“අපිට අවශ්‍යවන්නේ යුක්තිය ඉෂ්ඨ වීම. යුක්තිය නැතිව සංහිදියාවක් හෝ බිදුනු සිත් තුළ පහන් හැගීම පිළිබද බලාපොරොත්තු දල්වන්න බෑ. ඒ සදහා වන මාවතක වෙත පැමිණිය යුතුයි. යුක්තිය පසිදලීම නම්වූ මාර්ගයේ ගමන් කිරීම පමණයි, සංහිදියාව ඇති කිරීමට එකම මග. සියලු දේ අහිමි වූ ජනතාවක් තවදුරටත් රැවටීම තුළින් සිදුවන්නේ සාමය සදහා වන මාර්ගයන් තවදුරටත් පටුවීම පමණයි”
කිලිනොච්චිය ධර්මපුරම් හී පැවති සරාජීවන් පියතුමන් ඇතුලු යුද්ධයෙන් මියගිය ජනයා අනුස්මරණ කිරීමේ අවස්ථවේදී එයට සහභාගී වූ පියතුමෙකු මේ අදහස අප සමග පැවසූයේ මීට වසර තුනකට පමණ පෙරදීය. ඒ 2012 වර්ෂයේ මැයි 18 වැනිදාය.
කාම්බෝජයේ පොල්පොට් ඇතුලු කම්පුචියා කොමියුනිස්ට් පක්ෂය නමින් හැදින්වූ මිනීමරැ කල්ලිය ඊනියා සමාජවාදය නාමයෙන් සිදුකළ මිලියන ගණනක් වූ ඝාතනයන් සම්බන්ධය සිදුකරන අන්තර්ජාතික යුධ අපරාධ විමර්ෂණයේදී ඝාතනයට ලක්වූ පුද්ගයන්ගේ ආදරණීයයන් ඉල්ලා සිටින්නේද යුක්තිය පමණි.
වයස අවුරැදු 92 ක් වන ක්්්‍යු සම්පන් වැනි ඉතා මහලු කෙමරෑජ් නායකයන් වෙත දඩුවම් ලබාදුන් කාම්බෝජියා යුධ අපරාධ අධිකරණය සභාව සිය දඩුවම් නියම කිරීම සම්බන්ධයෙන් අර්ථ දක්වා සිටියේ සමාජයේ යුක්තිය පිළිබද වන බලාපොරොත්තු නොබිදීම බවත් එසේම නැවත එවැනි ව්‍යසනයක් ඇති නොවීමට යුක්තිය සදහා වන නොනවතින සමාජය අභ්‍යාසයක් වෙනුවෙන් බවත්ය.
කම්බෝජයේ රත්නාකිරි කදුකරයේ හමුවූ සිය දරැවන් සහ සහෝදරයන් සියලු දෙනාම කැමරැජ් කල්ලිය විසින් මරා දැමූ වියට්නාම සම්භවයක් සහිත මවක් පවසා සිටියේ ද ලංකාවේ උතුරේ මව්වරැවන් පවසන ආකාරයෙන්ම මාරාදැමූ සිය දරැවන් සහ ආදරණීයන් වෙනුවෙන් යුක්තිය අවශ්‍ය බවයි.
එසේම පසුගිය අප්‍රේල් 21 වැනිදා ජර්මනියේ නූරෙම්බර්ග් යුධ අපරාධ ටිබුයනය විසින් එවක අවුෂ්විට්ෂ් නාසි වදකදවුරේ සිරකරැවන් ලියාපදිංචි කරන්නකු ලෙස කටයුතු කළ දැන් 93 වැනි වියේ පසුවන මහල්ලෙකු හට දඩුවම් කරමින් අධිකරණය දඩුවම අර්ථ දක්වා සිටියේ වසර ගණනක් ගෙවී ගිය පසු හෝ වින්දිතයන් වෙනුවෙන් යුත්තිය ඉටු කිරීම ඇති සමාජ වගකීම ලෙස බවයි.
