අප්‍රේල් මාසය නිසා තිබෙන රස්නය උහුළ ගන්නත් බෑ සමහර වෙලාවට. පසුගිය 20 වනදා මාතලේ ඉඳලා මහනුවරට වායු සමනයකරනලද බස් රථයෙන් පැමිණියත් මට දැනුනේ පුදුම දාහයක්. විනාඩි 45ක විතර ගමනකින් පස්සේ බෝගම්බර හිර ගෙදර විශාල බැම්ම අසල බස් රථය නතර කෙරිනි. බස් රථයෙන් බැසගත් විටම තිබූ දාහය දෙගුණ තෙගුණ වී දැනෙන්නට විය. ඒ එවේලෙහි ඉර මුදුන් වී ඇති නිසාවෙනි.
බසයෙන් බැස, යාර කිහිපයක් කොළඹ බස් නැවතුම දෙසට ගමන් කරමින් සිටි මට, දාහය නිසා ඇති වූ උණුසුම බිඳගෙන පැමිණයේ මහා දුර්ගන්ධයකි. ඒ මා ඉදිරයෙන් මහපාරේ දමා ඇති විශාල කූණුගොඩෙන් බව මොහොතකින් මට වැටහිනි. ඒ කුණු මහනුවර මධ්‍යම වෙළදපොලත්, බන්ධනාගාර බැම්මත් අතර මහදවල් කුණු වෙමින් තිබිණි.
ඒ අසලින් ගමන් ගන්නා මිනිසුන් බොහොමයක් ගමන් ගත්තේ තම නාස් පුඩු අතින් තද කර ගෙන ය. එ එයින් හමන මහා දුර්ගණ්ධන නිසාවෙනි. එසේම ඒ කුණු ගොඩ හාරන බල්ලන් තව තවත් මේ දුර්ගණධය වැඩි කරමින් සිටියේ රස ආහාරයක් සොයමින් ය.
ඉර මුදුන් වී ඇති ඒවේලේ නාස් පුඩු ගලවා ගෙන යන දුර්ගන්ධයක් තිබෙන මහනුවර නගරය ඓෙතිහාසික නගරයක් ය. එක් පසෙකින් සුන්දර මහනුවර වැව ය. වැව අසල දන්තධාතුන් වහන්සේ ය. අනෙක් පසින් බහිරව ක්න්දේ සිට නගරය දෙසට යොමුව ඇති සිත් පහන් වන බුදු පිලිමය ය. මේ සියලු දේවල ඇති ශාන්තිය, සුන්දරත්වය, භාවමය දැනීම් නගර මධ්‍යයේ ඇති මේ දුර්ගණ්දයෙන් විනාශ වේ. මේ විනාශය අද ඊයේ ඇති වුවක් නොවේ. මීට වසර 8කට පමණ පෙරත් මේ දුර්ගණ්ධයම මා විඳ ඇත්තෙමි.
එක් පසෙකින් මේ මහා දුර්ගණ්ධයත්, අනෙක් පසින් හමන සිල් සුවඳත් එක විට මෙහි ගැවසෙන මිනිසුන් විඳගන්නේ කෙසේ ද? මේ පිළිබඳව අප මහනුවර මහනගර සභාවෙන් විමසීමක් කළෙමු. තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ නිළධාරියෙක් අප සමග මෙසේ පැවසී ය.
‛‛ඔව් එහෙම ප්‍රශ්ණයක් තියනවා තමයි. ඒ කුණු අයින් කරන වැඩේ මේ වෙනකන් කරේ කලීන් කෙයාර් කියන ආයතනය. ඒකෙන් මේක හරියට වෙන්නේ නෑ. ඒක පුද්ගලික ආයතනයක්නේ. ඒක නිසා අපි දැන් ආපහු නගරසභාව මගින් මේ කුණු කළමණාකරනය කරන්න සැළසුම් කරලා තියෙන්නේ. දැනටමත් ඒ සඳහා අවශ්‍ය ටෙන්ඩර් පත් සකස් කරලා තියෙන්නේ. අනිත් එක තමා බන්ධනාගාරයේ කුණුත් දාන්නේ මෙතනට. අනවසර වෙළදසැල්වල කුණුවෙන එළවලු, මාලුත් දාන්නේ මෙතනට ඒකයි මේ ප්‍රශ්ණය. දැන් ඡන්දෙත් ඉවර නිසා අපි ඒ අනවසර වෙළදසැල් ඉවත් කරනවා. එතකොට මේ ප්‍රශ්ණය ඉතා ඉක්මනින් ඉවර වෙයි. බන්ධනාගාරයේ කූනු මෙතන දාන්න එපා කියලා ලිඛිතව අපි ඉල්ලීමකුත් කරලා තියෙන්නේ.’’
