගල් ගස්වන විට අධීකරණ පද්ධතියම නිහඬ විය. ඒ ඇයි? මේ සෙල්ලම නිසාය. 1976 සිරිමා බණ්ඩාරනායකගේ තුන් හවුන් ආණ්ඩුවේ පාලනයෙන් රටේ මිනිසුන් මහමග සා ගින්නෙන් මැරී වැටිණ. එදා පි‍්‍රන්ස් ගුණසේකරලා එළියට ආවේ අතේ කුණු සහ හොරකම් නැති නිසාය. එහෙත් කොබ්බෑකඩුවලා, මොන්ටි ගොපල්ලවලා, නන්ද එල්ලාවලලා ඒ කුණු ගොඬේම පැටලී ඉතිහාසයෙහි වැලලී ගියහ. හේතුව මොකක්ද? නෑයන් වටවූ විට රටේ පාලනය ව්‍යාපාරයක් සමාගමක් වන නිසාය. ඉන්පසුව තමන්ම බෙදා ගන්ට පටන් ගනියි. එවිට රටේ නීති අමතක වේ. මුදල් රෙගුලාසි බල්ලට යයි. අද රට කරවන්න සල්ලි නැත. ආණ්ඩුව බදු ගසා ජනතාව උපයන සොච්චමට කෙළිති. නියමිත දවසට පැන්ෂන් නැත. ලංගමය පඩි දෙන්නේ තුන් හතර වතාවටය. 2011 වසරේ මහජන උපායාගිතා කොමිෂම කළ සමික්ෂණයක් අනුව රුපියල් 1000/- අඩුවෙන් උපයන පවුලක සිය වියදමෙන් 15%ක් විදුලි බිල පිණිස ගෙවිය යුතුවේ.
මේ අනුව දූෂිත පාලනයෙන් වඩාත් දුක් විඳීන්නේ අරක්කු ටිකට කෑදරවී කතිරය ගැසූ මිනිසුන්ය. ඉන්පසුව ජීවත් වීමට හොරකම් කරති. හොරකමේ යන අතර මිනීත් මරති. ස්ති‍්‍රන් ද, දූෂණය කරති. මාල කඩන්නේ නැතිකමටය. මිනි මරන්නේ බේරී පලා යන්නටය. ඉන්පසුව මේ පල් හොරුන් අපරාධ කාරයන් ආරක්ෂාව පතා යන්නේ ඡන්දය ගත් අයගේ ගෙවල් වලටය. පොලිසිය සවුත්තු වෙන්නේ මෙන්න මෙතනදීය. මේ පල් හොරුන්ම පෙළපාලිවල ගමන් කරති. එවැනි පෙළපාලි නතර කරන්ට පොලිසියට පුලුවන්ද? රටක් පාලනය කළ හැක්කේ සාධාරණත්වය දැකිය හැකි මිනිසුන්ට ය. අද එය කනපිට හැරිලාය. එක පවුලක තාත්තා පාර්ලිමේන්තුවේය. පුතා පළාත් සභාවේය. තවකෙක් විදේශ සේවයේය. එකම පවුලේ අයියා පාර්ලිමේන්තුවේය. මල්ලී පළාත් සභාවේය. තවත් පවුලක සැමියා පළාත් සභාවේය. බිරිය නගර සභාවේය. මේ අප්පලා පුතාලා අයියලා මල්ලිලා ගෑනිලා මිනිහලාට දෙන මනාප නිසා දූෂණය ඉහවහ ගොස් රට දුප්පත් වෙති. එවිට ජීවන වියදම ඉහළ යති. බඩු මිල වැඩිවේ. චක්‍රය කැරකැවෙන්නේ මෙහෙමය. සොත්ති උපාලිලාගේ යුගය නැවත උදා වෙමින් පවතී.