යුක්තිය වෙනුවෙන් වන සමාජ වගකීම
ඉහත උදාහරණ වලින් මතුකරන ප්‍රධාන කරැණනම් සමාජයක් ලෙස සුවපත් වීමට නම් යුක්තිය ඉටුකිරීම අනිවාර්්ය සාධකයක් බවයි. විශේෂයෙන් සමාජය අරගල 3 ක් අවියෙන් මර්ධනය කර දහස් ගණනක් තරැණ ජීවිත ඝාතනය කළ රටකට සැබෑලෙස යුක්තිය පසිදලීමේ ක්‍රියාමාර්ගයකින් මිස ඉන් මෙහා රොමෑන්තික සැමරැම් වලින් පමණක් කිසිවක් වෙනස් වීමට නියමිත නැත.
විශේෂයෙන් දෙමළ සමාජය තුළ 60 ක් තිස්සේ වන විමුක්ති උදෙසා වන අභිලාෂයට අනිවාර්්‍යයෙන් කොළඹ මූලික දේශාපාලන විසින් ආමන්ත්‍රණය කළ යුතු අතර නැවත ව්‍යසනයක් ඇති වීම වළක්වා ගත හැක්කේ දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයට සහ දෙමළ වර්ග සංහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමෙන්ම පමණි.
දෙමළ ජනයා තමන්ගේ නිදහස සහ යුක්තිය වෙනුවෙන් වන ඉතිහාස ගත මැදිහත් වීම සිදුකර ඇති අතර උතුරේ ජනයාට යුත්කිය ඉටුවීමට යනු දකුණේ මරාදැමූ දහස් ගණනක් තරැණ ජීවිත සදහාද යුක්තිය පසිදලීමට ඇති මාර්ගය උදාවීම බව අප වටහා ගත යුතුව තිබේ. එම නිසා යුක්තිය ඉටුකිරීම සහ ඒ සදහා අභ්‍යාස කිරීම යනු එක් වාර්ගික වගකීමක් නොව සාමූහික සමාජ වගකීමකි. එමෙන්ම සාමූහික අභ්‍යාසයකි.
ූඋතුරේද දකුණේද යුක්තිය සදහා වන අභිලාෂය දේශපාලන අධිකාරිය විසින් තමන්ගේ බලව්‍යාපෘතිය වෙනුවෙන් ඉතිහාසය පුරා පාවිච්චි කරමින් සිටී. උදාහරණ ලෙස 94 දී චන්ද්‍රිකා බණ්ඩරනායක බලයට පැමිණියේ 88-89 සමයේ සිදුවූ ව්‍යසනයට යුක්තිය ඉටුකිරීමේ මැතිවරණ පොරොන්දුව සමගිනි. නමුත් සිය බලය අත්පත්කරගැනීමෙන් පසු එය හුදු මාධ්‍ය සංදර්ශණයක් බවට පත්වූ අයුරැ අප අත්දැක්කෙමු. එසේම 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති සිරිසේන බලයට පැමිණියේද උතුරේ ජනයාට යුක්තිය ඉටුකිරීමේ මැතිවරණ පොරොන්දුව නිසාවෙනි. එම පොරොන්දුව සම්බන්ධයෙන් දැන් පවතින්නේ දෙගිඩියාවකි.
එම නිසා යුක්තිය සදහා වන උතුරැ දකුණු අභිලාෂය එක් ලක්ෂයක් මත ගෙන ආ හැක්කේ සිවිල් පුරවැසි බලවේගයකටම පමණි. උතුරේ ජනයා අනවරතර යුක්තිය සදහා වන අරගලයක නිරත වෙමින් සිටින අතර එයට දකුෙණ් යුක්තිය සදහා වන අරගලය සම්බන්ධවීම සහ වෙනුවෙන් සයෝගීත්වයේ දෑත් දිගුකිරීම තුළින් පමණක් සහෝදරත්වයේ පාලම නිර්මාණය කරගත හැකි එකම අභ්‍යාසය වෙයි.