නගර සභාව මේ දුර්ගන්ධයට එක් වගකිවයුත්තෙක් ලෙස බන්ධනාගරයට ඇගිල්ල දිගු කිරීම නිසා අපි මේ සම්බන්ධයෙන් මහනුවර, බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් පී.එම්.පී. රණවක මහතාගෙන් විමසීමක් කලෙමු. ඔහු පවසා සිටියේ,
‛‛ක්ලීන් කෙයාර් කියන ආයතනය තමා ඔය කුණු ඔතන දාන්නේ. ඇත්තටම ඔතෙන්ට තමයි සියලු කුනු ඒ අය ගෙනත් දාන්නේ. අනෙක් කරුණ නම් ඔය පාරේ කුණු වන එළවලු, මාලු ආදී ගඳ ගහන සියලු ඒවාත් දාන්නේ ඔතනට.’’
බන්ධනාගාරයේ කූණුත් එතනට දැමීමක් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඔබලාට දන්වා ඇතිබවත් නගරසභාව කියන කාරණය ගැන අපි ඔහුගෙන් තව දුරටත් විමසූවෙමු.
‛‛අපිට එහෙම කිසිම ලිඛ්ත දෙයක් කවුරුත් එවලා නෑ. ඔක හරියට එයලට තියන වැඩ අපෙන් අහනවා වගේ දෙයක්. අපිට අපේ කුණු නිසායාකාරව ගෙනියන්න ට්‍රුක්ටරයකුත් තියනවා. අපි ඒවා නිසි තැන්වල දානවා. බන්ධනාගාර අධිකාරිතුමාත් ජීවත් වෙන්නේ ඔතනම අසල. එතුමාටත් මේ කුණු ගඳ නිසා ජීවත් වෙන්න අපහසුවෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නය ගැන ප්‍රදේශයේ පරිසර සංවිධානත් සහ වෙනත් සංවිධානත් දිගින් දිගටම කතා කරා. අනිත් එක තමා කොයිම වෙලාවෙවත් අපේ කුණු අපි පාරේ දාන්නේ නෑ. අපි අපේ ට්‍රුක්ටරයෙන් ඒවා නිසි තැන්වල දානවා.’’
කෙසේ වෙතත් මහනුවර මධ්‍යම වෙළදපල අවට කුණු නිසියාකාරව දැමීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැති බව වෙළදපලට පිවිසෙන ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ. වෙළදපල පමණක් නොවේ මහනුවර වැවට, අසල ඇති කාණු පද්ධතියෙන් එකතුවන අපද්‍රවය ප්‍රමාණයත් ඉතා අධිකය. වැසිදිනකට උතුරා යන කානු පද්ධතිය හරියට පහුගිය මැතිවරණයේදී උතුරා ගිය අපේක්ෂකයින්ගේ පොරොන්දු මෙන් විය. මෙසේ උතුරා ගිය පොරොන්දු නිසායාකාරව ඉටු වී නම් අද මෙවැනි දුර්ගන්ධවන් නැත. මෙවැනි සුන්දදර නගරයක් මෙසේ ගඳ ගසන්නේ නැත.
කෙසේ නමුත් වසර ගණනාවක් පැවති මෙම තත්වය සමනය කරගැනීමට සියලු පාර්ශවයන් සමඟ සැලසුම් සකස්කර ක්‍රියාත්මක කරනවා වෙනුවට එකිනෙකාට ඇඟිල්ල දිගු කර සිටීමෙන් බළධාරීන්ට සහ දේශපාලකයින්ට කිසිදාක මේ ‛ලොක උරුම නගරයට’ කිසිදිනෙක ‛ජයකෙහළි’ නැංවීමට පුලුවන් වන්නේ නැත.
මගේ මිතුරෙක් ‛දැන් කොළඹට පැමිණ ඇතැයි දැන ගන්නේ කෙසේ ද..?‛ යැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ, ‛‛බේරේ වැවෙන් එන ගදෙන් යැයි කියා ය. එය තවමත් කොළඹ දී සත්‍යයකි.
මහනුවර මේ ගැටලුව ඉක්මනින් බලධාරීන් විසින් විසදුවේ නැතිනම්, මහනුවර ලෝක උරුම නගරයට පමිණ ඇතැයි දැනගැනීමට හොඳම ක්‍රමය කුමක්දැයි විමසන විට, ‛‛මාර්කට් එකෙන් එන ගදෙන් යැයි’’
Sampath Samarakoon