අරක්කු ටිකට මනාප දුන් එවුන් අපරාධ ඒජන්තයන් බවට පත්වේ. කොටකෙතන ඝාතනවලදී ඇමතිවරුන්ගේ සම්බන්ධිිකරණ ලේකම්ලා අසුවුනේත් පසුව බේරුණේත් එහෙමය. ඒ අපරාධකාරයන් මහනුවර රාජසිංහ යුගයේ කටුපුල්ලේලා මෙන් හන්දි ගානේ ගෙවල් ගානේ රැුයක් දවාලක් නොබලා නීතිය අතට ගෙන යකාත නටති. නීතිය යුක්ති ධර්මය විනිශ්චයක් නොදී අවිනිශ්චිතව බලා සිටිති. පනාමුරේදී පොලිස් භටයන්ට පහර දුන් ටී56 ගිනි අවිය අධීකරණයට ඉදිරිපත් කළේ නැත. ඒ ගැන ප්‍රශ්න කෙරිණ. ලැබුණ උත්තරය ඉහළ උපදෙස් අනුව ඉදිරිපත් නොකරන බවය. එහෙම නොකළා නම් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාපති ඇම්.කේ.අමිලට පහළ උසාවියෙන් ඇප ගන්න බැරිවෙන නිසාය. එහෙත් ඒ පොලිසියම බීලා පාරේ වැටී සිටි එකා බෝම්බ සමග උසාවි දමා පොලිසියේ නඩු ගණන වැඩි කර ගනිති. ඉහත කී මහියංගන සිද්ධියේ රාජකාරියට බාධා කළ මන්තී‍්‍ර ඇතු`ථ පිරිස අත් අඩංගුවට ගන්න පොලිසියට බැරිවිය. ඒ පිරිස ඔවුන් ද ස්වේච්ඡාවෙන්ම පැමිණ අධිකරණයට භාර විය. පවුලක කිහිප දෙනෙකු දේශපාලන බලය අත්පත් කරගෙන සිටින විට නිලධාරින් මතු නොව මහ ජනතාවද බියෙන් වෙව්ලා යති.
මහියංගන සිද්ධියේ කියැවීම මෙතකින් අවසන් නොවේ. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු මේ සිද්ධියේදි අපහසුවට පත් වුනා කියන්නේ මැතිවරණ කි‍්‍රයාවලිය මුල සිට අගට කඩතොලූ සහිත බවට සාක්කියකි. දිස්ති‍්‍රක් ලේකම් ප්රාදේ්ශීය ලේකම් ඉඩම් කොමසාරිස් මැතිවරණ කොමසාරිස් ආදි තනතුරු දරන නිලධාරින් තම දෙපාර්තමේන්තු මෙහෙයවනු මිස පාරේ හිටගෙන රාජකාරි නොකරති. ඔවුන් විසින් කරන්නේ ක්‍රමය හැසිරවිමය. ඒ අනුව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු වගකීම රෙගුලාසි අණපනත් හරහා මැතිවරණ කි‍්‍රයාදාමය හැසිරවීමය. එහෙව් තැන ඔහු පාරේ යන පෙළපාලි නවත්වන්න ගියේ ඇයි? නාගරික කොමසාරිස් කුණු කානු බලන්න යන්නේ නැත. මස් කඩ පරීක්ෂා කරන්න යන්නේ නැත. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක ආදි විවිධ තරාතිරමේ කාර්ය මණ්ඩල පත්කර ඇත. මැතිවරණ කාලයක පෙලපාලි යාම ප්‍රසිද්ධ ස්ථානවල දැන්විම් ඇලවිම අනවසරයෙන් රැස්විම් පැවැත්විම ගැන කි‍්‍රයා කළ යුත්තේ පොලිසිය නොවේද? එහෙත් ලංකාවේ පොලිසිය මොනවත් කරන්නේ නැත. මේ උත්තරයට එරෙහිව පොලිසියට අපහාසයට නඩුවක් දාන්න නම් බැරිය. කේන්තිය නිවා ගන්න ඇහැක් එළියට පනින්න හත අටක් බෙදන්න පුලුවන. තුන් ඈඳුත්ත ලාච්චුවක දමා වසන්නටත් පුලුවන. සත්තකින්ම ලංකාවේ පොලිසිය මොනවත් කරන්නේම නැත. යන්න අසාධාරණ කතාවකි. එහෙම කතා ඇසෙන්නේ ලංකාවේ පොලිසියට රාජකාරි කරන්න නොහැකි නිසාය. නීතිඥ උපුල් ජයසුරියට ආරක්ෂාව දෙන්න සිවිල් ආරක්ෂක ලේකම් රට ගිහින් එනතුරු සිටිය යුතුය. විටෙක එල්ටිටිය පරාජය කළේ මේ ආණ්ඩුව ද කියා සැක සිතෙයි.