අන්තර්ජාතික රාජ්‍ය මිත්‍යාවෙන් මිදීම
අන්තර්ජාතික රාජ්‍ය ප්‍රජාව විසින් දෙමළ ජනායට යුක්තිය ඉටකරනු ඇතැයි බලාපොරොත්තු වීම මිත්‍යාවක් බව නූතන භූ-දේශපාලනික තත්ත්වයන් ගණනය කිරීමේදී ඉතා පැහැදිළි වන කරැණකි. ඒ සදහා සජීවී උදාහරණ මේ මොහොතේද ඕනෑතම් වෙයි. 8000 පමණ වන රොහින්ගාවරැ සාගර ජලය මත මරණය සමග පොරබදිමින් සිටියදී අන්තර්ජාතික රාජ්‍ය විසින් සිදුකරමින් සිටින ඔවුන්ගේ දේශපාලනික සෙල්ලම අප මතුකරන මිත්‍යා සම්බන්ධයෙන් වන කරැණු දැක්වීමට ළගම උදාහරණය සපයයි. සිරියා, පලස්ථීනය, කුර්දි අරගල මෙන්ම නොවිසිදුනු කොසොවෝ අරගලද අදාළ මිත්‍යාවට උදාහරණ සපයයි.
ලංකා රාජ්‍යයේ හමුදා දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කරනු ලැබූ අවස්ථාවේදී අන්තර්ජාතික රාජ්‍ය හැසිරැණු ආකාරය අප අමතක කළ යුතු නැත. ජාත්‍යයන්තර දේශපාලන තුළ සතුරැ මිතුරැ වෙස් දැරෑ රාජ්‍ය දෙමළ ජනයාට එරෙහි වර්ග සංහාරක යුද්ධයේදී සිය සතුරැ සීමාවන් ඉක්මවා එක පෙරමුණකට පැමිණ ආකාරය සම්බන්ධයෙන් වඩා සියුම් අධ්‍යයනයක් කිරීමට අප යෝජනා කරමු. උදාහරණ ලෙස ඉන්දියාව සහ පකිස්ථානය අන්තර්ජාතික දේශපාලනය තුළ කදවුරැ දෙකක සිටියත් දෙමළ විමුක්ති අරගලය සම්බනධයේ වන සන්දර්භයේදී ඔවුන් සිටියේ එක පෙරමුණකය. ඊශ්‍රායල්-ඉරාන සිට ගැනීමද දෙමළ ජනයා සම්බන්ධයෙන් එලෙසමයය. ඇමරිකානු-චීනය ආස්ථානයද එසේමය.
එම නිසා යුක්තිය සම්බන්ධයෙන් අන්තර්ජාතික රාජ්‍ය මත යැපීම වෙනුවට අන්තර්ජාතික පුරවැසි සහයෝගීතාවය ගොඩනැගීම මගහැර යා නොහැකි කරැණක් වෙයි.
සිරිසේන – රාජපක්ෂ සහ වික්‍රමසිංහලා
රාජපක්ෂ ආණ්ඩුව දෙමළ දේශපාලන සහ යුක්තිය සම්බන්ධයෙන් වන අභිලාෂය මිලිටරි මගින් මර්ධනය කළ අතර මෛත්‍රි-රනිල් ආණ්ඩුව වටේ යමින් දෙමළ ජනයා තවත් වරක් රැවටීමට උත්සහ කරන බව දැනට ගොඩනැගෙමින් පවතින තත්ත්වයන් සාක්ෂි සපයයි. දෙමළ ජනයා සිරිසේන වෙනුවෙන් ඡන්දය භාවිත කරනු ලැබුවේ යුක්තිය සහ නිදහස වන අභිලාශය පමණක් මත බව අප නැවතත් අවධාරණය කර සිටිමු.
