රසිකා ප්‍රියදර්ශනී වන මම 2007 අගෝස්තු මාසයේදී වකුගඩු රෝගීන් ගැන තොරතුරු ලබා ගන්න අනුරාධපුර රෝහලට ගියා. උතුරුමැද පළාතේ දැනට වකුගඩු රෝගීන් 30000ට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු මට ලැබී තිබුණා. ඒ ගැන ත්, මේ තත්ත්වයට පිළියම් ලෙස කළ හැක්කේ මොනවාද කියාත් ප්‍රදේශයේ මිනිසුන් දැනුවත් කළ යුතුයි සිතූ නිසා නිවැරදි නිල විස්තර දැනගැනීමට සිතාගෙන මම වකුගඩු ඒකකය බාර නිලධාරියා හමුවීමට ගියා. නමුත් ඔහු එකපාරටම කඩා පැන තොරතුරු ලබා දෙන්න බැරි බව කීවා. ඔයා කවුද? මොකටද ඔයාට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ? ඔයා මොන සංවිධානයෙන්ද? යනාදී වශයෙන් ප්‍රශ්න රාශියක් මගෙන් එකදිගට අහගෙන ගියා. ඒ තොරතුරු අවශ්‍ය නම් සෙඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය අරන් එන ලෙස මට දැන්වුවා. එහෙම නැතිව තොරතුරු කිසිවක් දෙන්න බැහැයි කිවිවා. ඊළග සිකුරාදා මේ සම්බන්ධව විෙශ්ෂඥ වෛද්‍යවරයෙක් රෝහලට ඒමට නියමිත බව මා දැනගෙන හිටියා. මම අර නිලධාරියාගෙන් ඒ වෙද්‍යවරයාගේ දුරකථන අංකය ඉල්ලා සිටියා. එවිට ඔහු මට දුන් පිළිතුර වූයේ, ”එයාලා ලොකු මිනිස්සු..එයාලගෙ පුද්ගලික තොරතුරු ඔයාලාට දෙන්න බැහැ” යන්නයි. මම කරගන්න දෙයක් නැතුව ආපහු හැරිලා ආවා.
මට හිතාගන්න බැරි 30000ක් රෝගීන් මැරෙන්න ඉන්න මේ වෙලාවේ මොන කෙහෙල්මලකටද මුන් මේ තොරතුරු හංගන්නේ කියලයි…
රසිකා ප්‍රියදර්ශනී