‘ප්‍රේමා’ගෙ නුවනගින් වැටි කඳුළු මාවතේ
බලා සිටි හිස් පමණි, අවතාර යාවුණේ
‘කුසුමා’ගෙ මුව අගින් වේදනා පාවුණේ
අයියණ්ඩි පෙම තිබුණි, හිතුමතේ ජීවිතේ
ළඟින් හුන් සබඳකම් – සහෝදර සුසුම් කැන්
ඉදිරිපිට නිරුවතින් වෙඩි කෑව ‘ප්‍රියා’ වී
සෙබළ බල මුළු අසල ලිඟු පවුරු බිඳ හෙළා
තුඟු සුසුම් පාවී ද වයිකාලෙ සුළං වී
පාරන්න හාරන්න හිත් සොහොන් පිරෙද්දී
‘සාරණ්‍යා’ දුවණියේ කාත් කවුරුත් ඒ ද
හූරන්න කාරන්න දකුණු ඇස් කැවෙද්දී
ආරණ්‍ය අද්දරත් ශ්වේත මල් පීදේ ද
අඟුරු කොට අඳුරු කළ නිජබිමක
ඉඳුරාම ගිනි පුලිඟු නොතිබේ ද
පඳුරු ගානට නැතත් අකුරු තුන හතරකට
සොඳුරු හීනෙක සුවඳ නොදැනේද
ලාලසා සල සලා හිනාවිය යුතු ම නෙතු
කඳුළු අහුරක් උඩදි මියැදේ ද
ඉතිහාසෙ කඩාගෙන පුරුෂ නිමිතිම ඇදී
‘පිරිමිකම’ කොහේදැයි විමසා ද …
ඉද්ද ගසනට නොහැකි
යුද්ධ දිවියක් මැද්දෙ
‘සත්‍ය’ මෙය නම් නිත්‍යා
රිද්දගත් අහස යට
අවසාන වශයෙනුත්
මරණයම සැනසුමද ‘විත්‍යා’
කසුන් මහේන්ද්‍ර හීනටිගල