විශේෂයෙන් මෛත්‍රි-රනිල් ආන්ඩුවේ හැසිරීම ගණනය කිරීමට මෑතම උදාහරණ කීපයක් සෑහෙයි. යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින වර්ග සංහාරක යුද්ධයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 53 වැනි සේනාකංයට අණදුන් ජගත් ඩයස් වැනි මිනීමරැවන් හමුදා අණදෙන්නන් හමුදා මාණ්ඩලික අණදෙන තනතුරට පත්කිරීම සහ රාජපක්ෂ විසින් ජගත් ඩයස් ජර්මනියේ නියෝජ්‍ය තානාපති කිරීම අතර වෙනසක් නැත.
එසේම ජනාධිපති සිරිසේන විසින් පසුගිය දා ඊනියා යුධ ජයග්‍රහණ සැමරැෙම්දී සිදුකළ කථාව පටන්ගන්නේම හමුදා සහ ජාතිවාදී ගැලරියේ විසිල් ලැබෙන ආරම්භයකිනි. ඔහුට අනුව මැයි 18 ඓ
තිහාසික වන්නේ ඊනියා ජයග්‍රහණයක් නිසාවෙනි. එසේ නොමැතිව දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය වූ නිසාවෙන් නොවේ.
එසේම දෙමළ වර්ග සංහාර ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන උතුරැ පළාත් සභා යෝජනාව සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ භූමිතෙල් ගෑ ගැරඩියෙකු ලෙස දගලමින් උතුරැ පළාත් සභා මහ ඇමතිවරයාට එරෙහිව ගැලරි ප්‍රකාශය මගින් රගදක්වා සිටියේ යුක්තිය ඉටුකිරීම නොව අවම වශයෙන් යුක්තිය අවශ්‍යයැයි පිළිගැනීමට පවා ඇති අකමැත්තයි.
එසේම ඊනියා විජයග්‍රහණ නොපවත්වන බව පවසමින් සන්නාහ සන්නද්ධ රථ සමග දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ යුධ යාන්ත්‍රණය නැවත වෙනත් නමකින් උත්කර්ෂයට නංවන ජනාධිපති සිරිසේනලා, ජෝන්ගේ පොලීසිය ලවා උතුරේ මුල්ලිවෛයිකාල්හිදී මියගිය දෙමළ ජනයා සිහිකිරීමට එරෙහිව අධිකරණ නියෝග ලබාදෙයි.
දෙමළ ජනයාට එරෙහිව දැන් ඇසෙන හඩ මිලිටරිය මෙන් වූවද වූවද අත සිරිසේන-වික්‍රමසිංහලාගේ බව අප අවධාරණය කරමු.
අවසාන වශයෙන් වසර 60 ක දමිළ වර්ග සංහාකර ක්‍රියාවලියට එරෙහිවද දකුණේ දෙවරක් සිදුවූ තරැණ සංහාරයටද යුක්තිය පසිදලිය යුතුය. යුක්තියෙන් තොරව ලංකීය සමාජය සුවපත් කළ නොහැකිය.
රාජ්‍ය විසින් කිසිවෙකුට මැජික් එකක් ලෙස යුක්තිය ලබානොදෙන අතර එය පුරවැසි බලපෑමෙන් පමණක් සිදුවන්නකි.
උතුරේ ජනයා දශක 6 ක් තිස්සේ සිය නිදහස සහ යුක්තිය සම්බන්ධයෙන් වන මැදිහත්වීම සිදුකරමින් සිටින අතර මේ මොහොත පැමිණ ඇත්තේ දකුණේ සිට ඒ වෙනුවෙන් වන ප්‍රගතිශීලි පුරවැසි මැදිහත් වීම වෙනුවෙනි.
අප නැවතත් අවධාරණය කරන සිටින්නේ සංහිදියාවේ එකම මග යුක්තිය පමණක් බවයි. එය කෙතරම් දුෂ්කර වූවද ඒ සදහා කෙටි හෝ වෙනත් මාර්ග නොමැත.
පසන් ජයතිලක