වැරදි කාරයෙකු පසුපස හඹා යන්ට පොලිසිය අකමැතිය. හේතුව බොහෝ වැරදි කාරයන් ආණ්ඩුවේ කැචර්ලා නිසාය. කොට්ටාව අධිවේගී පිවිසුමේ පොලිස් රාළහාමිට සිද්ධවුන දේ ආසන්නම උදාහරණයයි. ගම්පහ නගරාධිපතිගේ රියැදුරා හෙල්මට් නැතිව යද්දී අල්ලා ගත් පොලිස් රාළහාමි ගුටි කෑවේය. රත්නපුර පළාතේ පොලිස් සාර්ජන්ගේ කන කපා කෑ එකා රිමාන්ඞ් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකාවම අතහැර යන්ට ගියේය. මොනරාගල ගංජා තොගයක් ඇල්ලූ පොලිස් නිලධාරින් ගුටි කා රෝහල් ගතවිය. පනාමුරේදී පොලිසිය ගුටි කෑවේත් රාජකාරි කරන්නට ගොස්ය. අද දවසේ බොහෝ දේශපාලන තනතුරු දරන්නේ ප්‍රසිද්ධ චණ්ඩින් හෝ චණ්ඩින්ගේ බොස්ලාය. මේ චණ්ඩින් කලක් කසිප්පු පෙරා හසුවී පොලිස් මුලුතැන් ගෙට දර පළා දුන් නිවටයන් වෙති. ගැටුම තියෙන්නේ මෙතනය. රටේ ජනතාවගේ ආරක්ෂාව අවදානමට ලක් වන්නේ මෙන්න මෙතනදී ය.
මිගලෑවේ පැහැර ගෙන ගිය කුඩා දරුවා බේරාදුන්නේ දෙවියන් වැනි පොලිසිය බව ඒ දෙමාපියන් කියති. එහෙත් 2014 අගෝස්තු14 වෙනි ඉරිදා රිවිර පත්‍රය ඒ හපන්කමේ නියම ඇත්ත මෙසේ වාර්තා කර තිබිණ. ‘‘දරුවා පැහැර ගැනීම ගැන දැනගත් ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා වහාම පොලිස්පති වරයා ඇමතිය. පොලිස්පති වරයා දැනට කෙරෙන පරීක්ෂණ ගැන ජනාධීපති වරයා දැනුවත් කළේය. කෝටියක කප්පමක් ඉල්ලන බවද මෙහිදි ප්‍රකාශ කර සිටියේය.අවසානයේ ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝග දෙමින් කියා සිටියේ මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට භාර දෙන ලෙසය.’’ පොලිස් පරීක්ෂණ සිදුවුනේ ඒ අනුවය. ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනේ නො සිටියා නම් දිනිඳු පුතාගේ ඉරණම කුමක් විය හැකිද? ඒ අනුව අර දරුවා බේරා ගැනිමේ ගෞරවය තවදුරටත් පොලිසියට ලැබෙන්නේ නැත. එහෙත් මෙහි යථාර්ථය එය නොවේ. පොලිසිය වැඩ නොකර ඉන්නේ අපරාධය පිටුපස සිටින්නා බලවතෙක්ය යන සැකය නිසාය. එය හරියට අධිකරණ නියෝගය අනුව මහියංගනයේ පෙළපාලි කරුවන් අත් අඩංගුවට නොගත්තා වාගේය. එය හරියට අධිකරණ නියෝගය අනුව කුරුණෑගල අඹකොටේ ග්‍රාම නිලධාරිට පහර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා අත් අඩංගුවට නො ගත්තා වාගේය. මේ තත්වය තුල රටේ හැම සිද්ධියටම ජනාධීපතිතුමාට මැදිහත් විය නො හැකිය. එසේම සමහර සිද්ධිවලට ඔහු මැදිහත් නොවන නිසා සිද්ධි යටපත් වෙනවාද යන ප්‍රශ්නයක් මෙහිදි කෙනෙකුට ඇසිය හැකිය. මෙය බරපතල තත්වයකි. පඩංගුවේ කතිරය නිවැරදිව පාවිච්චි කිරීමට ජනතාව කි‍්‍රයා කරන තෙක් ඔවුන්ගේ දරුවන් අනතුරේය. වත්කම් ජීවිත අනතුරේය. රාජ්‍ය නිලධාරින්ගේ ගෞරවය සහ ඔවුන්ගේ රස්සා අනතුරේය. ඇත්තටම රට ඇත්තේ 71 චේගුවේරා කාලයේ මෙන් නීතියක් සාධාරණයක් පාලනයක් නැති අඳුරකට ළගා වෙමින් ඇත.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න